The Leader News
BREAKING
Top Ad
Opinion

අගමැති සටන තියෙන්නේ හරිනි සහ සජිත් අතර - (රජිත් කීර්ති තෙන්නකෝන්)

T

The Leader Desk

October 9, 2024 • 7:40 AM

අගමැති සටන තියෙන්නේ හරිනි සහ සජිත් අතර - (රජිත් කීර්ති තෙන්නකෝන්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අගතියක් නොවන සේ, මැතිවරණ ව්‍යාපාරයේ හරිනි සහ සජිත් පිළිබඳ චිත්‍රණය වී ඇති මතය හඳුනාගැනීම වැදගත්ය.
  • අවධාරණයෙන්ම කිව යුත්තේ, මේ අර්ථ දැක්වීම සමාජයේ ද, සමාජ මාධ්‍ය යේ ද, චිත්‍රණය කර ඇති සිතුවම මිස මාගේ නොවේ! හරිනි, පරණ ජවිපෙ සාමාජිකයින් සුළුතරයක් ද, නීතිඥයින්, වෘත්තිකයින්, ගුරුවරුන්, උපාධිධාරීන් රැසක් ද, සමඟ අලුත්ම ලැයිස්තුවකින් තුනෙන් දෙකක් ඉක්මවන ජන වරමක් පතයි.
  • සජිත්, ජනාධිපතිවරණයකින් පරාජයට පත්වී මාස කිහිපයකින් 2020 මහා මැතිවරණයේ ආසන 54 ක් ලැබීය.
  • මැතිවරණ විද්‍යා අනුව, ජාතික මැතිවරණයකින් පරාජයට පත් වන දේශපාලන පක්ෂයට 13% සිට 23% දක්වා ඡන්ද ප්‍රමාණයක් අහිමි වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අගතියක් නොවන සේ, මැතිවරණ ව්‍යාපාරයේ හරිනි සහ සජිත් පිළිබඳ චිත්‍රණය වී ඇති මතය හඳුනාගැනීම වැදගත්ය.   

හරිනි යනු, උගත්, බුද්ධිමත්, ලිබරල්, නැගීගෙන එන, නිදහස් කාන්තාවකි. - රැජිනකි. 

සජිත් යනු, සාම්ප්‍රදායික, පසුගාමී, පවුල කේන්ද්‍රීය පිරිමියෙකි. - පියානෝගේ පුතෙකි.

අවධාරණයෙන්ම කිව යුත්තේ, මේ අර්ථ දැක්වීම සමාජයේ ද, සමාජ මාධ්‍ය යේ ද, චිත්‍රණය කර ඇති සිතුවම මිස මාගේ නොවේ! 

 

M00000000808 WhatsApp Image 2024 10 03 at 15.19.02
හරිනි, පරණ ජවිපෙ සාමාජිකයින් සුළුතරයක් ද, නීතිඥයින්, වෘත්තිකයින්, ගුරුවරුන්, උපාධිධාරීන් රැසක් ද, සමඟ අලුත්ම ලැයිස්තුවකින් තුනෙන් දෙකක් ඉක්මවන ජන වරමක් පතයි. සජිත්, ජනාධිපතිවරණයකින් පරාජයට පත්වී මාස කිහිපයකින් 2020 මහා මැතිවරණයේ ආසන 54 ක් ලැබීය.

මැතිවරණ විද්‍යා අනුව, ජාතික මැතිවරණයකින් පරාජයට පත් වන දේශපාලන පක්ෂයට 13% සිට 23% දක්වා ඡන්ද ප්‍රමාණයක් අහිමි වේ. ජයග්‍රාහී පක්ෂයට සුළු ඡන්ද සංඛ්‍යාවක් වැඩි වන්නේය. පරාජිත පක්ෂයට ඡන්දය දෙන්නට ජනතාව එන්නේ නැත. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව පහත වැටෙන්නේය. එහි අවාසිය ද විපක්ෂයට ය.

සජිත් එජාපයේ ඉන්නවද ? නැද්ද ? තීන්දුව අද (හඬපට)

 

2019 ජනාධිපතිවරණයේ සජිත්ගේ ඡන්ද ලක්ෂ 55 මහ ජන්දයේ දී ලක්ෂ 27 ට (50%) කින් අඩු වූවේය. මෙවර සජිත් ගේ ලක්ෂ 43, කොපමණ පහතට වැටෙනු ඇති දැයි පැහැදිලි නැත. අතීත දත්ත පාදන ඉහත විග්‍රහය අනුව, සජබට මහා මැතිවරණයේ දී ආසන 42 - 46 කට වඩා ලැබීමට තාර්කික අවස්ථාවක් නැත.  නමුත්, විධිමත් මැතිවරණ ව්‍යාපාරයකින් සජබ හා සමාන සිතැති කඳවුරට (Like minded camp) ආසන 75 - 78 ක් ලැබිය හැකිය.  

හරිනි හා සජිත් අතර ඉහතින් දැක්වූ රැජින - පියානෝගේ පුතා චිත්‍රණය පවත්නා තෙක් එය කිසි ලෙසකින් හෝ සිදු වන්නේ නැත. එයටත් වඩා ජනාධිපතිවරණයක ජාජබ ට විරුද්ධව සජිත්, රනිල්, නාමල් කඳවුරු තුනක් තිබුණි. මෙවර එය සජිත්, රනිල්, නාමල්, දිලිත් වශයෙන් කඳවුරු හතරක් බවට පත්වන්නේය. සමානුපාතික ඡන්දයක දී එහි වාසිය ජාජබ ට ය. වැඩිම ඡන්ද ගන්නා පක්ෂයට බෝනස් අසුන ලැබේ. එවිට පාර්ලිමේන්තුවේ අවසන් සංයුතියට සැබෑ බෝනස් එකකි.

 

ඒකාබද්ධ ආදායම් එකතු කිරීමේ අධිකාරියක් පිහිටුවීමට සජබෙන් යෝජනාවක්!

විපක්ෂයට වාසි සහගත ලෙස මෙම ප්‍රතිඑලය වෙනස් කළ හැකිද? ඔව්, පැහැදිලිවම එය සිදු කල හැකිය. සරළය. එහි පළමු පියවර, සජිත් ප්‍රේමදාස ඔහු ආදරය කරන පක්ෂ නායකත්වය, සන්ධාන නායකත්වය තබාගෙන අගමැති අපේක්ෂකත්වය හර්ෂ ද සිල්වා ට හෝ කබීර් හෂීම් හෝ චම්පික රණවක තබා බුද්ධික පතිරණ ට වැන්නෙකුට හෝ ලබාදීම ය. එවිට, අද එජාපයේ සිටින බහුතරයක් නවතින්නේ දුරකතනයෙන් තරඟ කරන ඒ කඳවුරේ ය. 

එජාප - සජබ කඳවුරු දෙක එක්වන පරිසරයක ‘කොටය‘ දිනා ගැනීමේ වැඩිම අවස්ථාව එනම් දිස්ත්‍රික්ක 18 ක සභික ධූර 18 ක් එම සන්ධානය හිමිවන්නේය. ගෑස් සිලින්ඩරයට අවම මන්ත්‍රී ධූර 15 ක් හිමිවන්නේ නම්, එය 33 ක් බවට පත්වන්නේය. එවිට මාලිමාවට 2/3 ලැබෙන්නේ නැත.



අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරියට දාන හර්ෂ ට, කබීර් ට, කිරිඇල්ල ට හෝ වෙනත් අයෙකු සමඟ සජිත් ට ගිවිසුම් ගතවිය හැකිය.  දිනුවොත් ඔබ අගමැති. පැරදුණොත් සජිත් විපක්ෂ නායක! 

හරිනි පරාජය කළ නොහැකි නමුත්, ඇයගේ ජයග්‍රහණය අවම කළ හැකිය. හරිනි රැජින - සජිත් පියානෝ ගේ පුතා චිත්‍රණය වෙනස් කිරීමෙන් මිස කිසිදු ලෙසකින් ජජාබ ට තරඟයක් දීමට වත්මන් ප්‍රධාන විපක්ෂයට හැකියාවක් නැත. 

ජනාධිපතිවරණය ඉලක්ක කර සජබ ඉදිරියට ගත් කුල සාධකය ජනාධිපතිවරණයේ දී, නිශේධනය විය. කුල අපේක්ෂකයින් බහුතරයක් නාම යෝජනා දෙන්නේ හෝ නැත.  

 

මෙවර ඡන්ද පොළට යාමට පෙර ඡන්ද දායකයින් දැන සිටිය යුතු දේ
මම ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු නොවන නමුත්, ඒ සියල්ලේම තීරණ ගන්නා බුද්ධි කවය සමීපව ඇසුරු කර ඇත්තෙමි. අවසනාවට සජබට 2020 මහා මැතිවරණයෙන් පසුව එවැනි ‘බුද්ධි කවයක්‘ නැත. විකල්ප සහ මැතිවරණ උපක්‍රම තබා දේශපාලන උපක්‍රම තීරණය කරන වේදිකාවක් නැත.

1956 සිදු වූ ලෙස සමාජ විප්ලවයක් රටට අවශ්‍යය. 1977 මෙන් ආර්ථික විප්ලවයක් රටට අවශ්‍යය. 1994 මෙන් ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් රටට අවශ්‍යය. 2024 නූතන විප්ලවය පාර්ලිමේන්තු මැතිවරණයේ දී පරාජයට පත් වනු දැකීම මාගේ පැතුම නොවේ. එය රටේ ද අභිලාශය නොවන්නේය. වාසනාව නොව 1977 (ජේ.ආර්.), 2018 (බැසිල්) හා සමාන සංවිධාන ශක්තියකින් ජයගත් අනුරට වසර 5 ක් හිමි විය යුතුමය.

පාර්ලිමේන්තුව අද රෑ අවසන් කරයි ! - යළි විවෘත කිරීම පෙබ. 8

 

නමුත්, රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය ය. සංඛ්‍යාත්මක නොවන නමුත් 1989 පාර්ලිමේන්තුවේ සිටි පිරිස මෙන් වැඩකරුවන් පිරිසක් මෙවර විපක්ෂයට අවශ්‍යය.  

වත්මන් සන්ධර්භයට අනුව ඡන්දයට යන්නට පෙරම ජයග්‍රාහකයින් යැයි කිව හැක්කේ සජිත්, මරික්කාර්, මුජිබර්, ගයන්ත, බුද්ධික, දිලිප් වෙදආරච්චි, හර්ෂණ, කාවින්ද, රෝහිණී කවිරත්න, රෝහණ බණ්ඩාර, කිංස් නෙල්සන්, නලීන් බණ්ඩාර, අශෝක් අබේසිංහ, මොණරාගල ධර්මසේන, හලීම්, කබීර්, සුජිත් පෙරේරා, හේෂාට යන අතලොස්සට පමණී. 
  
2020 මහාමැතිවරණයෙන් සජබයේන් මන්ත්‍රීවරුන් 35 ක් පත්විය. එයින් පාර්ලිමේන්තුව විසිරුවන විට ඉතිරි වූවේ 29 කි. ඊලඟ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සභික සංඛ්‍යාව තීරණය වන්නේ මේ සුත්‍රයට අනුව ය. මනෝ, දිගම්බරම්, හකීම්, රිෂාඩ්, හිස්බුල්ලා ඇතුළු සන්ධාන පාර්ශව සතු බලය මෙවර පරීක්ෂාවට ලක් වන්නේය.

දක්ෂයින් සහිත දක්ෂිණාංශික විපක්ෂයක් පාර්ලිමේන්තුවේ බිහි කර ගත යුතුය. කුමන පක්ෂයකින් වුවත්, ශක්තිමත්, උපක්‍රමශීලී නූතන විපක්ෂයක් පාර්ලිමේන්තුවේ පැවතිය යුතු බවය.

වෘක රැලක පැවැත්ම ඇත්තේ දක්ෂතමයා නායකයා කර ගත් විටය. අලි රංචුවක පැවැත්ම ඇත්තේ දක්ෂතමයා ‘රජ ඇතා‘ කළ ගත් විටය.  රජා කවුද යන්න තීරණය වනු ඇත්තේ, රංචුවේ ස්වභාවය අනුවමය. ශක්තිමත් විපක්ෂයක් උදෙසා, ශක්තිමත් පිරිසක් පාර්ලිමේන්තුවට එවීම දක්ෂිණාංශයේ වගකීමකි. 

සමෘද්ධිය හෙවත් අත පය තියාගෙන නිකං කෑමේ දේශපාලනය - (රජිත් කීර්ති තෙන්නකෝන්)(රජිත් කීර්ති තෙන්නකෝන්)
හිටපු විධායක අධ්‍යක්ෂ 
කැෆේ (නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ) 
rajith_tennakoon@yahoo.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...