ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ද ඇත. ඒවා ගෙවීමේ වගකීම ඇත්තේ රජයටයි.
උදාහරණයක් ලෙස, 2022 දෙසැම්බරයේදී ශ්‍රීලන්කන් 7% වාර්ෂික පොළියට ලබාගත් රු. මිලියන 175ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්ක ණයක් ගෙවීම පැහැර හැරියේය.
ශ්‍රීලංකන් ලංකා බැංකුවට, මහජන බැංකුවට හා තෙල් සංස්ථාවට ද අති විශාල වශයෙන් ණයය. ශ්‍රීලංකන් ණය නොගෙවන අතර ඒ පාඩු දරාගන්නේ මහජනතාවයි.
ණය ප්‍රතිව්‍යූහගතකරණයට ශ්‍රීලංකන් විසින් පැහැර හැර ඇති ණය ද ඇතුළත් වේ.
කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රීලංකන් පාඩු අවම කරගන්නට කටයුතු කරන ලදි.
2022දී රු. බිලියන 75ක් පමණ පාඩු ලැබූ ශ්‍රීලංකන් 2023දී රු. බිලියන 1.5ක පමණ ලාභ ලැබීය. එහෙත්, ණය ආපසු ගෙවන්නේ නැත. ණය වාරික ද පොළිය ද අලුත් ණය බවට පත්වෙමින් තිබේ.
පසුගිය රජය ශ්‍රීලංකන් ණය රජයට පවරා ගනිමින් ගුවන් සේවය පෞද්ගලිකකරණය කිරීමට උත්සාහ කරන ලදි. එහෙත්, ඒ සඳහා ලැබුණු ආයෝජන යෝජනා සම්බන්ධයෙන් රජය තෘප්තිමත් වූයේ නැත.
වත්මන් රජය වන ජාතික ජන බලවේගය විරුද්ධ පක්ෂයේ සිටියදී ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලිකකරණයට එකහෙළා විරුද්ධ වූහ. ඔවුන්ගේ මූලෝපාය වන්නේ සංචාරක ප්‍රවර්ධනය සඳහා ශ්‍රීලංකන් යොදාගැනීමයි.
වත්මන් ජනාධිපතිවරයාගේ පුතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී ආරම්භ කරන ලද මිහින් ලංකා ගුවන් සේවයේ සේවය කළ අතර අධික පාඩු හේතුවෙන් වසා දමන ලද එම ආයතනයේ සේවකයන් ශ්‍රීලංකන් වෙත අනුයුක්ත කරන ලදි. මිහින් ලංකා ආයතනය යනු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දේහපාලන හෙංචයියන්ට රැකියා හා ව්‍යාපාරික අවස්ථා විවෘත කර දීම සඳහා ආරම්භ කරන ලද රාජ්‍ය ව්‍යවසායකි.
ශ්‍රීලංකන් ගුවන් සේවය ගුවන් යානා 25ක් පමණ සහ ගුවන් තොටුපළ කීපයක ගුවන් යානා මෙහෙයුම් කටයුතු හා ගුවන් යානාවලට ආහාරපාන සැපයීමේ කටයුතු ද කරයි. ඒවා ලාභදායීය. පෞද්ගලිකකරණයේදී එම අංශ ද සමග ගුවන් සේවයට යම් ආකර්ශනයක් තිබිණි.
(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com
(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)
ජනාධිපතිගේ පුතා වැඩ කරන ශ්‍රීලංකන් පෞද්ගලිකකරණය නොවේ - (අජිත් පැරකුම් ජයසිංහ)
T
The Leader Desk
October 2, 2024 • 4:26 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ද ඇත.
- ඒවා ගෙවීමේ වගකීම ඇත්තේ රජයටයි.
- උදාහරණයක් ලෙස, 2022 දෙසැම්බරයේදී ශ්‍රීලන්කන් 7% වාර්ෂික පොළියට ලබාගත් රු.
- මිලියන 175ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්ක ණයක් ගෙවීම පැහැර හැරියේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


