The Leader News
BREAKING
Top Ad
Opinion

ජනාධිපතිවරණයේ හිඟය, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පියවා දිය යුතුය - (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

September 27, 2024 • 5:18 AM

ජනාධිපතිවරණයේ හිඟය, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පියවා දිය යුතුය - (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා රටේ බහුතරයකගේ ජනාධිපතිවරයා වෙතැයි සිතූ පිරිස විශාල නැත.
  • ප්‍රායෝගික දේශපාලනික කොන්දේසි පිළිබඳ යථාවාදී වැටහීමක් නැති, හුදෙක් භක්තිවන්තයන් පමණක් වූ ප්‍රධාන දෙපක්ෂයේම පිරිස් ස්ථීර වශයෙන්ම තමන්ගේ නායකයා රටේ බහුතරයකගේ නායකයා වෙතැයි සිතන්නට ඇති.
  • ඒ හැරුණුකොට, වෙනත් බොහෝ දෙනාට සිතුණේ, ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නාගෙන් එක් කෙනෙකුටවත් සියයට 50 සීමාව ඉක්මවීමේ ඉඩක් නැති බවයි.
  • ඔහු, ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොවී, ඊට කලින් සිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පමණක් වි‚ නම්, ජනාධිපතිවරණය තුළ තුන්කොන් සටනක් කිසිසේත් ඇති නොවනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා රටේ බහුතරයකගේ ජනාධිපතිවරයා වෙතැයි සිතූ පිරිස විශාල නැත. ප්‍රායෝගික දේශපාලනික කොන්දේසි පිළිබඳ යථාවාදී වැටහීමක් නැති, හුදෙක් භක්තිවන්තයන් පමණක් වූ ප්‍රධාන දෙපක්ෂයේම පිරිස් ස්ථීර වශයෙන්ම තමන්ගේ නායකයා රටේ බහුතරයකගේ නායකයා වෙතැයි සිතන්නට ඇති. ඒ හැරුණුකොට, වෙනත් බොහෝ දෙනාට සිතුණේ, ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නාගෙන් එක් කෙනෙකුටවත් සියයට 50 සීමාව ඉක්මවීමේ ඉඩක් නැති බවයි.

 

The Leader | We Lead the Nation - Results from #130රාජ්‍ය බලය සහිත ජනාධිපති රනිල් වික්‍රමසිංහට, අනිත් දෙන්නාට නැති රාජ්‍ය සම්පත් රාශියක වාසිය තිබුණි.
එසේ සිතීමට ප්‍රධාන හේතුවක් තිබුණි. ඒ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ භූමිකාවයි. ඔහු, ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොවී, ඊට කලින් සිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පමණක් වි‚ නම්, ජනාධිපතිවරණය තුළ තුන්කොන් සටනක් කිසිසේත් ඇති නොවනු ඇත. රාජ්‍ය බලය සහිත ජනාධිපති රනිල් වික්‍රමසිංහට, අනිත් දෙන්නාට නැති රාජ්‍ය සම්පත් රාශියක වාසිය තිබුණි. ඊට අමතරව, ගෝඨාභය රාජපක්ෂගේ මහා ව්‍යසනයෙන් ගොඩඒමට උපස්ථම්භක වූ කේවල පුද්ගල සාධකය තමන් වී ය යන ප්‍රබන්ධයේ වාසියත් ඔහුට තිබුණි. (එය ප්‍රබන්ධයක් වන්නේ මන්ද යන්න, මීට කලින් අප නොයෙක් වර සාකච්ඡා කර තිබේ). ඔහු ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය වැඩි වන තරමට, අනිත් දෙන්නාට සියයට 50 සීමාව ඉක්මවීමට අසීරු වන බව, අංක ගණිතමය වශයෙන් ගත්තත්, එදා කෙනෙකුට වැටහුණු සරල සත්‍යයකි.

 

all island

Screenshot 2024 09 27 at 10.27.05 copyදැන්, ඒ තර්කයේම අනිත් පැත්ත මෙසේ ය: ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂකත්වයේ නොසිටියේ නම්, මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව, ඇතැමුන් කියන පරිදි, සජිත් ප්‍රේමදාස සියයට 50 සීමාව ඉක්මවනු ඇතැයි යන්නත් සපුරා විද්‍යාත්මක නැත. හේතුව, මේ වනාහී, දෙන්නා (රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස ) ලබා ඇති ඡන්ද ප්‍රමාණයේ එකතුව මත පිහිටා තීරණය කළ හැකි අංක ගණිතමය  කාරණයක් නොවන බැවිනි. රනිල් වික්‍රමසිංහගේ මුළු ඡන්ද ප්‍රමාණය තුළ 'පොහොට්ටුවේ' අඩංගුව, ඔහු තරඟයේ නොසිටියේ නම්, ඒ ආකාරයෙන්ම සජිත් ප්‍රේමදාසට ලැඛෙතැයි සිතීම උගහට ය. රනිල් වික්‍රමසිංහ නැති තත්වයක් තුළ එම අඩංගුව බොහෝ විට යොමු විය හැකිව තිබුණේ නාමල් රාජපක්ෂ වෙත හෝ දිලිත් ජයවීර වැනි වෙනත් කිහිප දෙනෙකු වෙත යැයි දළ වශයෙන් අනුමාන කළ හැකිය.

 113461977 504b6423 ee9e 44e5 a6b6 bf295e50533eමෙය, එක්තරා දුරකට, 2005 රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය ඇහිරවීම සඳහා, කොටි සංවිධානය ලවා උතුරේ ඡන්ද වර්ජනයක් දියත් කිරීමට මහින්ද රාජපක්ෂ ගත් පියවරට සමානයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම තුළ ඔහුගේ ඒකායන අරමුණ වුණේම, ඕනෑම වියදමක් දරා සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය නතර කිරීම බව, ඉහත කී කිසි කරුණකින් නිෂ්ප්‍රභ වන්නේ නැත. මෙය, එක්තරා දුරකට, 2005 රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය ඇහිරවීම සඳහා, කොටි සංවිධානය ලවා උතුරේ ඡන්ද වර්ජනයක් දියත් කිරීමට මහින්ද රාජපක්ෂ ගත් පියවරට සමානයි. ඒ අර්ථයෙන් ගත් විට, රනිල් වික්‍රමසිංහ මේ වන විට ස්වයං-තෘප්ත පුරුෂයෙකි. ඔහු හැම පැත්තකින්ම වාඩුව පිරිමසාගෙන තිබේ. එක පැත්තකින්, නිරන්තර පරාජයටම හැමදාමත් උරුම කියමින් සිටියදී, ගෝඨාභය රාජපක්ෂ විසින් ජයග්‍රාහී භූමිකාවකට ඔසවා තැබීමේ විරල වාසනාවට ඔහු හිමිකම් කීවේය. අනිත් පැත්තෙන්, එකී ජයග්‍රහණය ප්‍රයෝජනයට ගනිමින් සිය පරම හතුරාගෙන් අවසාන පළිය ගැනීමේ තෘප්තිමත් නිෂ්ඨාව භුක්ති විඳීමටත් වගබලාගත්තේය. 

 
එය ඔහුගේ ස්වයං-වින්දනයකට කාරණයක් විය හැකි වෙතත්, කතාවේ තවත් පැත්තකුත් තිබේ. ඔහු තරඟ බිමේ නොසිටියේ නම්, අනුර කුමාර දිසානායක මීටත් වඩා ජයග්‍රහණයක් ලබන්නට ඉඩ තිබුණි. සමහරවිට, සියයට 50 සීමාවටත් ඔහුට ළං විය හැකිව තිබුණි. 'මාලිමාවේ' ජයග්‍රහණය සීමා කෙරුණේ, අප ඉහතින් කී, රනිල් වික්‍රමසිංහ විසින් රට ගොඩගත්තේය යන ප්‍රබන්ධය යම්තාක් හරහට සිටි බැවිනි. සම්ප්‍රදායික සමස්ත දේශපාලන ප්‍රවාහයේ දූෂිත ඉතිහාසය සහ කොල්ලකාරී චර්යාවට එරෙහිව 'මාලිමාව' පොදු ජන විඥානය තුළ පහසුවෙන් අත්කරගත් වාසිය, එකී ප්‍රබන්ධයෙන් යම්තාක් අඩාල කෙරුණු බව එහි අදහසයි.

 

ආණ්ඩු කරන්නේ 'රාජ්‍ය' පැහැරගත් ත්‍රිමූර්තියක් - (කුසල් පෙරේරා)1956 එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක බලයට පත්වන්නේ සුළුතරයකගේ අගමැතිවරයා වශයෙනි.

ඒ සමස්ත පසුබිම තුළ, ඡන්දය පාවිච්චි කළ ඡන්දදායකයන්ගෙන් බහුතරය නියෝජනය නොකරන ජනාධිපතිවරයෙකු අපට ලැබී ඇති බව පෙනේ. එය, ඇතැමුන් පෙන්වා දෙන්නේ 'දෝෂයක්' වශයෙනි. විධායක ජනාධිපති යන යෙදුම යටතේ ගත් විට, එය පෙර නොවූ විරූ තත්වයක් වූවත්, විධායක අගමැතිවරයා යන යෙදුම ඊට ආදේශ කළොත් එය අරුමයක්වත්, අලූත් දෙයක්වත් නොවේ. 1956 එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක බලයට පත්වන්නේ සුළුතරයකගේ අගමැතිවරයා වශයෙනි. එදා  ඔහුගේ පක්ෂය ලැබූ ඡන්ද ප්‍රතිශතය සියයට 39.52 ක් පමණි. 1970 දී සිරිමා බණ්ඩාරනායක යටතේ විශාල ජයග්‍රහණයක් ලද 'එක්සත් පෙරමුණු' ආණ්ඩුව ලබා තිබුණේ සියයට 49 ක් පමණි.  මෙයින් පෙනී යන්නේ, සුළුතරයකගේ විධායක නායකයෙකු පත්වීම 'අසාමාන්‍ය' දෙයක් වශයෙන් නොසැලකූ කාලයක් තිබුණු බවයි.

පුංචි ඡන්දය ගැන ගැසට් නිවේදනයක්බහුතරයට රාජ්‍ය බලය නොලැබී සුළුතර පක්ෂයක් රාජ්‍ය බලයට පත්විය හැකිය.

 

ඇත්ත, එදා  පැවතියේ සමානුපාතික ඡන්ද ක්‍රමයක් නොවේ. එවැනි ක්‍රමයකදී, බහුතරයට රාජ්‍ය බලය නොලැබී සුළුතර පක්ෂයක් රාජ්‍ය බලයට පත්විය හැකිය. එදා පැවති කේවල ඡන්ද ක්‍රමය වෙනස් කර, සමානුපාතික ඡන්ද ක්‍රමයකට අප පරිවර්තනය වුණේ, ඒ අඩුපාඩුව නිවැරදි කරගැනීම සඳහා ය. එබැවින්, සමානුපාතික ඡන්ද ක්‍රමයක් යටතේ පවා එවැනි තත්වයක් ඇති වීම එක්තරා 'දෝෂයක්' බව කෙනෙකුට කිව හැකිය. එහෙත්, එසේ කිව හැක්කේ, ආසන්තම මෑත අතීතය අමතක කළොත් ය. අවුරුදු දෙකකටත් වැඩි කාලයක් තිස්සේ, සැප්තැම්බර් 21 වැනිදා දක්වා මෙරටේ විධායක ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ලබා තිබුණු ඡන්ද සංඛ්‍යාව කුමක්ද? එය, බහුතරයකට නොව, බිංදුවකට ආසන්න තත්වයක් වූ බව අපි දනිමු.

 

දැන්, තනි අපේක්ෂකයෙකු ලැබිය යුතු වැඩි ඡන්ද ප්‍රමාණයක් සහ වැඩි ඡන්ද ප්‍රතිශතයක් තුළින් 'මාලිමාව' මේ ජනාධිපතිවරණය ජයගෙන තිඛෙන තත්වය යටතේ, අප මීට ඉහතින්ද පෙන්වා දී ඇති පරිදි, ලංකාවේ සමාජ-ප්‍රජාතන්ත්‍රීය හිඩැස පිරවීම සඳහා මූලික වටයෙන් එම 'මාලිමාව' තේරී ඇති බව අපට පෙනේ. ඉතිරි විශාල ජනකායත් ඒකරාශි කරගැනීමේ වගකීම අලූත් ජනාධිපතිවරයාට තිබේ. එම යථාර්ථය ඔහුද පිළිගන්නා බව, දිව්රුම් දුන් අවස්ථාවේ ඔහු කළ කතාවෙන් ප්‍රකාශයට පත්වුණි. එම කතාව, 2019 දී බලයට පත් ගෝඨාභය රාජපක්ෂ කළ කතාවට ඉඳුරා වෙනස් ය. එදා ගෝඨාභය රාජපක්ෂ කීවේ, තමා දකුණේ ජනතාවගේ ඡන්දයෙන් පමණක් තේරීපත්වීම, ආඩම්බරයක් සහ ලොකුකමක් වශයෙන් සලකන බවකි. එහෙත් නව ජනාධිපතිවරයා, තමාගේ 'අඩුව' ගැන තමන් දැනුවත් බව කීම කෙනෙකු අගය කළ යුතුය. ඒ නිසා, විශේෂයෙන් සුළුතර ජාතීන්ගේ අනුමැතිය තමන් වෙත ඉදිරි කාලය තුළ දිනාගැනීම සඳහා ඔහු කටයුතු කරනු ඇතැයි අනුමාන කළ හැකිය. එම අනුමැතිය නොමැතිව පවා රට පාලනය කළ හැකි බව ඇත්ත. නීතියෙන් හෝ ව්‍යවස්ථාවෙන් ඊට බාධාවක් නැති බවත් ඇත්ත. එහෙත් සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී උරුමකරුවා වීම සඳහා 'මාලිමා' රජයකට එම ජනතාවගේ අනුමැතියත් අත්‍යාවශ්‍ය වනු ඇත.

ජනතාව මෙවර 'මාලිමාව' තෝරාගෙන ඇත්තේ, අලූත් දේශපාලන සංස්කෘතියක් අපේක්ෂාවෙනි.

 

ජනතාව මෙවර 'මාලිමාව' තෝරාගෙන ඇත්තේ, අලූත් දේශපාලන සංස්කෘතියක් අපේක්ෂාවෙනි. ඒ  සංස්කෘතිය වෙනත් කිසි දේශපාලන කඳවුරකින් අපේක්ෂා කළ හැකි දෙයක් නොවන බවට ජනතාව තුළ පැවති දැඩි විශ්වාසය ඊට හේතු විය. එහිදී, සම්ප්‍රදායික දේශපාලනික චින්තන රටාවේ සේම, ආයතනික මට්ටමින්ද කළ යුතුව ඇති ප්‍රතිසංස්කරණ රාශියකි. ඒ සියල්ල ප්‍රායෝගික සත්‍යයක් කරගැනීමට නම්, පාර්ලිමේන්තු මැතිවරණයෙන් 'මාලිමාව' ශක්තිමත් බහුතරයක් අත්කරගැනීම අත්‍යාවශ්‍යයි. 

මේ පසුබිම තුළ, ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගෙන, විවිධ දේශපාලනික උපායමාර්ග පිළිබඳ විවිධ කතා දැන් අසන්නට ලැබේ. ඉන් ප්‍රධාන වන්නේ, ජනාධිපතිවරණයේදී 'මාලිමාව' අත්කරගත් ජයග්‍රහණය, පාර්ලිමේන්තු මැතිවරණයේදී ආපස්සට හැරවිය යුතු බවයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව සියලූ විපක්ෂ බලවේග ඒකරාශි කරගැනීමේ ඇති අවශ්‍යතාව, පසුගිය දා පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණි. ඒ  අතරේ, රනිල් වික්‍රමසිංහ සමග මොනම සන්ධානයක්වත් ඇති කර නොගන්නා බව සජිත් ප්‍රේමදාස කියා ඇතත්, තමන් වෙත එන වෙනත් බලවේග සිය කඳවුරට ඒකරාශි කරගැනීමට සූදානම් බව ඔහු කියයි.


 

මේ සියලූ ප්‍රකාශනවලින් අඩුවැඩි වශයෙන් ගම්‍ය කෙරෙන්නේ, ජනාධිපතිවරණයේදී තමන්ට මඟහැරුණු අවස්ථාව ජනාධිපතිවරණයේදී අත්කරගැනීම සඳහා ඔවුන් (විපක්ෂය) උත්සුක වන බවයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ එවැනි අභිප්‍රායක් සහිතව කටයුතු කිරීම අසාධාරණ නැත. එහෙත්, නව ජනාධිපතිවරයා සිය රාජ්‍ය නායකයා වශයෙන් පත්කරගත් ජනතාවගේ අභිප්‍රාය තුළ සහ පවතින විධායක ජනාධිපති ක්‍රමය තුළ, ජනාධිපතිවරයාට වෙනස් කඳවුරක් පාර්ලිමේන්තුවේ බහුතර බලය අත්පත් කරගැනීම, ඉදිරියේදී කිරීමට නියමිත සියලූ ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණවලට තිරිංග දැමීමක් බවට පත්විය හැකි බව කෙනෙකුට බැහැර කළ නොහැක.

ජවිපෙට දූෂණය නැතිකරන්න පුළුවන් ද? - (අජිත් පැරකුම් ජයසිංහ)දූෂණයෙන් සහ නාස්තියෙන් තොර අලූත් දේශපාලන සංස්කෘතියක් පිළිබඳ පොදුජන ප්‍රාර්ථනාව

 

මෙවර ජනාධිපතිවරණය ඓතිහාසික වන කාරණා දෙකක් තිබේ. එකක් වන්නේ, දූෂණයෙන් සහ නාස්තියෙන් තොර අලූත් දේශපාලන සංස්කෘතියක් පිළිබඳ පොදුජන ප්‍රාර්ථනාව, වෙන කවරදාටත් වඩා, එහිදී අධිනිශ්චය වීමයි. මීට සමාන තත්වයක්, 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවා ගැනීමේදීත් දැකගැනීමට ලැබු‚. එදා ඒ සඳහා පෙනී සිටි ප්‍රධාන පාර්ශ්වයක් වුණේ, නව ජනාධිපති අනුර කුමාර දිසානායක නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණයි. එහෙත්, විවිධ හේතු නිසා, එකී අභිලාෂය සාර්ථක කරගැනීමට එදා පාලකයන්ට නොහැකි විය. ඊට හේතුපාදක වූ සාධක කවරේදැයි, අනෙක් කාටත් වඩා හොඳින් දන්නේ, වර්තමාන ජනාධිපතිවරයා ය. ඒ  නිසා, එදා වැටුණු වළවල් මඟහැර, එදා සිදු වූ අතපසුවීම් මඟහැර, අලූත් සංස්කෘතිය ස්ථාපිත කිරීමේ කර්තව්‍යයට මෙවර ඔහුට ඉතසිතින්ම උරදිය හැකිය. 

 

image 96979d3ae8දශක ගණනාවක් ජාතිවාදය කරේ තියාගෙන ගිය මෙවැනි පුද්ගලයන් මෙවර ඒකරාශී වුණේ, ''කොමියුනිස්ට් පක්ෂ'' නාමය දරණ ධජය යටතේ වීම මොන තරම් සරදමක්ද!.
මේ ජනාධිපතිවරණය ඓතිහාසික වන දෙවැනි කාරණය වන්නේ, දීර්ඝ කාලයක් තිස්සේ දියුණු දේශපාලන සංස්කෘතියක් ඇති කරලීමට එරෙහිව සිටි ජාතිවාදී සහ ප්‍රතිගාමී දේශපාලනික චරිත සහ දේශපාලනික කඳවුරු මේ ජනාධිපතිවරණය තුළ අතුගෑවී යාමයි. විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැනි පරපුටු දේශපාලනඥයන් මෙතෙක් කල් වැජඹුණේ, ප්‍රධාන දේශපාලනික ධාරාවක ආශිර්වාදය යටතේ පමණක්ම බව මෙවර ඔප්පු කෙරුණි. දශක ගණනාවක් ජාතිවාදය කරේ තියාගෙන ගිය මෙවැනි පුද්ගලයන් මෙවර ඒකරාශී වුණේ, ''කොමියුනිස්ට් පක්ෂ'' නාමය දරණ ධජය යටතේ වීම මොන තරම් සරදමක්ද!. මෙවැනි බලවේගවලට නැවත වරක් ජන මනස ගසාකෑමට අවස්ථාවක් ඉතිරි නොකරන, දියුණු දේශපාලන සංස්කෘතියක් සඳහා වන ගමන 'මාලිමා' රජයක් යටතේ අපේක්ෂා කිරීම අභව්‍ය නොවේ.

පසුගිය ජනාධිපතිවරණයේදී 'මාලිමාවට' ඡන්දය නොදුන්, එහෙත් දේශපාලන සංස්කෘතිය තුළ සාධනීය වෙනසක් අපේක්ෂා කරන කොටස්, ඒ සඳහා සාධාරණ අවස්ථාවක් අලූත් ජනාධිපතිවරයාට ලබා දීමේ දේශපාලනික සහ සදාචාරමය වගකීමකින් බැඳී සිටී. එසේ වීමට නම්, ඔවුන් (මාලිමාව) පොරොන්දු වී ඇති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ප්‍රායෝගික සැබැවක් කරගැනීම සඳහා අවශ්‍ය කරන බලය පාර්ලිමේන්තුව තුළ ඔවුන්ට ලබා දිය යුතුය. ඔවුන්ගේ හැකියාවන් සහ සීමාවන් කවරේද යන්න පිරිසිඳ දැනගත හැකි වනු ඇත්තේ, එවැනි අවස්ථාවක් ඔවුන්ට ලබා දුන්නොත් පමණි. එසේ නොකර, හැකි හැම අයුරකින්ම ඔවුන්ගේ කකුලෙන් ඇදීමට ගියොත්, අලූත් අත්හදා බැලීම අසාර්ථක වනු ඇත්තේ, (ගෝඨාභය රාජපක්ෂගේ රාජ්‍ය කාලයේ මෙන්) ඔවුන්ගේ වරදින් නොව, විරුද්ධවාදීන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් නිසා යැයි යම් දවසක ඉතිහාසයේ ලියැවෙනු ඇත.

 

පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්? -(ගාමිණී වියන්ගොඩ)(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනාධිපතිවරණයේ හිඟය, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පියවා දිය යුතුය - (ගාමිණී වියන්ගොඩ) | The Leader