The Leader News
BREAKING
Top Ad
Opinion

හෙමින් යන අය ගොඩක් දුර යනවා... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

September 30, 2024 • 9:24 AM

හෙමින් යන අය ගොඩක් දුර යනවා... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒකට හේතුව තමයි අපි හෙමින් හෙමින් පොත් රාක්ක අස්සේ පීරන කොට අපි කවදාවත් නොසිතපු නොදැකපු පොතක් හම්බුවෙන්න පුළුවන් වීම.
  • එහෙම හිතුනට ඒ පොත් දර්ශනය ගොඩට එන්න පුස්තකාල විද්‍යාව ඇතුලේ වෙනම තර්කයක් තියනවා.
  • ඒ නිසා එයාල හිතලම තැන ටිකක් මාරු කරනවා.
  • එහෙම කරන්නේ සියලු දැනුම් කාණ්ඩයන් එකම දැනුමක් බවට පත්කරන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒකට හේතුව තමයි අපි හෙමින් හෙමින් පොත් රාක්ක අස්සේ පීරන කොට අපි කවදාවත් නොසිතපු නොදැකපු පොතක් හම්බුවෙන්න පුළුවන් වීම. ඒ නිසා කවදාවත් පුස්තකාලයක වගේම පොත් වෙළඳසැලක හදිස්සියේ පොත්ගන්න අය අපිට දකින්න ලැබෙන්නේ නැහැ.

ලෝකේ බුක්ෂොප් කියන්නේ මැනිං මාකට් එක වගේ හැමෝම හැම වෙලේම පොදිරැස් කන තැන් නෙවෙයි. මිනිස්සු ඉඳල හිටලා යන තැන්. 

ඔය ළමයින්ට ලියන පොත් ගන්න එක ගැන නෙවෙයි මම කියන්නේ. ගැඹුරු කියවීම් සඳහා පොත් ගන්න එක ගැන. 

 

පොත් සමග රමණය - (චින්තන ධර්මදාස)
ඒ වගේම අපිට අවශ්‍ය මුරකමිගේ නවකතා පොතක් නම් කෙළින්ම නවල් තියන තැනට ගියා. හෙව්වා. ගත්ත. වැඩේ ඉවරයි.

හැබැයි දර්ශනය වගේ පොත් ගොන්නක් අස්සට ගියාම අපිට දකින්න පුළුවන් ෆූකෝගේ 'දැනුමේ පුරාවිද්‍යාව' වගේ පොතක්. එතකොට අපිට හිතෙන්නේ මේ පොත තියෙන්න ඕනි පුරාවිද්‍යාව නැත්නම් ඉතිහාසය වගේ තැනක නේද කියල. ඔව්. එහෙම හිතුනට ඒ පොත් දර්ශනය ගොඩට එන්න පුස්තකාල විද්‍යාව ඇතුලේ වෙනම තර්කයක් තියනවා.

ඒ තමයි හැමදාම දර්ශනය පොත්ම කියවන කෙනෙක්ට මුණගැසෙන්නේ දර්ශනය පොත් විතරයි. හැබැයි පුරාවිද්‍යා පොත් මුණගැසීමේ හැකියාව අඩුයි. ඒ නිසා එයාල හිතලම තැන ටිකක් මාරු කරනවා. එහෙම කරන්නේ සියලු දැනුම් කාණ්ඩයන් එකම දැනුමක් බවට පත්කරන්න. 'දැනුම මැදිරිකරණය' වෙන එක නවත්වන්න (knowledge compartmentalization).

සංචාරක විද්‍යාව වගේ පොත් අස්සේ තමයි තියෙන්නේ සමහර දර්ශනය පොත්. දර්ශනය අස්සේ තියනවා ආගම වගේ ඒවා. ජිජැක්ගේ On Belief දර්ශනය පොතක් උනාට පුස්තකාලයේ ඒක තියෙන්නේ ආගම පොත් එක්ක.

 

පොත් මිල අහස උසට නැගල ද...? - (ජයසිරි අලවත්ත)
මනෝ විද්‍යාව පොත් දර්ශනය එක්ක තියනවා වගේම වෛද්‍ය විද්‍යාව එක්කත් යනවා. ඒ නිසා පොඩ්ඩක් ගිමන් ඇරලා, හෙමිහිට, සාන්දෘස්ටික විදියට තමයි පොත් එක්ක ගණුදෙනු කරන්න ඕනි.

පොත් ගන්න එනකොට අනික් හදිස්සි ඔක්කොම පැත්තක තියල එන්න ඕනි. ඒක වෙනම වැඩක්. වෙන ලස්සනක්. හෙමින් යන අය ගොඩක් දුර යනවා කියල අහල තියනවා.


බලාගෙන හැදෙන්න මෙච්චර දේවල් තියන රටක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...