The Leader News
BREAKING
Top Ad
Opinion

ජයග්‍රාහකයා නික්ම යයි - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

September 23, 2024 • 5:23 PM

ජයග්‍රාහකයා නික්ම යයි - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල්ගෙ වෑයම වුනේ රනිල් දිනන්නෙ නැත්තම් අනුරට දිනන්න දෙන එක.
  • සමහර විට යල්පැන යමින් පවතින එකක්.
  • ඒක වැරදි දෙයක්, පුද්ගල කෝන්තරයක් විදිහට සමහරු දකිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


රනිල්ගෙ වෑයම වුනේ රනිල් දිනන්නෙ නැත්තම් අනුරට දිනන්න දෙන එක. ඒක වැරදි දෙයක්, පුද්ගල කෝන්තරයක් විදිහට සමහරු දකිනවා. ඒත් මට තියෙන අවබෝධය අනුව ඒක දේශපාලනික තීරණයක්. සජිත් එක්ක කිසිදු පුද්ගල කෝන්තරයක් නැති මගේ තීරණය වුනෙත් ඒක.

දේශපාලනය කියන්නෙ බලයේ ක්‍රීඩාව. ඒ ක්‍රීඩාවට ඇබ්බැහි අය ක්‍රීඩාව අතෑරලා යන්නෙ නෑ. තමන්ට වඩා දක්ෂයෙක් පිට්ටනියෙ බිහිවෙන තුරුම ඒ අය සටනෙ ඉන්නවා. රනිල් ගෙදර යනවා කියල හිතන් ඉන්න අය දේශපාලන ක්‍රීඩාවෙ ස්වරූපය අඳුරන්නෙ නැති අය.

සජිත් නියෝජනය කරන දේශපාලන මොඩල් එක පරණයි. සමහර විට යල්පැන යමින් පවතින එකක්. සජිත් කියන්නෙම “තාත්තෙකුගේ” මගපෙන්වීම යටතේ ඉන්න ඕන “පුතෙක්.” හැබැයි තවදුරටත් සජිත් ව ටෙස්ට් කරලා බලන්න කාලයක් රනිල්ට නෑ.

රනිල්‍ගෙ වෑයම හරි. සජිත් පරාද වුනා. අනුර දින්නා. තමන් මේ රස්සාවට සුදුසු කැන්ඩිඩේට් කෙකෙන් කියල ඔප්පු කරන එක මාලිමාවට බාරයි. හැබැයි පිට්ටනියත්, ඒකෙ ග්‍රවුන්ඩ් රූල්සුත් රනිල් විසින් තීරණය කරලා ඉවරයි.

අනෙක් පිලට පිතිකරුවන් වීමේ වාරය ලබා දීලා තියෙනවා. ජනතාවගේ ආවේගය  වෙනුවට දැන් නිශ්චිත පරීක්ෂණයක් අනුර ඉස්සරහ තියෙනවා. රනිල් පාස් කරපු ටෙස්ට් එක. අනුර පාස් කරයිද කියල රනිල් බලන් ඉන්නවා.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජයග්‍රාහකයා නික්ම යයි - (චින්තන ධර්මදාස) | The Leader