The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල්ට සමුදිය යුතු ද..? - (රන්ජන සේනානායක)

T

The Leader Desk

October 1, 2024 • 5:32 AM

රනිල්ට සමුදිය යුතු ද..? - (රන්ජන සේනානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන්ගේ ජයග්‍රහණයන් වෙත සුබ පතමින්ම මෙම ජනපතිවරණය තුලින් පරාජයට පත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඊලඟ කාර්‍යභාරය ගැන යම් සටහනක් තැබීම මේ ලිපියෙහි අරමුණ වේ.
  • නව රජය පත්වීමත් සමගම තම ධූරයෙන් සමුගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිය වගකීම් වලින්ද ඉවත්වී ගොස් ඇත.
  • සමහර ඔහුගේ විරුද්ධවාදීන්ට අනුව ඔහුගේ පසුගිය දේශපාලන ක්‍රියාකාරිත්වය පිළිබඳ පරීක්ෂණ පවත්වා ඔහුගේ පුරවැසිභාවය අහෝසි කලයුතු බවට නඩු තීන්දුද ලබාදී තිබේ.
  • එයට හේතුව නම් රටට වඩා රනිල් සාධකය රටින් පිට විදේශ බලවතුනට පවා අවශ්‍ය වී ඇතිබව පෙනෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුන්ගේ ජයග්‍රහණයන් වෙත සුබ පතමින්ම මෙම ජනපතිවරණය තුලින් පරාජයට පත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඊලඟ කාර්‍යභාරය ගැන යම් සටහනක් තැබීම මේ ලිපියෙහි අරමුණ වේ.

එසේම අළුතෙන් රජයක් පත්වූ විට එයට ස්ත්‍රෝත ගයන්නන්ද, ජයග්‍රහණයේ ආශ්වාදයෙන් ගිනිකණ වැටී ඇති අයද, අළුත පත්වූ රජයේ කුමන හෝ සුළු අඩුපාඩුවක් හෝ හොයාගන්නා තුරු ඉස්පාසුවක් නැතිව පසුවෙන්නන්ද, නව රජය පවත්වාගෙන යෑමට නොහැකිව අර්බුදයට යෑම දැකීමට පුල පුලා බලාසිටින්නන් ගෙන්ද අඩුවක් නොමැති මේ කාලපරිච්චේදය තුල මේ ලිපිය බොහෝවිට ඉහත දැක්වූ කංඩායම් වලට නොව ඊට වඩා එහාට ගිය දේශපාලන කියවීමක් සහිත අයට මේ ලිපිය ගැලපේ යැයි සිතමි. 

5eb6a855 0b31 4463 b9ea 1f9b141ed5f1නව රජය පත්වීමත් සමගම තම ධූරයෙන් සමුගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිය වගකීම් වලින්ද ඉවත්වී ගොස් ඇත.

 

නව රජය පත්වීමත් සමගම තම ධූරයෙන් සමුගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිය වගකීම් වලින්ද ඉවත්වී ගොස් ඇත. සමහර ඔහුගේ විරුද්ධවාදීන්ට අනුව ඔහුගේ පසුගිය දේශපාලන ක්‍රියාකාරිත්වය පිළිබඳ පරීක්ෂණ පවත්වා ඔහුගේ පුරවැසිභාවය අහෝසි කලයුතු බවට නඩු තීන්දුද ලබාදී තිබේ. තවත් අයට අනුව ඔහු පසුගිය වසර දෙක තුලදී කරන ලද මර්දනයන් විමසා බලා ඒවා නීති විරෝධී බැවින් ඔහුව සිරගෙට යැවිය යුතු බවට තීන්දුද ලබාදී තිබේ. 

එහෙත් දේශපාලන ලෝකය තුල මේ දක්වා රනිල් සාධකය ස්ථානගතව තිබූ ආකාරය අනුව සහ ඒ පිලිබඳව විශ්ලේශණාත්මකව බලන අයෙකුටනම් ඔහුගේ භූමිකාව එසේ සරලව ලඝුකොට ඒ කියන තරම් සරල ලෙස දඬුවම් වලට යටත්කිරීම් දක්වා ඌණනය කිරීමට වඩා, සොයා බැලිය යුත්තේ රනිල්ගෙන් ලාංකික දේශපාලන භූමියට තවදුරටත් උපයාගත යුතු දෙයක් ඇද්දැයි යන්නය. එයට හේතුව නම් රටට වඩා රනිල් සාධකය රටින් පිට විදේශ බලවතුනට පවා අවශ්‍ය වී ඇතිබව පෙනෙයි.

 

MS 01 12 800x533

රනිල්ගේ භූමිකාව අපට තවමත් වැඳගත් වන්නේ එම සොයාබැලීම් තුලදී බව මාගේ හැඟීමයි. එක් අතකින් ලිබරල් දේශපාලනය තුල අපට දැකගත හැකි එක්තරා අවසන් කොළඹ ප්‍රභූවරයාද වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. මංගල සමරවීර නැමැති සුවිසල් ලිබරල් චරිතය රටට අහිමිවීමෙන් පසු අපට ඉතිරිව ඇත්තේද මේ ලිබරල් නායකයා පමණි. අනෙකුත් ලිබරල් බුද්ධිමතුන් මෙන්ම වාමවාදී බුද්ධිමතුන් ඇත්තේද මේ කියන දේශපාලන බලවේග වලට පිටතිනි. එබැවින් අප හමුවේ පැවරී ඇති එක් වැඳගත්ම කර්‍යභාරයක් වන්නේ රනිල් ලවා ලිබරල් කඳවුර ශක්තිමත් කරගැනීමයි.

එක්සත් ජාතික පක්ෂයේ බල පොරය අතීත උරුමයක්!

 

මාගේ යෝජනාව නම් ඔහු හරහා නැවත "එක්සත් ජාතික පක්ෂය" ශක්තිමත් කරගැනීමයි. මේ එක්සත් ජාතික පක්ෂයේ ඛංඩනය නිසාම රටේ දේශපාලනය ඉතාම නරක අන්තයක් කරා ගියබව මාගේ හැගීමයි. එයින් බෙදීගිය " සමගි බලවේගය" නැමැති දේශපාලන අත දරුවා බිහිවූයේ මේ එජාප ඛංඩණය වීමෙනි. අතීතයේදී ඩී. එස් සේනානායක, ජේ ආර් ජයවර්ධන, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි නායකයින් බිහිකලේද එක්සත් ජාතික පක්ෂයයි. රටේ එක තැන පල්වුනු ජාතික ආර්ථිකයට විවෘත ආර්ථික රටාව අඩුපාඩු මැද්දේ උනද හඳුන්වා දුන්නේද, ඒ හරහා රටේ සුළුවෙන් හෝ වැඩකරන පංතියක් බිහිවුනේද එක්සත් ජාතික පක්ෂය නිසාය. එසේම රටේ ප්‍රභල දක්ෂිණාංශික කංඩායම බිහිකලේද එක්සත් ජාතික පක්ෂයයි. එබැවින් යලි එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් නොවී හරියාකාරව රටේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමේ සහ ඒවා සාර්ථක කරගැනීමේ මෙන්ම පවත්වාගෙන යාමේ දැඩි අවධානමක් පවතී. 

 

සජිත් දිනවන්න සමගි ජන සන්ධානය එළිදක්වයිප්‍රේමදාස යුගයකට රට කැන්දන සමගි ජන බල වේගයද යන මේ කිසිදු බලවේගයකින් අනුර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට අවශ්‍ය කරණ දියුණු විපක්ෂයක් පාර්ලිමේන්තුව තුල ඇතිවේයැයි සිතීම සැක සහිතය.
එක් අතකින් පැරණි ජාතික කඳවුර නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කංඩායම්ද, අති ජාතික වමේ කංඩායම්ද, ප්‍රේමදාස යුගයකට රට කැන්දන සමගි ජන බල වේගයද යන මේ කිසිදු බලවේගයකින් අනුර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට අවශ්‍ය කරණ දියුණු විපක්ෂයක් පාර්ලිමේන්තුව තුල ඇතිවේයැයි සිතීම සැක සහිතය. හොඳ පාර්ලිමේන්තුවක් තුල තිබිය යුතු වැඳගත්ම ලක්ෂනයක් නම් එයතුල දියුණු විපක්ෂයක් සිටිය යුතු වීමය.


මාගේ තක්සේරුවේ හැටියට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය තුලින් ජාතික ජන බලවේගය ඉතා ප්‍රබල රජයක් ලෙස දියුණු අළුත් කංඩායමක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නියමිතය. එය ඉතා සතුටට කාරණයකි. එබැවින් ඔවුනට සාර්ථක ලෙස මුහුණදීමට නම් දියුණු විපක්ෂයක්ද පාර්ලිමේන්තුව තුල සිටිය යුතුමය. නොඑසේනම් අනුර-හරිණි ප්‍රමුඛ ජාතික ජනබල වේග රජය මොනතරම් රට දියුණු මාවතකට රැගෙන ආවද ඔවුන්ගෙන් පසුව පාලන බලයට නැවත පැමිණෙන්නේද මුලින් සිටි ජාතිකවාදී මුහුදු මංකොල්ල කාරයන් නම් ඔවුනට රට තිබූ බංකොලොත් තත්වයට නැවත ඇද දැමීමට යන්නේ වසරකටත් අඩු කාලයක් පමණි. මක්නිසාද යත් වෙහෙරවල් ගිලපු නඩවලට අග්ගලා සාදා තැබීමෙන් පලක් නොවන හෙයිනි.

 104366714 vijithaපාර්ලිමේන්තුවට කුඩු මිරිස් ගෙනඑන, අසභ්‍ය වචනින් බැනගන්නා නූගත් මන්ත්‍රීවරුන්ගෙන් පිරෙන විපක්ෂයක් ලැබීමත් අවාසනාවන්ත තත්වයකි.

 

එබැවින් අනුර-හරිණි ප්‍රමුඛ කංඩායමේ වැඳගත්ම කාර්‍යභාරයක් වනුයේ මේ දියුණු දේශපාලන කල්චර් එකක් රටේ ස්ථාපිත කිරීමයි. ඒ තුලින් පොදු ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවයද ඉහල නැංවීමයි. එසේනම් ඒ සඳහා අවශ්‍යම අංගයක් වන දියුණු විපක්ෂ කංඩායමක් සමගින් ඉතා උගත්, දක්ෂ ලිබරල් දේශපාලකයින්ගෙන් සමන්විතවුණු කංඩායමක් නිර්මාණය වීම රටේ ඉදිරි දියුණුවට ඉතාමත් අවශ්‍ය දෙයකි. ආන්ඩු පක්ෂයෙන් ඒ දියුණු කංඩායම පැමිණි පමණින් පාර්ලිමේන්තුව තුල අවශ්‍ය කරණ වාද විවාද මෙන්ම අනෙකුත් අණ පණත් සම්මත කරගැනීමට ඒවා පිළිබඳ දැනුම් තේරුම් ඇති දියුණු විපක්ෂ කංඩායමක් නොමැතිවීම හොඳ ලක්ෂණයක් නොවේ. තවද පාර්ලිමේන්තුවට කුඩු මිරිස් ගෙනඑන, අසභ්‍ය වචනින් බැනගන්නා නූගත් මන්ත්‍රීවරුන්ගෙන් පිරෙන විපක්ෂයක් ලැබීමත් අවාසනාවන්ත තත්වයකි. එබැවින් මේ තත්වය සලකා දැන් සිදුවිය යුත්තේ ප්‍රභල විපක්ෂයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ එක්සත් ජාතික පක්ෂය ගොඩනැගී ඒ හරහා මැතිවරණයට තරඟ වැදීමයි. ඒ තුල එජාපයෙන් ඉවත්වූ හර්ෂ, කබීර්, එරාන් වැනි දේශපාලකයින් නැවත එජාපය යටතේ නැවත ගොඩනැගෙන්නේ නම් එය රටට විශාල යහපතක් වනු ඇත.

 

ඇත්තටම රටට ආදරේ නම් ඔබ අද (18) සිටිය යුත්තේ නුගේගොඩ'තේරුම් ගත යුත්තේ දිලිත්-වීරවංශ බලවේග යනු 21 වැනි සියවසට ගැලපෙන දේශපාලනයක් සහිත බලවේග නොවන බවයි.

නමුත් සිදුවීගෙන එන වඩාත් අයහපත් දේනම් මේ එක්සත් ජාතික පක්ෂය පවා සජිත් ප්‍රේමදාස මහතා යටතේ එක් කඳවුරක් බවට පත්වෙමින් තිබීමයි. ඇත්තෙන්ම එජාප නායකත්වය තේරුම් ගත යුත්තේ සජිත් ප්‍රේමදාස මහතා හෝ නාමල් රාජපක්ෂ බලවේගයහෝ දිලිත්-වීරවංශ බලවේග යනු 21 වැනි සියවසට ගැලපෙන දේශපාලනයක් සහිත බලවේග නොවන බවයි. එබැවින් ඇත්තෙන්ම ලංකාවේ දේශපාලනය දැන් චලනය විය යුත්තේ එක් අක්ෂයක NPP ලෙසත්, අනෙත් අක්ෂය ලෙස UNP හෝ දක්ෂිණාංශික කඳවුරක් ලෙස මිස NPP අක්ෂයට එරෙහිව අනෙත් කඳවුර ලෙස ජාතික කඳවුර ලෙස පෙනී සිටිමින් නොවේ. අපි එහි ආදීනව 1956 සිටම දැක ඇත්තෙමු. 1956 සිට රටේ දේශපාලනය චලණය වුනේ ධනේශ්වර එක්සත් ජාතික පක්ෂය සහ ජාතිකවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටාය. විශේෂයෙන් 1970-1977 කාලය තුල ජාතිකවාදී සහ වාමවාදී හවුලක් ලෙස බලයට පැමිණි ශ්‍රීලනිපය විසින් රට දශක ගණනක් ආපස්සට හැරුණු ආකාරය අපි දුටුවෙමු. එපමණක් නොව ශ්‍රිලනිපය වෙනුවට දැන් සමගි ජන බලවේගය ඒ තැන ලබා ගනු ලැබූවද ප්‍රතිපල වෙනසක් නොවේ.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත්වීම වැලැක්වීමට ක්‍රියාකරමින් අනුර දිසානායක මහතාට ජනාධිපති වීමට අනියමින් සහයෝගය දැක්වීමද එක්තරා අන්දමකට ඓතිහාසික කාරණයකි.

 

සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවති ජනපතිවරණයෙන් අනුර කුමාර මහතා පරදා ජනාධිපති වූයේ නම් ඔහු පත්වූ දින සිටම රට අවුරුදු 30 ක් ආපස්සට එනම් ප්‍රේමදාස යුගයට ඔහු රට ගෙනයායුතුව තිබිනි. රටේ වාසනාවකට සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වරයා ලෙස පත්වූයේ නැත. එහෙත් අතිදක්ෂ ලිබරල් පාලකයෙක් මේ ජනපතිවරණයෙන් ගෙදර යැවුනි. මා අදහස් කරන ආකාරයට රනිල්ගේ කාර්‍යභාරය ලෙස දැන් එළබී ඇත්තේ රටේ අකර්මණ්‍ය වුණු දියුණු දක්ෂිණාංශික ලිබරල් පක්ෂයට පණ පෙවීමයි. දැන් ජයලබා උදම් අණන ජාතික ජනබල වේගයේ දේශපාලනය ගැන යම් අවබෝධයක් ඇති අයද දැන් කලයුතු වන්නේ තම තමන්ද දියුණු දේශපාලන සාක්ෂරතාවන් ලබාගෙන සමාජය තුලම ඒ දේශපාලන සාක්ෂරතාව ඇතිකිරීමට වගබලාගැනීමයි. එසේ නොමැතිව රටේ ඉදිරිගාමී වැඩපිලිවෙලවල් රජය පමණක් ගෙනගිය පමණින් ඒවා භූමිය තුල දේශපාලන කල්චර් බවට පත්වන්නේ නැත. එසේ නොවනතාක් කල් ගනුලබන බොහෝ ප්‍රගතිශීලි පියවරයන් ගේ ආයුකාලය ඊලඟට පැමිණෙන සජිත් හෝ නාමල් බලවේග තුලින් නැවත අහෝසිවීමට ඇති ඉඩකඩද බැහැරකල නොහැකිය. 

ඒ අයුරින් බලනකල, ජාතික ජනබල වේගයේ හිතවතුනට දැන් කිසිසේත් අවබෝධ නොවුනද පැවැත්වූ ජනපතිවරණය තුලට ස්වාධීන අපේක්ශකයා ලෙස පැමිණ හෝ රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත්වීම වැලැක්වීමට ක්‍රියාකරමින් අනුර දිසානායක මහතාට ජනාධිපති වීමට අනියමින් සහයෝගය දැක්වීමද එක්තරා අන්දමකට ඓතිහාසික කාරණයකි. එබැවින් අප අවසන් කොළඹ ලිබරල් නායකයාට සමුදිය නොහැක්කේද ඔහුට අයත් තවත් විශේෂ කාර්‍යභාරයක් තවම ඉතිරිව ඇති බැවිනි.

(රන්ජන සේනානායක)
සමාජ හා දේශපාලන විශ්ලේශක
(අද්‍යයන කවය) "89-සහෝදරත්වය"
kaya4842@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...