The Leader News
BREAKING
Top Ad
Opinion

ජයසිරි කියන ඒ අසංවර අජටාකාශගාමී ජීවිතය කියන්නෙ පුරාවෘත්තයක්

T

The Leader Desk

September 22, 2024 • 2:42 PM

ජයසිරි කියන ඒ අසංවර අජටාකාශගාමී ජීවිතය කියන්නෙ පුරාවෘත්තයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජයසිරි අයියා කියන්නෙ නළුවෙකුට වඩා මට ජීවිත ඇසුරෙ විඳින්න ලැබුනු අපූර්ව චරිතයක්.
  • පියතිලක අයියාගේ උයන නම් ආරාමය ඇතුලෙ කංසා ටිකක් බිබී, කිසිම දවසක අහපු නැති තරම් මිහිරි මියුසික් එකකුත් අහගෙන, ජයසිරි අයියා එක්ක කතාවක් දානවා කියන්නෙ දිව්‍යලො‍්කෙ ගතවෙන මොහොතක් වගේ.
  • මට මතක් වෙනවා මරාසාද් නාට්‍යයේ සාද් (ජයසිරි) මෙහෙම කියනවා.
  • අරගලය කලේ වෙලෙන්දන්, සාප්පු හිමියන් සහ නව බුර්ෂුවා පංතියක් වෙනුවෙන් බව පැහැදිලිය අලුත් ජයග්‍රාහී පංතියක් ඒ පංතියට යටින් හැමදාම ලොතරැයි දිනුම අහිමි ඔබද මම ද ඇත ජයසිරි අයියා ජීවිතේට ටටා කියලා විසිල් එකක් ගහගෙන සසර තරණය කරන සොඳුරු පිටස්තරයෙක්.
අකුරු ප්‍රමාණය (Font Size):


ජයසිරි අයියා කියන්නෙ නළුවෙකුට වඩා මට ජීවිත ඇසුරෙ විඳින්න ලැබුනු අපූර්ව චරිතයක්. මරාසාද් නාට්‍යයේ සාද් වේදිකාවෙන් එලියට බැහැලා අපි අතරෙ ජීවත් වෙන්න පටන් ගත්තා වගේ. පියතිලක අයියාගේ උයන නම් ආරාමය ඇතුලෙ කංසා ටිකක් බිබී, කිසිම දවසක අහපු නැති තරම් මිහිරි මියුසික් එකකුත් අහගෙන, ජයසිරි අයියා එක්ක කතාවක් දානවා කියන්නෙ දිව්‍යලො‍්කෙ ගතවෙන මොහොතක් වගේ.

ජයසිරි අයියාගේ තිබුණ අපේ සංස්කෘතිය විසින් දමනය නොකළ සාංදෘෂ්ඨික හිතුවක්කාරකමක්. ඒක අපි ගොඩක් දෙනෙකුට ඉන්ස්පිරේෂන් එකක් වුනා.
මට මතක් වෙනවා මරාසාද් නාට්‍යයේ සාද් (ජයසිරි) මෙහෙම කියනවා.

zdfqwerජනතාවාදී විප්ලව කරන්නට ලේසිය
විෂම චක්‍රවල ගමන්ගන්නා ඒ වගේ විප්ලව
මම අන්ධයන් සේ අඳුරු මාවත්වල යන
 පරමාදර්ශවාදීන් විශ්වාස නොකරමි
මම කොයිම ආකාරයේ උදාර අරමුණක් වෙනුවෙන් හෝ
කරන කැප කිරීම් විශ්වාස නොකරමි
මම විශ්වාස කරන්නේ මම ගැනම පමණි
මම විශ්වාස කරන්නේ ඔබ විසින් පාවා දෙනු ලබන දේ පමණි
අපි අපේ පැරණි රදළ පාලකයන් සිහසුන්වලින් නෙරපා තිබේ
ඔවුන් නිරායුධ කර දමා තිබේ
සමහරු පලාගොස් තිබේ
දැන් ඒ පාලකයන්ගේ තැන ලබා සිටින්නේ
අපත් සමග අරගලය කළ උන්ය
පන්දම් සහ බැනර් දරා හුන් උන්ය
ඔවුන් ඒ පැරණි පාලකයන් අයුරින්ම ජීවත් වීමට ආසාවෙන් බලාහුන් උන්ය.
අරගලය කලේ
වෙලෙන්දන්, සාප්පු හිමියන් සහ නව බුර්ෂුවා පංතියක්
වෙනුවෙන් බව පැහැදිලිය
අලුත් ජයග්‍රාහී පංතියක්
ඒ පංතියට යටින්
හැමදාම ලොතරැයි දිනුම අහිමි
ඔබද මම ද ඇත


ජයසිරි අයියා ජීවිතේට ටටා කියලා විසිල් එකක් ගහගෙන සසර තරණය කරන සොඳුරු පිටස්තරයෙක්. ඒ යාත්‍රාවෙ තැනක අපි නැවත මුනගැහෙන්නත් පුළුවන්.. නොගැහෙන්නත් පුළුවන්..
නමුත් ජයසිරි කියන ඒ අසංවර අජටාකාශගාමී ජීවිතය කියන්නෙ පුරාවෘත්තයක්.

(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජයසිරි කියන ඒ අසංවර අජටාකාශගාමී ජීවිතය කියන්නෙ පුරාවෘත්තයක් | The Leader