The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
Opinion

සජිත්ගේ දේශපාලන කෝලම හා මාලිමාවේ දේශපාලන අනාගතය! - (නීතිඥ ශිරාල් ලක්තිලක)

T

The Leader Desk

September 25, 2024 • 6:16 AM

සජිත්ගේ දේශපාලන කෝලම හා මාලිමාවේ දේශපාලන අනාගතය! - (නීතිඥ ශිරාල් ලක්තිලක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සජිත් වෙනුවෙන් තිස්ස කියන්නේ සජිත් අගමැති අපේක්ෂකයා ලෙස මෙවර තරග කරන බවයි.
  • සජිත්ගේ බබා දේශපාලන උපදේශකයින් මෙවැනි සටන් පාඨයක් ඇතැම් විට තෝරා ගෙන ඇත්තේ අනුරට ලැබුන 42% ක චන්ද ප්‍රතිශතය පිලිබදව විශ්වාසය තබා විය හැකිය.
  • නමුත් මාලිමාව ලබා ගත් චන්දය දෙස බලන කල ඔවුන් මහමැතිවරනවෙන් ආසන 113 ලබා ආන්ඩුවක් පිහිටුවීම ඉර හද සේ විශ්වාසය තැබිය හැකි කරුනක් වන්නේය.
  • එවැනි පසුබිමක සජිත්ගේ මෙම උත්සාහය බබා උත්සාහයක් බව කිව යුතුව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සජිත් වෙනුවෙන් තිස්ස කියන්නේ සජිත් අගමැති අපේක්ෂකයා ලෙස මෙවර තරග කරන බවයි.

සජිත්ගේ බබා දේශපාලන උපදේශකයින් මෙවැනි සටන් පාඨයක් ඇතැම් විට තෝරා ගෙන ඇත්තේ අනුරට ලැබුන 42% ක චන්ද ප්‍රතිශතය පිලිබදව විශ්වාසය තබා විය හැකිය. නමුත් මාලිමාව ලබා ගත් චන්දය දෙස බලන කල ඔවුන් මහමැතිවරනවෙන් ආසන 113 ලබා ආන්ඩුවක් පිහිටුවීම ඉර හද සේ විශ්වාසය තැබිය හැකි කරුනක් වන්නේය. එවැනි පසුබිමක සජිත්ගේ මෙම උත්සාහය බබා උත්සාහයක් බව කිව යුතුව තිබේ.


 

නමුත් මාලිමාවේ අභියෝගය වන්නේ තමන්ට තුනෙන් දෙකක ආසන ප්‍රමානයකට ආසන්න විය හැකිද යන්නය. පොදු විපක්ෂයක ඉලක්කය විය යුත්තේ මාලිමාව පාර්ලිමේන්තුව තුල 2/3 කට ආසන්න වීමකට හෝ ඉඩ නොලබා දීමය. එසේ වන්නට නම් සජිත්ගේ අනාගත සිහින පසෙක දමා දේශපාලනයට සජබය අවතීර්නවිය යුතුව තිබේ.

මෙවර මහ මැතිවරනය වනාහී රටේ දේශපාලන අනාගතයේ මුවදොර වන්නේය. එසේ නොමැත්තේ නම් සජබය සමාන වන්නේ බටනලා කරුවකු පසු පස ගිය බැටළු රංචුවකටය. පරාජිත ජනාධිපතිවරනයකට පසුවත් සජබය සිතනා සැටි පුදුමාකාරය.

all island

මාලිමාවේ චන්ද 42% පදනම අන්වීක්ෂ ගතව විමසුමක යෙදුනහොත් ඒතුල පාර්ලිමේන්තුව තුල බහුතරය දිනා ගැනීම සදහා පෙන්නුම් කරන ප්‍රවනතාව ඉහලය. මාලිමාව සිංහල දිස්ත්‍රික්ක 15 ක් බහුතර චන්දයෙන් දිනා ගෙන තිබේ.( මා චන්දයට පෙර අනුමාන කරන ලද්දේ මාලිමාව සිංහල දිස්ත්‍රික්ක 12 ක් ජයගනු ඇති බවටය) මාලිමාවේ බහුතර බලය ගොඩනැගෙන්නේ මෙම දිස්ත්‍රික්ක 15 තුලය. එසේම එකී දිස්ත්‍රික්ක 15 අතරින් දිස්ත්‍රික්ක හතරක් එනම් ගම්පහ, ගාල්ල, මාතර හා හම්බන්තොට මුළු චන්ද සංඛ්‍යාවෙන් 50% එපිටින්වු චන්ද ප්‍රමානයක් මාලිමාව ලබා ගෙන තිබේ. එම දිස්ත්‍රික්ක හතර තුල දිස්ත්‍රික්කයේ බොනස් ආසනයද ඇතුලුව දිස්ත්‍රික්කයට අදාල ආසන සංඛ්‍යාවෙන් 3/4 ක ආසන සංඛ්‍යාවක් මාලිමාවට හිමිකර ගැනීමේ ඉහල සම්භාවිතාවයක් තිබෙන්නේය.

මාලිමාව යනු කුමක්ද?- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

 

ඒ අනුව එකී දිස්ත්‍රික්ක 4 අතරින් මාලිමාවට හිමිවිය හැකි ආසන සංඛ්‍යාව දල වශයෙන් මන්ත්‍රි ආසන 32 පමන විය හැකිව තිබේ. අනෙක් අතට ගත් කල මාලිමාව ජයගත් දිස්ත්‍රික්ක 15 අතරින් දිස්ත්‍රික්ක 5ක් මාලිමාව දිනා ඇත්තේ 45% කට වැඩි චන්ද ප්‍රතිශතයකිනි. එම දිස්ත්‍රික්ක වන්නේ කොළඹ, කුරුනෑගල, කළුතර, අනුරාධපුරය හා පොලොන්නරුවයි. එම දිස්ත්‍රික්ක 5 තුල බෝනස් ආසනයද සමග බහුතර ආසන සංඛ්‍යාවද හිමිවනු ඇත්තේ මාලිමාවටය. ඒ අනුව ඒ දිස්ත්‍රික්ක 5 අතරින් මාලිමාවට ලබාගත හැකි ආසන සංඛ්‍යාව දල වශයෙන් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 35 පමන විය හැකිව තිබේ. ඒ අනුව ඉහත දිස්ත්‍රික්ක 9 පමනක් මාලිමාව ලබා ගනු ඇති දල මන්ත්‍රි ආසන සංඛ්‍යාව 67 ක් පමන වන්නේය.

 

පසුගිය මැතිවරනයේදී තවත් දිස්ත්‍රික්ක 06 ක මාලිමාව 40-45% අතර චන්දයක් ලබාගෙන ජයග්‍රහනය කොට තිබේ. එම දිස්ත්‍රික්කයන් වන්නේ මහනුවර, කෑගල්ල, මාතලේ, මොනරාගල, රත්නපුර හා පුත්තලම යන දිස්ත්‍රික්කයන්ය. මෙම දිස්ත්‍රික්ක 06 නියෝජනය කරනු ලබන මන්ත්‍රි ආසන සංඛ්‍යාව ආසන 50 කි. එම දිස්ත්‍රික්ක තුල තුන් කොන් සටනක් සිදුවන්නේ නම් එම දිස්ත්‍රික්ක 06 තුල බෝනස් ආසන සමග බහුතර ආසන සංඛ්‍යාව මාලිමාවට හිමිවීමේ ඉහල සම්භාවිතාවක් පවතී. එසේ වුවහොත් මාලිමාවට හිමිවනු ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාව දල වශයෙන් 31 විය හැකිය.

 

ජුනි 04 පාර්ලිමේන්තුවේ පිල් මාරුවක් !

ඒ අනුව මාලිමාවට තමන් දැනට ජයග්‍රාහී බව තහවුරු කොට ගෙන ඇති දිස්ත්‍රික්ක 15 න් පමනක් පාර්ලිමේන්තුව නියෝජනය සදහා මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 98 කි. අනුර ජනාධිපතිවරනයේදී ලබා ගත් චන්ද ප්‍රතිශතය 42% එලෙසටම පාර්ලිමේන්තු මැතිවරනයේදී මාලිමාව ලබා ගතහොත් මාලිමාවට ජාතික ලයිස්තුවෙන් ලැබෙන මන්ත්‍රී ආසන සංඛ්‍යාව දල වශයෙන් ආසන 12 ක් පමන වනු ඇතැයි අනුමාන කල හැක. ඒ අනුව දිස්ත්‍රික්ක 15 කින් හා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුව තුල මාලිමාව නියෝජනය කරනු ලැබිය හැකි මන්ත්‍රී සංඛ්‍යාව 110 කි.

ඉහත සදහන් සන්දර්භයට එරෙහිව දුරකතනයට නායකත්වය දෙන සජිත්ගේ ජයග්‍රහනයේ සම්භාවිතාවය කුමක් ද යන්න තේරුම් ගැනීම මෙහිලා වැදගත් වන්නේය.

 

සජිත් කතා කරන්නේ අනාගත ආන්ඩුවේ අගමැති වීමටය. නමුත් ඉහත දැක්වු පරිදි සජිත්ට අනාගත ආන්ඩුවේ සරල බහුතරය දිනා ගැනීම පවා සිහිනයක් වන්නේය. සජිත් මෙවර ජනාධිපතිවරනය තුල තමන්ට 2019 මැතිවරනයේදී කැමැත්ත පල කල චන්ද දායක සංඛ්‍යාව පවා රැක ගැනීමට අපොහොසත්ව තිබේ. එසේ චන්දයෙන් පල්ලම් බැස තිබෙන්නේ 2019 දී තමන්ට චන්දය දුන් මැතිවරන සන්ධානය එසේම පවත්වා ගෙන වර්ථමාන ජනාධිපතිවරනයට මුහුනදුන් අවස්තාවකදීය.

සජිත් විසින් 2019 ජනාධිපති වරනයේදි ලබා ගත් චන්ද සංඛ්‍යාවට වඩා චන්ද ලක්ෂ 11 ක් පමන අඩුවී ඇත. මෙම ලක්ෂ 11 අතරින් 25% ක දල චන්ද සංඛ්‍යාවක් රනිල් නිසා උතුරු-නැගෙනහිරින් හා මධ්‍යම කදුකරයෙන් සජිත්ට නොලැබුන චන්ද ලෙස ගිනිය හැකිව තිබේ. නමුත් ඉතිරිය නිසැකවම සජිත්ව අතහැරිම සනිටුහන් කරන ලද චන්ද ලෙස ගිනිය හැකිව තිබේ.

 

කොළඹ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
එසේම කොළඹ දිස්ත්‍රික්කය තුල කඩුවෙල, මහරගම, කොට්ටේ ආසන තුල සජිත් තුන වැනි තැනට පත්වී තිබේ. එසේම හොමාගම රනිල් හා සජිත් සිටින්නේ සම සමවය. එයින් කියැවෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත්වන මධ්‍යම පාංතික සිංහල බෞද්ධයන් සජිත් පිලිබදව සිතන පතන මට්ටමය. එසේම සජිත්ට මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක අහිමි වන්නේද සිංහල චන්ද නොලැබුන නිසාය.

එවැනි පසුබිමක සජිත් ප්‍රමුඛ දකුනු ඉවුර සිදු කල යුතුව තිබෙන්නේ මාලිමාව පාර්ලිමේන්තුව තුල 2/3 බලයක් පිහිටුවීම වැලැක්වීමට කටයුතු කිරීමය. සජිත්ට රජය භාරදීමට රටේ බහුතරයක් අකමැතිවී සිටින මොහොතක සජිත් අගමැති කම ලබා දී ආන්ඩුවක් පිහිටුවීමට ජනවරමක් ඉල්ලා සිටීම සමාජයට විහිළු සැපයීමකි.

එවැන්නක් අඩුම තරමින් යතාර්ථවාදී සටන් පාඨයක් ලෙස සැලකීමට හැක්කේ  දැනට 50% ලෙස පෙන්වන {සජිත්-32% + රනිල් -17%} සජබය හා රනිල් සමග සිටින සන්ධානය එකට එකතුවන කලකදීය.

එසේ නොමැතිව රනිල්ගේ මැතිවරන පරාජිත ඉතිහාසය අභිබවන්නට තරග වැදී සිටින සජිත්ට අනාගත අගමැතිකමක් සමග ආන්ඩුවක් පිහිටුවීමට කතා කිරීම දේශපාලන කෝලමක්ම පමනක් යයි කිව හැකිව තිබේ.

(නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
slakthilaka@gmail.com

@ ශ්‍රිරාල් ලක්තිලක ගේ ෆේස්බුක් පිටුවෙන්...

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...