The Leader News
BREAKING
Top Ad
Opinion

ප්‍රකට පුද්ගලයන් වටා ගෙතෙන කට කතා ගැන බොහෝ දෙනකු නොදත් කතා – (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

T

The Leader Desk

October 6, 2024 • 6:10 AM

ප්‍රකට පුද්ගලයන් වටා ගෙතෙන කට කතා ගැන බොහෝ දෙනකු නොදත් කතා – (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි ද යම් සත්‍යතාවක් නැත්තේම නොවේ.
  • එමෙන්ම විධිමත් අයුරින් සනාථ කළ නොහැකි එබඳු ප්‍රකාශ ප්‍රවාදක සාක්ෂි ( Hearsay) ලෙස හඳුන්වන අධිකරණයන් විසින් ඒවා නඩු විභාග සඳහා යොදා නොගැනීම ද විශේෂත්වයකි.
  • නමුත් සමාජය පුරා විෂමාකාර මතවාද වපුරන ඉහත සඳහන් කටකතා, ඕපාදූප, දූෂ්‍යමාන ආරංචි යනුවෙන් හැඳින්වෙන දේ සමාජ මානව විද්‍යා ක්ෂේත්‍රයේ නියුක්ත වූවන්ට නොවැදගත් යැයි කෙසේ වත් කිව නොහැක.
  • පුරුෂ පක්ෂය අබිබවා කාන්තා පක්ෂය මුල් කොට තැනෙන ප්‍රවාද ඉතා වේගවත්ව සමාජය පුරා සංසරණය වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කටකතා, ඕපාදූප, දූෂමාන ආරංචි ආදිය වශයෙන් හැඳින්වෙන සත්‍ය හා ප්‍රමිතිගත නොවන ප්‍රවෘත්තීන් සමාජමය යහපැවැත්මට බාධාකාරී දේ වශයෙන් ජන සම්මතයක් තිබේ. 

එමෙන්ම සමාජ, ආර්ථික, සංස්කෘතික හා සදාචාරමය වශයෙන් ප්‍රවර්ධනයක් සහිත ජන කොටස් අතරේ මේවා පැතිර යාමේ ද පැහැදිලි අඩුවක් පවතින බවට පිළිගැනීමක් තිබේ. එහි ද යම් සත්‍යතාවක් නැත්තේම නොවේ. එමෙන්ම විධිමත් අයුරින් සනාථ කළ නොහැකි එබඳු ප්‍රකාශ ප්‍රවාදක සාක්ෂි ( Hearsay) ලෙස හඳුන්වන අධිකරණයන් විසින් ඒවා නඩු විභාග සඳහා යොදා නොගැනීම ද විශේෂත්වයකි.

 

නමුත් සමාජය පුරා විෂමාකාර මතවාද වපුරන ඉහත සඳහන් කටකතා, ඕපාදූප, දූෂ්‍යමාන ආරංචි යනුවෙන් හැඳින්වෙන දේ සමාජ මානව විද්‍යා ක්ෂේත්‍රයේ නියුක්ත වූවන්ට නොවැදගත් යැයි කෙසේ වත් කිව නොහැක. මක් නිසාද ඒවා මගින් තත්කාලීන සමාජයීය චින්තන, සන්නිවේදන, චර්යා, සම්ප්‍රදායන් සහ සංස්කෘතීන් සම්බන්ධයෙන් බොහෝ කරුණු අනාවරණය කරගැනීමට ඔවුනට අවකාශ ලැබෙන බැවිනි. ඒ අනුව එකී ක්ෂේත්‍රයන් හි නියුක්ත වූවෝ එම කටකතා, ඕපදූප, දුෂ්‍යමාන ආරංචි ආදිය විශ්වාස නොකළ ද ඒවා කෙරෙහි ශාස්ත්‍රීය කෝණවලින් බැලීමට යුහුසුළු වෙති.

කපිල කුමාර කාලිංගගේ හීසරය : කට කහනවට නො-හදන කටකතාඔවුන් සම්බන්ධ යම් යම් සාධනීය කරුණු මුල් කොට ද ප්‍රවාද ගොඩනැගිය හැකි මුත් ඒවා නිශේධනාත්මක කරුණු තරම් වේගවත්ව සමාජය පුරා ප්‍රචලිත නොවේ

 

මෙම කටකතා, ඕපාදූප, දුෂ්‍යමාන ආරංචි බොහෝ විට පදනම් වනුයේ යම් යම් පුද්ගලයන් හා සම්බන්ධ සංසිද්ධීන් වල විශේෂ අඩු පාඩු, දුර්වලතා, නුගුණ ආදිය කියා පෑම උදෙසා ය. ඔවුන් සම්බන්ධ යම් යම් සාධනීය කරුණු මුල් කොට ද ප්‍රවාද ගොඩනැගිය හැකි මුත් ඒවා නිශේධනාත්මක කරුණු තරම් වේගවත්ව සමාජය පුරා ප්‍රචලිත නොවේ. 

මෙම බොහෝ ප්‍රවාද වලට මුල් වනුයේ යම් යම් පුද්ගලයන් තුළ පවත්නා සංස්කෘතික හා සදාචාර පද්ධතියෙන් පරිබාහිර සංසිද්ධීන් ය. “එයා කොච්චර වැදගත්, ප්‍රසිද්ධ කෙනෙක් වුණත් එයා ගේ ජීවිතේ මෙන්න මෙහෙම දේවලුත් තියනවා” යනුවෙන් ගොඩනැගෙන ප්‍රවාදය ඉතා වේගවත්ව සමාජය පුරා සංසරණය වෙයි. මීට පෙර වාචික ස්වරූපයෙන් සමාජය පැතිර ගිය මෙවන් ප්‍රවාද මේ වන විට සමාජ ජාල ඔස්සේ අතිශය වේගවත්ව සංසරණය වනු පෙනෙයි.

කපිල කුමාර කාලිංගගේ හීසරය : කට කහනවට නො-හදන කටකතා පුරුෂ පක්ෂය අබිබවා කාන්තා පක්ෂය මුල් කොට තැනෙන ප්‍රවාද ඉතා වේගවත්ව සමාජය පුරා සංසරණය වෙයි.
නමුත් මෙබඳු ප්‍රවාදයක් සමාජය පුරා පැතිර යාම පිණිස ඒ සඳහා උපකාරක සාධක ද යම් ප්‍රමාණයකින් ඉහවල් විය යුතු ය. නිදසුනක් ලෙස විවාහ විය යුතු වයස වශයෙන් ජන සම්මත වයස් සීමාව පසු කොට තනිකඩ දිවියක් ගත කරන්නකු පුරුෂ පක්ෂයේ පුද්ගලයන් සුහදව ඇසුරු කිරීම මුල් කොට ඔහු සම ලිංගික සේවනයට ඇබ්බැහි වූවකු නිසා කාන්තාවන් ප්‍රිය නොකරන බවත් එනිසාම තනිකඩ දිවියක් ගත කරන බවටත් ප්‍රවා ද ගොඩනැඟෙන්නට පුළුවන. මෙහිදී මෙවන් ප්‍රවාද සත්‍ය නොවන බවට තර්ක කරනුයේ කෙසේ දැයි යමකුට ප්‍රශ්නයක් ඇති විය හැක. එහෙත් ඒ සඳහා ඉදිරිපත් කළ හැකි ප්‍රතිතර්කය වනුයේ එසේ නම් එය සත්‍යයක් බවට තර්ක කළ හැක්කේ කෙසේද? යන්න ය.එය ද මෙම ප්‍රවාද සමාජයේ පැතිර යාමට නියත වශයෙන්ම ඉවහල් වෙයි.

මෙම කටකතා, ඕපාදූප, දුෂ්‍යමාන ආරංචි සමහරක් පුද්ගලයන් ගේ චරිත ඝාතනය පිණිස උපායශීලීව සැළසුම් කරන ලද ඒවා බව පෙනේ. එමෙන්ම මෙහිදී අප සමාජය තුළින් ඉතා පැහැදිලිව දක්නට ලැබෙන අන්දමට පුරුෂ පක්ෂය අබිබවා කාන්තා පක්ෂය මුල් කොට තැනෙන ප්‍රවාද ඉතා වේගවත්ව සමාජය පුරා සංසරණය වෙයි. එමෙන්ම කිසියම් කාන්තාවක ඒ ප්‍රවාද සම්බන්ධයෙන් තම ප්‍රතිචාරය දක්වන විට එය පදනම්ව එම ප්‍රවාදය යාවත් කාලීන වීමක් ද දක්නට ලැබේ. මෙය සමාජයේ පවත්නා පුරුෂාධිපත්‍යය සංකේතනය කරන්නක් බව ද සමහරෙක් කියති.

රවාෂ (01) : එක් කෙනෙක් විතරක් ඇයි? - (සුජිත් අක්කරවත්ත)දිවයිනේ ඒවා පිහිටි ප්‍රදේශයන් අනුව කිසියම් පුද්ගලයකුට එවන් සුවිසල් භෞමික පරාසයක් තුළ පිහිටි ගල් ලෙන් එතරම් විශාල ප්‍රමාණයක් තම වාස භවනය කර ගත හැකි වී යැයි පැවසීම ඒකාන්තයෙන්ම අතිශයෝක්තියකි.

 

මෙසේ යම් ප්‍රජාවක් හෝ සමාජයක් මත පදනම්ව පැතිර යන ඇතැම් ප්‍රවාද යම් කාලයකට සීමා වන අතර සෙසු ප්‍රවාද පාරම්පරිකව වසර සිය දහස් ගණන් වුව පැවැතිය හැක. යම් ප්‍රවාදයක් එලෙස නිරන්තරයෙන් ජන සමාජය තුළ පැවැතීමට ඉන් තත්කාලීන සමාජයට එල්ල වන බලපෑම ද බෙහෙවින් ඉවහල් වනු ඇත. එසේ කාලාන්තරයක් තිස්සේ සමාජය පුරා පැතිර පවත්නා ප්‍රවාද ජන ප්‍රවාද සහ ජනශ්‍රැති ලෙස හැඳින්වේ. 

ක්‍රි.පූ103 සිට 77තෙක් අනුරාධපුරයේ රජකම් කළ වලගම්බා රජතුමා තම පළමු රාජෝදයේ දී එනම් රජකමට පත් වූ පස් වන මාසයේ දී එල්ල වූ ද්‍රවිඩ ප්‍රහාරයක් මුල්කොට මලය රටට හෙවත් කඳුකරයට පලාගොස් වසර දාහතරකුත් මාස හතක් තිස්සේ රහසිගත ව සේනා සංවිධානය කළ බව ඓතිහාසිකව තහවුරු වූවකි. එම කාලය තුළ එතුමන් අප්‍රකටව සැඟවී සේනා සංවිධානය කිරීම මුල්කොට මේ වන විට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන් හි පිහිටි මිනිස් වාසයට සුදුසු ගල්ලෙන් සිය ගණනක් “වලගම්බා රජු සැඟව සිටි” යනුවෙන් හඳුන්වනු ලැබේ. එහෙත් දිවයිනේ ඒවා පිහිටි ප්‍රදේශයන් අනුව කිසියම් පුද්ගලයකුට එවන් සුවිසල් භෞමික පරාසයක් තුළ පිහිටි ගල් ලෙන් එතරම් විශාල ප්‍රමාණයක් තම වාස භවනය කර ගත හැකි වී යැයි පැවසීම ඒකාන්තයෙන්ම අතිශයෝක්තියකි.

 

ලක්දිව රජ වූ වී හොරා - ඉතිහාසයෙන් අනාවරණයක් (වීඩියෝ)

වසර සිය දහස් ගණනක් තිස්සේ අප සමාජය පුරා පැතිර පවත්නා ජන ප්‍රවාද ද දහස් ගණනකි. එහෙත් ඉතා කණගාටුවෙන් වුව කිය යුත්තේ අප රට තුළ ඒ සම්බන්ධ විධිමත් විශ්ලේෂණයක් සිදු වී නොමැති බවකි. අප ජනප්‍රවාද, ජනශ්‍රැති සම්බන්ධයෙන් සුවිශේෂ අවධානයක් යොමු කළ යුත්තේ කිනම් හේතුවක් මත දැයි විමසන විද්වතුන් පවා විමසන අවස්ථා කොතෙකුත් තිබේ. එහෙත්, ඊට දිය හැකි කෙටි හා සරලම පිළිතුර වනුයේ කිසියම් සමාජයක යහ පැවැත්ම උදෙසා ජනශ්‍රැති වලින් ලැබෙන පිටිවහල සුළුපටු නොවේ යන්නය. ජනප්‍රවාද ජනශ්‍රැති මුල් කොට ලොව විශිෂ්ටතම ප්‍රතිඵල නෙලා ඇති ෆින්ලන්තය ආදී රටවල් එමගින් අත් කර ගෙන ඇති මානව සංවර්ධන ප්‍රතිලාභ සුළු පටු නොවේ.

සමකාලීන වශයෙන් කටකතා, ඕපාදූප දූෂ්‍යමාන ආරංචි වශයෙන් සමාජය පුරා පැතිර යන නිසි සත්‍යතාවක් තහවුරු කළ නොහැකි ප්‍රමිති ගත නොවූ ප්‍රවෘත්තීන් හෙවත් ප්‍රවාද තත්කාලීන ජන විඥානය විසින් ග්‍රහණය ගන්නා ආකාරය අනුව සමාජගත වීම කිසිවකුටත් පාලනය කිරීමට හෝ වැළැක්වීමට නොහැක. නිදසුනක් ලෙස අප සමාජයේ කුඩා දරුවන් පවා හොඳින් අසා පුරුදු කැකිල්ලේ රාජ චරිතය මීට සියවස් කිහිපයකට පෙර සබරගමුවේ විසූ රදළයකු ගේ චරිතයක් පදනම් වූ ජන ප්‍රවාදයක් බවට පිළිගත හැකි සාක්ෂි තිබේ. ඔහු ජීවත් වූ බව පැවසෙන කලවාන ඉලුඹකන්ද ප්‍රදේශයේ කැකිල්ලපිටිය, ගාලේවත්ත ප්‍රදේශ මුල් කොට එහි සත්‍යතාව තහවුරු කෙරෙන සාක්ෂි මතු කර ගත හැකි අතර එම රදළයා තම යටත් වැසියන් ලවා කැකිල්ල ගස් හෙළි පෙහෙළි කරවීමක් මුල් කොට ඔහුට එම “කැකිල්ලේ” නාමය ආරෝපණය වූ බව ද අනාවරණය කර ගත හැක.

 

කපිල කුමාර කාලිංගගේ හීසරය : කට කහනවට නො-හදන කටකතා

ඒ අනුව අපට හැඟී යනුයේ තත්කාලීන සමාජයේ පවත්නා කට කතා, ඕපාදූප, දුෂ්‍යමාන ආරංචි යන සමාජයීය වශයෙන් නොවැදගත් සේ හැඟෙන නොවැදගත් දේ එම ජන සමාජය හා බද්ධ වීම මත පසු කාලීනව ඒවා ජන ප්‍රවාද සහ ජන ශ්‍රැති වශයෙන් සමාජයීය යහපැවැත්ම සඳහා යොදා ගත හැකි වීම ය. නමුත් ඒ සඳහා වන ශාස්ත්‍රීය අධ්‍යයනයන් හා විමර්ශනයන් ප්‍රමාණවත් ලෙස සිදුනොවීම මත එම සරුසාර මානව සහ සමාජමය අස්වැන්න සැළකිය යුතු අයුරින් නොලබන බව ද නොකියාම බැරි ය.

(ප්‍රණීත් අභයසුන්දර)
මානව විද්‍යා මහාචාර්ය 
(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්‍රකට පුද්ගලයන් වටා ගෙතෙන කට කතා ගැන බොහෝ දෙනකු නොදත් කතා – (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර) | The Leader