එහෙම නියෝජනයක වාසිය මම දකින්නෙ කාලයක් කලවාන මන්ත්‍රීවරයාව සිටි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සරත් මුත්තෙට්ටුවෙගම සහෝදරයා කළ කාර්‍යභාරය නිසයි. ඉන්දියන් දෙමළ ජනතාවගේ කොටසකට ඡන්ද බලය ලබාදීම සදහා එවකට පාලක එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ගෙනාවිට සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කෙටුම් පතට විරුද්ධ වුවත් සරත් සහෝදරයා ඊට පක්ෂ වූයේ මාක්ස්වාදයේ මූලික හරයට ගෞරවයක් අත්කර දෙමින්.
ඉතින් මේ යුගය තුළ වුවත් එවැනි කාර්‍යභාරයක් සදහා වාමවාදී පාර්ලිමේන්තු නියෝජනයක් ඇත්නම් වඩා වටිනා වුවත් කිසිම වාමවාදී පක්ෂයක් ඊට සූදානම් නොවීම කණගාටුවට කරුණක්.
ඉතින් මේ යුගය තුළ වුවත් එවැනි කාර්‍යභාරයක් සදහා වාමවාදී පාර්ලිමේන්තු නියෝජනයක් ඇත්නම් වඩා වටිනා වුවත් කිසිම වාමවාදී පක්ෂයක් ඊට සූදානම් නොවීම කණගාටුවට කරුණක්. පාර්ලිමේන්තු නියෝජනය සදහා බහුජන දේශපාලනය කළ යුත්තේ මැතිවරණයක් කැදවූ පසුව නොවෙයි. ඊට දීර්ඝ කාලයක් තිස්සේ සූදානම් විය යුතු අතර පොදුජන දේශපාලන සටන් පාඨ වටා ජනයා ආකර්ශනයට ලක් කළ යුතුවීමත් අත්‍යවශ්‍ය කරුණක්. 2020 මහා මැතිවරණයේ දී අපේ ජන බල පක්ෂය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආසනයක් දිනා ගත්තේ මහා ලොකු ආයාසයකින් නෙවෙයි.
පාර්ලිමේන්තුව ප්‍රතික්ශේප කරමින් ඉන් පිටත මහජන බලයක් ගොඩ නැඟීමට කතා කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මහා මැතිවරණය කැදවූ සැනෙන් අංශක 180කින් කැරකී පාර්ලිමේන්තු නියෝජනයක් ඉල්ලා සිටින විට එය හාස්‍යයක්වීම වළක්වන්නට බැහැ.
පාර්ලිමේන්තු ආසනයක් දිනා ගැනීමට වම්මු සතු නොහැකියාව පැන නඟින්නේ පටු හා ගුප්ත දේශපාලන ඉලක්කයකින් යුතුව ඔවුන් දේශපාලනය කිරීම නිසයි. පාර්ලිමේන්තුව ප්‍රතික්ශේප කරමින් ඉන් පිටත මහජන බලයක් ගොඩ නැඟීමට කතා කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මහා මැතිවරණය කැදවූ සැනෙන් අංශක 180කින් කැරකී පාර්ලිමේන්තු නියෝජනයක් ඉල්ලා සිටින විට එය හාස්‍යයක්වීම වළක්වන්නට බැහැ. එමෙන්ම නිර්ධන පන්තියත් නව ලිබරල්වාදය නිසා පීඩාවට පත්ව ඇති ජන කොටස්වලටත් ආමන්ත්‍රණය නොකර කොදෙව් දූපත්වාසීන්ට ආමන්ත්‍රණය කරන පටු අදහස් වටා වාමවාදීන් එකතු වෙන්නෙ නැහැ.
මේ වාමවාදී පක්ෂවල පටු හා ගුප්ත දේශපාලන ඉලක්කයන් නිසා එම පක්ෂ වටා මිත්‍ර බලවේගයන් හා සුබ පතන්නන් නැහැ. උද්දච්ඡ හා සංවාදශීලී නොවීම නිසා දේශපාලන මිතුරන් නිර්මාණය වෙන්නෙත් නැහැ. මේ සියළු නිර්මාක්ස්වාදී හැසිරීම්වල ප්‍රතිඵලය වන්නේ ඉතා කුඩා ඡන්ද සංඛ්‍යාවක් ලබා පොදු මහජන අවකාශයේ හාස්‍ය්‍යට ලක්වීම පමණයි.
පටු හා ගුප්ත දේශපාලන ඉලක්කයන් නිසා එම පක්ෂ වටා මිත්‍ර බලවේගයන් හා සුබ පතන්නන් නැහැ
වාමවාදී පෞර්ෂයක් ගොඩනඟා ගන්නේ නම් ප්‍රතිවාදීන්ගේ පවා ගෞරවයට හා පිලිගැනීමට දේශපාලන ව්‍යාපාරයක් ලක්වන්නට පවතින ඉඩ කඩ වැඩියි. නමුත් අද පවතින වාම ව්‍යාපාරවල ඉලක්කය වන්නේ වෘත්තිය සමිතිවාදය හා රාජ්‍ය නොවන සංවිධාන හුරුව තුළින් ලැබෙන මුදල කළමනාකරණය කිරීම පමණක් බවයි පෙනෙන්නට තිබෙන්නෙ.
මැතිවරණ බල ප්‍රදේශයකින් ඡන්ද දහසක් පමණ ලබා ගතහොත් මහා මැතිවරණයක දී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා ගැනීම ඒ තරම් අභියෝගයක් වෙන්නෙ නැහැ. එහිදී ඡන්දය ලබා ගැනීමේ ඉලක්ක පදනම් හදුනා ගන්නේ නම් ඔවුන්ගේ ආකර්ශනය ලබා ගැනීමත් සරල කාරණයක්. ඊට අවශ්‍ය වන්නේ පුළුල් දේශපාලන අවබෝධයක් හා දෘෂ්ටියක් පමණයි.

ඇත්තටම වාමාංශික දේශපාලන ව්‍යාපාරයක අද යුගයේ කාර්‍යභාරය විය යුත්තේ ධනේශ්වර නිෂ්පාදන මාදිලිය එහි සංවර්ධනයේ උපරිමයට ප්‍රවේශවීමට ඉඩ දීමත් එමගින් ආන්තීකරණයට ලක්වන ජන තීරුව වෙනුවෙන් පෙනී සිටීමත් ය. බොහෝ අය ධනේශ්වරය තේරුම් ගෙන ඇත්තේ සමාජ සංවර්ධනයේ එක් සුවිශේෂී අවස්ථාවක් ලෙස නොවේ. එය දුටු තැන අල්ලා ගස් බැඳ පහරදිය යුතු ප්‍රපංචයක් ලෙසයි බොහෝ වම්මු විග්‍රහ කරගෙන ඇත්තේ. ධනේශ්වරය සතු සිඋරාකෑමේ ලක්ෂණය ඊට එක් හේතුවක් වනවා නොඅනුමානය.
නමුත් සමාජ සංවර්ධනය තුළ ධනේශ්වර අවස්ථාව මඟ හැර යෑමක් සිදු කළ නොහැකි බව මාක්ස් ඉතා පැහැදිලිව විග්‍රහ කර ඇතිබව නොරහසක්. ඒ නිසා ධනේශ්වරය එහි උපරිමයට ප්‍රසාරණය වන්නට ඉඩ නොදී විමුක්ති අවස්ථාවට පොලා පැනිය හැකි යැයි කල්පනා කිරීම වී.අයි. ලෙනින්ගේ වැරදි තේරුම් ගැනීමක්. කළ යුත්තේ ධනේශ්වරය තුළ ජාතිකවාදී අර්ථයෙන් සමාජ් සුබසාධනවාදී ආණ්ඩු නිර්මාණය කිරීම නොව ගෝලීය හෝ කලාපීය හෝ සමාජවාදී සමාජ තත්ත්වයක් සදහා නිෂ්පාදන ආකෘතිය හා මාදිලිය සකස් කර ගැනීමයි. විප්ලවය ලෙස හැදින්වෙන්නේ ධනේශ්වර නිෂ්පාදන මාදිලිය බිඳ වැටෙන මොහොතේ දී එය සමාජවාදී නිෂ්පාදන මාදිලියක් බවට පරිවර්තනය කර ගැනීමයි.
මේ අරගලය තුළ දී පාර්ලිමේන්තුව නියෝජනය සදහා වාමාංශිකයකු යැවීම අත්‍යාවශ්‍ය සාධකයක්.
එය පහසු කටයුත්තක් නොවන අතර ඒ සදහා තෘප්ත කර ගත යුතු සමාජ සාධක ගණනාවක් හදුනා ගන්නට පුළුවන්. ඒ දීර්ඝකාලීන සමාජ විප්ලවය සම්පූර්ණවන තෙක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක යෙදීම විප්ලවවාදීන්ගේ වගකීමක්. එවන්නක් සදහා නිර්ධනයන්, පීඩිතයන් වෙනුවෙන් සමාජ ආරක්ෂණයක් සදහා අරගල කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කිරීම හා ජාතික ප්‍රශ්නයට කල් පවත්නා විසදුමක් වෙනුවෙන් අරගල කිරීම මඟ හැරිය නොහැක්කක්. මේ අරගලය තුළ දී පාර්ලිමේන්තුව නියෝජනය සදහා වාමාංශිකයකු යැවීම අත්‍යාවශ්‍ය සාධකයක්.
(පිලිප් ශාන්ත)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
shan.info1978@gmail.com



