The Leader News
BREAKING
Top Ad
Opinion

ජනාධිපතිගේ විශිෂ්ට කතාව - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

October 14, 2024 • 8:32 AM

ජනාධිපතිගේ විශිෂ්ට කතාව - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය තනිකරම සිංහල බෞද්ධ ප්‍රතිපත්ති මත පිහිටා ඒවා උලුප්පා දක්වමින් කළ කතාවකි.
  • දේශපාලන ප්‍රතිවාදීන්ට ඇති සමාන නිදහස සහ අයිතීන් ආරක්ෂා කළ යුතු බවට ඔහුගේ පාක්ෂිකයන්ට ඔහු ධර්මිෂ්ට බෞද්ධ රජෙකු මෙන් ඉවසීමෙන් කරුණු කියා දුන්නේය.
  • තමාගේ මුහුණේ දැලි ගාන ආකාරයට නූගත් මෝඩයන් මෙන් නොහැසිරෙන ලෙස ඔවුන්ට තරයේ කළ අවවාදය ඉන් පෙනිණි.
  • මා පෙරේදා සහභාගී වූ රූපවාහිනී වැඩසටහනේ යටින් දමා ඇති comments ටිකම එයට සාක්ෂි දරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එය තනිකරම සිංහල බෞද්ධ ප්‍රතිපත්ති මත පිහිටා ඒවා උලුප්පා දක්වමින් කළ කතාවකි. ඔහු වැඩිපුරම කතා කළේ ප්‍රතිවාදීන් ගැනය. එය හරියට දුටුගැමුණු කුමාරයා එදා පරදේසක්කාර එළාර රජු පරාජය කර ලංකාව එක්සේසත් කර මහා රජු වූ පසු කළ කතාව වැනිය. එය හරියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා දෙමළ කොටි ත්‍රස්තවාදී නායකයාව පරාජය කර ලංකාව ඒකීය රාජ්‍යයක් කළ පසු කළ කතාව වැනිය. පරගැති සේල්ස්රෙප් රනිල් සහ පුත්තු පරාජය කළ නූතන සිංහල බෞද්ධ නායක අනුර කුමාරයා කළ කතාව විශිෂ්ටය.

 



එය කිසිසේත්ම එදා ව්ලැඩිමීර් ලෙනින් හෝ ෆිදෙල් කැස්ත්‍රෝ හෝ වැනි මාක්ස්වාදී සාහසික නායකයෙකු කළ කතාවක් නොවේ. එය සැබැවින්ම සිංහල බෞද්ධ නායකයෙකු විසින්ම පමණක් කරන කතාවකි. දේශපාලන ප්‍රතිවාදීන්ට ඇති සමාන නිදහස සහ අයිතීන් ආරක්ෂා කළ යුතු බවට ඔහුගේ පාක්ෂිකයන්ට ඔහු ධර්මිෂ්ට බෞද්ධ රජෙකු මෙන් ඉවසීමෙන් කරුණු කියා දුන්නේය. තමාගේ මුහුණේ දැලි ගාන ආකාරයට නූගත් මෝඩයන් මෙන් නොහැසිරෙන ලෙස ඔවුන්ට තරයේ කළ අවවාදය ඉන් පෙනිණි.

නමුත් අවාසනාවට ජවිපෙ පාක්ෂිකයා සමාජ මාධ්‍යයේ තවමත් කුණුහරුප ලියමින්, ප්‍රතිවාදීන්ට තර්ජනය කරමින්, වෛරය වපුරමින් වනචාරීන් මෙන් හැසිරෙනු අපට පෙනේ. මා පෙරේදා සහභාගී වූ රූපවාහිනී වැඩසටහනේ යටින් දමා ඇති comments ටිකම එයට සාක්ෂි දරයි. අපේ ජනාධිපති සහෝදරයා ඔහුගේ කතාවේ පුන පුනා ඔවුන්ට කියන්නේ “ශිෂ්ට සම්පන්නව” හැසිරෙන ලෙසයි. ඔවුන් අනුර සහෝදරයා ආදර්ශයට ගත යුතුය.

 

image 76841f6973 
අනුර සහෝදරයාගේ කතාවෙන් කියවෙන්නේ ඔහුගේ ජයග්‍රහණයෙන් පසුව පරාජිතයන් සමූල ඝාතනය නොකිරීමට ඔහු වග බලා ගත් බවයි. එය සැබැවින්ම සිංහල බෞද්ධ ප්‍රතිපදාව අනුගමනය කිරීමකි. පැරණි සිංහල බෞද්ධ රජවරුන් ක්‍රියා කළේ එසේය. මහින්ද රාජපක්ෂ කටයුතු කළේත් එසේය. ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළේත් එසේය. අධිරාජ්‍යවාදී සුද්දන් එදා ඌව වෙල්ලස්සේ අපේ සිංහල බෞද්ධ පවුල් පිටින් ඝාතනය කළාක් මෙන් හෝ, ඇඩොල්ෆ් හිට්ලර් එදා නාට්සි ගෑස් චේම්බර් තුළ යුදෙව්වන් ඝාතනය කළාක් මෙන් හෝ, රතු හමුදාව විසින් එදා රුසියාවේ ප්‍රතිවාදීන් ඝාතනය කළාක් මෙන් හෝ, චේ ගුවාරා එදා සමූහ මිනී වළවල්වලට උඩින් පිට මැද්දට වෙඩි තැබුවාක් මෙන් හෝ තමා නොකළ බව ඔහු කියයි. පුනරුත්ථාපනය නොවූ ඇතැම් සහෝදරයන් වහසි බස් දෙඩූ ආකාරයට කටයුතු නොකිරීම පිළිබඳව අපි ජනාධිපති සහෝදරයාට ස්තුතිවන්ත වෙමු. සාමාන්‍යයෙන් සදාචාර විරෝධී දේ නොකිරීම ගැන පම්පෝරි ගැසීම නෝන්ඩි වැඩකි. නමුත් කට්ටියගේ සාහසික ඉතිහාසය නිසා එසේ කියවීම අපට තේරුම් ගත හැකිය. 

 


ලක්ෂ ගණනක් ජනතාව මේ මොහොතේ ගංවතුරෙන් විපතට පත්ව සිටිනා විට අධිසුඛෝපභෝගී හෝටලයක දේශපාලන රැස්වීම් තියා කන්නට බොන්නට දීම සුදුසු නැති වුවත් තමන්ගේ කණ්ඩායමේ තරම හරියටම දන්නා නිසා වැඩේ අල වීමට පෙර මේ ආකාරයට තරවටු කිරීම අපට තේරුම් ගත හැකිය. ඔහු එම පක්ෂ රැස්වීමට පැමිණියේ රජයේ වාහනයකින් නොවන බව මට විශ්වාසය. මන්ද එසේ කළා නම් එය රජයේ දේපළ අවභාවිතා කිරීමක් වන බැවිනි. ඔහු එන්නට ඇත්තේ පුද්ගලික වාහනයකින් සහ පුද්ගලික ආරක්ෂකයන් සමග විය යුතුය. ජනාධිපති සහෝදරයා ජනතා බදු මුදල් එක තඹ සතයක් අවභාවිතා කරන්නේ නැත.

මා වැඩිපුරම කැමති වූයේ 2010 සහ 2020 පාර්ලිමේන්තුවට 2/3 කට ආසන්න මන්ත්‍රීන් පත් කිරීම නිසා ඒ ආණ්ඩුවලට සිදු වූ ඉක්මන් විනාශය ගැන මතක් කිරීමය. එය විශිෂ්ට කියවීමකි. ගිය මැතිවරණයට පෙර මමත් මාධ්‍ය ඉදිරියේ පුන පුනා කීවේ 2/3 කේ සාපය නම් දෙන්න එපා කියාය. නමුත් ලංකාවේ පුරවැසියාට එවැනි බැරෑරුම් කාරණා තේරුම් ගැනීමට අපහසුය. ගෝඨාභයට විරුද්ධව නටන්න පටන් ගත්තේ ඒ පමණට වඩා ලොකු ආණ්ඩුවේ අයමය. දැන් උන් අර කිව්වත් වගේ “දේශපාලනයෙන් විශ්‍රාම ගොස්” ඇත. හොඳ වැඩේ උඩඟුවන්ට. 

 



විරුද්ධ පක්ෂ ඇතුළේ ඇති කුලල් කා ගැනීම් සහ ගොබ්බ මැතිවරණ කැම්පේන් දෙස බලන විට නම් මට පෙනී යන්නේ ආණ්ඩුවට 5/6 ක විතර බලයක් ලැබෙනු ඇත කියාය. ඕනෑම සංවිධානයක් බිඳ දැමීමට එයට පුළුවන් තරම් සාමාජිකයන් එකතු කළ යුතුය. ඒ බව හොඳින්ම දන්නා අපගේ සිංහල බෞද්ධ නායකයා කල් තියාම අනතුරු ඇඟවීමක් කර තිබේ. නමුත් ඔබ පෙරළන්නට පටන් ගත් ගල දැන් නැවැත්විය නම් නොහැකියි ජනාධිපති සහෝදරයා. ඒක පෙරළෙන වේගය ඔබට ටිකක් හෝ පාලනය කර ගැනීමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. ධර්මය ඔබට මග වේවා!

කුලුනෙන් පනින දරුවන් - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 ඔක්තෝබර් 14

සබැඳි පුවත් :
ප්‍රතිවාදීන්ට දේශපාලන කිරීමට ඇති අයිතියත් පිළිගනිමින් අපි අපේ දේශපාලනයේ යෙදිය යුතුයි- ජනාධිපති



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනාධිපතිගේ විශිෂ්ට කතාව - (එරන්ද ගිනිගේ) | The Leader