The Leader News
BREAKING
Top Ad
Opinion

සිංහල බෞද්ධ කුමාරයා - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

October 12, 2024 • 4:10 PM

සිංහල බෞද්ධ කුමාරයා - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කඳුකර ප්‍රදේශ අනුර කුමාර දිසානායකට ඡන්දය දී නොමැත.
  • ඔහුට ඡන්දය දී ඇත්තේ සිංහල බෞද්ධ ජනතාවමය.
  • හරියටම කිව්වොත් එය 2019 ටත් වඩා සිංහල බෞද්ධ ජයග්‍රහණයකි.
  • ඇතැම් විට අප නොදන්නවා වුණාට එය එතුමාගේ ජයග්‍රහණය පතා කළ බාරයක් ඔප්පු කිරීමක් විය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

කඳුකර ප්‍රදේශ අනුර කුමාර දිසානායකට ඡන්දය දී නොමැත. ඔහුට ඡන්දය දී ඇත්තේ සිංහල බෞද්ධ ජනතාවමය. ඔහුගේ ජයග්‍රහණය තනිකරම සිංහල බෞද්ධයන්ගේ ජයග්‍රහණයකි. හරියටම කිව්වොත් එය 2019 ටත් වඩා සිංහල බෞද්ධ ජයග්‍රහණයකි.

sert34
එබැවින් අනෙකුත් ජාතිකාගමිකයන්ගේ සිත රිදුණාට අභිනව සිංහල බෞද්ධ ජනාධිපතිවරයා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ආශීර්වාද ලබා ගැනීම ඉතාම නිවැරදිය. ඇතැම් විට අප නොදන්නවා වුණාට එය එතුමාගේ ජයග්‍රහණය පතා කළ බාරයක් ඔප්පු කිරීමක් විය හැකිය. ඒ සියල්ලට වඩා දිලිත් ජයවීර වැනි ව්‍යාජ සිංහල බෞද්ධයන්ට එල්ල කළ අතුල් පහරක් වන නිසා මා එයට ඉතා කැමතිය.

ආර්ය සිංහලයන් විසින් මේ භූමියේ ඉදි කළ අනභිභවනීය සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ නූතන නායකයා අනුර කුමාර දිසානායකය. ඔහුගේ පෙළපත් නාමයද ඉපැරණි සිංහල බෞද්ධ රාජතාන්ත්‍රික නායකත්වය හඟවයි. එපමණක් නොව, ලංකා ද්වීපයේ පළමු සිංහල රාජධානිය වන අනුරාධපුරයේ නාමය ඔහුට හිමි වීමද විශේෂත්වයකි. එමෙන්ම සිංහල රාජාවලිය සිහි ගන්වමින් “කුමාර” නාමය ඔහුට හිමි වීම අහම්බයක් යැයි කිව නොහැකිය. අපගේ ජනාධිපතිතුමාගේ සිංහලකම කිසිවෙකුට සැඟවිය නොහැකිය.

drtw45


අනුර කුමාර මත්පැන් දුම්කොළ ගංජා නොබොන නායකයෙකි. ජීවිතය පුරා අමධ්‍යප අධූමප වන මා එයට ඉතා කැමතිය. ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන්ට හේවිසි නාද මහා පෙළහරින් ගොස් පූජෝපහාර කළ සිංහල බෞද්ධ නායකයා අහිංසක සතුන්ගේ මස් මාංශයෙන් වැළකීම යෙහෙකිය. බලය ලබා ගැනීම වෙනුවෙන් වේදිකාවේ ගල් පැලෙන මුසාවාද කීවාට සිංහල බෞද්ධයන්ගේ කුමාරයා ලෙස මින් මතුවට ඔහු පස් පවින් වළකිනු ඇතැයි මට විශ්වාසය.

දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් අපගේ සිංහල බෞද්ධ නායකයා ප්‍රතික්ෂේප කර තිබේ. එබැවින් බටහිර ගැති අමරසූරිය වලව්කාරයන් වැනි හරසුන් අනාගමික ජාජබ නීචයන් කීව පළියට ව්‍යවස්ථා සංශෝධන හෝ පොලිස්-ඉඩම් බලතල දීම හෝ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හෝ වැනි සිංහල බෞද්ධ විරෝධී කිසිවක් කිරීමට අනුර කුමාර ජනාධිපතිවරයාට දැන් පයිසෙක උවමනාවක් නැත. එහෙම අවශ්‍ය වුණා නම් ඔවුන් ඔබට ඡන්දය දිය යුතුය. ඔවුන් දුන්නේ නැත. ඔබට ඡන්දය දී ඇත්තේ උපන්ගෙයි මෝඩ වුණත් ඔබව විශ්වාස කළ අහිංසක සිංහල බෞද්ධ ජනතාවමය. එබැවින් එම විශ්වාසය රැකීම සිංහල බෞද්ධ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පරම යුතුකමය.

dry546
නිර්මල ශී සද්ධර්මය රැකී තිබෙන මේ පුණ්‍ය භූමියේ නායකත්වය ලැබෙන්නේ සිංහල බෞද්ධ නායකයෙකුටම පමණක් බව නැවත වාරයක් සනාථ වී තිබේ. ඒ වරමට පිටු පා විදේශ බලවේගයන්ගේ උවමනාවන් ඉටු කිරීමට ගිය හොත් පෙර ඇතැම් රජදරුවන්ට වුණු වින්නැහිය ඔබටත් වනු ඇත. මිත්‍යාදෘෂ්ටිකයන් පසු පස නොගොස්, විදෙස් රටවලට මේ රටේ සම්පත් පාවා නොදී, අපගේ ආර්ය මහා සංඝ රත්නය මුල් කොට තබා, සිංහල බෞද්ධ රාජ්‍යයේ උන්නතිය වෙනුවෙන්ම ඇප කැප වී කටයුතු කළහොත් ඔබට චිරාත් කාලයක් සෙමෙන් රාජ්‍ය කළ හැකිය. ඒ වෙනුවෙන් මම ඔබට ආශීර්වාද කරමි. ධර්මය ඔබට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සිංහල බෞද්ධ කුමාරයා - (එරන්ද ගිනිගේ) | The Leader