ඒ.කේ.දිසානායක යනු ශ්‍රී ලංකාවේ අභිනවයෙන් තේරී පත් වූ අතිජනකාන්තවාදී ජනාධිපතිවරයා ය. කෙසේ වෙතත්, ජනාධිපතිවරණයට පෙර සහ පසුව, ඔහු ජනකාන්ත සුරුවමක් බවට උත්කර්ෂයට පත් විය. ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු ඔහු කාන්තාවන් අතර වැඩි වැඩියෙන් ජනප්‍රිය වී ඇති බව පෙනේ. ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටින විට, කාන්තාවන් ඔහු දෙස "නැරඹීමට", ඔහුගේ ඡායාරූප ගැනීමට සහ ඔහු සමඟ සෙල්ෆි ගැනීමට පොරකන ආකාරය අපට පෙනේ.
ඒ.කේ.දිසානායක වටා ගොඩ නැගී ඇති ස්ත්‍රී දේශපාලනික ජනකාන්තවාදය අද අපි අත්දකිමින් සිටිමු. බහුතර ස්ත්‍රී ජනසංඝයක් තනි පිරිමි දේශපාලනික චරිතයකට ශාරීරිකව සමීප වීමට දැඩි ප්‍රසාදයක් සහ ආශාවක් ප්‍රදර්ශනය කරමින් සිටිති. ස්ත්‍රී බද්ධදෘෂ්ටිය, පශ්චාත් ස්ත්‍රීවාදය, සහ මනෝ විශ්ලේෂණ න්‍යාය තුළින් මෙම සංසිද්ධිය වටහා ගැනීමට උත්සාහ කරමු.
ඒ.කේ.දිසානායක යනු ශ්‍රී ලංකාවේ අභිනවයෙන් තේරී පත් වූ අතිජනකාන්තවාදී ජනාධිපතිවරයා ය.
ලෝරා මල්වීගේ පුරුෂ බද්ධදෘෂ්ටිය පිළිබඳ සංකල්පය එහි ප්‍රතිලෝමය බවට පත් කරගෙන අප හට ස්‍ත්‍රීන් විසින් පිරිමි දේශපාලනික ප්‍රතිමා නොහොත් සුරුවම් නරඹන ආකාරයත් ස්ත්‍රීන් විසින් එම සුරුවම් පරිභෝජනය කරන ආකාරයත් වටහා ගත හැකි ය. ස්ත්‍රීන් භාණ්ඩ නොහොත් වස්තු බවට පත් කරවන සාම්ප්‍රදායික පුරුෂ බද්ධදෘෂ්ටිය මෙන් නොව දේශපාලනික ජනකාන්තවාදය තුළ ක්‍රියාත්මක වන මෙම නව ස්ත්‍රී බද්ධදෘෂ්ටිය බොහෝ විට ලිංගිකමය ආශාවේ අංග සහ බලය හා අධිකාරය කෙරෙහි ස්ත්‍රීන් තුළ පවතින ප්‍රසාදයත් එකට කැටි කොට දරා සිටියි. තම බද්ධදෘෂ්ටිය හරහා නව අර්ථ උත්පාදනය කිරීමේ කර්තව්‍යය උදෙසා ස්තීහු ක්‍රියාකාරී ව බලමුලුගැන්වී ඇත්තාහ! ජීවමාන දේශපාලනික පුද්ගල සුරුවම් තම දේශපාලනික හා පුද්ගල ආශාවන් හි වස්තු බවට පරිවර්තනය කිරීමේ කාර්යභාරයට ස්ත්‍රීන් ක්‍රියාකාරීව සහභාගි වීම ආරම්භ කර ඇත!
ජීවමාන දේශපාලනික පුද්ගල සුරුවම් තම දේශපාලනික හා පුද්ගල ආශාවන් හි වස්තු බවට පරිවර්තනය කිරීමේ කාර්යභාරයට ස්ත්‍රීන් ක්‍රියාකාරීව සහභාගි වීම ආරම්භ කර ඇත!
අප එළඹ ඇති මෙම පශ්චාත් ස්ත්‍රීවාදී යුගය තුළ, ආශාව පිළිබඳ ස්‍ත්‍රීන්ගේ විවෘත හා නිර්භීත ප්‍රකාශනය සහ ජනකාන්ත පුරුෂ සුරුවම් වන්දනාව යනු තෝරා ගැනීම සහ ලිංගික නියෝජනය හරහා තමාව සවිබලගන්වා ගැනීමේ ආකෘතියක් නියෝජනය කරන මෙහෙයුමකි. මෙය වනා හි ඇන්ජෙලා මැක්රොබී විසින් "පශ්චාත් ස්ත්‍රීවාදී වෙස් මුහුණ" ලෙස අර්ථ ගැන්වූ සංසිද්ධියම ය. එහි දී පුරුෂ ආධිපත්‍යයේ සාම්ප්‍රදායික රටාවන් ම - යලි වටයකින් - සවිඥානික තෝරාගැනීම හා පරිභෝජනය කිරීම හරහා ස්ත්‍රීන් සවිබලගැන්වීමේ ව්‍යාපෘතියක් ලෙස යලි පැකට් කර අප වෙත පිළිගන්වා ඇත.

මනෝවිශ්ලේෂණාත්මක ප්‍රවේශයක් ගත් කල, ඒ.කේ.දිසානායක වැනි ජීවමාන දේශපාලනික ජනකාන්ත සුරුවම් මත ස්ත්‍රීන් යොදන අධික්‍රියාකාරී භාවාතිෂය ආයෝජනය වටහා ගත හැක්කේ ප්‍රක්ෂේපණය හා පරමාදර්ශීකරණය පිළිබඳ සංකල්ප තුළින් ය. එකී දේශපාලනික ජනකාන්ත ප්‍රතිමා ජාක් ලැකාන් විසින් "objet petit a" ලෙස අර්ථ ගැන්වූ “කොතරම් පොරොන්දු ලැබුන ද කිසි විටෙකත් සම්පූර්ණ තෘප්තිය ඔබට ලබා නොදෙන ආශාවේ අත් පත් කරගත නොහැකි වස්තු” බවට පත් වී ඇත. ඒ.කේ.දිසානායක නමැති ජනකාන්ත පිළිමය වටා බිහි වී ඇති යලි යලිත් සිදුවන මෙම නව ලුහුබැඳීමේ, ගිවිස ගැනීමේ, සහ මධුසමය ගත කිරීමේ විෂම චක්‍රයේ පදනම එය යි.
ජනකාන්ත ප්‍රතිමා සංස්කෘතියෙහි සහ බල-දේශපාලනයෙහි අන්තර්ජේදනය වීම හරහා බිහි වන මෙම නව සත්ත්ව විශේෂය (animal species) ජෝන් ස්ට්‍රීට් විසින් "ජනකාන්ත දේශපාලකයින්" ලෙස අර්ථ ගන්වා ඇත. එහි දී දේශපාලන නායකත්වය සහ විනෝදය අතර දේශසීමාවන් වඩවඩාත් බොඳ වී දිය ව ගොස් ඇත. ජනකාන්තවාදය නමැති සංස්කෘතික කලාපයට ඇතුළු වී ඒ.කේ.දිසානායක නරඹා ගැනීමේ සහ ඔහු සමග සෙල්ෆියක් ගහගැනීමේ ක්‍රියාන්විතයට එළඹ ඇති ස්ත්‍රීන් විසින් ජනකාන්තවාදී සංස්කෘතියෙහි දේශපාලනික සහභාගිත්වය හා පරිභෝජනය නියෝජනය කරයි.
ජනකාන්තවාදය නමැති සංස්කෘතික කලාපයට ඇතුළු වී ඒ.කේ.දිසානායක නරඹා ගැනීමේ සහ ඔහු සමග සෙල්ෆියක් ගහගැනීමේ ක්‍රියාන්විතයට එළඹ ඇති ස්ත්‍රීන් විසින් ජනකාන්තවාදී සංස්කෘතියෙහි දේශපාලනික සහභාගිත්වය හා පරිභෝජනය නියෝජනය කරයි.
ඒ.කේ.දිසානායක වැනි පිරිමි දේශපාලකයින් ලිංගික උත්කර්ෂයට නංවා ඔහුන්ව පරිභෝජනයට ගැනීමේ මෙම සංසිද්ධිය සමාජලිංගික නොහොත් ස්ත්‍රී-පුරුෂ සමාජභාවී භූමිකාවල සාම්ප්‍රදායික රටාවන් හි ප්‍රතිවර්තනයක් නොහොත් ආපසු හැරවීමක් නියෝජනය කරයි. ඒ.කේ.දිසානායක වැනි නව පිරිමි දේශපාලන සත්ත්ව විශේෂයක් හිටි හැටියේ ම ආශාවේ වස්තුවක් බවට පත් වී ඇත. එමගින් අපගේ චාම් ඒකාකාරී නීරස පැවැත්ම සලිත කරවා ඇත! නමුත්, සාම්ප්‍රදායික ස්ත්‍රී වස්තුකරණය තුළ පිරිමියාගේ වටිනාකම සහ බලය හීන වී යනවා වෙනුවට මෙම නව පුරුෂ වස්තුකරණය තුළ ඒ.කේ.දිසානායක වැනි නව දේශපාලන සත්ත්ව විශේෂවල වටිනාකම හා බලය ප්‍රවර්ධනය වන තත්ත්වයක් අපි දකිමු. ගොඩනංවන ලද ලිංගිකමය ආකර්ෂණීයභාවය සහ දේශපාලන බලය අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක ශක්තිමත් කරවන අද්විතීය අසමසම ගතිකයක් මේ මගින් නිර්මාණය කර ඇත!
දේශපාලනය ඊනියා මානවකරණයට හා සංස්කෘතිකකරණයට ලක් කර සංකීර්ණ දේශපාලනික කාරණා හුදු ආත්මීය හඹා යෑම්වල ගොදුරු බවට පත්වීම මෙම ජනකාන්තවාදය පිටුපස ඇති භයානක තත්ත්වය යි.
(වසන්ත වක්කුඹුර)
@followers @highlight
(උපුටා ගැනීම - Vasantha Wakkumbura ගේ ෆේස්බුක් පිටුවෙන්..)



