The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
Opinion

මැතිවරණ සමයක සිවිල් සමාජයේ වගකීම - (රංජිත් හේනායකආරච්චි)

T

The Leader Desk

September 29, 2024 • 4:55 AM

මැතිවරණ සමයක සිවිල් සමාජයේ වගකීම - (රංජිත් හේනායකආරච්චි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දූෂණයට, නාස්තියට, රාජ්‍යය දේපල අවභාවිතයට සහ අපරාධයන්ට එරෙහිව ලංකා සමාජයේ මෙතෙක් නොවූ ආකාරයේ වෙනසක් ඇති කරමින් තම ජනාධිපතිවරණ වැඩ පිළිවෙළ ඉදිරිපත් කළ ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළේය.
  • ඇත්ත වශයෙන්ම මා මෙම ජයග්‍රහණය දකින්නේ ලංකා සමාජය තුල එක්තරා පමනක පුරවැසි ‍ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුවක් ඇතිවීමක් ලෙසිනි.
  • මා එසේ පවසන්නේ ලංකාවේ මෙතෙක් රාජ්‍ය බලය හෙබවූ ප්‍රධානීන් වූයේ ප්‍රභූ පන්තියේ අය වීමත් රටෙහි ධනය හිමි කොටස් වල නියෝජිතයින් පමනක් වීමත් නිසාය.
  • ඒ වාගේම මෙතෙක් රාජ්‍ය බලය හෙබවූ පහළ සමාජ පන්ති කෙරෙන් ආ අය අවස්ථාවන් දෙකකදී රටෙහි බලයට පත්විය.
අකුරු ප්‍රමාණය (Font Size):

දූෂණයට, නාස්තියට, රාජ්‍යය දේපල අවභාවිතයට සහ අපරාධයන්ට එරෙහිව ලංකා සමාජයේ මෙතෙක් නොවූ ආකාරයේ වෙනසක් ඇති කරමින් තම ජනාධිපතිවරණ වැඩ පිළිවෙළ ඉදිරිපත් කළ ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළේය. ඇත්ත වශයෙන්ම මා මෙම ජයග්‍රහණය දකින්නේ ලංකා සමාජය තුල එක්තරා පමනක පුරවැසි ‍ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුවක් ඇතිවීමක් ලෙසිනි.  

 

bw46yමේ දේවතාවෙහිම ඒ දෙදෙනාම බලයට පක්වූයේ අධිපති සමාජ පංතීන්වල සහයෝගය නිසාය.
මා එසේ පවසන්නේ ලංකාවේ මෙතෙක් රාජ්‍ය බලය හෙබවූ ප්‍රධානීන් වූයේ ප්‍රභූ පන්තියේ අය වීමත් රටෙහි ධනය හිමි කොටස් වල නියෝජිතයින් පමනක් වීමත් නිසාය. ඒ වාගේම මෙතෙක් රාජ්‍ය බලය හෙබවූ පහළ සමාජ පන්ති කෙරෙන් ආ අය අවස්ථාවන් දෙකකදී රටෙහි බලයට පත්විය. ඒ ජනාධිපති ලෙස ආර්. ප්‍රේමදාස ජනාධිපති වීමත් පසුව යහපාලන පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වීමත්ය. නමුත් මේ දේවතාවෙහිම ඒ දෙදෙනාම බලයට පක්වූයේ අධිපති සමාජ පංතීන්වල සහයෝගය නිසාය. ඒ අනුව මෙයට ප්‍රථම පැවති ජනාධිපතිවරණ වලදී රටවැසියා ඡන්දය දී තිබුනේ යටහත් රටවැසියකුගේ මනසින් මිස ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියකුගේ අරුතින් නොවන බව මගේ වැටහීමයි.

 

අනුර කුමාර දිසානායක: 'ජාතික සමගියට පණ පොවමින් අපි ජයග්‍රහණයට ළඟා වෙමින්  සිටිනවා'

නමුත් මෙවර සාමාන්‍ය පුරවැසියකු වන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස පත්වන්නේ රටෙහි ජනතාවගේ කැමැත්තෙනි. ප්‍රතිශතයක් ලෙස ලැබී ඇත්තේ සියයට හතළිස් දෙකක් පමණ වුවත් මෙම ඡන්දය රටෙහි ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ වීමකි. එක අතකින් මා මෙම ජයග්‍රහණය දකින්නේ පහල සමාජ ස්ථාරයන්ගෙන් එන සාමාන්‍ය මිනිසකු රටේ ජනාධිපති කිරීමට රටේ ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් පෙළගැසීම ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක ලක්ෂණ මේ තුළ පෙන්නුම් කරන බවයි. ඒ වාගේම මෙතෙක් රටෙහි අධිපති පන්තිය විසින් රට විවිධ ආකාරයෙන් ජාතික සම්පත් සූරාකමින් ඔවුන්ගේ මඩි තර කර ගනිමින් රටම අගාධයට ඇද දමමින් චෞර වළල්ලක් ලෙස ක්‍රියාත්මක වූ සාපයෙන් රට මුදවා ගැනීමට ජනතාව තමන් මෙතෙක් යටපත්වී සිටි ගැති බවින් එක්තරා ප්‍රමාණයකට හෝ ඉවතට ගමන් කිරීමක් ලෙසිනි. එනිසා මම මෙම ජයග්‍රහණය දකින්නේ රට ප්‍රජාතන්ත්‍රවාදය දෙසට හැරෙන කඩඉමක් ලෙසිනි.

යම් පිරිසක් මේ වනවිට මේ ඇති වූ තත්ත්වය පිළිබඳව තුෂ්ණිම්භූත වූ තත්ත්වයකින් බලා සිටින බව පෙනේ.

 

ජනාධිපතිවරණයට ප්‍රථම විවිධ සිවිල් සමාජ සංවිධාන රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීම පිළිබඳව දිගින් දිගටම සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුලු පවත්වමින් ක්‍රියාත්මක විය. ඔවුන්ගෙන් යම් පිරිසක් මේ වනවිට මේ ඇති වූ තත්ත්වය පිළිබඳව තුෂ්ණිම්භූත වූ තත්ත්වයකින් බලා සිටින බව පෙනේ. මා එසේ පවසන්නේ සිවිල් සමාජ ප්‍රධානීන් බොහෝ දෙනකු මේ ඇති වූ දේශපාලන වෙනස පිළිබඳව සමාජ මාධ්‍යයන් තුළ කරන ප්‍රකාශ දැකීමෙනි.

මගේ වැටහීමට අනුව සිවිල් සමාජ ප්‍රධානීන් පුරවැසියන් බිහිවීම සහ බිහිකිරීම ගැන කතා කළා වූවත් ඔවුන් කිසිම අවස්ථාවක රටෙහි ස්වාධීන පුරවැසියන් බිහිවීම එසේ නැත්නම් ප්‍රභූ පංතියට කත් ඇදීමෙන් තොර පුරවැසියන් බිහිවීම ප්‍රාර්ථනා නොකළ බව පැහැදිලිවෙයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට, කණගාටුවෙන් වුවත් පැවසිය යුත්තේ, උවමනා කර ඇත්තේ ප්‍රභූ පන්තීන්වල නිර්ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාදාමයන්ට එරෙහිව කතා කරමින් ඒවා පිළිබඳව සම්මන්ත්‍රණ පවත්වමින් ඒ තුළ තමනුත් එක්තරා ආකාරයක ප්‍රභූන් ලෙස හැසිරීමේ තත්ත්වයක් පවත්වාගැනීමට බවයි. සැබෑ ලෙසම පුරවැසියන් බිහිවීම ඔවුන්ගේ පැතුම හෝ පරමාර්ථය නොවූ බව ඒ තුළින් පැහැදිලි වෙයි. 

ඇත්තෙන්ම මේ වනවිට මේ ඇතිවී ඇති දේශපාලන වෙනස ගැන සිවිල් සමාජයේ ක්‍රියාදරයන් ලෙස අපට සතුටු විය හැකි බව මගේ වැටහීමයි. ඒ ඇත්තෙන්ම සිවිල් සමාජ ක්‍රියාදරයන් වූ අප මෙපමන කලක් කියා සිටි නීතියේ ආධිපත්‍යය පිහිටුවීම, දූෂනයට සහ රාජ්‍යය දේපල අවභාවිතයට එරෙහි වීම මෙවර පුරවැසියන් ගෙන් 42% අනුමත කරඇති බැවිනි. බොරුව සහ වංචාව ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බැවිනි.

 

රටෙහි මෙතෙක් පැවති වැඩවසම් සහ ඒකාධිපති නායකයින් සඳහා පමණක් ඡන්දය දෙන මානසික වහල් බව මේ වතාවෙ රටෙහි ජනයාගෙන් සියයට 42ක් අනුගමනය කර නැති හෙයිනි. ඒ සියයට හතළිස් දෙකම පුරවැසියන් ලෙස තම අයිතිය වටහාගෙන ඡන්දය නොදුන්නා වුවත් මා සිතන ආකාරයෙන් මේ සියයට හතළිස් දෙකෙන් විශාල ප්‍රමාණයක් තම පුරවැසි අයිතිය වටහා ගත් පුද්ගලයින් බවයි. එනිසා මෙම ජයග්‍රහණය සිවිල් සමාජයේ ද ජයග්‍රහණයක් ලෙස මම දකිමි.

මේ බලයට පත් ජනාධිපතිවරයා සහ ජාතික ජන බලවේගය සිවිල් සමාජය මෙතෙක් කතා කළ සියලු ප්‍රශ්න විසඳනු ඇතැයි හෝ එම ප්‍රශ්න සම්පූර්නයෙන්ම හඳුනාගෙන ඇතැයි මා නොසිතමි. නමුත් ඔවුන් තම වැඩසටහනට සිවිල් සමාංයේ ඉල්ලීම් විශාල ප්‍රමානයක් අඩංගු කරගෙන ඇති බව මගේ වැටහීමයි.

 

Will 7 lakh voters lose their votes in the next presidential election 548x365රටෙහි ජාතික ධනය අවභාවිතා කළ අයට, දූෂිත ක්‍රියාදාමයන්ට සහ අපරාධවලට වරදකරුවන් නැත්නම් අපරාධයන් පිළිබඳව චෝදනා ලද අයට ඡන්දය ලබා නොදීම සඳහා බලපෑම් කිරීමේ සමාජ බලවේගයක් ලෙස ශක්තිමත්වම මැතිවරණ සමයේ ක්‍රියාත්මක වීමයි.
දැන් සැබෑ සිවිල් සමාජ ක්‍රියාදරයන් අතින් සිදුවිය යුතුව ඇත්තේ පවතින දේශපාලන තත්ත්වය දෙස තුෂ්ණිම්භූතව බලා සිටීම හෝ ඔහේ බලා සිටීම හෝ නොවේ. සිවිල් සමාජයේ තමා මෙතෙක් කතා කළ පුරවැසියාගේ යුතුකම පුරවැසියාගේ බලාපොරොත්තු වෙනුවෙන් සංවිධානාත්මකව හඬ නැගීම සහ ඉදිරි මැතිවරණයක් සඳහා තම අපේක්ෂකයන් ඉදිරිපත් කරන සියලුම පක්ෂ වලට තමන්ගේ අභිලාෂයන් පැහැදිලිව ප්‍රකාශ කිරීමයි.

විශේෂයෙන්ම රටෙහි ජාතික ධනය අවභාවිතා කළ අයට, දූෂිත ක්‍රියාදාමයන්ට සහ අපරාධවලට වරදකරුවන් නැත්නම් අපරාධයන් පිළිබඳව චෝදනා ලද අයට ඡන්දය ලබා නොදීම සඳහා බලපෑම් කිරීමේ සමාජ බලවේගයක් ලෙස ශක්තිමත්වම මැතිවරණ සමයේ ක්‍රියාත්මක වීමයි.

එසේ නැතිව අපට හුරු වී තිබූ පවතින දේශපාලනයේ අර අඩුව මේ අඩුව ගැන කතා කරමින් බලා සිටීම සිවිල් සමාජයේ කාර්ය නොවේ. ඉදිරියේ ඇති වන මොනයම්ම රජයක් යටතේ වුවත් තම අයිතීන් තම උවමනාවන් ඉටුකර ගැනීමට නම් දැන් සිවිල් සමාජය ශක්තිමත් ලෙස සංවිධානය වීම අත්‍යවශය බව මගේ වැටහීමයි.

සිවිල් සමාජයේ ක්‍රියාදරයන් සෑම කෙනෙකුටම පාහේ තමන් කැමති දේශපාලන දැක්මක් හෝ දේශපාලන පක්ෂයක් තියනවා විය හැක. නමුත් සිවිල් සමාජයේ ක්‍රියාදරයන් වශයෙන් බලය අවභාවිතා කිරීමට එරෙහිව වාගේම දූෂණයෙන් තොර දේශපාලනය බලයක් ගොඩනගා ගැනීම පිළිබඳව අප හැමටම ඇත්තේ එක හා සමාන වුවමනාවකි..

 

හෙට ප්‍රමාද වැඩියි. අද ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හෙට ත්‍රස්තවාදී ක්‍රියාවකි  - (රංජිත් හේනායකආරච්චි)ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පාගා දැමීමට එරෙහිව අපේ හඬ තවදුරටත් සක්තිමත්ව සමාජගත කිරීමයි.

එසේ නම් අප දැන් කළ යුතුව ඇත්තේ සමාජයේ දැනුවත් පුරවැසියන් තව තවත් බිහිකර ගැනීම සඳහා ‍ප්‍රජාතන්ත්‍රවාදි මිනිසුන් තව තවත් බිහි කර ගැනීම සඳහා අපගේ සිවිල් සමාජ ක්‍රියාකාරිත්වය ඉදිරියට ගෙන යාමයි. මිනිස් අයිතීන් කෙලෙසීමට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පාගා දැමීමට එරෙහිව අපේ හඬ තවදුරටත් සක්තිමත්ව සමාජගත කිරීමයි. එතුලින් බිහිවන දැනුවත් පුරවැසියා රට තුල නිවැරදි දේශපාලන බලවේගයක් බලයට ගෙන ඒමට හේතු වනවා මෙන්ම බලයට එන දේශපාලන බලවේගයකට ජනතාවගේ වුවමනාවන් ඉටු කර ගැනීම සඳහා බලපෑම් කිරීමේ හැකියාවක් ඇති බලවේගයක් බවට ද පත් විය යුතුය.

මැතිවරණ සමයේ වෙන දාටත් වඩා ශක්තිමත්ව එමෙන්ම ක්‍රියාශ්‍රීලීව සිවිල් සමාජ බලවේගයන් ක්‍රියාත්මක විය යුතු බව මගේ වැටහීමයි. 

(රංජිත් හේනායක ආරච්චි)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
lranjith@hotmail.de

28.09.2024


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...