The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
Opinion

රනිල්ගේ 'ථෙරවාද ආර්ථිකය' පොතේ පිටකවරය ගලවලා අනුර ඉතිරි ටික අරගෙන - (කුසල් පෙරේරා)

T

The Leader Desk

September 26, 2024 • 10:57 AM

රනිල්ගේ 'ථෙරවාද ආර්ථිකය' පොතේ පිටකවරය ගලවලා අනුර ඉතිරි ටික අරගෙන - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ රාත්‍රියේ හරියටම විනාඩි 10 කින් දේශය අමතා ඔහුගේ මැතිවරණ පොරොන්දු අළුත් කෙරුවා.
  • ඒ විනාඩි 10 ඇතුළත රටේ විධායක ජනාධිපති හැටියට අනුර කියුව ඉතාම වැදගත් කතා දෙක තමයි, විරුද්ධ මත බාර ගැනීමට සූදානම් බව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දිගටම කටයුතු කරන බව කීම.
  • එමෙන්ම අප එක්ව ගොඩනගන අනාගතයේ කොටස්කරුවන් වීමට ඔබව ධෛර්යමත් කරනවා.
  • අප අතර පවතින වෙනස්කම් අතික්‍රමණය කළ හැකි නම්, ඔබ හා අප අතර ඇති ඉලක්ක සමාන බව ඔබට වැටහෙනු ඇතැයි මා විශ්වාස කරනවා.” අනෙක මෙහෙමයි කියුවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊයේ රාත්‍රියේ හරියටම විනාඩි 10 කින් දේශය අමතා ඔහුගේ මැතිවරණ පොරොන්දු අළුත් කෙරුවා. ඒ විනාඩි 10 ඇතුළත රටේ විධායක ජනාධිපති හැටියට අනුර කියුව ඉතාම වැදගත් කතා දෙක තමයි, විරුද්ධ මත බාර ගැනීමට සූදානම් බව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දිගටම කටයුතු කරන බව කීම.

ඒවා අනුරගේ වචන වලින්ම උපුටා කියනවා නම්, “ඔබගේ සාධනීය විවේචන මම පිළිගැනීමට සූදානම්. එමෙන්ම අප එක්ව ගොඩනගන අනාගතයේ කොටස්කරුවන් වීමට ඔබව ධෛර්යමත් කරනවා. අප අතර පවතින වෙනස්කම් අතික්‍රමණය කළ හැකි නම්, ඔබ හා අප අතර ඇති ඉලක්ක සමාන බව ඔබට වැටහෙනු ඇතැයි මා විශ්වාස කරනවා.”

 



අනෙක මෙහෙමයි කියුවේ. “අප අපේක්ෂා කරන වෙනස සඳහා, සැළකිය යුතු කාලයක් තුල, පියවර රැසක් ගැනීමට තියෙනවා. එහෙත් ඒ සියල්ල රැඳී පවතින්නේ වර්තමාන ආර්ථිකය තුල ස්ථාවරත්වය හා විශ්වාසය ගොඩ නැංවීමෙන් පමණයි. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග, කඩිනමින් සාකච්ඡා ආරම්භ කර, විස්තීරණ ණය පහසුකමට අදාල කටයුතු ඉදිරියට ගෙන යාමට අප අදහස් කරනවා. ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල ණය පාර්ශව සමග සාකච්ඡා කර, ඒ සම්බන්ධ කටයුතු හැකි ඉක්මණින් නිම කර, අදාල ණය සහන ලබා ගැනීමට අප කටයුතු කරනවා.”

දැන් පැහැදිලිනේ ඇයි, මැතිවරණ වේදිකාවල බරපතල විවේචන වලට ලක් කළ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ මහ භාණ්ඩාගාරයේත් මුදල් අමාත්‍යාංශයේත් ලේකම් මහින්ද සිරිවර්ධන දෙදෙනා ඒ තනතුරුවල තියා ගත්තේ කියලා?

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමෙහි කර්තෘවරුන් වුනේ ඒ දෙපළයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමෙහි කර්තෘවරුන් වුනේ ඒ දෙපළයි. ඒ නිසා ඒ දෙපළ නැතිව, මෙතැනින් එහාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කිසිම ගනුදෙනුවකට යන්න බැහැ.

ඒ තනතුරු වලට ඒ දෙන්නා ආවෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය ඇතිවයි. මහ බැංකුවෙන් 2021 ජනවාරියේ විශ්‍රාම ගෙන ඕස්ට්‍රේලියාවට ගොස් සිටි නන්දලාල් වීරසිංහට හදිසියේ කැඳවීමක් කෙරුණේ 2022 අප්‍රේල් 06 වෙනිදා. ඔහු පසු දිනම ලංකාවට පැමිණ අප්‍රේල් 08 වන දින මහ බැංකුවේ අධිපති ලෙස වැඩ බාර ගත්තා. ඒ වෙනකොට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධූරයක සිටි මහින්ද සිරිවර්ධන මහ බැංකු සේවයෙන් නිදහස්කර මුදල් අමාත්‍යාංශයේ සහ මහ භාණ්ඩාගාරයේ ලේකම් ලෙස පත් කරනු ලැබුවා. දෙසතියකට පස්සේ, අප්‍රේල් 22 වන දින, මහ බැංකු අධිපති ලෙස නන්දලාල් වීරසිංහ, ඇමති මණ්ඩලයද දැනුවත් නොකර, ශ්‍රී ලංකාණ්ඩුව විදේශ ණය කිසිවක් නොගෙවන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කෙරුවා. ඒ ප්‍රකාශය හේතුවෙන් ශ්‍රී ලංකාව බංකොලොත් කියලා ජාත්‍යන්තරව පිළිගනු ලැබුවා. අරගලය නැගලා ගියා. රාජ්‍ය පාලකයින් මාරු කෙරුණා. ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු පටන් ගත්තා.


කතාව කෙටි කරමු නේද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනුවේ මේ දෙන්නා එතරම් වැදගත් වෙන්නේ කොහොමද? මේ දෙන්නම මහ බැංකු සේවයේ සිටියදී ඉන් නිදහස්වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පත්වීම් ලබා වොෂිංටන් ගිය දෙන්නෙක්. දෙවරකට දෙන්නම දැරූවෙ එකම තනතුර. මේ දෙන්නා පත් කරනු ලැබුවේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ බූතානය ආවරණය කෙරෙන විකල්ප විධායක අධ්‍යක්ෂ තනතුරට. ඒ නිසා මේ දෙන්නා පුරුදු පුහුණු වෙලා ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති රාමුව තුල හිතන්න පතන්න වැඩ කරන්න.  

 

නන්දලාල් වීරසිංහ සහ මහින්ද සිරිවර්ධන

මේ වීරසිංහ - සිරිවර්ධන දෙපළ හවුල් වී හැදුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සියල්ල ක්‍රියාත්මක කෙරෙන ආර්ථික වැඩපිළිවෙල තමයි ජනාධිපතිවරණයට වික්‍රමසිංහ ජනාධිපති ඉදිරිපත් කෙරුවේ “ථෙරවාදී ආර්ථිකය” කියලා. දැන් අනුර කුමාර පොරොන්දු වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඒ ගමන දිගටම යන්නයි. නමුත් ඒ මැතිවරණ ප්‍රකාශනයේ පිට කවරය නැතුව, කර්තෘවරුන් දෙන්නා තියාගෙන තමයි අනුර වැඩපිළිවෙල ගෙනි යන්නේ.

ඒ නිසා අනුර කියුව විදියට “අප අතර පවතින වෙනස්කම් අතික්‍රමණය කළ හැකිද” කියලා හිතන්න ටිකක් අමාරුයි වගේ.


(කුසල් පෙරේරා)

ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

 


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )

2024 සැප්තැම්බර 26

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...