The Leader News
BREAKING
Top Ad
Opinion

අපේ රටේ පිරිසුද්දෝ ගැන දන්නවාද? - (කුසල් පෙරේරා)

T

The Leader Desk

September 19, 2024 • 4:53 PM

අපේ රටේ පිරිසුද්දෝ ගැන දන්නවාද? - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැදගත් මහත්ම මහත්මීන් ඇතුළු හැමෝටම මෙන් අදාල විය හැකි පොඩි කතාවක්.
  • අපේ රටේ කොළඹ නගරයේ ඇති “අතිජනප්‍රිය” දුසිමක් පමණ පාසල්වල පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම අවුරුදු 30 ට පමණ එහා ඉඳලා එන්න එන්න, බරපතල තරගයක් බවට පත් වුනා.
  • බණ්ඩාරනායක අගමැතිනියගේ ආණ්ඩුවෙන් 1963 න් ආරම්භ කළ රටේ සියලු පාසල් වල පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී නිවසේ සිට උපරිම සැතපුම් 02 ක දුර තීන්දු කෙරුණු නීතිය ක්‍රියාත්මක කිරීම, ඊට හේතුව වුනා.
  • ලංකාව මෙට්රික් ක්‍රමයට හැරුණම, ඒක නිකම්ම කිලෝමීටර 02 උනා.
අකුරු ප්‍රමාණය (Font Size):

වැදගත් මහත්ම මහත්මීන් ඇතුළු හැමෝටම මෙන් අදාල විය හැකි පොඩි කතාවක්.

අපේ රටේ කොළඹ නගරයේ ඇති “අතිජනප්‍රිය” දුසිමක් පමණ පාසල්වල පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම අවුරුදු 30 ට පමණ එහා ඉඳලා එන්න එන්න, බරපතල තරගයක් බවට පත් වුනා. බණ්ඩාරනායක අගමැතිනියගේ ආණ්ඩුවෙන් 1963 න් ආරම්භ කළ රටේ සියලු පාසල් වල පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී නිවසේ සිට උපරිම සැතපුම් 02 ක දුර තීන්දු කෙරුණු නීතිය ක්‍රියාත්මක කිරීම, ඊට හේතුව වුනා. ලංකාව මෙට්රික් ක්‍රමයට හැරුණම, ඒක නිකම්ම කිලෝමීටර 02  උනා.

පහුගිය අවුරුදු 10 - 15 කාලයේ කොළඹ මේ අතිජනප්‍රිය පාසල්වල පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම උපරිම කි.මී.02 ට ක්‍රියාත්මක කරන්න බැරිවුනේ ඉල්ලුම් පත්‍ර ප්‍රමාණය ඒ තරම් වැඩි වුන නිසයි. ඒ නිසා “උපරිම දුර” නිවසේ සිට කි.මීටරයකට විතර අඩු කරන්න සිද්ධ වුනා. එය ඇතුළත් කළ හැකි ළමුන් සංඛ්‍යාව අනුව මීටර 500 ටත් අඩු වුනා කියලා අහන්න ලැබුණා.

නමුත් මේ පාසල්වල ළමුන් ප්‍රවාහනය කිරීමට ගනේමුල්ල, මිනුවන්ගොඩ, ඇහැළියගොඩ, වරකාපොල, අලුත්ගම වගේ කි.මීටර 60 - 70 දුර සිට පාසල් සේවා වාහන සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අවසර දෙනවා. ඒ වාහන, බස්නාහිර පළාත් සභාවෙහි ලියාපදිංචි කළ යුතුයි. එවැනි දුර ගමන් පාසල් සේවා වාහන සොයා දෙන වෙබ් අඩවි පවා දැන් තියෙනවා. 2012 සංශෝධනය කළ ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව ඒ වාහන අධීක්ෂණය කිරීම බාර වෙන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට, පොලීසියට, පෞද්ගලික ප්‍රවාහන අධිකාරියට, ජාතික ප්‍රවාහන කොමිසමට සහ මගී ප්‍රවාහන අධිකාරියටයි.

පසුගිය අවුරුදු 15 ක 20 ක කාලයේ මේ අතිජනප්‍රිය පාසල් වලට ළමුන් බාර ගනු ලැබුවේ කිලෝ මීටරයක, භාගයක දුර ලිපිනයන් අනුව නම්, ඒ පාසල්වල ළමුන් පාසලට පැමිණිය යුත්තේ වාහන වල නෙවෙයි. විනාඩි 05 ක 10 ක දුර ඇවිද ගෙනයි. එහෙනම් මේ සා විශාල පාසල් ප්‍රවාහන සේවා වාහන සංඛ්‍යාවක් සහ ඒවා නිල වශයෙන් පිළිගනු ලබන්නේ ඇයි?

මේ රටේ නාගරික මැදපංතිය දසක ගණනාවක් පුරා වාර්ෂිකව හවුල්වන දැවැන්තම දූෂණයේ තරම, පාසල් සේවා වාහන මගින් කියන්නක්. තරගකාරී නාගරික මැදපංතියේ අධිමානී අවශ්‍යතාවක් සඳහා අමාත්‍යාංශ නිලධාරීන්, ග්‍රාම සේවා ඇතුළු කොළඹ රජයේ කාර්යාල නිලධාරීන් සමග ප්‍රාදේශීය හා මහ ආණ්ඩුවේ දේශපාලකයින් කිසිම අපුලක් හිරිකිතයක් නැතුව වාර්ෂිකව හවුල් වන ස්ථාවර “ජාතික දූෂණය” මෙයයි.  

“දූෂිතයින්ට ඡන්දය දෙන්න එපා” කියන්නෙත් ඒ නාගරික මැදපංතික සුදනන්මයි. මට එවැනි උපදෙස් දුන් එක් අයෙකුගෙන් “එතකොට මල්ලි ලබන අවුරුද්දේ පොඩි එකා කොළඹ ලොකු ඉස්කෝලෙකට දා ගන්නෙ කොහොමද” කියලා ඇසුවම ලැබුණ උත්තරය, අපි හමු වුන වෙලාවක කියන්නම්. ඒක මෙහි ලියන එක, තමන් පිරිසිදුයි කියලා හිතා ඉන්න අයට මදිකමක් වෙයි.

kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2024 සැප්තැම්බර 19 වන දින


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...