ඉතිං, පරිපාලන සේවයේ ‘ටිප් ටොප්‘ එතනට පත් කළා.
එදා පොළොන්නරුවේ ව්‍යාපෘති 3000 කට වැඩියි. පිබිදෙන පොළොන්නරුව ව්‍යාපෘතියට අමතරව, වකුගඩු රෝහල්, වාරි කර්මාන්ත, ක්‍රීඩා පිට්ටනි, කාර්යාල සංකීර්ණ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ගෘහස්ත ක්‍රීඩාංගන එකී මෙකී නොකී ව්‍යාපෘති ඇති පදම්. ටික දවසක් යද්දී මේ වැඩ එක එක ඇනෙනවා. ජනාධිපතිතුමා කියනවා ‘මෙන්න මේ මිනිහට තානාපතිකමක් දීලා හරි පොලොන්නරුවෙන් අයින් කරලා දාන්න‘ කියලා.

ඒ දිසාපති එතනින්, තැපැල්පති වුණා. ඡන්දයට දින 4 යි, තැපෑලේ ලිපි ලක්ෂ 3 ක් හිරවෙලා කියලා කැෆේ සංවිධානය දැනගත්තා. දැන් ප්‍රශ්නය අපේ හිටපු මැකෝතුමා ලඟ. තැපැල් ලොක්කෝ, ලෝකේ තිබ්බ බොරුවලින් බාගයක් කියනකොට ප්‍රාදේශීය තැපැල් කන්තොරුවලින් ඇත්ත කතාව මැකෝතුමාට දැනගත්තා. අම්බලන්ගොඩ වැල්ලේ භාෂාවෙන් අපි ටිකක් වෙලා කතා කළා.
මම ජනාධිපති කාර්යාලයේ ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් ඉස්සරහට, ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති රැස්වීමක දී යම් විෂයක පුහුණුවක් ඔවුන් ඉල්ලුවා. ඔබ බලය පළාත් සභාවට තියෙනවා,එතන සම්පත් තියෙනවා. අපි කරමු -- මම කිව්වා.
ජනාධිපති ලේකම්ගේ විධිමත් උපදෙස් යනවා. වයඹ පලාතෙන් ලොක්කාගෙන් ලියුමක් එනවා, මේක කරන්න ඕනි අපි නෙවේ. අහවල් ආයතනය යි. එහෙම වුනත් අපිට සම්පත්/සල්ලි දෙනවා නම්, කරන්නම් කියලා. අඩුම ගානේ එතුමා, පළාත් සභාවේ බලතල හා කාර්ය දන්නේ නෑ කියලා ග්‍රාම නිලධාරි ප්‍රජාව දැනගත්තා. අනෙක් පළාත්වල වැඩේ කෙරුණා.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන ආණ්ඩුකාරතුමා වයඹට යනවා. ‘වයඹ විධායක ජනාධිපති‘ විදිහට ප්‍රධාන ලේකම්තුමා හැසිරෙන්න පටන් ගත්තා. මම පත්වීමේ බලධාරීන්ට -- නීතිය - ව්‍යවහාරය පැහැදිලි කලා. ලක්ෂ්මන් ආණ්ඩුකාරතුමාගේ, සම්බන්ධීකරණ ලේකම්ගේ හිත හොඳ වැඩි වුණා. මාස ගණනාවකට පස්සේ, නියපොත්තෙන් කඩාගන්න තිබුණ ප්‍රශ්නය -- ජාතික ප්‍රශ්නයක් වෙලා, වයඹ ප්‍රධාන ලේකම් තනතුරට වෙනත් නිලධාරිනියකගේ පත් වුණා. එතකොට, ජ්‍යෙෂ්ඨත්වය පිළිබඳ කතාවක් දලා මෙතුමා වෘත්තීය සමිති නාට්ටියක් පෙන්නුවා.
අනුර කුමාර ජනාධිපතිතුමාගේ ලේකම් ලැයිස්තුවේ ඉන්න අයගෙන්, ආණ්ඩුව ඉස්සරවෙලාම ඇන ගන්නේ ගල්අඟුරු ලේකම්ගෙන් මට කියවුණා. විශ්‍රාමික ලේකම් මිත්‍රයෙක් කිව්වා, ‘නෑ පරිපාලන සේවයේ අයිතිකාරයාගෙන්‘ කියලා. මම චොකලට් එකේ ඔට්ටුව පරාදයි! අපේ මිත්‍රයාට දැන් චොකලට් කන්නේ නෑ. මුද්දර කතාව ගැන සමාජ මාධ්‍යවල උපදෙස් දෙන මිත්‍රවරුන්ට, මම ඒ ටික දෙනවා.
හරිනි, විජිත පැටළුණු මුද්දර කතාව මඩක් නෙවෙයි. එකේ පසුබිම් කතාව..
සමාජ මාධ්‍ය පෝස්ටුවක්
''කියවන මුද්දර' වැඩසටහනේ අධ්‍යක්ෂ නිරෝෂන් මගෙත් එක්ක එක ලඟ අවුරුදු දහයක් වැඩ කළ නිසා මම හොදට දන්නවා. මුද්දර සංස්කෘතිය ගැන කියවන ''මුද්දර වැඩසටහන'' හදපු ලේඛන අච්චු ගහන්නත් ඉස්සර කියවන්න මට අවස්ථාව ලැබුණා.

1. මම අහන්නේ නෑ, මේ මුද්දර සමරුවට රු. 2500 හෝ 3000 බැගින් විදයම් කළේ කාගේ සල්ලි ද කියලා.
2. ඊයේ ලෝක තැපැල් දිනය. මේ නාට්ටිය නිසා ඒකට ගහපු මුද්දරය රටේ මිනිස්සු දැක්කේ නෑ.
3. දිසාපතිකම, තැපැල්පතිකම, ප්‍රධාන ලේකම්කම කරගන්න බැරි වෙච්ච ගෙනා ඒ අමාත්‍යාංශයේම ලේකම් කලාම මෙහෙම දේවල් වෙන බව අතිගරු ජනාධිපතිතුමාත්, ජනාධිපති ලේකම්තුමත් දැනගන්න ඕනි.
4. ඡන්දයට තව මාසයයි, උගත්, ලිබරල්, නූතන හරිනි යි, මගේ ගමේ, ඉස්කොලේ මිත්‍රයා විජිත හේරත් ඇමතිතුමාගෙයි ප්‍රතිරූපය මුළුමනින්ම විනාශයි.
5. අලුත් දේශපාලන සංස්කෘතිය, ළමයි දේශපාලනයෙන් ඉවත් කිරීම, වැදීම නැවැත්වීම මේ සේරම දාලා පාට කරපු චිත්‍රය ඉවරයි. මේක රත්තරංට කලාට කමක් නෑ. අගමැතිතුමියට කරන එක අවුලක්. විශේෂයෙන්ම තමන්ගේ පිරිසිදු බවට වඩා අනුන්ගේ කැත ගැන කතා කරපු කඳවුරකට මෙය අවුලක්.
6. නිලධාරි, මේ රටේ දේශපාලන නායකයෝ අන්දවනවා. මහින්ද, මෛත්‍රී, ගෝඨාභය, රනිල් අන්දවන්න හදපු හැටි, අන්දවපු හැටි මම මගේ ඇස් දෙනෙක් දැකලා තියෙනවා. ආණ්ඩුවේ විපක්ෂයේ නොහිටියත් ඒවා වලක්වලා තියෙනවා.
දැන්, අමාත්‍යාංශ ලේකම්, තැපැල්පති හරි අයින් කරන්න බලන්න. රාජ්‍ය යන්ත්‍රයම, වරද හරිනිගෙයි, විජිතගෙයි බැරිනම් පුද්ගලික කාර්ය මණ්ඩලයේ කෙනෙකුගේ ඇගේ ගහනවා!
අගමැතිගෙයි, ඇමතිගෙයි මූනේ කෙළ ගාලාම අලවගන්න පළමු වැඩේම ගානට සෙට් කරපු හැටි!!!
මාලිමා මිත්‍රවරුනි, මාලිමා ප්‍රේමීනි,
නිලධාරි ස්වල්ප දෙනෙක් තමන්ගේ පැවැත්මට නායකයෝ අන්දවන්න හදනවා. (අති බහුතරයක් එහෙම නෑ) එහෙම නැති වැඩකාරයෝ දහස් ගානක් රාජ්‍ය සේවයේ ඉන්නවා. ඔවුන් ලඟ සහචරවාදය නෑ. ඔවුන් පාලකයින්ට මානසික අල්ලස් දීලා ඔවුන්ගේ ‘අචිලීස් හීල්‘ එකට විදලා තමන්ගේ පැවැත්ම තියාගන්නේ නෑ. කේලම් කියන්නේ නෑ. වැඩක් දුන්නොත් කරනවා.
වැරදි වැඩක් යෝජනා කළොත්, ඒක හොඳ නෑ නේද? මෙහෙම වෙයි නේද? අහනවා. අවදානම පෙන්නලා, කරන්න පුළුවන් නිර්මාණාත්මක වැඩක් සැලසුම් කරනවා. ලංකාවේ රාජ්‍ය සේවයේ සුවිශේෂී වැඩකාරයෝ ඉන්නවා. රු. බිලියන ගණන් ව්‍යාපෘති, ආත්ම තෘප්තියට කරන අය, අඩුම ගානේ ස්තුතියක් බලන්නේ නැති අය ඉන්නවා. ඒ අය හොයාගමු.
මාලිමා ආණ්ඩුවේ ‘මිෂන් එක‘ මොකක්ද කියලා තවම අගමැතිතුමිය, ඇමතිවරු, ආණ්ඩුකාරවරු හෝ ජනාධිපති ලේකම් වත් තවම රාජ්‍ය සේවයට කියලා නෑ. ප්‍රශ්නය තියෙන්නේ එතන!
ඒ නිසා තමයි, පරණ ක්‍රමයට ආණ්ඩුව අන්දන්න යන්නේ!
(රජිත් කීර්ති තෙන්නකෝන්)
හිටපු විධායක අධ්‍යක්ෂ
කැෆේ (නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය )
8 වන ජනාධිපති ගේ ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් සහ හිටපු ආණ්ඩුකාර
rajith_tennakoon@yahoo.com



