The Leader News
BREAKING
Top Ad
Opinion

ජනාධිපතිවරයාට එදා කියු සටන් පාඨ අත්හැර දැමීමට කාලය පැමිණ තිබේ - (ශිරාල් ලක්තිලක)

T

The Leader Desk

October 12, 2024 • 5:07 PM

ජනාධිපතිවරයාට එදා කියු සටන් පාඨ අත්හැර දැමීමට කාලය පැමිණ තිබේ - (ශිරාල් ලක්තිලක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන්වත් පැරණි ඊනියා ප්‍රගතිශීලී හා දේශප්‍රේමය අතහරිමු!
  • අද දවසේ ප්‍රවෘත්තියක දැක්වුනේ අළුතින්ම රු.මිලියන 95,000 ක නයක් මහ බැංකුව විසින් බැදුම්කරයක් හරහා රැස්කර ගැනීමට කටයුතු කොට ඇති බවය.
  • රනිල් මෙලෙසට ණය ගනිමින් රට කලමනාකරනය කරමින් සිටින කල්හි මෙරටේ ප්‍රගතිශීලී අදහස් නියෝජනය කරන්නේ යයි කියනු ලැබු දේශපාලන ප්‍රකාශකයන් එලෙසට ණය ලබා ගෙන රට පාලනය කිරීම උපහාසයට ලක් කරනු ලැබුයේය.
  • අප ඉදිරියේ තිබෙන මරගාතය පිලිබදව වැඩි පුරම කතා කලේ වරෙක ගෝටාබයට චන්දය ලබාදී මෙවර චන්දයේදී මාලිමාවට තම පුර්ණ සහයෝගය ලබාදුන් තමන් ප්‍රගතිශීලී මෙන්ම දේශහිතේශී යයි කියාගන්නා චන්දදායකයන් සහ එම චන්දය ලබා ගැනීම සදහාම ප්‍රකාශකයන් බවට පත්වු ජාතික ජනබලවේගයේ දේශපාලඤයන් විසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

දැන්වත් පැරණි ඊනියා ප්‍රගතිශීලී හා දේශප්‍රේමය අතහරිමු!
රට දුවන්න වෙන්නේ දක්ෂිනාංශික පීල්ලක පමණි !

මෙවන විට රනිල්ගේ ආණ්ඩුව මෙන්ම අනුරගේ ආණ්ඩුව ද දුවන්නේ ණය වලිනි.

අද දවසේ ප්‍රවෘත්තියක දැක්වුනේ අළුතින්ම රු.මිලියන 95,000 ක නයක් මහ බැංකුව විසින් බැදුම්කරයක් හරහා රැස්කර ගැනීමට කටයුතු කොට ඇති බවය.

zxdtw45
මෙය ලාංකික සමාජය විසින් පිලිගත යුතු කටුක මෙන්ම අවාසනාවන්ත තත්වයකි.

අප එම තත්වයට පත් කරන ලද්දේ මෙරටේ පාලකයන් විසින් ඉතිහාසයේදී රට පාලනය කල සහචරවාදී පාලනයන් හේතුවෙනි.

දැන් අතීතයට සාප කරමින් සිටිමෙන් පලක් නොවන අතර මෙම කටුක යථාර්තයට අනුගතවෙමින් අරඹු වැලපාලම් ගමන අවසානය දක්වා යායුතුව තිබේ. එසේ ගමන් කිරිමේ මුලෝපාය ලබා දෙන්නේ දක්ෂිනාංශික ආර්ථික මුලධර්ම වලින් පමනකි.

රනිල් මෙලෙසට ණය ගනිමින් රට කලමනාකරනය කරමින් සිටින කල්හි මෙරටේ ප්‍රගතිශීලී අදහස් නියෝජනය කරන්නේ යයි කියනු ලැබු දේශපාලන ප්‍රකාශකයන් එලෙසට ණය ලබා ගෙන රට පාලනය කිරීම උපහාසයට ලක් කරනු ලැබුයේය.

ඔවුන් කියා තිබුනේ ලෝකයට ණය වී රට කරවීම සමානවන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියාය.

අප ඉදිරියේ තිබෙන මරගාතය පිලිබදව වැඩි පුරම කතා කලේ වරෙක ගෝටාබයට චන්දය ලබාදී මෙවර චන්දයේදී මාලිමාවට තම පුර්ණ සහයෝගය ලබාදුන් තමන් ප්‍රගතිශීලී මෙන්ම දේශහිතේශී යයි කියාගන්නා චන්දදායකයන් සහ එම චන්දය ලබා ගැනීම සදහාම ප්‍රකාශකයන් බවට පත්වු ජාතික ජනබලවේගයේ දේශපාලඤයන් විසිනි.

xdt4we5
එදා මෙලෙස අලංකාරෝක්තියෙන් යටපත් කරනු ලැබු රටේ ණය ආර්ථිකය පිලිබද යතාර්ථයට නව ජනාධිපතිවරයා ප්‍රමුඛ නොවැම්බර් මාසයේදි බලයට පත්වන ආණ්ඩුවට නිසැකවම මුහුනදීමට සිදුවනු ඇත. එසේම අද සිදුවන්නේද එයයි.

ඔවුනට වන්නේද මෙරට පවතින ණය ආර්ථිකය කළමනාකරනය කිරීමටය.

එවිට නිශ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ප්‍රාග්ධන ආයොජනය කිරීමට ඇති සම්භාවිතාව ඉතාමත් අවම වන්නේ රටේ උපදින ආදායම ණය පොලී ගෙවීමට පමනක් යෙදවීමට හේතුවන නිසාය.

එවිට නිශ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම සඳහා මුදලක් සොයාගන්නට වන්නේ විදේශ ආයෝජනයන්ට දොර විවෘත කිරීමට පමණකි.

බංකොලොත් රටක විදේශ ආයෝජන හෝ දේශීය ආයෝජන ආකර්ශනය කරගත හැකි වන්නේ මෙරට පවතින රාජ්‍ය ව්‍යවසායන් ආයෝජකයන්ට විවෘත කරදීමෙන් පමණකි.

මෙරට තුල සෘජු ආයෝජනය සඳහා ආයෝජකයන් පැමිනෙන්නේ නැත. එය අපගේ බංකොලොත්භාවයේ ප්‍රතිපලයකි.

r6e3453

රනිල් ටෙලිකොම් ඇතුලු රජය සතු මුලෝපායික ව්‍යාපාර ආයෝජනයනය සදහා දේශීය හා විදේශීය ආයෝජකයන්ට විවෘත කරන්නට උත්සාහ දැරුවේ ඒ නිසාය. (නමුත් එවා තම ගජමිතුරන්ට විකිනීම එම ප්‍රතිපත්තියෙන් ආවරනය වන්නේ නැත.)

රනිල්ගේ එම ප්‍රතිපත්තිය මෙරට ඊනියා ප්‍රගතිශීලීන්ගේ නිර්දය විවේචනයට ලක්වු අතර එදා කිවේ ලාබ ලබන රාජ්‍ය සමාගම් විකිනීමේ අවශ්‍යතාවයක් නොමැති බවය. එසේම රනිල් රට විකුනන්කන්නට පිඹුරු පත් සකසන බවය.

නමුත් රට අද මුහුනදී ඇති තත්වය තුල කෙතරම් උදාර සංකල්ප තිබුනද අනුර ජනාධිපතිවරයාටද රටේ ආදායම වැඩිකරගන්නට නම් අනුගමනය කරන්නට වන්නේ ඉහත කී මුලෝපාය වන බව කිව යුතුව තිබේ.

එයට ප්‍රධානම හේතුව නැවත ණය ගෙවීමට මෙන්ම අද දවසේ රට කරවීමටද ණය ගැනීමට සිදුවීමයි.

වර්ථමාන ආණ්ඩුවටද බංකොලොත්වීම දක්වා ගෙවීමට සිදුවී ඇති දේශීය හා විදේශීය නය වලට අමතරව 2028 දක්වා රටේ වාර්ශික ශේෂ පත්‍රය තුල පවතින වගකීම් පියවීම සදහා රජයට ණය ගන්නට සිදුවනු ඇත.

එසේ මේවන තෙක් ණය වී ඇති මුදල රුපියල් බිලියන 442 කි. මෙයටද රනිල්ට රටේ ප්‍රගතිශීලීන් අඩාපාලි කීවේය.

qw342fdf
2024 වනවිට අපගේ ණය බර වන්නේ,

1. ඩොලර් මිලියන 55,379 ක් වන දීර්ඝ කාලීන විදේශ ණය

2. ඩොලර් මිලියන 5282 ක් වන කෙටි කාලීන විදේශ ණය


ඉහත දැක්වු ප්‍රධාන ණය වගකීම් ඇතුලුව 2023 සැප්තැම්බර් මස වන විට අප ණය වී ඇති ප්‍රමානය ඩොලර් මිලියන 86,964 කි.

අද අප ණය ගන්නා ඩොලර් මිලියන. අනුර ජනාධිපතිවරයාගේ කරපිටට ඉහත කී ණය ද  අනාගතයේදී වසරක් පාසා එකතුවන ණය ද වැටෙන්නේය.

එම නිසා රටේ ප්‍රගතිශීලීන් මෙතෙක් කියු සටන් පාඨ අතහැර දැමීමට කාලය පැමින තිබේ.

අනුර ජනාධිපතිවරයාට විශ්ම කර්ම කිරීමට මැජික් පොල්ලක් නැත.

Shiral lakthillaka(නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
slakthilaka@gmail.com

@ ශ්‍රිරාල් ලක්තිලක ගේ ෆේස්බුක් පිටුවෙන්...

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනාධිපතිවරයාට එදා කියු සටන් පාඨ අත්හැර දැමීමට කාලය පැමිණ තිබේ - (ශිරාල් ලක්තිලක) | The Leader