ප්‍රධාන පක්ෂ දෙක හමුවේ අභියෝගයක් විය. එනම් ඔවුන් මෙතෙක් අනුගමනය කළ ජාතිකවාදී ඒකීය රාජ්‍ය ප්‍රතිපත්තිය අත් හැරිය යුතු බවට ය. ඊට හේතුව ජාතිකවාදී හා ඒකීය රාජ්‍යය ප්‍රතිපත්තිය තුළ රාජ්‍යය දෙකඩවීමේ අනතුරක් තිබූ බැවිනි.
ඒ වනවිට ජනතා ආකර්ශනය දිනා ගනිමින් ශ්‍රීලනිපයේ නායකත්වයට පත්වීමට ඔන්න මෙන්න සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඒකීය නොවන එකසත් රාජ්‍යය ප්‍රතිපත්තිය පිළිගත්තා පමණක් නොව ෆෙඩරල් ක්‍රමය ද පිළිගත්තා ය. එසේම 1994 මහමැතිවරණයට පසුව එජාප නායකත්වයට පත් ගාමිණී දිසානායක ද ඒකීය රාජ්‍යය ප්‍රතිපත්තිය අත් හැර බලය බෙදන එක්සත් රාජ්‍යය ප්‍රතිපත්තියකට එකග විය.
ලංකාවේ ධනේශ්වර දේශපාලනයේ ඝෘජු නියෝජනය සදහා පක්ෂ දෙකක් තිබුණි. ඒ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.
ප්‍රධාන ධනපති පක්ෂ දෙකේම මේ ප්‍රතිපත්තිමය ස්ථාවරයන් වෙනස්වීමත් සමඟ එතෙක් එම පක්ෂ වටා බල මුළුගැන්වී සිටි සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී සමාජ තීරුව වෙනම සංවිධානය වන්නට විය. වසර 2000 සිට වසර 2005 දක්වා සෑම මැතිවරණයක දී ම දේශපාලන අස්ථාවරත්වයක් පෙන්නුම් කළේ එබැවින් යැයි අනුමාන කළ හැකිය. ඒ නිසා ඒ සෑම මැතිවරණයකින්ම පසුව ස්ථාවරවීම සදහා කුඩා පක්ෂ මත යැපෙන්නට විය. ලාංකික දේශපාලනයේ දකුණු ඉවුර කඩා වැටුනේ අන්න එදා ය.
කිසිවකුට බහුතර බලයක් නොලැබෙන පරිදි අස්ථාවර වූ ලාංකික දක්ෂිණාංශිකය යළි ශක්තිමත් වූයේ වසර 2005 දී මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කිරීමෙන් පසුව ය. ඔහු බලය ලබා ගැනීම සදහා අනුගමනය කළේ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය නිසා බිඳී විසිරී සිටි දක්ෂිණාංශිකය යළි ශක්තිමත් විය. ඒ වනවිට මෙරට ජාතික ප්‍රශ්නය විසඳීමට ගෝලීය ධනේශ්වරය යොදාගත් උපක්‍රම ද වෙනස් වී තිබුණි. එනම් සාමය වෙනුවට යුද්දය ඔවුහු තෝරාගෙන සිටියහ. එනිසා දකුණේ දක්ෂිණාංශික පක්ෂ යළි සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය වැළද ගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් නොවීය.
කිසිවකුට බහුතර බලයක් නොලැබෙන පරිදි අස්ථාවර වූ ලාංකික දක්ෂිණාංශිකය යළි ශක්තිමත් වූයේ වසර 2005 දී මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කිරීමෙන් පසුව ය.
ඊලග වටයේ දී ලාංකික දක්ෂිණාංශිකයට අභියෝග එල්ල වූයේ නව ලිබරල්වාදයෙනි. මහින්ද රාජපක්ෂගේ පාලනය, ගෝටාභය රාජපක්ෂගේ පාලනය මෙන්ම රනිල් රාජපක්ෂගේ පාලනය මෙරට දේශපාලනයේ අදුරුතම යුගයන් විය. ඊට හේතුව එම යුගයන් මුළුමනින්ම නව ලිබරල්වාදීවීම නිසා ය. නව ලිබරල්වාදය තුළ පීඩනයට පත්වන ජනකොටස් ආන්තීකරණයට ලක් කෙරේ. එවිට එම ජන කොටස් ආර්ථික අගාධයේ පතුලටම කඩා වැටේ. එසේ කඩාවැටෙන ජනයා නිහඬව නොසිටින අතර දේශපාලනිකව ජව සම්පන්න වේ. ඔවුන් රැවටීමට රනිල් රාජපක්ෂ වැනි මායාකරුවන්ට නොහැකි වේ. 2024 ජනාධිපතිවරණයේ දී සිදුවූයේ එයයි. අන්ත දක්ෂිණාංශික කොන්සර්වැටිව් පාලන අවස්ථා තුනක් නිසා ලාංකික දකුණ පොළොවට සමතලා විය.
අද වනවිට ලාංකික දකුණ ගොඩනැංවීමේ කඩිකුලප්පුව ඇතිවී තිබෙන චරිත දෙකක් හදුනා ගත හැකිය. එක් අයෙක් ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය හරහා රනිල් රාජපක්ෂ තුරුලට ගිය වරුණ රාජපක්ෂ ය. අනෙකා මේ ඊයේ පෙරේදා රනිල් රාජපක්ෂගේ ඔඩොක්කුවට පැන්න නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ය. ඔවුන් දෙදෙනාටම ලාංකික දකුණ ගොඩනැගීමේ කුලප්පුව හැදී ඇත්තේ ගැඹුරු ධනේශ්වර අර්ථයකින් නොවන වග නිරූපනය වේ.
ලාංකික දකුණ ගොඩනැගීමේ අත් හල නොහැකි වගකීම පැවරී ඇත්තේ ධනපති පන්තිය මත ය. මේ වනවිට ලාංකික ධනපති පන්තිය ඛාදනයට ලක් වී ධනය ඇති පන්තියක් නිර්මාණය වී ඇත. ධනය ඇති පන්තිය නිර්මාණය වූයේ 1978 පාදඩ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා ය. එනිසා රටේ ආර්ථිකයෙන් 60%ක්ම කළු ආර්ථිකය මත පදනම් වී ඇතැයි 2012 තරම් ඈතක දී ආණ්ඩුවේ ජේෂ්ඨ අමාත්‍යවරයකු වූ ඩිව් ගුණසේකර කීය. මේ පාදඩ ධනය ඇති පන්තියට අවශ්‍ය මුදල් මිස පන්තිමය අභිලාශයන් ජයග්‍රහණය කරවීම නොවේ.
සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ පාර්ශ්ව එකට එක් කර ලාංකික දකුණ ගොඩනැගීමට හැකියැයි විශ්වාස කිරීම මිරිඟුවකි.
ඒ නිසා වරුණ රාජපක්ෂ කියන අන්දමට සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ පාර්ශ්ව එකට එක් කර ලාංකික දකුණ ගොඩනැගීමට හැකියැයි විශ්වාස කිරීම මිරිඟුවකි. එසේම නිශාන්ත ශ්‍රී වර්ණසිංහ කියන අන්දමට රනිල් වික්‍රමසිංහ හා පොහොට්ටුවෙන් ආ කණ්ඩායම එකට එක් කර ලාංකික දකුණ ගොඩනැගීමට හැකියැයි විශ්වාස කිරීම ද මිරිගුවකි. ඔවුන් දෙදෙනාට ලාංකික දකුණ මුහුණ දුන් කඩාවැටීම විග්‍රහ කර ගැනීමට මෙවලම් නොමැත. එනිසා ඔවුන් කරන්නේ තමන්ට ඉදිරි පාර්ලිමේන්තුවේ නියෝජනයක් ඇති කර ගැනීමට අවශ්‍ය මූලෝපායක් විග්‍රහ කිරීමකි.
මේ රටේ ජාතික ප්‍රශ්නය හා නව ලිබරල්වාදය ලාංකික දක්ෂිණාංශික දේශපාලනය බිඳ දැමීමට ක්‍රියාකාරී වන විට එහි හුස්ම පොද පිටවීම ඉක්මන් කළේ රනිල් වික්‍රමසිංහ විසිනි. 1994 දී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් ඔහු ජනාධිපතිවරණ තුනකින් පරාජය වී එක දිගට වසර තිහක් එම ධූරය දරා තවමත් එය අත් හැරීමට ක්‍රියා නොකිරීම අප්‍රසන්න ය. ඔහු සිතන්නේ ඔහු නැතිව සමාජයට කිසිවක් කළ නොහැකි බව ය. නමුත් මේ මෝඩ මතය අත හැර 2005 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව පක්ෂ නායකත්වය අත් හැරියා නම් ගෙවී ගිය වසර විස්ස තුළ නව නායකයකු නිර්මාණය වීමට කාලය හොදටම ප්‍රමාණවත් ය. ඒ තබා අදටත් තරුණ නායකත්වයකට ඉඩ නොදී නායකත්වය බදාගෙන සිටීම තුළ දර්ශිණාංශිකයේ කුමන ගොඩනැඟීමක්දැයි ප්‍රශ්න කළ යුතුය.
(පිලිප් ශාන්ත)
shan.info1978@gmail.com



