The Leader News
BREAKING
Top Ad
Opinion

සමගිය තුළින් ඉදිරියට යාමට නම්...- (නිශාන්ත ශ්‍රී වර්ණසිංහ)

T

The Leader Desk

September 28, 2024 • 9:35 AM

සමගිය තුළින් ඉදිරියට යාමට නම්...- (නිශාන්ත ශ්‍රී වර්ණසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරණයේදී සහයෝගයෙන් කටයුතු කළ රාජපක්ෂවරුන්ගේ පොහොට්ටුවෙන් කැඩී ආ වෙනස්කම් සහිත දේශපාලන මිතුරන් මිස ද්වේශයෙන් සිටින සමගි ජන බලවේගය තුළ නොවන බවයි.
  • එතෙක් පක්ෂයේ දර්ශනය අනන්‍යතාවය හා මූලස්ථානය රැක ගැනීමයි.
  • එම නිසා කවර තත්ත්වයක් තුළවත් එක්සත් ජාතික පක්ෂයට අවසන් ඇනය ගැසීමට බලා සිටින හෝ යටත් කිරීමට හෝ තව වටේකින් වලේ දැමීමට සිටින සජිත් ප්‍රේමදාස මැතිතුමාට එක්සත් ජාතික පක්ෂය දන් දීමේ උත්සාහයන් ව්‍යාර්ථ කළ යුතු සේම එවැනි උත්සාහයන්ටද ඉඩ නොතිබිය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපතිවරණයේදී සහයෝගයෙන් කටයුතු කළ රාජපක්ෂවරුන්ගේ පොහොට්ටුවෙන් කැඩී ආ වෙනස්කම් සහිත දේශපාලන මිතුරන් මිස ද්වේශයෙන් සිටින සමගි ජන බලවේගය තුළ නොවන බවයි.

එම නිසා කවර තත්ත්වයක් තුළවත් එක්සත් ජාතික පක්ෂයට අවසන් ඇනය ගැසීමට බලා සිටින හෝ යටත් කිරීමට හෝ තව වටේකින් වලේ දැමීමට සිටින සජිත් ප්‍රේමදාස මැතිතුමාට එක්සත් ජාතික පක්ෂය දන් දීමේ උත්සාහයන් ව්‍යාර්ථ කළ යුතු සේම එවැනි උත්සාහයන්ටද ඉඩ නොතිබිය යුතුය.

 

Ranil Wickremesinghe 2

අප කළ යුත්තේ අනාගත දේශපාලනය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ගොඩනැගුණු සහයෝගීතා සන්ධානය ආරක්ෂා කර ගනිමින් එළඹෙන අමිහිරි මැතිවරණය පියමංකර ඉන්පසු එළඹෙන තත්ත්වය තුළ එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය මත මතවාදී දකුණු ඉවුරේ දෘෂ්ටිවාදය සමගින්  රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් මාර්ග උපදේශකත්වයෙන් අනුප්‍රාප්තික නායකත්වය ගොඩනගමින් පක්ෂය නැවත ප්‍රතිනිර්මාණය කර ගනිමින් ගොඩනැගීමයි. එතෙක් පක්ෂයේ දර්ශනය අනන්‍යතාවය හා මූලස්ථානය රැක ගැනීමයි.


එතෙක් වාම ප්‍රගතිශීලීව ජාතිකවාදයට බරව සිටින එහෙත් ආර්ථික අර්බුදයේදී රට ගොඩ ගැනීමට කැප වූ ඉදිරිපත් වූ නූතනවාදී ප්‍රායෝගිකවාදී එක්සත් ජාතික පක්ෂ දර්ශනය ට චින්තනයට සමීප එය විශ්වාස කරන ලිබරල් වෙළඳපොළ ආර්ථිකය ගෝලීය ලිබරල් දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති මත සිතන නොනවතින ආර්ථික දේශපාලනික ප්‍රතිසංස්කරණ ය ඉදිරියට ගෙන යාමට සිතන හා ගෝලීය උතුර හා දකුණ සමග සම මිතුරු ප්‍රතිපත්තියකින් ඉදිරියට යාමට සූදානම් ඔවුන් අතර සිටින සාරවත් ඉදිරිගාමී කණ්ඩායමක් ගොනුකර ගනිමින් අවශෝෂණය කර ගනිමින් මධ්‍ය දක්ෂිණාංශික  දෘෂ්ටිවාදයකින් යුතු conservative වාදී රිපබ්ලිකන්වාදී  උරුමයන් හා වටිනාකම් සමගින් ඔවුන් සමග අනාගතයට පක්ෂය ගොඩනැගීම.

 

sajith 2404232029 ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයාට ද සජිත් ප්‍රේමදාස මැතිතුමාට එම ප්‍රතිවාදියාට අභිමුඛ වී ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නැති බව

මේ මොහොත පියමං කිරීම සඳහා එමෙන්ම ජාතික ජන බලවේගයට මුහුණ දීම සඳහා විපක්ෂයේ සමගිය සහයෝගීතාවය එක්සත් වීම සන්ධානගතවීම කළ යුත්තක් වුවද 2029 ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයාට ද සජිත් ප්‍රේමදාස මැතිතුමාට එම ප්‍රතිවාදියාට අභිමුඛ වී ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නැති බවද එළඹි සිහියෙන් අප වටහා ගත යුතුව ඇත.

images
(නිශාන්ත ශ්‍රී වර්ණසිංහ)
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් සංවිධායක
හිටපු පළාත් සභා අමාත්‍ය 


Nishantha Sri Warnasinghe ෆේස්බුක් පිටුවෙන්..
2024.09.27
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...