ඈත ග්‍රාමීය ප්‍රදේශයක ඉපිද ඉතා දීර්ඝ සහ දුස්කර දේශපාලන ගමනක පැමිනි ඔහු ඉතාමත් දක්ශ ලෙස තම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවමින් සුවිශේෂ ජයග්‍රහණයක් ලබා ගෙන ඇත. සියයට පනහකට වැඩි බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වූවත් 2020 වසරේ ලැබූ 4.3% ක්වූ චන්ද ප්‍රතිශතය 42% ක් දක්වා වර්ධනය කරගැනීම විශාල ජයග්‍රහණයකි. පැහැදිලිවම මේ ජයග්‍රහණය දූශනයට සහ වංචාවට එරෙහිව ඔවුන් දියත් කල දැවැන්ත ප්‍රචාරාත්මක වැඩපිලිවෙලේ ප්‍රතිපලයකි. ඒ නිසා මේ චන්දය මූලික වශයෙන් දූශනයට, වංචාවට, නාස්තියට, ප්‍රභූන්ගේ ආධිපත්‍යයට සහ සංස්ථාපිත ක්‍රමවේදයන්ට විරුද්ධව දුන් ඡන්දයක් ලෙස සැලකිය හැක.

ගෝල්ෆේස් අරගලය

රට බංකොලොත් වී මතුවූ ජන අරගලයේ උච්චතම අවස්ථාවේදී ජනාධිපති ගෝටාබය රටින් පැන ගිය අතර රට ආරාජිකවිය හැකි ආසන්න මොහොතකට අවතීර්ණ වී තිබුනි. ඒ මොහොතේ රටේ පාලන බලය ලබාදීමට නොයෙකුත් පාර්ශ්වයන්ට ආරාධනා කල බවත් ඒවා ප්‍රතික්ෂේප කලබවටත් චෝදනා විය. එම යෝජනා සහ චෝදනාවල ඇත්ත නැත්ත කෙසේවෙතත් ඒ මොහොතේ රාජ්‍ය බලය ගැනීම යන්න විශාල මර උගුලකට කර ගැහීමකට සමාන වී තිබුනි. ආණ්ඩුව බාරගන්නා පිරිසට රට බංකොලොත් කල පාර්ශ්වයේ සියලු පව්වලට කරගසන්නට සිදුවන්නේය. විශේෂයෙන් බංකොලොත් වූ රටක ක්‍රියාත්මක කරන්නට සිදුවන්නේ බරපතල කප්පාදු වැඩපිලිවෙලකි. එනම් ණය බර නොයෙක් ආකාරයෙන් ජනතාව මත පැටවීමයි. එය ඉතාමත් අපකීර්තිමත් සහ ජනතාවගේ උදහසට ලක්වන ක්‍රියාවලියකි. ඒ නිසා විපක්ෂයේ අය ඒ තීරණාත්මක මොහොතේ රට බාරගැනීමට මැලිවූයේ ඇයිද යන්න අප තේරුම් ගත යුතුය. එයට ඔවුන්ට චෝදනා කල නොහැකි බව මගේ අදහසයි.
ඒ මොහොතේ කල හැකිව තිබූ සුදුසුම දේ වූයේ තාවකාලික ආණ්ඩුවක් පිහිටුවා කෙටි කාලයකින් මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත්කරගැනීමයි.
ඒ මොහොතේ කල හැකිව තිබූ සුදුසුමදේ වූයේ තාවකාලික ආණ්ඩුවක් පිහිටුවා කෙටි කාලයකින් මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත්කරගැනීමයි. එසේ කලානම් ජනතාවට තමන් කැමති කණ්ඩායමක් බලයට පත්කරගැනීමටත් රට බංකොලොත් කල අයට විරුද්ධව ගොඩනැගී තිබූ උදහස පිටකිරීමටත් එය අනගි අවස්ථාවක් කරගැනීමට ඉඩ තිබුනි. එසේ වූවානම් නව ආණ්ඩුවට ජනවරමක් සහිතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවල ක්‍රියාත්මක කිරීමට ඉඩ ප්‍රස්තාව ලැබෙන්නේය.
රනිල් වික්‍රමසිංහ
ඔහු ඉතා දක්ශ අන්දමින් තමා සමග කිසිදා වැඩ නොකල කණ්ඩායමක් සමග සාර්ථකව වැඩකරමින් සහ භාණ්ඩාගාරය සතු සීමිත සම්පත් කළමනාකරණය කරමින් ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් ලබාදීමට සමත්විය.
2020 වසරේ මැතිවරණ ප්‍රතිපල අනුව රනිල් වික්‍රමසිංහගේ සහ එක්සත් ජාතික පක්ශයේ දේශපාලනය අවසානයකට ලගාවී තිබුනි. මහමැතිවරණයෙන් කිසිදු ආසනයක් දිනාගැනීමට නොහැකිව අවසානයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිනීමට රනිල්ට සිදුවිය. ඒ වනවිට කිහිප වරක් විධායක ජනාධිපති වීමට සිහිනදුටු රනිල්ගේ ඒ බලාපොරොත්තුද බොදවීගොස් තිබුනි. ඒ නිසා දේශපාලනිකව රනිල්ට නැතිවීමට දෙයක් නොතිබුනි. ඒ අනුව බලන කල අරගලයේ උච්චතම අවස්ථාව රනිල් වික්‍රමසිංහට විධායක ජනාධිපති වීමට ලැබුනු ස්වර්ණමය අවස්ථාව ලෙස සැලකිය හැකිය. ඉතා දක්ශ සහ සට කපටි දේශපාලකයකු වූ රනිල් ඒ අවස්ථාව ක්ශ්ණිකව ඩැහ ගත්තේය. බලයට පැමිනි රනිල් ඉතා ඉක්මනින් අරගලකරුවන්ට පහරදී පලවාහැර තම ආධිපත්‍යය තහවුරු කරගත්තේය. එලෙසම ඉතා ඉක්මනින් තමාගේ විරුද්ධ පාක්ශිකයන්ගෙන් සමන්විත නව අමාත්‍ය මණ්ඩලයක් පත්කරගනිමින් රට තවදුරටත් අගාධයට යෑමෙන් වලක්වාගත්තේය.
ඔහු ඉතා දක්ශ අන්දමින් තමා සමග කිසිදා වැඩ නොකල කණ්ඩායමක් සමග සාර්ථකව වැඩකරමින් සහ භාණ්ඩාගාරය සතු සීමිත සම්පත් කළමනාකරණය කරමින් ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් ලබාදීමට සමත්විය. මේ නිසාම විපක්ෂය සහ අරගලකරුවන් යම් නිශ්ශබ්දතාවයක් රකිමින් ඒ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට ඉඩ කඩ ලබාදුන්නේය. එලෙසම තමාගේ පරිපාලන ක්ශේත්‍රයේ පලපුරුද්ද සහ සම්බන්ධතා පාවිච්චි කරමින් ඉතා ඉක්මනින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගතවීමටත් ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙල සාර්ථකව ඉදිරියට ගෙනයාමටත් ක්‍රියා කලේය. සීග්‍රයෙන් ඉහල යමින් තිබූ උද්ධමනය පාලනය කරගැනීමත්, රුපියල ස්තාවර කරගැනීමත් සහ සාධනීය ආර්ථික වර්ධනයක් ලබාගැනීම මින් ප්‍රදානය. ඒ වාගේම 2022 වසරේ සම්පූර්ණයෙන්ම සිදී තිබූ ඩොලර් සංචිතය පසුගිය වසර දෙක තුල බිලියන පහක් දක්වා වර්ධනය කර ඇත. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමේදී ජනතාවට ඇතිවන අධික පීඩනය ගැන සංවේදී ලෙස ක්‍රියා කිරීමට රනිල් අසමත්විය. ඒ නිසාම ඔහුට ජනතා අප්‍රසාදය තියුනු ලෙස එල්ල විය.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ ඉතා අනතුරුදායී තත්වයක තිබූ රට විශාල අගාධයකට කඩාවැටී ආරාජික වීමට තිබූ ඉඩ කඩ වැලක්විය. ඒ නිසා කව්රුන් මොනව කීවත් ඒ බැරෑරුම් සහ අවදානම් රාජකාරියට කර ගැසීමේ ගෞරවය ඔහුට හිමිවෙනවා. මෙවර මැතිවරණයේදී අඩුතරමේ සියයට 22% ක ජනතා කැමැත්තක් ඔහුට ලැබෙන්නේ ඒ නිසයි. ලෝකයේ බංකොලොත් වූ අනිකුත් රටවලද කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කල සෑම නායකයෙකුටම අත්වූයේ මේ ඉරනමය. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ තම විධායක බලතල පාව්චිකරමින් නොයෙකුත් පීඩාකාරී අන පනත් ගෙන එමින් විශාල මර්දනයක් දියත් කිරීමත් දූෂිතයින් පිලිබඳව නිහඩව සිටිමින් පැරනි දූෂිත වලල්ල නඩත්තු කිරීමත් ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්විය. පොහොට්ටු පක්ශයේ අවශ්‍යතාවයන් ඉටුකරමින් දූශිතයන්ට ඇමතිදූර ලබාදීමටද ඔහුට සිදුවිය. ඒ වාගේම රට බංකොලොත් කිරීමේ වරද පොහොට්ටු ආණ්ඩුව මත පැවැරීමට ඔහුට නොහැකිවිය. ඒ ඔහු රාජපක්ෂලාගේ ආශිර්වාදයෙන් ජනාධිපති වී ඔවුන් සමග හවුලේ රට පාලනය කිරීම නිසයි. ඒ නිසා රාජපක්ෂලාගේ සියලුම පව්වලට අවසානයේ කරගැසීමට සිදුවූයේ රනිල්ටය.
කෙසේවෙතත් මහ මැතිවරණයකට යාමට දීර්ඝ කාලයක් තිබුනා නම් ජනතාවට යම් යම් සහන ලබාදීමට ඔහුට හැකියාවක් තිබුනි. එසේවූවා නම් ඔහුට මීට වඩා ජනතා සහයෝගයක් ලබාගැනීමට ඉඩක්ද තිබුනි. නමුත් කාලයත් සිටියේ ඔහුට විරුද්ධවයි. චන්ද පරාජයත් සමග නික්ම යන රනිල් නැවත මැතිවරණ වේදිකාවට නොඑන බව පවසා ඇත. ඒ නිසා එක්සත් ජාතික පක්ශයේ පැවත්මද මේ සමග අවසානවීමට බොහෝදුරට ඉඩ ඇත.
අනුර කුමාර දිසානායක
දැන් ඔහුට තියෙන්නේ ජනතාවට යම් යම් සහන ලබාදෙමින් ඒ වැඩපිලිවෙල සාර්ථකව ඉදිරියට ගෙනයාමයි.
නව ජනාධිපතිවරයාට තිබෙන අබියෝග බොහෝය. ආර්ථිකයේ ස්තාවරභාවය රැකගැනීමත් තමන් පොරොන්දුවූ සමාජ ආර්ථික වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමත් ඉන් ප්‍රදානය. ඒ වගේම කලාපයේ භූ දේශපාලන සමතුලිතතාවය රැකගැනීම විශාල අභියෝගයකි. රනිල් වික්‍රමසිංහ සදහන්කල වැල්පාලමේ ඉතුරුටිකත් යාමට නව ජනාධිපතිවරයා පොරොන්දුවී ඇති බැවින් ආර්ථික තලයේ විශේෂ වෙනස්කම් බලාපොරොත්තු වීම යතාර්ථවාදී නොවේ.
එහෙත් පීඩනයට පත්ව ඇති සමාජයේ පහල ස්තරයට යම් යම් සහන ලබාදීමට ඔවුන් මූලිකත්වය දෙනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිලිවෙල මග හැර යා නොහැකි බැවින්, විශේෂයෙන් මුදල් මුද්‍රණය කිරීමට නොහැකි බැවින්, වැටුප් වැඩිකිරීම් සහ වෙනත් සහනාධාර ලබාදීමට ඇති හැකියාව අවමවේ. ජනතා විරෝධයට පාත්‍රවන කප්පාදු වැඩපිලිවෙල සහ ණයප්‍රතිව්‍යහගතකරන වැඩපිලිවෙල රනිල් වික්‍රමසිංහ ලවා කරවාගැනීමට ලැබීම ඔහුට ලැබෙන විශාල වාසියකි. දැන් ඔහුට තියෙන්නේ ජනතාවට යම් යම් සහන ලබාදෙමින් ඒ වැඩපිලිවෙල සාර්ථකව ඉදිරියට ගෙනයාමයි.

ආර්ථික තලයේ කලහැකිදේ සීමාසහිත වුවත් නව ජනාධිපතිවරයාගෙන් ජනතාව බලාපොරොත්තුවූ නව දේශපාලන සංස්කෘතිය ගොඩනැගීමට ඔහුට විශේෂ උත්සාහයක් ගත හැකිය. ඒ අනුව දූශනය, වංචාව, ඥාති සංග්‍රහ හා නාස්තිය වැලක්වීමට පියවර ගත හැක. සියල්ල විනිවිදභාවයක් සහිතව කිරීමටත් නීතියේ ආදිපත්‍යය තහවුරු කිරීමටත් කටයුතු කල හැක. විශේෂයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නව විමර්ශනයක් කිරීමත්, රාජපක්ෂලාගේ පාලන සමයේ ඝාතනයට ලක්වු ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නෑලියගොඩ ඇතුලු සියලු ඝාතන සහ පැහැරගැනීම් විමර්ශනය කොට ඊට සම්බන්ධ අයට දඩුවම් කිරීමත් අත්‍යාවශ්‍යයි. එලෙසම පසුගිය සමයේ විවිධ දූශන චෝදනා එල්ලවූ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල යුතුය. මෙයට බැදුම්කර මංකොල්ලයත්, අනිකුත් බදු වංචාත් අඩංගු වියයුතුයි. එසේම විදේශ රටවල සගවා ඇතැයි කියන සොරාගත් මුදල් සහ දේපල නැවත ලබාගැනීමේ වැඩපිලිවෙල ඉතා ඉක්මනින් ආරම්භ කල යුතුයි. විශේෂයෙන් මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානම පොරොන්දුවක් වූ හොරුන් ඇල්ලීම සහ හොරකම්කල දේපල නැවත ලබාගැනීම ඉෂ්ට විය යුතුයි.
දෙමළ ජනයාගේ අයිතීන් පිලිබඳව සහ බලය විමධ්‍යගත කිරීම ගැන ජාතික ජනබලවේගය පැහැදිලි ස්තාවරයක නොසිටිබව අපට පිලිගැනීමට සිදුවේ.
දෙමළ ජනයාගේ අයිතීන් පිලිබඳව සහ බලය විමධ්‍යගත කිරීම ගැන ජාතික ජනබලවේගය පැහැදිලි ස්තාවරයක නොසිටිබව අපට පිලිගැනීමට සිදුවේ. ඒ නිසා ඒ හා සම්බන්ධයෙන් වෙනසක් බලාපොරොත්තු විය නොහැක. නමුත් යහපාලන ආණ්ඩු සමයේ සම්පාදනය කල නව ව්‍යවස්තාව බලගන්වන බවට ඔවුන් දුන් පොරොන්දුව ආකර්ෂණීය එකකි. ඒ නිසා එම ව්‍යවස්තාව ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්නේ නම් ඔවුන්ට එමගින් විශාල ගෞරවයක් ලබාගැනීමට පුලුවනි. විශේෂයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට දශක ගනනාවක් තිස්සේ විවිධ දේශපාලකයන් කඩකල පොරොන්දුව මෙවර සැබෑවක් කලහැකිය.
අප දන්නා පරිදි යෝජිත නව ව්‍යාවස්තාවතුල ඉතා ප්‍රගතිශීලී කරුනු කාරනා බොහෝ අඩංගුය. ඒ නිසා නව ව්‍යාවස්තාව පලමු වසර තුල ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛත්වය දෙන්නේ නම් ඉතා හොදය. එය ජනතාවගේ උපරිම සහය තියෙන මොහොතේ ක්‍රියාත්මක කිරීම වඩාත් යෝග්‍යවේ. නව ජනාධිපති වරයාට බහුතර චන්ද බලයක් ලබාගැනීමට නොහැකිවීම නිසාම ඔහු වඩාත් පරිස්සම්කාරී ලෙස අනිකුත් පාර්ශ්වයන් සමග සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු විය හැක. එය හොද දෙයකි. විශේෂයෙන් නව ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතා නියෝජිතයින් සමග සම්බන්ධතා වර්ධනය කරගෙන ඔවුන්ගේ ඕනෑ එපාකම් හදුනාගන්නවා නම් හොදය. සහයෝගයෙන් වැඩකිරීම ජාතික සමගියට අත්‍යාවශ්‍ය කරුනකි. උදාහරණයකට ජනාධිපතිවරයා ඉදිරියේදී පිහිටුවාගැනීමට බලාපොරොත්තුවන ආණ්ඩුවට උතුරු නැගෙනහිර පලාත් සංවර්ධනය කිරීමට ද්‍රවිඩ සහ මුස්ලිම් පක්ශ සම්බන්ධ කරගත හැකියි. ඒ සදහා අවශ්‍ය නම් විශේෂ ඇමතිදූර පවා ඇතිකල හැකියි.

මේ සියල්ල කිරීමට නම් ඉදිරි මහා මැතිවරණයෙන් බහුතරයක් ලබාහැනීම අත්‍යාවශ්‍ය කාරනයකි. ජනාධිපතිවරනයේදී ලබාගත් චන්ද ප්‍රමාණය මීට නොසෑහේ. නමුත් ජනාධිපතිවරනයකින් පසු ජයග්‍රාහකයාගේ පක්ශයට චන්ද වැඩිවීම ස්වභාවිකවම සිදුවන්නකි. සාමාන්‍යයෙන් පරදින පැත්තට වඩා ජයග්‍රාහකයාගේ පැත්තට චන්දය දීමට ඇති කැමත්ත වැඩිය. ඒ නිසා ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාගැනීම අසීරු වන්නේ නැත. එලෙසම ජනාධිපති එක පක්ශයකිනුත් අගමැති තව පාර්ශ්වයකනුත් තිබීම රටේ ඉදිරිගමනට විශාල බාදාවක් වන්නේය. ඉතිහාසයේ එවැනි අවස්ථාවල සිදුවූ අකටයුතු, දුර්වලතා, අඩුපාඩු අපට මතකය. ඒ නිසා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට පාර්ලිමේන්තු බලය ලබාදීම රටේ අනාගතයට හිතකරය. කල හැකි ආර්ථික දියුනුව සීමිත වුවත් දේශපාලන සංස්කෘතිය වෙනස්කිරීම අත්‍යාවශ්‍ය කාරනයකි. එසේ නොකොට රටේ වෙනසක් බලාපොරොත්තු විය නොහැක.
එවැනි වෙනසක් වඩාත් ප්‍රගතිශීලී කොටස්වලට අනාගතයේදී දේශපාලනයට අවතීර්ණ වීමට ඉඩ කඩ පාදාදෙනු ඇත. එය නව සමාජ පරිවර්තනයකට පාදක විය හැක. නව ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතරයක් ලබාගැනීම නම් ඉතා දුශ්කරය. ඇත්තටම එවැනි බලයක් ලබාදීමද අවදානම් වන අතර ජනතාවට දුන් පොරොන්දු ඉෂ්ට කිරීමට එවැනි බලයක් අවශ්‍යද නැත.
නව රජයේ ක්‍රියාකාරකම් ගැන සහ දුන් පොරොන්දු ඉෂ්ට කරනවාද නැද්ද යන්න පිලිබඳව චන්ද දායකයා විමසිල්ලෙන් සිටීම අත්‍යාවශ්‍ය කාරනයකි.
නව රජයේ ක්‍රියාකාරකම් ගැන සහ දුන් පොරොන්දු ඉෂ්ට කරනවාද නැද්ද යන්න පිලිබඳව චන්ද දායකයා විමසිල්ලෙන් සිටීම අත්‍යාවශ්‍ය කාරනයකි. තමන්ට හැකි පමනින් එම ක්‍රියාවලියට දායක වීම චන්ද දායකයාගේ වගකීමකි. එසේම පුරවැසියන් රටේ යහපත සදහා පක්ශවලට ගැති නොවී දුන් පොරොන්දු වලට දේශපාලකයන් වගකිරීමට ලක්කිරීම කල යුතුය.
ඒ වාගේම ඉදිරි පාර්ලිමේන්තුව තුල ප්‍රබල විපක්ෂයක් පිහිටුවාගැනීමද අත්‍යවශ්‍ය කාරනයකි. එය රාජ්‍ය පාලනය නිසි ආකාරව සිදු කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ බහුත්වවාදී සමාජයේ අවශ්‍යතා ආරක්ශා කිරීමටත් අත්‍යාවශ්‍යවේ. උදාහරණයකට 2015 ජනාධිපතිවරනයේදී බලයට පැමිනි ජනාධිපතිවරයා සහ ආණ්ඩුව යහපාලන ක්‍රමයක් ස්තාපිත කරන බවට පොරොන්දුවූ අතර මුල් කාලයතුල ඒ පිලිබඳව විශාල උනන්දුවක්ද පෙන්විය. ඒ සදහා හොද ආරම්භයක් ගත්තත් ක්‍රම ක්‍රමයෙන් පිරිහීමට ලක්විය. ඊට ප්‍රධාන හේතුවක් වූයේ ඔවුන්ව බලයට ගෙන ආ සිවිල් සමාජ ක්‍රියාධරයන් හා අනිකුත් සමාජ කොටස් රජය බලයට පත්කිරීමෙන් පසු ඉවත බලා ගැනීමයි. විපක්ෂයද එදා තමන්ගේ රාජකාරිය පැහැර හැරියේය. ඒ නිසා ඉදිරි පාර්ලිමේන්තුව තුල විපක්ෂයේ කාර්යබාරය නිසිලෙස ඉටුවීම අත්‍යාවශ්‍ය කාරනයකි. සෑම දේටම විරුද්ධ නොවී ජනතා අභිලාෂයන් ඉටුකරන යෝජනා සහ ව්‍යාප්පෘති වලට ආණ්ඩුවට සහයෝගයදීමත් එසේ නොවන අවස්ථාවලදී ඊට විරුද්ධව හඩනැගීමත් ඔවුන්ගේ වගකීමකි.
(අජිත් රාජපක්ෂ)
ajith823@gmail.com
විදුලි ඉංජිනේරු (ඔස්ට්‍රේලියාව)



