The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
Opinion

ජනාධිපතිවරණයට පස්සෙ කතා ! - සමාජ මාධ්‍ය බලපෑම තීරණාත්මකයි

T

The Leader Desk

September 25, 2024 • 6:42 AM

ජනාධිපතිවරණයට පස්සෙ කතා ! - සමාජ මාධ්‍ය බලපෑම තීරණාත්මකයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරණ ප්‍රතිඵල දිහා බැලුවම පේනවා.
  • සජිත් ප්‍රේමදාස මේ ආසන තුන ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් තිබුණා වැඩි මන්ත්‍රීවරු පිරිසකගේ සහය ලබාගැනීමෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට බැරිබව අපි මේ මේකෙදි දකිනවා.
  • රාජ්‍ය මාධ්‍ය, රාජ්‍ය බලය වැනි දේවල් ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට විශේෂ වාසියක් නොවන බවත් මේ ජනාධිපතිවරණයේදී ඔප්පු වී තිබෙනවා.
  • විශේෂයෙන්ම මෙවර ජනාධිපතිවරණයේදී රූපවාහිනීය, ITN වැනි රාජ්‍ය මාධ්‍ය සාධාරණ කාලයන් ලබාදෙන බව දකින්නට ලැබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපතිවරණ ප්‍රතිඵල දිහා බැලුවම පේනවා.

විශේෂ සමාජ සංයුතියක් සහිත ආසන, කුල පදනම, ආගමික පදනම, මන්ත්‍රී සාධකය වගේ කාරණා මේ ජනාධිපතිවරණයේදී ජයග්‍රහණයට කිසිසේත්ම බලපෑවේ නෑ.

උදාහරණයක් වශයෙන් කිව්වොත් කතෝලික ඡන්ද පදනම බහුල ආසන තුනක් වෙන මීගමුව, වත්තල, ජා ඇල ආසන තුනම අනුර කුමාර ජයග්‍රහණය කරනවා. මේවා සාම්ප්‍රදායික යූන්පි ආසන. සජිත් ප්‍රේමදාස මේ ආසන තුන ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් තිබුණා. නමුත් එහෙම වුණේ නෑ.

 

votesමේවා සාම්ප්‍රදායික යූන්පි ආසන. සජිත් ප්‍රේමදාස මේ ආසන තුන ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් තිබුණා

වැඩි මන්ත්‍රීවරු පිරිසකගේ සහය ලබාගැනීමෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට බැරිබව අපි මේ මේකෙදි දකිනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරු පිරිසක් හිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ වේදිකාවේ. පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් කියන්නෙ සාමාන්‍යයෙන් ඡන්ද ලක්ෂය පන්නලා ගන්න පොරක්. නමුත් ජනාධිපතිවරණය සඳහා ඒ සාධකය කිසිසේත්ම බලපෑමක් වුණේ නෑ.


රාජ්‍ය මාධ්‍ය, රාජ්‍ය බලය වැනි දේවල් ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට විශේෂ වාසියක් නොවන බවත් මේ ජනාධිපතිවරණයේදී ඔප්පු වී තිබෙනවා.

විශේෂයෙන්ම මෙවර ජනාධිපතිවරණයේදී රූපවාහිනීය, ITN වැනි රාජ්‍ය මාධ්‍ය සාධාරණ කාලයන් ලබාදෙන බව දකින්නට ලැබුණා. ඉතිහාසයයේ මීට වඩා අන්තවාදී විදියට රාජ්‍ය මාධ්‍ය වැඩකලා. විශේෂයෙන්ම 2009, 2015 ජනාධිපතිවරණ වලදී.

 

Untitled 68මෙවර ජනාධිපතිවරණයේදී රූපවාහිනීය, ITN වැනි රාජ්‍ය මාධ්‍ය සාධාරණ කාලයන් ලබාදෙන බව දකින්නට ලැබුණා

මේ පාර පෞද්ගලික නාළිකා ඊට වඩා පක්ෂග්‍රාහී තැන්වල තිබුණු බවත් අපි දැක්කා.

නමුත් මේ පිළිගත් මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය කිසිවෙක වාසිය ඒ ඒ අපේක්ෂකයාට ලබාගන්නට නොහැකි වීම පිටිපස්සෙ තිබුණේ මොකක්ද ?

උත්තරය සමාජ මාධ්‍ය.

ලංකාවේ සමාජ මාධ්‍ය, ටික කාලයකට කලින් නම් ෆේස්බුක්.

සමාජ මාධ්‍ය ජනාධිපතිවරණයකදී ඡන්දදායකයින්ගේ මනසට බලපෑම් කරන මට්ටමකට ආවේ 2015 ජනාධිපතිවරණයේදී. ඉන් පසුව එය ක්‍රමයෙන් ඉහළ යමින් මෙවර උපරිමයකට ලඟා වූ හැටි අපි දැක්කා.

 

GettyImages 1585619138 d4fa957c29704ff0a89615917433ad99 අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය සඳහා වැඩිම කාර්‍යභාරයක් ඉටුකල සමාජ මාධ්‍ය

මෙවර අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය සඳහා වැඩිම කාර්‍යභාරයක් ඉටුකල සමාජ මාධ්‍ය පෙළගැස්වුවහොත්,

1.යූ ටියුබ්
2.ෆේස්බුක්
3.ටික්ටොක්
4.X  

 
මේ ආකාරයට මේ සියළුම සමාජ මාධ්‍ය වල ඉතාමත් ආකර්ෂණීය කැම්පේන් එකක් දියත් කරන්න මාලිමාව සමත් වුණා.

මේ සියළු නිරීක්ෂණයන්ගෙන් පස්සෙ අපිට එන්න පුළුවන් නිගමනය තමයි ඉදිරියේදී ලංකාවේ ජනාධිපතිවරණයක් ජයග්‍රාහි කිරීම මහා ලොකු සංකීර්ණ වැඩක් නෙවෙයි. ලංකාව කියන්නෙ ඉතාම කුඩා ඇබින්ඳං රටක්. මුළු රටම එකම ඡන්ද කොට්ඨාසයක් එසේත් නැතිනම් ආසනයක් වගේ තමයි ජනාධිපතිවරණයකදී හැසිරෙන්නේ.
 
Supporters of Sri Lanka s president and United Nat 1726880503037 1726880526073මුළු රටම එකම ඡන්ද කොට්ඨාසයක් එසේත් නැතිනම් ආසනයක් වගේ තමයි ජනාධිපතිවරණයකදී හැසිරෙන්නේ.

ආකර්ෂණීය කථිකත්වයක් හිමි නායකයෙක්ට, කොළඹ නවීන ස්ටුඩියෝ එකක සුවපහසුව ඉඳගෙන තමන්ගේ ප්‍රතිපත්තිය, පැහැදිලිව ඡන්දදායකයින්ගෙ මනසට සමාජ මාධ්‍යයන් ඔස්සේ සන්නිවේදනය කල හැකි නම් ඉදිරියේදී ජනාධිපතිවරණ‍යක් කොළඹ ඉඳගෙන දිනීමේ හැකියාව තියෙනවා.

ස්තුතියි

(උපුටා ගැනීම -Kethaka Dinaj  ෆේස්බුක් පිටුවෙන්..)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...