The Leader News
BREAKING
Top Ad
Opinion

දකුණු ඉවුරට ශක්තිමත් දේශපාලන නායකත්වයක් ඕනෑ කර තිබේ! - (නීතිඥ ශිරාල් ලක්තිලක)

T

The Leader Desk

October 14, 2024 • 7:32 AM

දකුණු ඉවුරට ශක්තිමත් දේශපාලන නායකත්වයක් ඕනෑ කර තිබේ! - (නීතිඥ ශිරාල් ලක්තිලක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ දකුණු ඉවුරට ශක්තිමත් දේශපාලන නායකත්වයක් ඕනෑ කරතිබේ!
  • අනුර කුමාර ජනාධිපතිවරයා ජාතික ජනබලවේගය සමග ශක්තිමත් ආණ්ඩුවක් ඉදිරි පස්වසරක කාලයක් සදහා බිහිකරනු ඇත.
  • අප මෙලෙසට වු දේශපාලනයක් ගොඩනගාගත යුතුයයි කියන්නේ හේතු කාරනා ඇතිවය.
  • ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ ඉතිහාසය විමසන විට ලෝකයේ වම හා දකුන බෙදී තිබෙන්නේ කෙනිසියානු අර්ථ ක්‍රමය තම ආණ්ඩුකරනයට යොදා ගන්නා පිලිවෙත අනුව බව පෙනෙන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ලංකාවේ දකුණු ඉවුරට ශක්තිමත් දේශපාලන නායකත්වයක් ඕනෑ කරතිබේ!

 
එසේ නොමැති නම් සජිත්ට අනුර යටතේ සිටින්නට තවත් දශකයක් ලබාදෙමු!


අනුර කුමාර ජනාධිපතිවරයා ජාතික ජනබලවේගය සමග ශක්තිමත් ආණ්ඩුවක් ඉදිරි පස්වසරක කාලයක් සදහා බිහිකරනු ඇත.
 
අනුර කුමාර ජනාධිපතිවරයා ජාතික ජනබලවේගය සමග ශක්තිමත් ආණ්ඩුවක් ඉදිරි පස්වසරක කාලයක් සදහා බිහිකරනු ඇත.
ඒ අනුව බලන කල දකුනු ඉවුරේ දේශපාලනයක් ගැන විශ්වාසය තබන අප අනුරට අභිමුඛ වන දෘෂ්ඨිගත නායකයකු හා ඊට සමාන දේශපාලන පක්ෂයක් ගොඩනගා ගත යුතුව තිබේ. අප මෙලෙසට වු දේශපාලනයක් ගොඩනගාගත යුතුයයි කියන්නේ හේතු කාරනා ඇතිවය.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ ඉතිහාසය විමසන විට ලෝකයේ වම හා දකුන බෙදී තිබෙන්නේ කෙනිසියානු අර්ථ ක්‍රමය තම ආණ්ඩුකරනයට යොදා ගන්නා පිලිවෙත අනුව බව පෙනෙන්නේය. ( බලන්න; Economic model of John Maynard Keynes)
ap 16123758999616 wide 309212c989c8c5b4321de395eca9cc3119f9a413
එසේ නොමැතිව වම හා දකුණ නිර්නය වන්නේ මාක්ස්වාදී හා/හෝ සමාජවාදයට එරෙහිව ලිබරල්වාදී හා/හෝ නව ලිබරල්වාදී අර්ථයෙන් නොවේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව බිහිවුන බටහිර ලෝකයේ දේශපාලන පක්ෂ වම හා දකුණ ලෙස බෙදුනේ කීනිසියානු අර්ථයෙන් බව කිව යුතුව තිබේ. (අ.එ.ජ. මෙයට ව්‍යතිර්ඛයකි)
 
 ලංකාවේ මෙතෙක් තිබු දේශපාලන අර්බුදය වන්නේ ලාංකික දේශපාලනය ඉහත ආකාරයට බෙදා වෙන්කර ගැනීමට ලාංකික දේශපාලන ප්‍රභුන්ට වු නොහැකියාවයි. නමුත් අනුර කුමාර ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමග මෙරට තුල එම විභේදනය ඉරක් ඇද ස්ථාපනය කරලීමේ දේශපාලන විභවයක් රට තුල ජනනය කරමින් තිබේ.
අනුර කුමාර ජනාධිපතිවරයා පෙන්වන පෙරමග සලකුනු වලට අනුව ඔහුගේ පාලනය කේනිසියානු ආර්ථික මොඩලයේ වාමාංශික කෙලවරක සිට ඔහු රටකරවනු ඇති බව පෙනේ.
 
People 1දකුනු ඉවුරේ දේශපාලනයෙහි යෙදෙන ලාංකික ජනතාවගේ දේශපාලනික වගකීම විය යුත්තේ අනුර ජනාධිපතිවරයාගේ දේශපාලනයට අභිමුඛ වන කේනිසියානු අර්ථයෙන් වන දකුනේ දේශපාලනය රට තුල පිහිටුවීමටය.
එසේ නම් දකුනු ඉවුරේ දේශපාලනයෙහි යෙදෙන ලාංකික ජනතාවගේ දේශපාලනික වගකීම විය යුත්තේ අනුර ජනාධිපතිවරයාගේ දේශපාලනයට අභිමුඛ වන කේනිසියානු අර්ථයෙන් වන දකුනේ දේශපාලනය රට තුල පිහිටුවීමටය.

එසේ කිරීමේ ආරම්භය ලබා ගත හැක්කේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණය තුලදීය.

එසේ නොකොට අපගේ ඡන්දය අන්ධානුසාරයෙන් සජිත් ප්‍රමුඛ සජබයට හෝ ගැස් සිලින්ඩරයට ලබා දීමෙන් නොවේ.
 
අප මෙවර දකුනු ඉවුරේ දේශපාලනයේ අනාගතය දෙස බලා ඡන්දය ලබා දෙන්නට කටයුතු කිරීම රටේ අනාගතය හා දකුණේ දේශපාලනයේ අනාගත පැවැත්මටද පිටුවහලක් වන්නේය.
ඉතිහාසය දෙස බලනවිට ලංකාවේ දකුනු ඉවුරේ දේශපාලනයට ඇත්තේ අභාග්‍යමත් ඉතිහාසයකි.
 
image 87b26067b4ජේආර් ට 1977 සිට 1993 වසර 17 වසරක් දකුණේ දේශපාලනය තුලින් රට කරවන්නට ජනතාව බලය ලබා දිම
ජේආර් ට 1977 සිට 1993 වසර 17 වසරක් දකුණේ දේශපාලනය තුලින් රට කරවන්නට ජනතාව බලය ලබා දුන්නද එතැන් සිට මේ දක්වා රටේ ජනතාව දකුනට රාජ්‍ය බලය නිශ්චිත ලෙස ලබා දීමට කටයුතු කොට තිබුනේ නැත.

දකුනෙන් බිහිවු නායකයන් ලෙස රනිල්ට හෝ සජිත්ට 1994 සිට බිහිවු චන්ද්‍රිකාට, මහින්දට, ගෝඨාබයට හෝ අනුරට මේ දක්වාම තරගයක් දීමට හෝ හැකියාවක් ලැබී නැත.

රනිල් අහම්බයක් තුලින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු වීම හා 2001 දී හා 2015 දී රජයන් පිහිටුවීම දකුණ විසින් තීරනාත්මක රාජ්‍ය බලය ලබා ගැනීමක් ලෙස සැලකිය හැකිවන්නේ නැත. ( 2015 ජයග්‍රහනය පිලිබඳ වෙනම විමසීමක් අවැසිය)
 
රනිල් වික් රමසිංහ 04රනිල් අහම්බයක් තුලින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු වීම හා 2001 දී හා 2015 දී රජයන් පිහිටුවීම දකුණ විසින් තීරනාත්මක රාජ්‍ය බලය ලබා ගැනීමක් ලෙස සැලකිය හැකිවන්නේ නැත.
නමුත් රනිල් තීරනාත්මක ලෙස ජනමතය විමසීමේ පරීක්ෂණ වලදී ජනාධිපතිවරන දෙකකින්ද (එහිලා බලපෑ චන්ද්‍රිකාට එල්ලවු බෝමබයේ බලපෑම සහ එල්ටීටියේ මැදිහත්වීම වෙනම විමසීමක් අවැසිය) 1994 සිට මේ දක්වා පැවති පාර්ලිමේන්තු මැතිවරන සියල්ලෙන්ම ( 2001 හා 2015 මහමැතිවරනය හැර) පරාජය ලබා තිබේ.

එසේම 2010 දී හා 2015 දී සැබෑ ලෙස දකුණ නියෝජනය කරන නායකයකු තරගයට ඉදිරිපත් කල නොහැකි වුයේය.

එයට බලපෑවේ රනිල් දකුනේ දෘෂ්ඨියක් සහිත ජනතාවාදී නායකයකු ලෙස පිලිගැනීමට ජනසමාජය තුලවු අකමැත්තයි. ( 2015 සිරිසේනගේ යහපාලන ආණ්ඩුව පිලිබදවද එහි අන්තර්ගතවු පාලන දෟශ්ඨිය පිලිබදවද වෙනමම කතා කිරීම කාලොචිතය නමුත් සිරිසේන-රනිල් පාලනය නිසැකවම කේනිසියානු අර්ථයෙන් ගත් කල අච්චාරුවක්ම වුයේය)
 
රනිල්ට සාපේක්ෂව සජිත්ගේ මැතිවරන වාර්ථාවද රනිල්ට දෙවැනි නොවන්නේය. සජිත් මේවන විටත් ජනාධිපතිවරන දෙකකට මුහුන දී පරාජය වී තිබේ. මේවන විට ඔහුගේ දෙවන පාර්ලිමේන්තු මැතිවරන පරාජය වාර්ථා ගත වන්නට නියමිතව තිබේ.
Sajith 1200px 24 06 17 1000x600රනිල්ට සාපේක්ෂව සජිත්ගේ මැතිවරන වාර්ථාවද රනිල්ට දෙවැනි නොවන්නේය

නමුත් පෙරනිමිති පෙන්නුම් කරමින් සිටින්නේ රනිල් එජාපයේ සදාතනික නායකයාව සිටින්නට කටයුතු කරමින් සිටීමට සමානව සජිත්ද සජබයේ සදාතනික නායකයාව සිටින්නට සිතා සිටින බවය.

ඇතැම් විට සජිත් සිතමින් සිටිනු ඇත්තේ රනිල්ට ලැබු පොට්ට චාන්ස් එක අනුරගේ ආණ්ඩුව කඩා වැටීමෙන් පසුව තමන්ටද ලබා ගතහැකි වනු ඇති බවයි. නමුත් සජිත් ප්‍රමුඛ ඔහුගේ කිචන් කැබිනට්ටුව නොදන්නා තරම වන්නේ නිදහසෙන් පසුව මෙරට බිහිවී ඇති නිශ්චිත දේශපාලන දෘෂ්ඨියකින් හෙබි පලමු ආණ්ඩුව අනුරගේ ආන්ඩුව වන බවයි.

1970 වේදී බිහිවුන ආණ්ඩුව වර්ථමාන ආණ්ඩුවට සමාන බවක් පෙන්නුම් කලද ඒ තුලවු දෟෂ්ඨිමය කඹ ඇදිල්ල ( ෆිලික්ස් එදිරිව ඇන් ඇම් හා කොල්වින්) එවකට වු සමගි පෙරමුනු ආණ්ඩුව දීර්ඝ කාලිනව බෙලහීන කර තිබුනි.
 
 අනුරගේ ආණ්ඩුව චෙක් මේට් කල හැක්කේ ඊට අභිමුඛ ප්‍රතිවිරුද්ද දෘෂ්ඨියකට පමනකි. එම අපේක්ෂාව සජිත්ට ඉටු කල නොහැකි බව සක් සුදක්සේ පසුගිය පස්වසරක සජිත්ගේ දේශපාලනය විසින් රටට තහවුරු කොටදී තිබේ. ඒ අනුව බලන කල අනුර ජනාධිපතිවරයාගේ වාමවාදී රජයට අභිමුඛවීම සදහා දකුනේ දෘෂ්ඨිගත ජනබලවේගයක් සහ එයට නායකත්වය දෙන දකුනේ දේශපාලන පක්ෂයක පැවැත්ම හදිසි අවශ්‍යතාවයක් වී තිබේ.
AKD 3
අද දකුනට අවැසිව ඇත්තේ අනුර වැනි දෟෂ්ඨිගත එනමුදු ජනප්‍රිය නායකයෙකි.

මෙම අවශ්‍යතාවය හෝ දකුන තුල පවතින අයිතිහාසික හිඩස පිරවීමට තරම්වු දේශපාලනික මුහුකුරා ගිය බවක් සජිත් පෙන්නුම් කරන්නේ නැත.

නමුත් ඔහු පෙන්නුම් කරමින් සිටින්නේ 1994 සිට රනිල් හැසුරුන පරිදිමට පාර්ලිමේන්තුවේ විපක්ෂනායකයා වී තම රැකියාව ඉදිරියටත් කරගෙන යන්නටය.
 
නමුත් සජිත් දකුණු ඉවුරේ නායකයාව සිටිනතාක් දුරට සජිත්ට අනුරගේ දේශපාලනයට අභිමුඛ වන්නට හැකි වන්නේ නැත. එසේ වුවහොත් චන්ද්‍රිකා සහ මහින්ද යටතේ රනිල් දේශපාලනය සිදු කලාක් මෙන් තවත් අනාධිමත් කාලයක් තිස්සේ සජිත්, අනුර යටතේ දේශපාලනය යයි ඔහු සිතා ගනිමින් සිටින දෙයක් කරමින් දකුණු ඉවුරේ දේශපාලනයද රටද අනාථ කරනු නියතය.

shiral lakthilaka
(නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

slakthilaka@gmail.com

 

@ ශ්‍රිරාල් ලක්තිලක ගේ ෆේස්බුක් පිටුවෙන්...
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දකුණු ඉවුරට ශක්තිමත් දේශපාලන නායකත්වයක් ඕනෑ කර තිබේ! - (නීතිඥ ශිරාල් ලක්තිලක) | The Leader