The Leader News
BREAKING
Top Ad
Opinion

රට ගොඩදාපු සිලින්ඩරේ සන්ධානය - (නිශාන්ත ශ්‍රී වර්ණසිංහ)

T

The Leader Desk

October 7, 2024 • 7:53 AM

රට ගොඩදාපු සිලින්ඩරේ සන්ධානය - (නිශාන්ත ශ්‍රී වර්ණසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ දායක වූ කණ්ඩායම් එකතු වී සිලින්ඩරය ලකුණින් ඉදිරිපත් වීමට තීරණය කර ඇත. සමගිය සඳහා වූ සමගි ජන බලවේගය සමග කළ සාකච්ඡා බිඳ වැටුණු අතර ඔවුන්ගේ කොන්දේසි ඊට හරස් විය.
  • කෙසේ හෝ එය බිඳ වැටීම 2029 අලුත් ගමනකට මාවත විවර කිරීමක් වන අතර මේ මොහොතේ එය කෙනෙකුට විහිළුවක් සේ විකාර සහගත අදහසක් සේ පෙනෙන්නට පුළුවන.
  • ඉදිරි පාර්ලිමේන්තුව තුළ හෝ 2029ට සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් අනාගතයක් නැති බව වටහා ගත යුතුය.
  • එසේ නම් නව මාවතක් අපි නිර්මාණය කරගත යුතුව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ දායක වූ කණ්ඩායම් එකතු වී සිලින්ඩරය ලකුණින් ඉදිරිපත් වීමට තීරණය කර ඇත. 

සමගිය සඳහා වූ සමගි ජන බලවේගය සමග කළ සාකච්ඡා බිඳ වැටුණු අතර ඔවුන්ගේ කොන්දේසි ඊට හරස් විය. සැබෑ විපක්ෂ සන්ධානයක් සඳහා ඔවුන්ගේ අවංක කැපවීමක් හා වුවමනාවක් නොපෙන්වූ අතර ආරම්භයේදීම නොගැලපෙන කොන්දේසි ඉදිරිපත් කිරීම වැඩේ කඩාකප්පල් කිරීම අරමුණු කරගෙනම සාකච්ඡාවට ප්‍රවේශ වීමත් එක්සත් ජාතික පක්ෂය දුර්වල කිරීමත් බිඳ දැමීමත් එහි යටි අරමුණ විය. එක්සත් ජාතික පක්ෂයේ හිස සුන් කිරීම නායක සජිත් ප්‍රේමදාසගේ අරමුණ විය. 

 


එයට ඉඩ නොතැබීම කළ යුතුම දෙයකි. එතනින්ම සමගිය සඳහා වූ විපක්ෂ සන්ධානයක බලාපොරොත්තුව හා සමගිය සමගි ජන බලවේගය බිඳ දමනු ලැබූ අතර එක්සත් ජාතික පක්ෂය දියකර හැරීම සහ එක්සත් ජාතික පක්ෂයේ පිරිස් සමගි ජන බලවේගය තුළට දිනාගැනීම මෙම සාකච්ඡාවේ උපායමාර්ගය විය. කෙසේ හෝ එය බිඳ වැටීම 2029 අලුත් ගමනකට මාවත විවර කිරීමක් වන අතර මේ මොහොතේ එය කෙනෙකුට විහිළුවක් සේ විකාර සහගත අදහසක් සේ පෙනෙන්නට පුළුවන.

ඉදිරි පාර්ලිමේන්තුව තුළ හෝ 2029ට සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් අනාගතයක් නැති බව වටහා ගත යුතුය. එසේ නම් නව මාවතක් අපි නිර්මාණය කරගත යුතුව ඇත. එම මාවත නිර්මාණය කරගත හැක්කේ ගෙවුණු අවුරුදු දෙක තුළ රට අර්බුදයෙන් ගොඩනැගීම සඳහා විධායකය සමග දායක වූ අභියෝගය බාරගත් කැප වූ සාරවත් කණ්ඩායමත් පොහොට්ටුව පක්ෂයෙන් ඊට  දායක වූ ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ කණ්ඩායමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරිගාමී නූතනවාදී දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ සමග ඉදිරියට යාමට සිතන කණ්ඩායමත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සමඟ සිටගත් ඉදිරිපෙළත්, සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ අතරමං වී සිටින ව්‍යවස්ථාදායකය තුළ  වගකීම් දරමින් අර්බුදයෙන් රට ගොඩ ගැනීමට දායක වූ දෙලොවක් අතර දෝලනය වූ, එහෙත් අනාගතයක් නැති, වගකීමක් අභියෝගයක් බාරගත හැකි සමගි ජන බලවේගය තුළ සිටින නූතනවාදී ඉදිරිගාමී ප්‍රතිසංස්කරණවාදී  කණ්ඩායම, රටේ ඉදිරි ගමනට දායක වන වාර්ගික සීමාවෙන් ඔබ්බට සිතන තම  ජනවාර්ගික අභිලාෂයන්ද නියෝජනය කරන ජනවාර්ගික පදනමකින් සංවිධානය වී තිබෙන දෙමළ මුස්ලිම් කඳුකර දෙමළ දේශපාලන කණ්ඩායම් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී  පුරවැසි සංවිධාන , දකුණු ඉවුර නියෝජනය කරන conservative වාදී republicon වාදී අතීතකාමී නොවන නූතන ජාතිකවාදී කණ්ඩායම් ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරනවාදී පුරවැසි සංවිධාන කණ්ඩායම් සියල්ල ඒකාබද්ධ කරගත් පුළුල් නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයකට සූදානම් වෙමින් අනාගතයට පදනම දැමිය යුතුය.

සීතාවෝ සහ රනිලාවණ - (එරන්ද ගිනිගේ)

 

ඒ සඳහා මෙවර පාර්ලිමේන්තුවේ ලැබෙන ප්‍රතිඵලය එතරම් වැදගත් නොවේ. පුත ළඟ නොව දුර  බැලිය යුතුමය.

2022 ඇතිවූ අරගලයෙන් පසු දේශපාලන ආර්ථික අරාජිකත්වය ඉදිරියේ පැන නොයා වගකීම් භාරගත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා යටතේ රට ගොඩ ගැනීමට දායක වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග එක්වූ  ශේහාන්, අලි සබ්රි, කාංචන, ප්‍රමිත, තාරක, දිලුම්, මනුෂ, හරින්, රමේෂ්, සියඹලාපිටිය, අනුර ප්‍රියදර්ශන, අමරවීර, ලසන්ත, දුමින්ද, තලතා, රාජිත නිමල් ලංසා, දොළවත්ත, සීතා අරඹේපොළ, ඇතුළු තවත් විවිධ ශක්‍යතාවයන්ගෙන් හෙබි කුසලතා පූර්ණ කාර්ය සාධනය හෙබි පිරිස මෙන්ම ground operation හී ශක්තිමත් චරිත බොහොමයක් සිලින්ඩරය සන්ධානය තුළ සිටි. 

 

පොදුජන යුගයක් බිහි කිරීමට එක්වන්න - සජිත් ප්‍රේමදාස
මේ සියලු දෙනා තුළ හොඳ නරක අඩු වැඩි වශයෙන් ඇත. සමගි ජන බලවේගය තුළද කබීර් හසීම්, හර්ෂද සිල්වා, චම්පික රණවක, වෛද්‍ය සුදර්ශනී, රෝහණී විජේරත්න, චරිත හේරත්, ඇතුළු තවත් අය අනාගත දේශපාලන න්‍යාය පත්‍රය සැලසුම් කරන මූලෝපය තීරණය කරන කණ්ඩායමක් ලෙස 2029ට පුළුල් නව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී දකුණු ඉවුරේ මධ්‍ය දක්ෂිණාංශික කණ්ඩායම ලෙස සංවිධානය විය යුතුව ඇත.

මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී මැතිවරණය දිනුවා පැරදුණා, හොඳ නරක අය ජනතාව තේරුවා නොතේරුවා ඉදිරි කණ්ඩායමේ පදනම මෙතැනින් නිර්මාණය කළ යුතුව ඇත. යථාර්ථවාදී ප්‍රායෝගිකවාදී නූතනවාදී නවකයින් ද ඉදිරියට එනු ඇත.

ඇත්තටම රටට ආදරේ නම් ඔබ අද (18) සිටිය යුත්තේ නුගේගොඩ'

 

වාම ජාතිකවාදී ප්‍රගතිශීලි යැයි කියාගන්නා කඳවුර වාර්ගික හා සංස්කෘතික ජාතිකවාදය නියෝජනය කරන පිරිස රාජපක්ෂ පැලැන්තිය නියෝජනය කරන නාමල් රාජපක්ෂ පිටුපස හෝ දිලිත් ජයවීර පිටුපස ගියා වේ. ඒ ගැන වොරි විය යුතු නොවේ. එහි සිටින සාරවත් නූතනවාදී කණ්ඩායම් සිටී නම් ඔවුන්ද අපගේ කඳවුරට ඇතුළත් කරගත යුතුය.( දිලූම් අමුණුගම කළේ වැරදි තෝරා ගැනීමකි. ඔහු නැවතත් අපගේ කඳවුරට කැඳවාගත යුතුය)

2029 ඉලක්ක කරගත් ඉදිරි ගමනට පදනම දමන්නේ මේ මොහොතේ මධ්‍ය දක්ෂිණාංශික ආර්ථික වාදී කඳවුර නියෝජනය කරන ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින ඒ වෙනුවෙන් පදනම දැමූ 2048ට එය සැලසුම් කළ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙනී. ජනකාන්තවාදී මැද මාවතේ වාම කඳවුර ජාතික ජන බලවේගයට නියෝජනය කිරීමට ඉඩ දෙමු. (වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) ජනකාන්තවාදී සුභසාධනවාදය කරපින්නාගත් අතීත ප්‍රේමදාස චින්තනය ගුරුකොටගත් සුභසාධනවාදී සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය කරපින්නාගෙන ගියා වේ.

 

පුළුවන් ශ්‍රී ලංකා' : රනිල්ගේ මැතිවරණ තේමාව එළිදකී

අනාගතය නිර්මාණය කරන චින්තනයේ පදනම පුළුවන් ශ්‍රී ලංකා දැක්මයි.. චින්තනයයි. ඒ මගහැර වෙනත් මගක් නැත. විකල්පයක් නැත. බලාපොරොත්තු අත් නොහරිමු! පුළුවන් ශ්‍රී ලංකා.. අනාගතය  මෙතන. අනාගතයක් නැති පසුගාමී අතීතකාමී දේශපාලන බලවේග පිටුපස ගොස් අතරමං නොවන්න. වල්මත් නොවන්න

දකුණු ඉවුරේ අපි.

(නිශාන්ත ශ්‍රී වර්ණසිංහ)
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් සංවිධායක
හිටපු පළාත් සභා අමාත්‍ය 
nishanthasriws@gmail.com

Nishantha Sri Warnasinghe ගේ ෆේස්බුක් පිටුවෙන්..
2024.10.07

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රට ගොඩදාපු සිලින්ඩරේ සන්ධානය - (නිශාන්ත ශ්‍රී වර්ණසිංහ) | The Leader