සෑහෙන ප්‍රමාණයකට හිමිකම් කියන අනුර කුමාර දිසානායක මහතාට මේ මොහොතේ සුබ පැතීමට කැමතියි.
මේක අනුර සෑහෙන කාලයක් කරන ලද මහන්සියක ප්‍රතිපලයක් වගේම මිනිසුන් විසින් කරන ලද අනුරව අත්හදා බැලීමක් ලෙසත් මේක මම තේරුම් ගන්නවා. මේ චන්දෙ ගැන කියන්න ඕනි හැම එකක්ම මම මගේ වීඩියෝවල කියල තියනවා.
යුද්දයෙන් දශක එක හමාරකට පස්සෙත් උතුර තවදුරටත් උතුර ලෙසම පවතිනවා. ඒක තව තේරුම් ගැනීමක්.
ඒ වගේම ගම නූගත් නගරය උගත් වගේ බෙදුම්කඩනයක් පවා පේන්න තියනවා.
නමුත් මේ තරඟයේ ඇත්තම වීරයා සජිත්. මම මේ මැතිවරණය පුරාම ඔහුව මැතිවරණ සමීකරණයේ (equation) තිබ්බේ නැහැ. ඒ ඔහුගේ මම දැක්ක යම් යම් අඩුපාඩු ගොඩක් එක්ක.
හැබැයි මේ මොහොතේත් අනුරට යම් හෝ තරඟයක් දෙන්නේ සජිත්. ඒ ඉතාම ආන්තික විදියට බව ඇත්ත. ඒත් තාමත් යූඑන්පී කාරයෝ බලාගෙන ඉන්නව දෙවෙනි මනාපේ හරි ගණන්කරන කම්. දැනටත් මේ මොහොතේත් අනුර සහ සජිත් අතර නිල ප්‍රථිපලයේ පරතරය චන්ද ලක්ෂ හතරක් වගේ ගණනක්. උතුර තවමත් ඔහුව විශ්වාස කරලා තියනවා යම් දුරකට.
ඔහු තාමත් මේ තරඟය දෙන්නේ රනිල් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරලා තියෙද්දී. හරි අඩක් චන්ද කඩලා තියෙද්දී. අපි හැමෝම එයාගේ වැරදි කියල, අඩුපාඩු කියල, නෝන්ඩි කරල, හැමදේම කරලත් තාමත් පොර තරඟයේ රැඳිලා ඉන්නවා. රනිල් ගෙදර ගිහිල්ලත් ඉවරයි.
අපි මොන විවේචන ගෙනාවත් ඒ කිසිම විවේචකයෙක්ට කවදාවත් මොනවත් කියලත් නැහැ.
කමක් නැහැ සජීත් අඩුපාඩු හදාගෙන එන්න. සියල්ල අවසන් නැහැ. මොකද මේ යන විදියට මහ මැතිවරණය කියන්නේ සිරාම ගේමක් වෙයි.
අර චන්දෙ දාන්න පෝලිමේ හිටිය විදියනම් ටිකක් ඕවර් ඇක්ටින් වගේ....
මේකට ගොඩක් හා හා රිඇක්ට් දායි. ඒත් මේක ඔයා වෙනුවෙන් ලියල තියනවා.
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
තරඟයේ වීරයා සජිත් ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
T
The Leader Desk
September 22, 2024 • 2:35 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- සෑහෙන ප්‍රමාණයකට හිමිකම් කියන අනුර කුමාර දිසානායක මහතාට මේ මොහොතේ සුබ පැතීමට කැමතියි.
- මේක අනුර සෑහෙන කාලයක් කරන ලද මහන්සියක ප්‍රතිපලයක් වගේම මිනිසුන් විසින් කරන ලද අනුරව අත්හදා බැලීමක් ලෙසත් මේක මම තේරුම් ගන්නවා.
- යුද්දයෙන් දශක එක හමාරකට පස්සෙත් උතුර තවදුරටත් උතුර ලෙසම පවතිනවා.
- නමුත් මේ තරඟයේ ඇත්තම වීරයා සජිත්.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


