The Leader News
BREAKING
Top Ad
Opinion

දහිරවාට්ටු ජනතාව මත පැටවීම...! - (ප්‍රියශාන්ත රාජපක්ෂ)

T

The Leader Desk

October 12, 2024 • 1:44 PM

දහිරවාට්ටු ජනතාව මත පැටවීම...! - (ප්‍රියශාන්ත රාජපක්ෂ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලාභ නොලබා අධික පාඩු සහිතව පවත්වාගෙන ගිය රාජ්‍ය ආයතනද, එහි සිටි නාස්තිකාර නිලධාරීන්ද මේ තත්වයට වගකිවයුතුය.
  • ඒවගේම සන්නිවේදනයේ සිදුවූ නව්‍ය පෙරලියත් සමඟ පරන තැපෑල හුදු කෞතුක වස්තුවක් බවට පත්වෙලා ඉවරයි දැන්.
  • ශ්‍රී ලන්කන් එයාර් එකට අවශ්‍ය නව ගුවන් යානා මිලදී ගැනීමට හෝ බද්දට ගැනීමට රාජ්‍යයට ආර්ථික ශක්තියක් නෑ.
  • (ප්‍රියශාන්ත රාජපක්ෂ) (අධ්‍යයන කවය) "89-සහෝදරත්වය" (උපුටා ගැනීම - Priyashantha Rajapaksha ගේ ෆේස්බුක් පිටුවෙන්...).
අකුරු ප්‍රමාණය (Font Size):


ලාභ නොලබා අධික පාඩු සහිතව පවත්වාගෙන ගිය රාජ්‍ය ආයතනද, එහි සිටි නාස්තිකාර නිලධාරීන්ද මේ තත්වයට වගකිවයුතුය.

මෙතනදි තැපෑල කියන්නේ පසුගිය වසරවල් වල රාජ්‍යයට බිලියන ගනන් පාඩු ගෙනාපු තැනක්. ඒවගේම සන්නිවේදනයේ සිදුවූ නව්‍ය පෙරලියත් සමඟ පරන තැපෑල හුදු කෞතුක වස්තුවක් බවට පත්වෙලා ඉවරයි දැන්.

 

election 2සන්නිවේදනයේ සිදුවූ නව්‍ය පෙරලියත් සමඟ පරන තැපෑල හුදු කෞතුක වස්තුවක් බවට පත්වෙලා ඉවරයි දැන්.

එහෙම තියෙද්දිත් තව දුරටත් බංකොලොත් තැපෑලෙ බඩු කරඬුවක් සේ රාජ්‍යයේ කර උඩ අරන් යන්න හදනවා කියන්නේ මේ ආන්ඩුවට ප්‍රශස්ථ ආර්ථික දැක්මක් නෑ කියන එක.

 

ශ්‍රී ලන්කන් එයාර් එකත් එහෙමම තමා. ශ්‍රී ලන්කන් එයාර් එකට අවශ්‍ය නව ගුවන් යානා මිලදී ගැනීමට හෝ බද්දට ගැනීමට රාජ්‍යයට ආර්ථික ශක්තියක් නෑ. ඒ වගේම ශ්‍රී ලන්කන් එයාර් එක යුගයට සරිලන සේ නව්‍යකරණය කරන්න අවශ්‍ය තාක්ෂණය, ප්‍රාග්ධනය රාජ්‍ය සතුව නෑ..

 

SriLankan Airlines 2021.10.13ශ්‍රී ලන්කන් එයාර් එක යුගයට සරිලන සේ නව්‍යකරණය කරන්න අවශ්‍ය තාක්ෂණය, ප්‍රාග්ධනය රාජ්‍ය සතුව නෑ

මේ පසුබිම නිසා අධික පාඩු ලබන ශ්‍රී ලන්කන් එකේ පාඩුව කවදාවත් ගුවන් තොටුපොලක් අහලකටවත් ආපු නැති මිනිස්සුන්ගේ කරපිට පවා පැටවිලයි තියෙන්නේ ..
කරන්ට තියන එකම දේ තාක්ෂණය ප්‍රාග්ධනය තියෙන ගෝලීය ආයෝජකයෙකුට ඒක දීලා දාන එක...

දුරකතන සන්නිවේදනය පුද්ගලික අංශයට නොදී රාජ්‍ය ආයතනයක් විදියට දිගටම තියාගෙන හිටිය නම් කවදාවත් අද තියෙන දියුණු සන්නිවේදන ක්‍රමවේද අපිට ලැබෙන්නෙත් නෑ.

 




(ප්‍රියශාන්ත රාජපක්ෂ)

(අධ්‍යයන කවය)
"89-සහෝදරත්වය"

(උපුටා ගැනීම - Priyashantha Rajapaksha ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...