The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
Opinion

ජනාධිපති ලේකම්වරයා ලෙස කුමානායක පත්කිරීම අවුලක් ද ?

T

The Leader Desk

September 24, 2024 • 12:26 PM

ජනාධිපති ලේකම්වරයා ලෙස කුමානායක පත්කිරීම අවුලක් ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතා ගේ ජනාධිපති ලේකම් ඩබ්ලිව්.
  • ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨතම ජනාධිපති ලේකම් මැණික්දිවෙල යැයි මතයක් ඇත.
  • නීතිඥ කේ.බාලපටබැඳි 1994 -2003 සමයේ ජනාධිපති ලේකම් ය.
  • ජනාධිපති ලේකම්ලෙස සුවිශේෂ කාර්ය භාරයක් කළේ යැයි කිව නොහැකි නමුත්, ඔහු වසර 9 ක් ම අපූරුවට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට අවශ්‍ය දේ කරගෙන සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතා ගේ ජනාධිපති ලේකම් ඩබ්ලිව්. එම්.පී.බී. මැණික්දිවෙල ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නොව, ඩී.ආර්.ඕ. ලෙස සේවය කළ නිලධාරියෙකි. ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨතම ජනාධිපති ලේකම් මැණික්දිවෙල යැයි මතයක් ඇත. එජාප ඉතිහාසය ගැන පර්යේෂණ කළ මම එය සත්‍යයක් යැයි සිතමි.  

නීතිඥ කේ.බාලපටබැඳි 1994 -2003 සමයේ ජනාධිපති ලේකම් ය. ඔහු පරිපාලන සේවයේ නිලධාරියෙකු නොවේ. ජනාධිපති ලේකම්ලෙස සුවිශේෂ කාර්ය භාරයක් කළේ යැයි කිව නොහැකි නමුත්, ඔහු වසර 9 ක් ම අපූරුවට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට අවශ්‍ය දේ කරගෙන සිටියේය.

එදා මෙදා තුර ජනපති ලේකම්වරු 12 ක් පත්වී ඇත. මැණික්දිවෙල (ජේ.ආර්.) බාලපටබැඳි (චන්ද්‍රිකා) සහ ජයසුන්දර (ගෝඨාභය) තිදෙනා හැර ඉතිරි 9 දෙනාම ශ්‍රී ලංකා පරිපාලන සේවයේය. 

අනුර කුමාර ජනපතිතුමන්ට 76 වසරක ශාපය අවසන් කිරීමට පරිපාලන සේවයෙන් පිටත නිලධරයෙකු පත් කර ගැනීමට, නව අත්හදා බැලීමකට, ජනවරමක් ඇති බව විවේචකයින් මතක තබා ගත යුතුය.

 

අමතක නොකළ යුතු කරුණ නම්, 76 වසර සාපයට පරිපාලන ඇතුළු ඒකාබද්ධ සේවාවන් හි නිලධාරීන් ද වගකිව යුතු බවට මතයක් රටේ ඇති බවයි. අනුර කුමාර ජනපතිතුමන්ට 76 වසරක ශාපය අවසන් කිරීමට පරිපාලන සේවයෙන් පිටත නිලධරයෙකු පත් කර ගැනීමට, නව අත්හදා බැලීමකට, ජනවරමක් ඇති බව විවේචකයින් මතක තබා ගත යුතුය. 

ජනපති ලේකම් ධූරයට නොගැලපෙන පුද්ගලයින් පත්වීම පිළිබඳ ඛේදවාචකයකි. පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතමයෙකු වූ පී.බී. අබේකෝන් (2015 -2017) ගෙන් මම එය අත් දුටුවෙමි.

ජනපති ලේකම් ධූරයට පරිපාලන සේවයේ අයෙකුම පත් කර ගත යුතු යැයි නීතියක් හෝ ව්‍යවහාරයක් නැත. දක්ෂ කාර්යභූර අයෙකු පමණක් නොව විශ්වාසනීය පුද්ගයෙකු ද විය යුතුය. ජනපතිවරයාගේ අදහස ක්‍රියාවට නැංවිය හැකි පමණක් නොව, බොහෝ විට ජනපතිවරයාගේ තීරණයකට ආදීනව කියාදිය හැක්කෙකු ද, විකල්ප සහ ප්‍රතිඑල පෙන්වාදිය හැක්කෙකු ද, උපක්‍රමශීලියෙකු ද විය යුතුය.

කේ.එච්.ජේ. විජයදාස - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)කේ.එච්.ජේ. විජේදාස

කේ.එච්.ජේ. විජේදාස සහ ආර්.ප්‍රේමදාස යනු ගහක පොත්ත සහ කඳ අතර සම්බන්ධයක් තිබූ දෙදෙනෙකි. 

කේ. බාලපටබැඳි සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක යනු ඉඩම් කොමිෂන් සභාවේ සිට එකට වැඩකල දෙදෙනෙකි. අගමැති ලේකම් ද වූවේය. 

ලලිත් වීරතුංග සහ මහින්ද රාජපක්ෂ සම්බන්ධය යුග - යුග ගණන් බැඳුනකි. 

මෛත්‍රීපාල සිරිසේන සහ අබේකෝන් සම්බන්ධනය පොලොන්නරු යුගය දක්වා ගැටගැසුනකි. 

මෛත්‍රිපාල සිරිසේන සහ ඔස්ටින් ප්‍රනාන්දු සම්බන්ධය පොලොන්නරු ග්‍රාම සේවක - දිසාපති යුගය දක්වා බැඳුණකි. 

 

11 1 740x520ගාමිණී සෙනරත්
ගාමිණී සෙනරත් හා රාජපක්ෂ පවුල අතර සම්බන්ධය ඥාතීත්වය ඉක්මවා ගිය එකකි. 

රනිල් වික්‍රමසිංහ සහ ඊ.එම්.එස්.බී. ඒකනායක, අපගේ අවසන් ජනපති ලේකම් අතර සම්බන්ධය වසර තිහකටත් වඩා වැඩිය.

ඉතිහාසය පුරාවට ජනාධිපති ලේකම්වරුන්ට ජනපතිවරුන්ගේ අතිශය සමීපතම, විශ්වසනීයම හිතවතුන් විය. ඔවුන්ගේ සාර්ථකත්වය ඒ මත රැදී තිබුණි. අනුර කුමාර ජනපතිතුමාට එය අකැප නැත. කැලණියේ උපාධිකරයෙකුවීම, සමකාලීනයෙකු වීම, දිගු කාලීන ඇසුරක් තිබිම ජනපති ලේකම්කමට සුදුසුකමකි. තමන්ට විශ්වාස අයෙකු මිස, කොතරම් දක්ෂයෙකු වුවත්, අනුර කුමාරගේ හද ගැහෙන රිද්මය නොදන්නා නිලධාරියෙකුට විශිෂ්ඨ ජනපති ලේකම්වරයෙකු වීමට නම් නොහැකිය.

01ආචාර්‌ය නන්දික සනත් කුමානායක

 

අනුර කුමාර මේ රටේ බොහෝ  දෙනෙකුට සහෝදරයෙකි. මිතුරෙකි. මග තොටේ කරට අත දමාගත් සහෘදයෙකි. එකට වඩේ එකක් කා, පෙළපාලි ගිය සටන් සගයෙකි. ඇහුම්කන් දෙන්නෙකි. දැන් ඔහු රටේ ජනපති ය. ජනපති ලේකම් ධූරයට පත් විය යුත්තේ කවුද?, පත් නොවිය යුත්තේ කවුදැයි උපදෙස් දෙන්නට කාඩර්වරුන්, කැම්පස් මිතුරන්, අලුත් මිතුරන් තරම් නොවේ. ඔහුටත්, රටටත් අගතියක් වන තුරු බලා සිටින පිරිස් නම් එයට කිසිදු අයිතියක් නැත.  

පරිපාලන සේවයේ නොවන අයෙකු ජනපති ලේකම් තනතුර ඛෙදවාචකයක් විය හැකි බව ට පුහු සමාජ මතයක් ඇත. මහ බැංකුවෙන් පැමිණ ගෝඨාභය රාජපක්ෂ ගේ ජනපති ලේකම් වූ ආචාර්ය පී.බී.ජයසුන්දර නිසා මේ මතය මිනිස් සන්තානයේ තැම්පත් විය.  

 

ජනාධිපති ලේකම් ලෙස දූෂිතයෙක් පත්කරලා! රක්ෂණ සේවක සංගමය කියයි.ආචාර්ය පී.බී.ජයසුන්දර
වසර දෙකක් ජනපති කාර්යාලයේ නිලධාරියෙකු වූ මට නම්, ජනපති ගෝඨාභය ට, පී.බී.ජයසුන්දර යනු කවුදැයි අබමල් රේණුවක තරමට හෝ අවබෝධයක් නොතිබූ බව නම් සහසුද්දයෙන්ම දැනී ඇත. එය ගෝඨාභය ගේ ද, රටේ ද විනාශයට හේතු විය. එවැනි අවදානමක් අනුර කුමාර හෝ මින් මතු පත්වන කිසිම ජනපතිවරයෙකු ගත යුතු නැත. 
  
අනුර කුමාරට, තමන්ට ගැලපෙන ජනපති ලේකම් තෝරාගන්නට හැකියාව ඇති බව විශ්වාස කරන්න.  

අලුත් ජනපතිවරයාට ඔහුගේ ක්‍රමයට වැඩ කරන්නට නිදහස දෙන්න.   

2024 මහා මැතිවරණයේ කාල සටහන ! - (රජිත් කීර්ති තෙන්නකෝන්)රජිත් කීර්ති තෙන්නකෝන් 
හිටපු විධායක අධ්‍යක්ෂ 
කැෆේ (නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය )
rajith_tennakoon@yahoo.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...