The Leader News
BREAKING
Top Ad
Opinion

අපි හැමෝම සහෝදරයන් සහෝදරියන් වුනු ඉදිරි වසර පහක කාලය සතුටින් විඳිමු - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

September 23, 2024 • 7:19 AM

අපි හැමෝම සහෝදරයන් සහෝදරියන් වුනු ඉදිරි වසර පහක කාලය සතුටින් විඳිමු - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල්ගේ දක්ෂතාවයන්ගෙන් වගේම දුර්වලතාවයන්ගෙනුත් මං ‍ඉගෙන ගන්නවා.
  • අනුරට මං දැකපු ඉලක්කම් හැටියට 42%ක් චන්ද ලැබිලා තියෙනවා.
  • ඊලග ජනාධිපතිවරණ කාලය එද්දි අපිට 76 වසරක සාපය සහ 225 එපා ආදී වූ කතා අවලංගු වෙනවා.
  • ඒ වෙද්දි සියලු කන්‍යාවන් වෛශ්‍යාවන් බවට පත්වී හමාරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


රනිල්ගේ දක්ෂතාවයන්ගෙන් වගේම දුර්වලතාවයන්ගෙනුත් මං ‍ඉගෙන ගන්නවා. මහින්ද ඉන්නෙ මගේ මතවාදී කඳවුරේ නෙමෙයි. හැබැයි ප්‍රතිවාදියෙක් හැටියට මං වැඩියෙන්ම ඉගෙන ගත්තෙ මහින්දගෙන්.

අනුරට මං දැකපු ඉලක්කම් හැටියට 42%ක් චන්ද ලැබිලා තියෙනවා. සජිත්ට 32%යි. රනිල්ට 17%යි. ඒ අනුව අනුර කුමාර පත්වෙන්නෙ සුළුතරයේ ජනාධිපතිවරයෙක් විදිහට. ඒක මං කැමති දෙයක්. බලය පැත්තෙන් විධායක ජනාධිපතිට ප්‍රතිවිරුද්ධව බහුතර ජන බලයක් පැවතීම ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් සුබයි.

 



මං කියපු ලියපු කිසිම දෙයක් ආපස්සට ගැනීමක් හෝ වෙනස් කිරීමක් නෑ. මං කියපු ලියපු හැම අකුරක්ම අදටත් හෙටටත් මං විශ්වාස කරන අදහස්. දේශපාලනය කියන්නෙ මැතිවරණයක ජයග්‍රහණයකින් හෝ පරාජයකින් කෙලවර වෙන දෙයක් නෙමෙයි. මැතිවරණයක් කියන්නෙ විනෝදයක්. මට දේශපාලනය කියන්නෙ ජීවිතය නිර්මාණ කරගැනීමේ නොනවතින අරගලයක්.

ජනාධිපතිවරණයේ ජයග්‍රහණය විදිහට මං දකින්නෙ ප්‍රධාන තරගකරුවන් තුන්දෙනාම ලිබරල්වාදය වෙනුවෙන් පෙනී සිටීම. රනිල් ලිබරල් දක්ෂිණාංශය වෙනුවෙනුත්, සජිත් මානුෂික මුහුණුවරක් දුන් සුබසාධන ලිබරල්වාදයක් වෙනුවෙනුත් අනුර සමාජවාදය පැත්තෙන් එළඹෙන වමට බර ලිබරල් ප්‍රවේශයකුත් ගත්තා.

zdfw3452ddd

වැඩි චන්ද ප්‍රමාණයකින් අනුර දින්නා. ඒකට හේතුව පැරණි මැති ඇමතිකම් දැරූ පිරිස් ගැන ජනතාව තුල පවතින පිළිකුල. මං ඒක කියවාගන්නෙ තමන්ගේ අතීතය ගැනම වූ වෛරයක් විදිහට. මේක පිළිගැනීමේ චන්දයකට වඩා ප්‍රතික්ෂේප කිරීමේ චන්දයක්.  ඒක දේශපාලනමය හෝ මතවාදිමය කාරණයක් විදිහට මං දකින්නෙ නෑ.

 
2029දි මේ මේසෙ ආපහු කැරකෙනවා. වීරයන් දුෂ්ටයන් මාරු වෙනවා.

ඊලග ජනාධිපතිවරණ කාලය එද්දි අපිට 76 වසරක සාපය සහ 225 එපා ආදී වූ කතා අවලංගු වෙනවා. ඒ වෙද්දි සියලු කන්‍යාවන් වෛශ්‍යාවන් බවට පත්වී හමාරයි. ඒ නව දේශපාලන පිවිසුම සළකුනු කිරීම මාලිමාවෙ ජයග්‍රහණය නිසා සිදු වුනු යහපතක්.

හැම වෙලාවකම මගේ කැමැත්ත වෙනුවෙන් සටන් කරන අතරෙදි බහුතරය විසින් තෝරන ලද කැමැත්ත මං අපේක්ෂා කරනවාට වඩා යහපතක් පිණිස වේය කියන එක ‍මගේ විශ්වාසයක්. ඒක 2019 ගෝටා විසින් මට උගන්නපු බලාසිටීමේ ගුණයක්.

Untitled design 4 762142

මාලිමා රජයක් කිසි විදහකින් අසාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනාවක් මගේ හිතේ නෑ. අනුර කියන්නෙ මං තෝරාගත් ජනාධිපතිවරයා නොවුනත් මගේ විශ්වාසයන් වැරදී බහුතරයේ විශ්වාසය නිවැරදි වේවා කියලයි මං ප්‍රාර්ථනා කරන්නෙ. අපි අලුත් ආණ්ඩුවෙන් මොන වගේ දේවල් ඉගෙන ගන්න නියමිතද කියල මං බලාගෙන ඉන්නෙ ආශාව මුසු කුතුහලයකින්. මාලිමාවෙ හිතවතුන් හැමෝටමත්, ඒ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරපු හැමෝටමත් ආදරයෙන් සුබ පතනවා.


ඒ වගේම සජිත්ට, ඔහුගේ පිරිසට සහ ඔහු වෙනුවෙන් චන්දය පාවිච්චි කරපු හැමෝටමත්, විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාවටත් ආදරය පුද කරනවා. රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් වැඩ කරපු, චන්දය පාවිච්චි කළ මගේ පැත්තෙ යාලුවන්ව ආදරෙන් සහ ආඩම්බරෙන් වැළඳගන්නවා.

අනාගතයේ නිසැක ජනපති වන නාමල් රාජපක්ෂගේ ඉදිරිපත් වීමත්, පරිණත වීමත් දිහා අපේක්ෂාවෙන් බලන් ඉන්නවා. දිලිත් මගේ යාලුවා කොහොමත් දිනුම්.

 

WhatsApp Image 2024 09 18 at 08.57.43අනාගතයේ නිසැක ජනපති වන නාමල් රාජපක්ෂගේ ඉදිරිපත් වීමත්, පරිණත වීමත් දිහා අපේක්ෂාවෙන් බලන් ඉන්නවා.

ජනාධිපතිවරණයේ ටීසර් එක සාර්ථකයි. ට්‍රිප් යන, කේන්ති ගන්න, සිංදු කියන, පිස්සු කෙළින මගේ අන්ත වාමාංශික යාලුවො ටික- පෙරටුගාමී සෙට් එක උඹලා මරු.

ජනාධිපතිවරණයේ වැදගත්ම ඉදිරිපත් වීම විදිහට මං දකින්නෙ සීලරත්න හාමුදුරුවන්ව. සීරියස් නැති, අදේශපාලනික ඒ මැදිහත් වීම ඉතාම ආතතිකර, කඳවුරු බෙදුනු දේශපාලන තරගයකදි ඉටු කරන්නෙ ලොකු භූමිකාවක්.

එහෙනම් අපි හැමෝම සහෝදරයන් සහෝදරියන් වුනු ඉදිරි වසර පහක කාලය සතුටින් විඳිමු.

Chinthana D
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com


(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...