The Leader News
BREAKING
Top Ad
Opinion

සාමාන්‍ය මිනිසුන්ගේ ආණ්ඩුව ආරක්ෂා කරමු! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

September 24, 2024 • 8:51 AM

සාමාන්‍ය මිනිසුන්ගේ ආණ්ඩුව ආරක්ෂා කරමු! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අගමැති හැටියට නම් කළොත් ඇය ලංකාවේ තෙවැනි අගමැතිවරිය වෙනවා.
  • එයාල තුල ප්‍රභූ ලුක් එකක් නැතුව ඇති.
  • සාමාන්‍ය මිනිස්සු එක්ක කරපු දේශපාලන ගමනක සංධිස්ථානයක්.
  • ඒක ජනතා දේශපාලනයක් ඇතුලේ වෙනස් දෙයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අගමැති හැටියට නම් කළොත් ඇය ලංකාවේ තෙවැනි අගමැතිවරිය වෙනවා. පළමු අගමැතිණිය සිරිමාවෝ. දෙවැන්නා චන්ද්‍රිකා (කෙටි කාලයකට). තෙවැන්නා හරිනි.

ලංකවේ පළමු අගමැතිණිය බිහිවුණේ වමට බර ආණ්ඩුවකින්. චන්ද්‍රිකා බිහිවෙන්නෙත් තරමක් වමට බර ආණ්ඩුවක් හරහා. හරිනි බිහිවෙන්නෙත් වමට බර ආණ්ඩුවක් හරහා.

 

ජනතාව ප්‍රතික්ෂේප කරපු පිරිසක් ඩලස්ගෙ සන්ධාන ඇතුළෙ ඉන්නවා' - ආචාර්ය හරිනි  අමරසූරිය

ලංකාවේ දකුණට බර සහ ජාතිකත්ව සහ ලිබරල් කියන ආණ්ඩු කොච්චර තිබ්බත් ලංකාවේ ජනගහනයෙන් බාගෙකට මදක් වැඩි කාන්තාවන් වෙනුවෙන් කාන්තාවකට අගමැතිකම දෙන්න මැලිවුණා. හෝ වෙනත් බල අරමුණු වෙනුවෙන් කොච්චර උගත් කාන්තාවන් පාර්ලිමේන්තුවේ හිටියත් ඔවුන්ට ඒ අවස්ථාව දුන්නේ නැහැ. ඒ අතින් ජාතික ජන බලවේග ආණ්ඩුව ඉස්සරහින් ඉන්නවා. ප්‍රගතිශීලී වෙනවා.

ආරම්භයක් හැටියට ගත්තොත් මාව ටැග් කරලා සමහරු ලියල තිබ්බ අනුර ජනපතිගේ දිවුරුම්දීමේ උත්සවයේ කිසි ප්‍රභූ ගතියක් නැහැ සමනලීල ඇවිත් ඉන්නේ කොටහළු ගෙදරක යනවා වගේ කියල (මම ටැග් එක ඉවත් කළා). 

 

IMG 1069
ඔව්..සමනලීල රොඩ්නිල මේ ආණ්ඩුව බලයට ගේන්න මහන්සි උනා. ඒ අයට තමයි ඒ උත්සවයට එන්න කියන්න ඕනි. එයාල තුල ප්‍රභූ ලුක් එකක් නැතුව ඇති. නමුත් ඒ උත්සවය ප්‍රභූ හාත්පසක් (ambience) නොගත්ත නිසාම තමයි ඒක රාජපක්ෂලාගේ රනිල්ලාගේ උත්සවයකින් වෙනස් වෙන්නේ.

ඒක සාමාන්‍ය මනුස්සයෙක්ගේ දිවුරුම්දීමක්. සාමාන්‍ය මිනිස්සු එක්ක කරපු දේශපාලන ගමනක සංධිස්ථානයක්. ඒක ජනතා දේශපාලනයක් ඇතුලේ වෙනස් දෙයක්. සහ බ්‍රෙෂ්ට් කියන විදියට දියුණු අවස්ථාවක්. නිදහසේ ඇඳුමක් ඇඳල නිදහසේ තමන්ට කැමති විදියට ඉන්න එක දියුණු සමාජ අවකාශයක් නිර්මාණය වීමක්.

හුණුවටයේ අසඩක් කළේ වැරහැලි ඇඳගත් අම්ම නඩුකාර පුටුවේ වාඩිකරපු එක. 

 

IMG 1070
මෙතෙක් බිහිවුණ කිසිම ආණ්ඩුවකින් ආරාධනා පත්‍රයක් නොගිය මිනිස්සු ටිකක් එදා දිවුරුම්දීමේ උත්සවයට ඇවිල්ල හිටිය. ඒක අලුත්. ඉතිහාසය එයාලටත් ඒ අවස්ථාව දෙන්න ඕනි.

දැනට ප්‍රචණ්ඩ ක්‍රියා නැහැ. හැඳුනුම්පත් එකතු කළෙත් නැහැ. ලාම්පු නිවන්න කිව්වෙත් නැහැ. ඒ ඉතිහාසය ඉවරයි.

තවමත් අනුර සහ ඒ කණ්ඩායම උත්සාහ කරමින් ඉන්නේ යම් යම් දේශපාලන වෙනස්කම් අරන් එන්න. හැබැයි තියුණු දේශපාලන නිමේශයක් නිර්මාණය වෙමින් තියෙන්නේ අනාගතය වෙනුවෙන්.

එකම දෙයයි. වඩ වඩා ජනතාව ඉල්ලා සිටි ප්‍රතිසංස්කරන ඉක්මනින් ගෙනාවොත් ඊළඟ ජනවරම ගැන කුකුසක් තියාගන්න ඕනි නැහැ. හෝදලා එනවා. ඒ වගේම වඩා ජනතාවාදී සහ ප්‍රගතිශීලී සමාජ දේශපාලන වෙනස්කම් වෙනුවෙන් අපි මේ ආණ්ඩුව ආරක්ෂා කරනවා. 

මිනිසුන් විශ්වාස කරන්න! 

තරඟයේ වීරයා සජිත් ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...