The Leader News
BREAKING
Top Ad
Opinion

අනුර ගේ සුබසාධනවාදී ප්‍රතිපත්තියේ ගැඹුර කොපමන විය හැකි ද?- සුබසාධනය හා ලිබරල් මතය! - (නීතිඥ ශිරාල් ලක්තිලක)

T

The Leader Desk

October 15, 2024 • 7:39 AM

අනුර ගේ සුබසාධනවාදී ප්‍රතිපත්තියේ ගැඹුර කොපමන විය හැකි ද?- සුබසාධනය හා ලිබරල් මතය! - (නීතිඥ ශිරාල් ලක්තිලක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් අමරවීර හිටපු ඇමති කීවේ එය රනිල් කරපු වැඩක් බවය.
  • එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් නිකුත් කල වාර්ථාවට කියන්නේ ලාංකික සමාජය බහුවිධ අවදානම් වලට ලක්වෙමින් පවතින බවය.
  • අනුර ජනාධිපතිවරයා අභිනවයෙන්ම අතගැසූ සුභසාධනවාදී ප්‍රතිපත්තිය වුයේ රුපියල් 25,000/- පොහොර සහනාධාරයක් ලබා දීමය.
  • ලාංකික ජනගහනයෙන් 8% ඩොලර් 3.2 එනම් රුපියල් 900 ක දෛනික ආදයම් ලබන්නන්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


එය ලබා දිය යුත්තකි. නමුත් අමරවීර හිටපු ඇමති කීවේ එය රනිල් කරපු වැඩක් බවය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් නිකුත් කල වාර්ථාවට කියන්නේ ලාංකික සමාජය බහුවිධ අවදානම් වලට ලක්වෙමින් පවතින බවය.

ලංකාවේ සමාජ තත්වය භයානකය. වහා ගිනි ඇවිලෙන සුළුය.

 

අනුර ජනාධිපතිවරයා අභිනවයෙන්ම අතගැසූ සුභසාධනවාදී ප්‍රතිපත්තිය වුයේ රුපියල් 25,000/- පොහොර සහනාධාරයක් ලබා දීමය.

ලාංකික ජනගහනයෙන් 8% ඩොලර් 3.2 එනම් රුපියල් 900 ක දෛනික ආදයම් ලබන්නන්ය. තවත් 42% ඩොලර් 5.5 ක් එනම් රුපියල් 1650 ක දෛනික ආදායමක් ලබති. ඒ අනුව ජනගහනයෙන් අඩක් ලබන මාසික ආදායම රු.27,000 හා 49,500. එසේම ලාංකික ජනගහනයෙන් 25.9% ක් ධරිද්‍රතා මට්ටමෙන් පහල සිටින බවද වාර්ථා වන්නේය.


ලාංකාවේ මුලික අවශ්‍යතා සපයා ගැනීමට අවශ්‍ය අවම මාසික වැටුප රු.21,000/- බව කැබිනට්ටුව පසුගිය දා තීරනය කොට තිබුනි.

නමුත් 2023 වන විට නාගරික ප්‍රදේශයන්හි ජීවත්වීම සදහා අවැසි අවම මාසික වැටුප රුපියල්  84, 231/-(USD 259) බව වාර්ථා වන්නේය.

ඒ අනුව බලන කල ලාංකික සමාජීය ජීවිතයේ තෙරපුම අපට තේරුම් ගතහැකිව තිබේ.

මෙකී තෙරපුමට සාපේක්ෂව රජයක් ලෙස රටේ ජනතාවගේ සුබසාධනයට වැය කරන්නේ සොච්චමකි.

 

විශ්‍රාම වැටුප් සදහා 1.7% කි

යුනිසෙෆ් වාර්තාවට අනුව 2023 දී සුබසාදනය සදහා වන අපගේ වැය බර දල ජාතික නිශ්පාදනයෙන් 3.7% කි. වැය ශීර්ෂයන් ලෙස ගතහොත් සමාජ සුබසාධනය සදහා 0.63% කි. විශ්‍රාම වැටුප් සදහා 1.7% කි. සමෟධිය/අස්වැසුම සදහා 0.4කි. පොහොර සහනාධාරය 0.2කි.

ලෝකයේ දියුනු රටවල් සහනාධාර දෙන්නේ තම ආදායමට සාපේක්ෂවය. සහනාධාර ඉහලින්ම දෙන රටවල් අතර පෙරමුණේ සිටින්නෙ ප්‍රංශය හා ඉතාලියයි. එකී ප්‍රමානය ඒ රටවල්හි දල ජාතික නිශ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 2022 දී වැය කල මුදල 30%කි.

ඒ අනුව බලන කල ලංකාවට සුබසාධන සහනාධාර වැඩිකල යුතුය. නමුත් පරහ තිබෙන්නේ රටේ ආදායම තුලය. ලංකාවේ වර්ථමාන ආදයම මෙරට ද.ජා. නි. 11.6කි. ඉතින් සුභ සාධනය සදහා දැනට සිදු කරන ආයෝජනයත් විශාලය.

ඇතමුන් කියන අන්දමට සහනාධාරදී රට බංකොලොත්වු බව කීමට වඩා ආදායමට සාපේක්ෂව රටට සහනාධාර ලබාදීමට නොහැකි බව කීම වඩාත් නිවැරදි වන්නේය.

 

ranil 22.8.11රනිල් රාජ්‍ය බේරා ගැනීමට ගිය නිසා ජනතාවගේ ද්වේශයට පාත්‍රවුයේය.

එම නිසා අභිනව ජනාධිපතිවරයාට රටේ සුභසාධන ප්‍රතිපත්තිය පිලිබදව වඩාත් සුපරික්ෂාකාරී නොවන්නේ නම් ගෙදර ගියොත් අඹු නසී - මග හිටියොත් තමන් නැසෙන තත්වයට පත්වීමට ඇත ඉඩ කඩ බොහෝය.

එක්කෝ රාජ්‍ය බේරාගත යුතුය. නැතිනම් ජනතාව බේරාගත යුතුය. නැතිනම් දෙඅංශයම කපෝතිය.

රනිල් රාජ්‍ය බේරා ගැනීමට ගිය නිසා ජනතාවගේ ද්වේශයට පාත්‍රවුයේය.

රනිල් ගියේ නව ලිබරල් මාවතේය. අනුර යාමට ඉඩ ඇත්තේ කුමන මාවතේදැයි තවම පැහැදිලි බවක් නැත.

 

ජනතා පීඩනය ලිහිල් කළ යුතුයි - ජනපති IMF නියෝජිතයින්ට පැහැදිලි කරයි

IMF නියොජිතයන් හමුවීමෙන් පසුව මාලිමාවේ ආර්ථික උපදේශකයන් කියා තිබුනේ ජනතාවට සහන සැලසීම සම්බන්දයෙන් IMF එක අනුකුලතාවයක් දැක්වු බවයි.
නමුත් මාලිමා රජයේ අභියෝගය වන්නේ ඒ සදහා අවැසි මුදල් සොයාගන්නේ කොතැනින්ද යන්නයි.


සුබසාධනය සදහා ප්‍රතිපත්තියක් අවැසි වන්නේ මෙතැනටය.

ලිබරල් වාදය තුල පුද්ගලයකුගේ සුභසාධන අවශ්‍යතාවය නිර්වචනය කරගන්නේ පුද්ගලික වගකීම (personal responsibility) යන සංකල්පය තුලිනි. සෑම පුද්ගලයකුටම තම සතුට (pleasure) උපයා ගැනීම සදහා නිශ්පාදන කාර්යාවලියක් තුල නිරතවීමට වගකීමක් සහ අයිතියක් තිබේ. එසේම එම පුද්ගලික වගකීමේ සීමාව වන්නේ සදාචාරික අනතුරයි ( moral hazard)

එම පුතිමානය මගින් හා සීමාව මගින් කියවෙනේ යමෙකුට පිං පඩියක් ලබා දුනහොත් ඔහු හෝ ඇය නිශ්පාදන ක්‍රියාවලියට යොමුවීමෙන් වැලකිය හැකි බවයි. එසේම පුද්ගලයකුගේ සෑම ක්‍රියාවක්ම රක්ෂණයක් මගින් ආවරනය කලහොත් එම පුද්ගලයා තම ජීවිත ගමන තුල කිසිදු අවධානමක් ගැනීමට නොපෙලඹෙනු ඇති බවයි.

 

එනයින් මෙම සංකල්පය මගින් කියන්නේ රජයක් විසින් ලබාදෙන සීමා රහිත සුභසාධනය විසින් ජනතාව සීමා රහිතව රාජ්‍ය මත යැපීම හේතුවෙන් ජනතාව විසින් තමන් පිලිබද වගකීමක් ගැනීමේ හැකියාව මෙන්ම තමන් පිලිබදව තමන් විසින්ම සොයා බැලීමේ නිදහස දුර්වල කරන බවයි.

එම නිසා ලිබරල් වාදය කියන්නේ රාජ්‍යයක් විසින් සුභසාධනය ලබා දිය යුත්තේ පාලිත තත්වයන් යටතේ පවතින වාස්තවික අවශ්‍යතාව මත ඉහත කී ලෙස පුද්ගලයකු සතු ස්වයං වගකීමට හානි නොකරමින් බවයි.

නමුත් නව ලිබරල් වාදය කියන්නේ රාජ්‍ය හා ආර්ථිකය වෙන්කල යුතු බව නිසා නව ලිබරල්වාදය තුල සුබසාධන සංකල්පය දෙස බලන්නේ නිදහස් වෙළදපලට හා සම්පත් කාර්යක්ෂමව ආයෝජනයට ඇති භාදාවක් ලෙසටය.

 

f714f2621aebf99abcf9508d2017f344 Lලංකාවට වරෙක සැමට හාල් සේරු දෙකක් දුන්නේය.

ලංකාවට වරෙක සැමට හාල් සේරු දෙකක් දුන්නේය. එය ලිබරල් සංකල්පයට එරෙහිය. නමුත් මේවන විට පවතින තත්වය බැරෑරුම්ය. එයට ප්‍රතිකර්ම සැපයිම ලිබරල් සංකල්පයට එකගය. නමුත් ප්‍රශ්නය වන්නේ එවැන්නක දිග පලලය.

ලංකාවට ප්‍රායෝගික ජාතික සුභසාධන ප්‍රතිපත්තියක් අවශ්‍යවී තිබේ. එය ගොඩනැගිය හැක්කේ ලිබරල් සංකල්ප තුලින් මිස මාක්ස්වාදී හෝ සමාජවාදී අර්ථයෙන් නොවේ.

ඒ බව සිහිපත් කිරීම මෙම කෙටීමේ අරමුනයි.


(නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
slakthilaka@gmail.com

 

 

@ ශ්‍රිරාල් ලක්තිලක ගේ ෆේස්බුක් පිටුවෙන්...

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...