The Leader News
BREAKING
Top Ad
Opinion

අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීම යනු ? - (කුසල් පෙරේරාගේ විග්‍රහයක්)

T

The Leader Desk

October 2, 2024 • 5:49 AM

අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීම යනු ? - (කුසල් පෙරේරාගේ විග්‍රහයක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “මේ සමාජය, ප්‍රජාතන්ත්‍රවාදයක් දන්නා සමාජයක් නොවේ.
  • පරම්පරා පහක් - අවුරුදු 93 ක් - ඡන්දය දිය යුත්තේ කුමක් සඳහා දැයි ඉගෙන නොගත් සහ ඉගෙන නොගන්නා සමාජයකි.
  • ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය යැයි සිතා ඉන්නේ ආණ්ඩු වලට දොස් කීමට ඇති නිදහස ය.
  • අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීම යනු මෙතෙක් නොවුනු “ජාතික සංවර්ධනය” සඳහා තිරසාර, ප්‍රායෝගික හා ජනතාවාදී සැළසුමක් ඉදිරිපත් කරන්නාවු දේශපාලන නායකත්වයක බහුතරයක් ඇති පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ගැනීමය.
අකුරු ප්‍රමාණය (Font Size):

“මේ සමාජය, ප්‍රජාතන්ත්‍රවාදයක් දන්නා සමාජයක් නොවේ. පරම්පරා පහක් - අවුරුදු 93 ක් - ඡන්දය දිය යුත්තේ කුමක් සඳහා දැයි ඉගෙන නොගත් සහ ඉගෙන නොගන්නා සමාජයකි. මේ රටේ උගත් යැයි කියන්නාවූ පිරිස පවා පෞද්ගලික වාසි, වරදාන, වරප්‍රසාද වෙනුවෙන් ඡන්දය දී තමන්ගේ ආත්මාර්ථය වසා ගැනීමට ආණ්ඩුවට දොස් කියන පිරිසකි. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය යැයි සිතා ඉන්නේ ආණ්ඩු වලට දොස් කීමට ඇති නිදහස ය. මේ නොදන්නාකම, නුවුවමනාව සහ ආත්මාර්ථය නඩත්තු වන්නේ ජාතික සංවර්ධනය ගැන වැදගත් සංවාදයක් මේ සමාජයේ මෙතෙක් සිදුව නැති නිසා ය.”

ඊළග පාර්ලිමේන්තු මැතිවරණයට පෙර - (කුසල් පෙරේරා)දැන් අප ඉන්නේ අලුත් සංවර්ධනයකට ජනතා ඡන්දයකින් අලුත් පාර්ලිමේන්තුවක් පත් කරගත යුතු තැනය.
දැන් අප ඉන්නේ අලුත් සංවර්ධනයකට ජනතා ඡන්දයකින් අලුත් පාර්ලිමේන්තුවක් පත් කරගත යුතු තැනය. අලුත් බහුතර ආණ්ඩුවක් පිහිටුවා ගත හැක්කේ ඒ සඳහා වන අලුත් පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ගැනීමෙනි.

අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීම යනු, අලුත් පුද්ගලයින් පත් කර ගැනීමක් නොවේ. අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීම යනු මෙතෙක් නොවුනු “ජාතික සංවර්ධනය” සඳහා තිරසාර, ප්‍රායෝගික හා ජනතාවාදී සැළසුමක් ඉදිරිපත් කරන්නාවු දේශපාලන නායකත්වයක බහුතරයක් ඇති පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ගැනීමය.

එවැනි අලුත් පාර්ලිමේන්තුවක් සමග ආණ්ඩුවක් පත්කර ගත හැක්කේ, මෙතෙක් අවුරුදු 93 ක ඉතිහාසයේ “සර්වජන ඡන්දය” භාවිත කිරීමේදී කුලය, ජාතිය, ආගමට අමතරව, පෞද්ගලික වාසි වරප්‍රසාද ලබා ගත හැකි යැයි ඡන්දදායකයින් විසින් තනිව තීන්දු කරන අපේක්ෂකයෙකුට නැවත වරක් ඡන්දය දීමෙන් නොවේ.

 

මේ ප්‍රශ්න කිහිපය ඡන්දදායක ඔබටයි - (කුසල් පෙරේරා)

අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීමට හැකි වන්නේ, පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන දේශපාලන පක්ෂ විසින් යෝජනා කරන ඔවුන්ගේ “ජාතික සංවර්ධනය” සඳහාවන සැළසුම සමාජ සංවාදයකට ගෙන, එවැනි සාකච්ඡා වලදී වඩාත් වැදගත් යැයි තීන්දු කෙරෙන “ජාතික සංවර්ධන” සැළසුම ඉදිරිපත් කරන පක්ෂයේ අපේක්ෂකයෙකුට ඒ වෙනුවෙන් ඡන්දය දීමෙනි.

ජාවාරම්කාරයින් උපතින්ම දූෂිතය...

ආර්ථික අර්බුදය ගැන ආචාර්ය ලයනල් බෝපගේ විග්‍රහයක් - (පළමුවන කොටස)මේ පවතින විවෘත වෙළඳපල ආර්ථිකය, සංවර්ධන ආකෘතියක් නොවේ. එය මහ නගර කේන්ද්‍ර කරගත් වෙළඳපල ආර්ථික ක්‍රියාවලියකි.
මේ පවතින විවෘත වෙළඳපල ආර්ථිකය, සංවර්ධන ආකෘතියක් නොවේ. එය මහ නගර කේන්ද්‍ර කරගත් වෙළඳපල ආර්ථික ක්‍රියාවලියකි. ආණ්ඩු විසින් නියාමනය නෙකෙරෙන, ජාවාරම්කාර ව්‍යාපාරිකයින් විසින් හසුරුවා ගන්නා වෙළඳපලක් පිළිබඳ කතාවක් පමණි. ඒ වෙළඳපලෙහි හැදෙන්නේ දියුණු ව්‍යාපාරිකයින් නොවේ. ඒ වෙළඳපලෙහි හැදෙන්නේ ජාවාරම්කාරයින් ය. ව්‍යාපාර සඳහා නවීන තාක්ෂණය යොදා ගත් පමණින් ජාවාරම්කාරයින් ව්‍යාපාරිකයින් වන්නේ නැත. ව්‍යාපාරිකයින් යනු දියුණු කලමනාකාරිත්වයක් සමග, නූතන ලෝකයේ විශ්ව අයිතීන් ගරු කරන, ජාතික හා ජාත්‍යන්තර නීතින් අනුව කටයුතු කරන “ව්‍යාපාරික” ප්‍රජාවකි. 

ජාවාරම්කාරයින් උපතින්ම දූෂිතය. ඔවුහු විශාල ලාභ සඳහා ආයෝජන කිරීමේදී ආණ්ඩුවේ දේශපාලන නායකයින්ද, රජයේ ඉහළ නිලධරය හා විශේෂඥ වෘත්තිකයින්ද සමග අති දූෂිත ගනු දෙනු වල නිරත වෙති. ඊට අමතරව වෙළඳපල ලාභය වෙනුවෙන් තරගකාරී පාරිභෝගිකයින් හැදීම විවෘත වෙළඳපල ආර්ථිකයක නියතයකි. පාරිභෝගික තරගය අවසානයේ නිර්මාණය කරන්නේ ඉතා ආත්මාර්ථකාමී, දූෂිත සමාජයකි. ඒ හේතු නිසාම, විවෘත වෙළඳපල ආර්ථිකයක හැදෙන්නේ සදාචාරමය වශයෙන්ද පිරිහුණු අනීතිමය අශිෂ්ට සමාජයකි.

 

කෝඩුකාරයන්ට රාජ්‍ය පාලනය කරන්න බෑ - ඇමති සුසිල්

“සංවර්ධනය” යනු, ආර්ථික වශයෙන් තෘප්තිමත් වාගේම සාමකාමී, සදාචාර සම්පන්න, විනය ගරුක සමාජයක් සඳහා සංස්කෘතිමය වශයෙන් දියුණු මිනිසකු හැදීමේ සමාජ-ආර්ථික ක්‍රියාවලියකි.

මෙය අතිශය වැදගත්ය. ජාතික සංවර්ධන සැළසුමක් කෙටුම්පත් කිරීම, අති දූෂිත පක්ෂවල ජාවාරම්කාර දේශපාලන නායකයින්ට බාරදිය හැකි වගකීමක් නොවන බව, මේ සමාජය තේරුම්ගත යුතුය. ජාතික සංවර්ධන වැඩපිළිවෙල දියුණු සංවිධානාත්මක සමාජ කතිකාවක් ඔස්සේ සකසා ගැනීමේ පූර්ණ වගකීම සමාජය විසින් බාර ගත යුත්තකි.

ජාතික සංවර්ධනයක් වෙනුවෙන් මේ කටු සටහන අමුණා එවන්නේ ඒ වගකීමට ඔබ හවුල් වනු ඇතැයි සිතා ගෙනය.

මෝඩිගේ හින්දුත්වා 'පූරිය' - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීම යනු ? - (කුසල් පෙරේරාගේ විග්‍රහයක්) | The Leader