The Leader News
BREAKING
Top Ad
Opinion

නව අග්‍රාමාත්‍යවරිය 'ශ්‍රී ලාංකික කතක්' ද? - (කාන්ති කාරියවසම්)

T

The Leader Desk

September 28, 2024 • 8:12 AM

නව අග්‍රාමාත්‍යවරිය 'ශ්‍රී ලාංකික කතක්' ද? - (කාන්ති කාරියවසම්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වීඩියෝවක් නිසා මෙය ලියන්නට සිත්විය.
  • ඇත්තෙන්ම මා සතුටට පත්ව සිටියේ ඇය කාන්තාවක් වීම නිසා පමණක්ම නොවේ.
  • එසේම ඇය මනා අධ්‍යාපනයක් ලැබූ, ලෝකයට විවෘතවූ දැක්මක් ඇති අයෙකු මෙන්ම, සහකම්පනයෙන් යුත් ගැහැනියකි.
  • වරක් ඇය පැවසූ දෙයක් මගේ මතකයේ ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
වීඩියෝවක් නිසා මෙය ලියන්නට සිත්විය.

ඇත්තෙන්ම මා සතුටට පත්ව සිටියේ ඇය කාන්තාවක් වීම නිසා පමණක්ම නොවේ. ඇය මේ තනතුරට පත්වූයේ ඇයගේම දක්ෂතාවය නිසා මිස, දකුණු ආසියා කලාපයේ සුලබ සංසිද්ධියක් වන පියාගේ හෝ සහෝදරයාගේ හෝ ස්වාමිපුරුෂයාගේ හිස්වූ අඩුව පිරවීමට නොවේ. ඉහළ මධ්‍යම පාන්තික පවුලක උපත ලැබූවද, ඇය පරම්පරා බූදලයෙන් දේශපාලන උරුමය හිමිවූ අයෙකුද නොවේ. එසේම ඇය මනා අධ්‍යාපනයක් ලැබූ, ලෝකයට විවෘතවූ දැක්මක් ඇති අයෙකු මෙන්ම, සහකම්පනයෙන් යුත් ගැහැනියකි.

  
වරක් ඇය පැවසූ දෙයක් මගේ මතකයේ ඇත. එනම් "ගැහැනුන්ද රස්තියාදුවේ යායුතුයි" යන්නය. ඇය එහිදී "රස්තියාදුව" අර්ථකථනය කලේ "ගැහැනිය තමා සිරවී ඇති සංස්කෘතික රාමුවෙන් ඔබ්බට සිතීමට ඇති හැකියාව" ලෙසිනි. සම්ප්‍රදායානුකූල පරිසරයක හැදී වැඩී, වික්ටෝරියානු සංස්කෘතියෙන් පෝෂණයවූ පරපුරක ප්‍රතිඵලයක් ලෙස සමාජයට බිහිවුණ ගැහැනියකට වඩා බොහෝ ඉදිරියෙන් සිටින ඇයගේ අදහස් ගැන මම ඉමහත් සතුටට පත් වීමි.

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල්වන වීඩියෝවේ ජනාධිපති අපේක්ෂකයෙක්ද වූ අයෙකුගේ අදහස වන්නේ නව අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලාංකික කාන්තාවක් නොවන බවටයි. ඔහුගේ අදහසට අනුව ඇය "සුළු සමාජ පන්තියක්" මෙන්ම "වෙනත් මනෝභාවයක් නියෝජනය කරන" තැනැත්තියකි. ඔහු සඳහන් කරන්නේ ඇය "ඉංග්‍රීසියෙන් සිතන ඉංග්‍රීසියෙන් කථාකරන්නියක" බවයි. එසේම ඇය "අපේ සභ්‍යත්වය තුල ඇති ශ්‍රී ලාංකික පවුල යන සංකල්පය"හෝ ඒ "පවුල වටා ඇති ගුණගරුක බව විශ්වාස කරන ශ්‍රී ලාංකික කතක් " නොවන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියි.
 
Harini Amarasooriyaනව අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලාංකික කාන්තාවක් නොවන බව

මෙහිදී මට වටහා ගැනීමට අසීරු එක් කරුණක් නම් ඇය සිතන්නේ කුමන භාෂාවකින්දැයි ඔහු දන්නේ කෙසේද යන්නය. සිතන්නා සිතන්නේ කුමන භාෂාවකින්දැයි දන්නේ සිතන්නාම පමණි. පරචිත්ත විජාණන ඥානය තිබුනානම් හැර, ඇය සිතන්නේ කෙසේදැයි ඔහු කෙසේනම් දනීද? පසුගිය වකවානුවලදී සිංහලෙන්ම සිතුවායයි උපකල්පනය කල හැකි, සුද්ද සිංහලෙන්ම උත්තරීතර සභාව ආමන්ත්‍රණය කල, ඇතැම් ජාති හිතෛෂීන් අප බෙහෙවින් දැක ඇත. ජාතිවාදී ආගම්වාදී අදහස් වැපුරූ, රටේ ධනය, සම්පත් වැනසූ, සිංහල පමණක්ම කතා කල ඔවුන් රට කුමන තත්වයකට පත්කලාදැයි අලුතින් කිවයුතුද නැත. සිතන භාෂාව, කතාකරන භාෂාව, සහ රට මැනවින් පාලනය කිරීම යන සාධක අතර සම්බන්ධතාවයක් තිබේද යන්න මට නම් වටහා ගත නොහැක.

"අපේ සභ්‍යත්වය තුල ඇති ශ්‍රී ලාංකික පවුල යන සංකල්පය" යනුවෙන් ඔහු අදහස් කලේ පවුලක් පන්සලක් වී දරු මල්ලන් සාදා ගැනීම විය යුතුය. විවාහයක් කරගත් පමණින් සහ දරුවන් ලද පමණින් ගුණගරුක "ශ්‍රී ලාංකික කතක් " වන්නේය වැනි අදහස් ඇති, ජනාධිපති අපේක්ෂකයෙකු වූ, ඔහු වැන්නකු ජනාධිපති වූවානම් රටේ කාන්තාවන්ගේ අනාගත ඉරණම කුමන අඩියකට පත්වේදැයි මට සිතේ. ඇතැම්විට එය තරමක් දුරට තලිබාන් පාලනයකට සම වියහැක.
 
 
womenවිවාහයක් කරගත් පමණින් සහ දරුවන් ලද පමණින් ගුණගරුක "ශ්‍රී ලාංකික කතක් " වන්නේය
එසේම "ගුණගරුක පවුල්" පාලනය වටා පැවති දේශපාලන සංස්කෘතියෙන් රටට අත්වී ඇති ඉරණම ගැන කවර නම් කතාද?

චරිත ඝාතනය වෙන අන්දමේ වචනයක් හෝ ඇසුණි නම් කටුව තුලට ඇදෙන ගොළු බෙල්ලන් ලෙස, බොහෝ ගැහැනුන් මුහුණ හංගා ගන්නේ නැවත කිසි විටෙක එවැනි දෙයකට සහභාගී නොවීමට සිතාගෙනය. බොහෝ දෙනෙක් ගැහැනුන්ගේ ඒ දුර්වලකම ප්‍රයෝජනයට ගත්බවද නොරහසකි.
 
Parliament Sri Lankaඋත්තරීතර සභාවද ඇතුළුව රටේ සෑම ක්ෂේත්‍රයකම මේ තත්ත්වය අප දැක ඇත. ඒ සභාවේ සුදු පිරුවට ඇඳ, පිරිසිදු කමේ සංකේත විදියට හැසිරුන ඇතැමුන් (සැවොම නොවේ) ගැහැනුන් සම්බන්ධව කල අසභ්‍ය ප්‍රකාශ බෙහෙවින් ජුගුප්සාජනක විය.

උදාහරණයක් ලෙස උත්තරීතර සභාවද ඇතුළුව රටේ සෑම ක්ෂේත්‍රයකම මේ තත්ත්වය අප දැක ඇත. ඒ සභාවේ සුදු පිරුවට ඇඳ, පිරිසිදු කමේ සංකේත විදියට හැසිරුන ඇතැමුන් (සැවොම නොවේ) ගැහැනුන් සම්බන්ධව කල අසභ්‍ය ප්‍රකාශ බෙහෙවින් ජුගුප්සාජනක විය. තමන් උස් ආසන වලත් භාර්යාවන් මිටි ආසන වලත් අසුන් ගැනීමේ වරදක් නොදුටු, රාජාණ්ඩු මානසිකත්වයෙන් යුත් පාලකයන්ගේ අතකොළු වූ, ඔවුන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වීමටද නොහැක.
 

 

සත්‍යය වනුයේ ඕනෑම ක්ෂේත්‍රයක පිරිමියෙකුට අභියෝග කළ ගැහැනියකට බොහෝවිට මඩ ප්‍රහාර මෙන්ම චරිත ඝාතනද උරුම වීමයි. හැකියාව, දක්ෂතාවය, විචාර බුද්ධිය සහ තාර්කික චින්තනය ඇති ගැහැනුන්ට අනිවාර්යයෙන්ම මේ ඉරණමට මුහුණ පාන්නට සිදුවේ. විශේෂයෙන්ම පුරුෂාධිපත්‍ය සමාජ සම්මතයන් පිළිනොපදින, පොදු සමාජයේ බලය සහ තනතුරුවල කැපී පෙනෙන කාන්තාවන්ට සෑම විටම චරිත ඝාතක ලිංගික මඩ ප්‍රහාරයන්ට ලක්වීමට සිදුවේ. වඩාත් කටුක, ශෝචනීය සත්‍යය නම් බොහෝවිට මෙවැනි ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇතැම් කාන්තාවන්ගේද සහාය නොඅඩුව ලැබීමය.

අද ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරිය මුහුණදී ඇත්තේද එම තත්වයටයි. ඇතැම්විට අනාගතයේදී එය තවත් තීව්‍ර වියහැකි වුවත් ඇයගේ පෞරුෂය හමුවේ ගැහැනුකම ඇයව මර්ධනය කිරීමේ ආයුධයක් ලෙස භාවිතා කිරීමට කිසිවකුටත් නොහැකිවනු ඇති බව මගේ විශ්වාසයයි.

ඒ සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්යය ඇයට ලැබේවා!!!

kanthi kariyawasam
(කාන්ති කාරියවසම්)
kariyawasamkek@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...