The Leader News
BREAKING
Top Ad
Opinion

පරාජයේ ආස්වාදය - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

October 6, 2024 • 4:57 PM

පරාජයේ ආස්වාදය - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ කියන්නෙ අපි විශ්වාස කරන මතවාදය නොවෙන වෙනත් මතවාදයක් බහුතර හෝ සුළුතර කැමැත්තකින් ජයග්‍රහණය කළාට පස්සෙ පරාජය වූ පිළ විදිහට ලැබිය හැකි විශාල ආස්වාදයක් තියෙනවා.
  • අපිට පුළුවන්, මචං ඔය සිංදුව මාරු කරපං.
  • නමුත් අපි ජයග්‍රාහකයා එක්ක කරට කර තාමත් රටේ පාලනයට හවුල් වෙන්න යන එකෙන් පරාජයේ ආස්වාදය මිස් වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඒ කියන්නෙ අපි විශ්වාස කරන මතවාදය නොවෙන වෙනත් මතවාදයක් බහුතර හෝ සුළුතර කැමැත්තකින් ජයග්‍රහණය කළාට පස්සෙ පරාජය වූ පිළ විදිහට ලැබිය හැකි විශාල ආස්වාදයක් තියෙනවා. නමුත් අපි ජයග්‍රාහකයා එක්ක කරට කර තාමත් රටේ පාලනයට හවුල් වෙන්න යන එකෙන් පරාජයේ ආස්වාදය මිස් වෙනවා.

මේක හරියටම වාහනයක් එලවද්දි ‍වගේ කියලයි මට හිතෙන්නෙ. වෙන කෙනෙක් ඩ්‍රයිවර් විදිහට දාගත්තට පස්සෙ අපි පිටිපස්සෙ සීට් එකට යන්න ඕන. අනිත් පැත්තෙ වාඩිවෙලා ඩ්‍රයිවර් එලවද්දි අපි බ්‍රේක් පාගලා තේරුමක් නෑ. තේරුමක් නෑ කියන්නෙ අනවශ්‍ය ‍ස්ට්‍රෙස් එකක්. ඒ ආතතිය ජයග්‍රාහකයාට බාරදෙන්න ඕන.

අපිට තියෙන්නෙ පිටිපස්සෙ වාඩිවෙලා වටපිට බල බල යන්නයි. සැරින් සැරේ ‍‍පොඩ්ඩක් හයියෙන් යංකො වගේ ඉල්ලීම් කරන එකයි.  රියදුරුගෙ අනිත් පැත්තෙ වාඩිවෙලා, ඔතනින් හරවපං, අතනිං කපපං කිය කිය යන වැඩේ ඒ ජයග්‍රාහී මතවාදයේ පිරිසට බාරදෙන්න ඕන.

අපිට පුළුවන්, මචං ඔය සිංදුව මාරු කරපං.. ව‍ගේ අපේ විනෝදය පිණිස වෙන දේවල් මතක් කරන්න.

යම් දේශපාලන මතවාදයක් ජයග්‍රහණය කළාම ඒ මොහොතේම අත්වෙන පරාජයකුත් තියෙනවා. ඒ තමයි වැඩේ අනාගත්තොත් ඒකෙ වගකීමත් ගන්න වෙනවා.

පරාජිතයාට ඒ මොහොතේම අත්වෙන ජයග්‍රහණයකුත් තියෙනවා. ඒ තමයි තමන්ගේ විරුද්ධ මතවාදය සාර්ථක වෙලා ඒකෙ ප්‍රතිලාභ අත්වුනොත් ඒවා පොදුවේ විඳින්නත් පුළුවන්. අසාර්ථක වෙලා කුජීත වුනොත් ඒකෙ වගකීමක් ගන්න සිද්ද වෙන්නෙත් නෑ. ඉතින් පරාජිතයා විසින් මේ නිදහස බුක්ති විඳින්න ඕන.

ශ්‍රමදාන කරමින්, මාධ්‍ය සංදර්ශන පාමින් තමන්ගේ මතවාදය වෙනුවෙන් දවල් රෑ නැතුව මහන්සි වෙන වැඩේ ජයග්‍රාහක පිලට පවරන්න ඕන.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...