The Leader News
BREAKING
Top Ad
Opinion

මේ රමාල් සිරිවර්ධනලාගේ ආණ්ඩුවකි - (පිලිප් ශාන්ත)

T

The Leader Desk

October 4, 2024 • 11:27 AM

මේ රමාල් සිරිවර්ධනලාගේ ආණ්ඩුවකි - (පිලිප් ශාන්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන් ජාතික ජන බලවේගයට හිතවත් අය නිසා ඒ නොරිස්සුම විශේෂයෙන් සලකා බැලිය යුතුය. ඔවුන්ගේ විරෝධයට හේතුවී තිබුණේ රමාල් විවිධ ආණ්ඩු යටතේ ලංගම සභාපති ධූරය දරා තිබීම හා ඔහුට දූෂණ චෝදනා එල්ල වී තිබීම ය.
  • විශේෂයෙන් සුපිළිපන්නභාවය පිටුදැක අඩ සියවසකට ආසන්න කාලයක් තුළ නිර්මාණය වූ සංස්කෘතියක පිරිසිදු මිනිසුන් ඇත්තේම නැති තරම් ය.
  • රමාල් ප්‍රථමයෙන්ම ලංගම සභාපති ධූරයට පත්වූයේ 1994 දී ය.
  • ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති හැටියටත් ශ්‍රීමනී ඇතුලත්මුදලි ප්‍රවාහන ඇමති විදිහටත් පත්ව සිටි කාලයේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුන් ජාතික ජන බලවේගයට හිතවත් අය නිසා ඒ නොරිස්සුම විශේෂයෙන් සලකා බැලිය යුතුය. 

ඔවුන්ගේ විරෝධයට හේතුවී තිබුණේ රමාල් විවිධ ආණ්ඩු යටතේ ලංගම සභාපති ධූරය දරා තිබීම හා ඔහුට දූෂණ චෝදනා එල්ල වී තිබීම ය.

වංචාව, දූෂණය හා සොරකම පිටුදැකිය යුත්තක් වුවද සුපිළිපන්න චරිතයන් මේ ක්‍රමය තුළ සොයා ගැනීම කිසිවකු නොමළ ගෙදරකින් අබ මිටක් සොයන තරම් අපහසු කරුණකි. විශේෂයෙන් සුපිළිපන්නභාවය පිටුදැක අඩ සියවසකට ආසන්න කාලයක් තුළ නිර්මාණය වූ සංස්කෘතියක පිරිසිදු මිනිසුන් ඇත්තේම නැති තරම් ය. එසේ බැලූවිට රමාල්ගේ පත්වීමට එරෙහිව නැගෙන නොරිස්සුම් ඒ හැටි ගණන් ගත යුතු ද නැත.

ramal s1

 

රමාල් ප්‍රථමයෙන්ම ලංගම සභාපති ධූරයට පත්වූයේ 1994 දී ය. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති හැටියටත් ශ්‍රීමනී ඇතුලත්මුදලි ප්‍රවාහන ඇමති විදිහටත් පත්ව සිටි කාලයේ ය. රමාල් ලලිත් ඇතුලත්මුදලිගේ හිතෛශියෙක්වීම ඊට හේතුව වන්නට ඇත.

ශ්‍රීමනී ප්‍රවාහන ඇමති ධූරයෙන් ඉවත් වූ පසුව ද වෙනත් ප්‍රවාහන ඇමතිවරුන් යටතේ ද ඔහු ලංගම සභාපති ධූරය රැක ගත්තේ ය. ඊට හේතුව වන්නට ඇත්තේ ඔහුගේ දක්ෂතාව විය හැකිය. ඔහු සුමති පුවත් පත් ආයතනයේ ප්‍රධාන විධායක ලෙස ද අවස්ථා කිහිපයක දී ම කටයුතු කළේය. එසේ වන්නට ඇත්තේ ද ඔහු දක්ෂ කළමනාකරුවකු නිසා විය යුතුය.

මේ අන්දමෙන් ප්‍රභූ පන්තියේ ආණ්ඩු පාලනය තුළ සිවිල් චරිතයක් වූ රමාල් සිරිවර්ධන තමන් නිර්මාණය කර ගත් නිර්ප්‍රභූ ආණ්ඩුවේ ද ලංගම සභාපති ධූරයට පත්වීම ඉවසීමට නොහැකිවීම එහි හිතෛෂීන්ට අපහසුවීම සාධාරණ ය. නමුත් දැන් රාජ්‍ය පාලනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ නොව ජාතික ජන බලවේගය බව ඔවුන්ට අමතකවීම පුදුමයකි.

ජාතික ජන බලවේගය ගොඩනැංවූයේ තවදුරටත් සීමිත පිරිසකට ආමන්ත්‍රණය කිරීම අර්ථවිරහිත නිසා ය. රමාල් සිරිවර්ධනලා ප්‍රමුඛ ලිබරල් පුරවැසියන් ජාතික ජන බලවේගයට එක්වූයේ එබැවිනි. අද කෑ කෝ ගසන අය නොදන්නවාට රමාල් 2023 දී කැදවා නොපවත්වන ලද ගම්පහ මහ නගර සභා මැතිවරණයේ ද ජාතික ජන බලවේගයේ අපේක්ෂකයකු විය.

ජාතික ජනබලවේගය(NPP) හි ඉදිරි අභියෝග..! - (රන්ජන සේනානායක)

 

ඇත්තටම ලිබරල්වාදීන් ජාතික ජන බලවේගය වටා එකතුවීමට වඩා වැඩි අගතියක් විය හැක්කේ ඊට ක්‍රියාන්විතයේ නොමැති ආරක්ෂක සේවයේ ප්‍රබලයන් එකතුවීම ය. ඔවුන්ගේ එකතුවීමත් ඔවුන්ට රාජ්‍යයේ උසස් තනතුරු හිමිවීමත් ඉවසිය හැකි නම් රමාල් සිරිවර්ධනලා රාජ්‍යයේ තනතුරුවලට පත්වීම නොසලකා හැරිය හැක්කකි.

ජාතික ජන බලවේගය ප්‍රතිසංස්කරණවාදී දේශපාලන ව්‍යාපාරයකි. එය රාජ්‍යයේ අධිපති මතවාදයට හා නව ලිබරල්වාදයට එකඟව සිටිනතාක් ඊට එල්ලවන දේශපාලන අභියෝගයන් අල්ප ය. ඒ නිසා කළ යුත්තේ පරස්පරතා අමතක කර ගැලපෙන සාධක ඉස්මතු කර ගැනීම ය. එමගින් තමන්ගේ ගොඩ වැඩිකරගෙන බලය ශක්තිමත් කර ගැනීම ය. බහුජන දේශපාලනය යනු එයයි. එය තේරුම් නොගන්නා තෙක් රාජ්‍යය බලය ස්ථාවර කර ගත නොහැකිය. ජවිපෙ කාඩර්වරුන්, සාමාජිකයන් හා හිතෛෂීන් එය නොදන්නවාට ජනාධිපති අනුර කුමාර දිසානායක එය මනා ලෙස දනී.

(පිලිප් ශාන්ත) 
shan.info1978@gmail.com

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...