The Leader News
BREAKING
Top Ad
Opinion

වහලාගේ අනෙකා ස්වාමියා උනාට ස්වාමියාගේ අනෙකා මරණයයි...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

October 8, 2024 • 6:32 AM

වහලාගේ අනෙකා ස්වාමියා උනාට ස්වාමියාගේ අනෙකා මරණයයි...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතිං ඒ සමහරුන්ගේ ඉතාම දිගු සෙවනැලි පසුකරන්න ගොඩක් දුර ඇවිදගෙන යන්න වෙනවත් කියල ඇය තවදුරටත් කියනවා.
  • සමහරු ඉතාම පොඩි වෙලාවක් ඇතුලේ කරන දෙයක් අපේ ජීවිත කාලයක් පුරා රැඳෙන්න පුළුවන්.
  • රෝයි එයාගේ ''සිල්ලර දෙවියන්'' (The God of Small Things) කතාව ඇතුලේ ඒ වගේ පොඩි වෙලාවල් වල පොඩි මිනිස්සු කරන අමතක නොවෙන දේවල් ගැන ගොඩක් දේවල් ලියල තියනවා. අපේ දේශපාලනය ගත්තත් ඒ වගේ දිගු සෙවනැළි අපේ සමාජය පුරා ඇතිරිලා තියනවා අපිට දකින්න පුළුවන්.
  • ඒ සෙවනැල්ලෙන් රැඩිකල් විදියට ඉවත් වෙන්න අනුර මැලිකමක් දක්වනවා වගේ පේනවා. ලංකාවේ මේ යුගයේ කතා දෙකයි තියෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉතිං ඒ සමහරුන්ගේ ඉතාම දිගු සෙවනැලි පසුකරන්න ගොඩක් දුර ඇවිදගෙන යන්න වෙනවත් කියල ඇය තවදුරටත් කියනවා.

විශේෂයෙන් සමහර පිරිමි ආත්ම ගැහැණු පැවැත්මක් මත අතුරන එවැනි දිගු අඳුරු සෙවනැලි සමහරවිට ජීවිත කාලයක් පුරා පවතින්න පුළුවන්. ඒ වගේම තමයි ගැහැණු පිරිමි මත අතුරන එවැනි සෙවනැළිත්. ඒ මතකයන්, ක්ෂිතීන්, තිගැස්සීම්, ප්‍රමෝදයන් සමහරක් වෙලාවට මැරෙනකම්ම පසුකර යන්න බැරිවෙනවා.

 

සමහරු ඉතාම පොඩි වෙලාවක් ඇතුලේ කරන දෙයක් අපේ ජීවිත කාලයක් පුරා රැඳෙන්න පුළුවන්. රෝයි එයාගේ ''සිල්ලර දෙවියන්'' (The God of Small Things) කතාව ඇතුලේ ඒ වගේ පොඩි වෙලාවල් වල පොඩි මිනිස්සු කරන අමතක නොවෙන දේවල් ගැන ගොඩක් දේවල් ලියල තියනවා. 

අපේ දේශපාලනය ගත්තත් ඒ වගේ දිගු සෙවනැළි අපේ සමාජය පුරා ඇතිරිලා තියනවා අපිට දකින්න පුළුවන්. ලංකාව උඩුයටිකුරු කරපු ජේ. ආර්. ඒ වගේ දිගු සෙවණැල්ලක් තිබ්බ දේශපාලඥයෙක්. යුද්දේ ඉවර කරපු මහින්ද තවත් ඒ වගේම කෙනෙක්. 

ප්‍රභාකරන් වගේම විජේවීර සතුවත් එවැනි දිගු සෙවනැළි තිබ්බ කියල මට හිතෙනවා.

 

රනිල් ඉදිරියේ දණ ගැසීමට රාජපක්ෂලාට ඇත්තේ තව කොච්චර දුරක්ද?- රටේ රාළ

ඒ වගේම තමයි අනික් සියල්ල අමතක කළත් පසුගිය අවුරුදු දෙකේ රනිල් කරපු දේ. ඒ දේ ලිබරල් දේශපාලනයේ විභවය ගැන විශාල සලකුණක් තියල තියනවා. වෙනත් දෙයක් කරා යන්න බැරි විදියට ඒ සෙවණැල්ල දිගුයි. පසුකරන්න ගොඩක් වෙලා යනවා.

දැනට පෙනෙන විදියට ඒ රනිලියානු සෙවණැල්ල යට තමයි අනුර ඉන්නේ. ඒ නිසා අනුර හරියටම පේන්නේ නැහැ. ඒ සෙවනැල්ලෙන් රැඩිකල් විදියට ඉවත් වෙන්න අනුර මැලිකමක් දක්වනවා වගේ පේනවා. 

ලංකාවේ මේ යුගයේ කතා දෙකයි තියෙන්නේ. එකක් ගෝඨාගේ කතාව. අනික රනිල්ගේ කතාව. ගෝඨාගේ කතාව අසමත්බව පිළිබඳ කතාවක්. රනිල්ගේ කතාව යම් ගොඩදැමීමක් ගැන කතාවක්. යම් සාර්ථක කතාවක්.

 

IMF නව ජනපතිට දුන් පණිවුඩය සහ ඔහු විසින් 'අනිවාර්යයෙන් ම ජය ගත යුතු' අභියෝග  7ක්
අනුර පරිස්සමින් යන්නේ මේ කතා දෙක අතරේ සීරු මාරුවට පය තියමින්. ඉන් සාර්ථක බවේ කතාවෙන් ඔහු එළියට යන්න බයයි. මොකද ඔහුට අනික් කතාව එක්ක අනන්‍ය වෙන්න වෙයි කියන බයට. ඒ නිසා ඒ සෙවනැල්ලෙන් ඉවත් වෙලා රැඩිකල් දෙයක් කරන්න බැහැ. 

අසමත් මිනිහෙක් විදියට මැරෙන්න වෙයි කියල යමෙක් බයවුනොත් එයාට කවදාවත් වීරයෙක් වෙන්න බැහැ. ඒ නිසා වඩා වඩා අසමත් උනත් රැඩිකල් දේවල් කරන්න බය වෙලා බැහැ. එහෙම කියන්නේ බ්‍රෙෂ්ට්.

අනුරට අනුර වෙන්න ඕනි නම් රනිල්ගේ සෙවනැල්ලෙන් එළියට එන්න වෙනවා. මොකද රනිල්ගෙන්ම ඉගෙන ගත්තොත් එයා පරදින්න බය උණේ නැහැ. බිංදුවට වැටෙන්න බය උණේ නැහැ. තමන් විශ්වාස කරපු දේ වෙනුවෙන් පෙනීඉන්න බයඋනේ නැහැ. ඒ තමා ස්වාමියාගේ හැටි.

වහලාගේ අනෙකා ස්වාමියා උනාට ස්වාමියාගේ අනෙකා වහලා නෙවෙයි මරණය කියල හේගල් කියන්නේ නිකං නෙවෙයි. 

(සංවාදයට විවෘතයි).



බලාගෙන හැදෙන්න මෙච්චර දේවල් තියන රටක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...