The Leader News
BREAKING
Top Ad
Opinion

ව්‍යවස්ථාදායකය හා රටේ අනාගතය - (සාලිය නවරත්න)

T

The Leader Desk

October 13, 2024 • 12:34 PM

ව්‍යවස්ථාදායකය හා රටේ අනාගතය - (සාලිය නවරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එසේ සමුදීම හා සමු ගැනීමට සිදුවීම රට පැත්තෙන් යහපත් තත්ත්වයකි.
  • ඔවුන්ගේ නියෝජනය රටට සෙතක් නොකළත් විශාල හානියක් නොකරන බව විශ්වාසයක් තැබිය හැකිය.
  • බොහෝ විට එය 25 දෙනෙකු නොයික්මවනු ඇති.
  • ඔවුන්ගේ දේශපාලන මතවාදය මගින් හානියක් විය හැකිය. නමුත් මාලිමාව කියන නව දේශපාලන ව්‍යාපාරය හා අලුතෙන් එක් වි පාර්ලිමේන්තුවට එන 80 ආසන්න නියෝජිතයන් ඉහත සදහන් කළ පරිදි නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එසේ සමුදීම හා සමු ගැනීමට සිදුවීම රට පැත්තෙන් යහපත් තත්ත්වයකි. එහෙනම් ඉතින් හොදයි නේ,..

නෑ, එක් පැත්තකින් හොඳක් වනවිට අනිත් පැත්තෙන් විශාල කුණාටු රැල්ලක් හමා එයි. ඒ මොකද්ද ?

ජිවිතේම දේශපාලනය කරගත් ජේවීපී පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන මන්ත්‍රීවරු වීමට නියමිත අපේක්ෂකයන් හට අපගේ ප්‍රතිපත්තිමය එකගතාවයක් නැති වුවත් ඔවුන් ඔවුන්ගේ දේශපාලන මතවාදය විශ්වාස කරමින් ඔවුන්ගේ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටිමින් සාපේක්ෂව ආදර්ශයක් පෙන්වා තිබේ.

ඔවුන්ගේ නියෝජනය රටට සෙතක් නොකළත් විශාල හානියක් නොකරන බව විශ්වාසයක් තැබිය හැකිය. එම නියෝජනය ඉතා සීමා සහිතය. බොහෝ විට එය 25 දෙනෙකු නොයික්මවනු ඇති. ඔවුන්ගේ දේශපාලන මතවාදය මගින් හානියක් විය හැකිය. 

 

හොඳම ඇඩ්වර්ටයිසින් කැම්පේන් එක මාලිමාවේ - (චින්තන ධර්මදාස)

 

නමුත් මාලිමාව කියන නව දේශපාලන ව්‍යාපාරය හා අලුතෙන් එක් වි පාර්ලිමේන්තුවට එන 80 ආසන්න නියෝජිතයන් ඉහත සදහන් කළ පරිදි නොවේ.

ඔවුන් දැනටම මනාප සටනේ යෙදෙන බව දැක ගත හැකිය. ඔවුන්ගෙන් 90% ට කිසිදු දේශපාලන දෘෂ්ටිවාදීමය දැනුමක් අවබෝධයක් කියවීමක් නැත. (උපාධි සහිත විෂය දැනුම පමණක් දේශපාලනයට ප්‍රමාණවත් නොවේ). ඔවුන් උත්සාහ කරන්නේ රැල්ලේන් පාර්ලිමේන්තුවට පැමිණීමටය. මක් නිසාද යත් ඔවුන්ට දේශපාලන අවබෝධයක් නැතත් ප්‍රායෝගික අවබෝධය තිබේ. නැවත වතාවක් ඔවුන්ගේ ජීවිත කාලයේ කිසි දිනක මෙසේ උඩින් පාවි පාර්ලිමේන්තුවට යාමට වරමක් ඔවුනට උදා නොවෙන බව ඔවුන් දනී.

සාම්ප්‍රදායික ජේවීපී කරුවන් එසේ කල්පනා නොකරයි.

ලෝකය අද අති දැවැන්ත දේශපාලන හා ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබේ. ලෝකයේ සෑම කාලයකදීම අර්බුද තිබූ බව සැබෑවක් වුණත් වර්තමාන අර්බුදය පෙර නොවූ විරූ එකක් බව තේරුම් ගත යුතුය. අප කැමති වුවත් නැතත්, ධනවාදය ප්‍රතිව්‍යුහගතකරණය වෙමින් පවතින හෝ එයට විවිධ ආකාරයේ උත්සාහ ගනිමින් සිටි. එය ලෝක මට්ටමේ ගැටළුවකි. ඒ වෙනුවෙන් කල හැකි කෙමනක් අපට නැත. මැද පෙරදිග යුද්ධ ඇවිලී යන්නේ ඒ නිසාය, යුක්රේනය රුසියා යුද්ධය එන්නේ ඒ නිසාය, තායිවාන ගැටුම එන්නේ ඒ නිසාය, රටවල් බංකොලොත් වන්නේ ඒ නිසාය (තේරුම් ගැනීමට නොහැකි වීම මගේ වරදක් නොවේ) බංගලාදේශය, පාකිස්තානය වැනි රටවල් ආර්ථිකව හා දේශපාලන වශයෙන් අස්ථාවර වන්නේ ඒ නිසාය, ලෝක වෙළඳපොලේ මූල්‍ය වෙළදපොල හා මූර්ත වෙළදපොල අතර තිබෙන පරතරය අවම කර ගැනීම මෙහි මූලික අරමුණයි.

එය සිදු කළ හැක්කේ ක්‍රම දෙකකට පමණි. පළමු ක්‍රමය ධනවාදය ප්‍රතිව්‍යුහගතකරණය කර ගෙන ලෝක බල තුලනයේ ගැටලුව එකගතාවයෙන් විසදා ගත යුතුය. දෙවන ක්‍රමය තුන් වන ලෝක යුද්ධයයි. ඉන් මේගාට විසදුමක් නැත.

 

මෙම ආර්ථික අර්බුදයට ඇත්තේ දේශපාලන විසඳුමකි - (රංජිත් හේනායකආරච්චි)
එම නිසා ඉහත සදහන් කළ කණ්ඩායමකට මෙවැනි අර්බුදයක් සහිත තත්වයක රට කළමනාකරණය කිරීමට හැකියාවක් කිසිසේත්ම නැත. එය ඉදිරි කාලයේදී ප්‍රායෝගිකව අත්විඳීමට හැකි වනු ඇති.

එහි තවත් බරපතල ප්‍රතිවිපාකයක ගණනාවක් තිබේ.

එය තවත් උග්‍ර කරන්නේ විපක්ෂයේ කිසිදු පක්ෂයක් හෝ පුද්ගලයෙක් මාලිමාව මැතිවරණයෙන් පරාජය කිරීමට හෝ අභියෝග නොකර සිටීම තුළයි. විපක්ෂය ඇතුලතින් හැකි උපරිමයෙන් මාලිමාව ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කටයුතු කරයි. අත්දැකීමෙන් මා එය පුද්ගලිකව ඉතා හොදින් අවබෝධ කරගෙන සිටිමි. ඔවුන්ගේ අදහස වනුයේ "කාලාම වරෙන් පුතා" යන්නයි. 

ඔවුන්ට අවශ්‍ය වනුයේ දේශපාලනිකව තිබෙන කරදරය වසර 30 කට 40කට හෝ සදාකාලිකවම අවසන් කිරීමටයි. එය ජනතාව තේරුම් ගෙනම ජනතාව විසින්ම සිදු කරගැනීම ඔවුන්ගේ අරමුණයි. එහි වරදක් නැති වුවත් ඒ සදහා ගෙවීමට සිදු විය හැකි වන්දියේ ප්‍රමාණය අති විශාල විය හැකිය. වැඩේ උපරිමයෙන් කෙළවුනොත් ඔවුන් රට හැර යනු ඇත. නමුත් අපට එසේ යාමට නොහැකිය. එය රට පැත්තෙන් ඉතා භයානක තත්ත්වයකි.

ඒ කොහොම වෙතත්,

 

මහජන බලය නොදන්නා ඔල්මොරොන්දම් විපක්ෂය

හිටපු මන්ත්‍රී හෝ ඇමති වරයෙකුට ඔබ ඡන්දය ලබා දීමට කල්පනා කරයි නම් ඔවුන්ගේ පැටිකිරිය හොදින් පරීක්ෂා කරන්න. ඔහු ජනතා නියෝජිතයෙක් හැටියට ඔබේ අවශ්‍යතාවය ඉෂ්ට කර නැති නම්, ඔහු ඔබගේ මතය නියෝජනය කර නැති නම්, ඔහු හොරෙක් හෝ දූෂිතයෙක් කියා සක්සුදක් සේ ඔබට පැහැදිලි නම්, ඔහු ප්‍රතිපත්ති ගැරුක නැති නම්, කොටින්ම තව දුරටත් ඔහු දේශපාලනයට සුදුසු නැති බව ඔබට හැගී යයි නම් එම අපේක්ෂකයා කුමන පක්ෂයකින් ඉදිරිපත් වුවත් ඔහු නැවත පාර්ලිමේන්තුවට යාමට ඕනේ ඡන්දය දීමෙන් වැලකී සිටින්න. ඒ වෙනුවට වෙනත් සුදුසු කෙනෙකු පත්කර යවන්න.

එසේ නොකර ඔවුන් පාර්ලිමේන්තුවට යවා දේශපාලනයට සම්බන්ධ වන අප වැනි භාහිර පාර්ශවයන් වෙත දෝෂාරෝපණය කිරීමෙන් පලක් නොවේ. 100% ක් වරද තිබෙන්නේ ඔබේ අතේය. 

ඔබ නවකයෙකු තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ කුමන කාරණා සබඳයෙන්ද ?

 

27 දා පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමට යයි !
1. ඔබ තෝරා ගනු ලබන කෙනා නියෝජනය කරන දේශපාලන මතවාදය ලෝකයේ දැනට පවතින මතවාද අතුරෙන් ලෝකයට ජයග්‍රහණ අත්කර දුන් මතවාදයක්ද යන්න පිළිබඳව සැලකිලිමත් වන්න. එය ලෝකයට පරාජයන් අත්කර දී තිබෙන මතවාදයක් ද යන්න සැලකිලිමත් වන්න.
ඔබේ තෝරා ගැනීමේ පදනම විය යුත්තේ එයයි.

2. ඔබ තෝරා ගනු ලබන කෙනා නියෝජනය කරන ආර්ථික වැඩ පිළිවෙල පිළිබඳව සැලකිලිමත් වන්න. එය ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය තුළ ජයග්‍රහණ අත්කර දී තිබෙන වැඩ පිලිවෙලක්ද යන්න සොයා බලන්න, එම වැඩ පිළිවෙල ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෝකයට පරාජයන් අත්කර දී තිබෙන වැඩ පිළිවෙලක්ද යන්න සොයා බලන්න. 

3. ඔබ තෝරා ගනු ලබන පුද්ගලයා ප්‍රජාතන්ත්‍රවාදී ධාරාවේ දේශපාලනය කරන පක්ෂයක්ද යන්න සොයා බලන්න.

4. ඔබ තෝරාගනු ලබන පුද්ගලයා නියෝජනය කරන පක්ෂයේ ඉතිහාසය පිළිබඳව බලන්න. 

5. ඔබ තෝරාගනු ලබන පුද්ගලයා නියෝජනය කරනු ලබන්නේ ලෝකයේ දියුණු රටවල් තුළ ක්‍රියාත්මක සමාජ  තත්ත්වයන් අනුමත කරන පක්ෂයක් සහ පුද්ගලයෙක්දැයි සොයා බලන්න.

එසේම ඔබ තෝරාගනු ලබන පුද්ගලයා ඒවැනි තත්ත්වයන් ප්‍රතික්ෂේප කරන පුද්ගලයෙක් දැයි සොයා බලන්න

6. ඔබ තෝරා ගනු ලබන පුද්ගලයාට තිබෙන දේශපාලන සාක්ෂරතාව පිළිබඳව සොයා බලන්න. එය උපාධියකට පමණක් සීමා නොකරන්න. 

7. ඔබ තෝරාගනු ලබන පුද්ගලයාගේ ඉතිහාසය පිළිබඳව සොයා බලන්න. 

8. ඔබ තෝරා ගන්නා පුද්ගලයා මනුෂ්‍යත්වය පිළිගන්නා ආකාරය පිළිබඳව අවධානය යොමු කරන්න. 

9. ඔබ තෝරා ගන්නා ලබන පුද්ගලයා මින් පෙර සිදු කර තිබෙන සමාජ සේවාවන් පිළිබඳව සොයා බලන්න. 

10. දේශපාලනය යනු වෙනම හැදෑරිය යුතු ගැඹුරු පුළුල් පරාසයක් තුළ  විහිදී ගිය විෂයක් බව සිහියේ තබාගන්න. එය හුදු වෘත්තිකයකු වූ පමණින් සාර්ථක විය නොහැකි සංකීර්ණ තත්ත්වයක් බව සිහියේ තබාගන්න.

කෙසේ වෙතත් අකමැත්තෙන් වුවද පැවසීමට ඇත්තේ, ඔබ කුමන තීරණය ගනු ලැබුවද මෙවර මැතිවරණය පරිවර්තනාත්මක වෙනසක් සිදු කිරීමට සමත් නොවනු ඇති බවයි. ඒ සඳහා අවස්ථාවක් නුදුරු අනාගතයේදීම ළඟා වෙනු ඇති. 

නමුත් පවතින තත්ත්වය තුළ තිබෙන ඉදලෙන් හෝ තිබෙන කුණු අතුගා දැමිය යුතුය. එය අනාගතයේ බිහිවන ඕනෑම ආණ්ඩුවකට යහපත් තත්ත්වයකි.

සටහන :
(සාලිය නවරත්න)
Saliya Navaratne ගේ FB පිටුවෙන්...


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ව්‍යවස්ථාදායකය හා රටේ අනාගතය - (සාලිය නවරත්න) | The Leader