The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල් නැති ජීවිතේ...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

October 15, 2024 • 6:32 AM

රනිල් නැති ජීවිතේ...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉස්සර නම් මට සහ මේ රටේ ගොඩක් අයට මේ සියලු අර්බුද වලට වගකියන්න ඕනි කියල හිතපු ''අනෙකෙක්'' හිටිය.
  • විශේෂයෙන් රනිල් කියන චරිතය කේන්ද්‍රකරගෙන සහ අපේ කේන්තිය ඒ චරිතය එක්ක බද්ධ කරගෙන පහුගිය අවුරුදු දෙක ඇතුලේ අපි යම් හෝ සහනයක් ලැබුවා.
  • බස් වල අපි පොල් පැටෙව්වා වගේ යන්නේ පරණ විදියටමයි.
  • දේශපාලනයේ දුෂ්ටයෙක් නැති නිසා ආවේගය අපි ඇතුලෙම කැකෑරෙමින් තිබිල අපි රෝගීවෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඉස්සර නම් මට සහ මේ රටේ ගොඩක් අයට මේ සියලු අර්බුද වලට වගකියන්න ඕනි කියල හිතපු ''අනෙකෙක්'' හිටිය. ඒ අනෙකාට තමයි අපි කිව්වේ මේ රට විනාශකරපු සාම්ප්‍රදායික දේශපාලඥයෝ කියල. ඕනිනම් ප්‍රභූන් කියලත් කියතහැකියි.
 
ඉන්ධන මිල සංශෝධනය කෙරේ
අර කියන දැවෙන ප්‍රශ්න එයාල ඇතිකළා වුනත් නැතත්, ඒ ප්‍රශ්න වලට එයාල විසඳුම් හෙව්වා උනත් නැතත් අපිට තිබ්බ එකම සහනය තමයි බඩු මිල වැඩිවෙනකොට, තෙල් මිල වැඩිවෙනකොට, ලයිට් බිල වැඩිවෙනකොට, පඩිය කැපෙනකොට, යනාදී වශයෙන් ගොඩක් දේවල් සිද්දවෙනකොට අපි අර ප්‍රභූ කියන සෙට් එකට බැන්න එක, ශාපකළ එක, යැද්ද එක, හෙණ ඉල්ලුව එක. විශේෂයෙන් රනිල් කියන චරිතය කේන්ද්‍රකරගෙන සහ අපේ කේන්තිය ඒ චරිතය එක්ක බද්ධ කරගෙන පහුගිය අවුරුදු දෙක ඇතුලේ අපි යම් හෝ සහනයක් ලැබුවා.
මහින්ද, මෛත්‍රී පසුපස එයි: ගෝඨා ඉවත්කර ගැනීමට වුවත් සුදානම් ලු!
 
ඊට කලින් මහින්ද. මෛත්‍රී, ගෝඨා වගේ අය හිටිය. 

මොනවා තිබ්බත් අපිට ඒ ''අනෙකාට බණින සහනය'' වැදගත් උනා. අපි රනිල්ට බැනල අපේ ආවේගය නිවාගත්ත. අපේ ආවේගය මුදාහැරිය. ඒ මුදාහැරීම එක්ක අපි තාවකාලික වශයෙන් හරි සුවපත් උනා. ඒ අනුව රනිල් කියන්නේ අපේ කැතාර්සිසයේ නැත්නම් කැතාර්සිසය මුදාහැරීමේ කේන්ද්‍රීය සහ අත්‍යවශ්‍ය චරිතය උණා. රනිල් නිසා අපේ කේන්තියෙන් මිදෙන්න අපිට දිනපතා පුළුවන් උනා.
 
කොවිඩ් 19 : කාන්තාවන් බස් කොන්දොස්තරට-ත්‍රීවීල් රියදුරුට දුරකතන අංකය දිය  යුතුද?
ඒත් දැන්? දැන් අලුත් පුනරුද යුගයක් ඇවිල්ල කියල කට්ටිය කියනවා. ඒත් දැනුත් අර පරණ විදියටම බඩුමිල ඉහල යනවා. තෙල් ඒ ගානමයි. බස් වල අපි පොල් පැටෙව්වා වගේ යන්නේ පරණ විදියටමයි. කිසිම අලුත් කියල දෙයක් නැහැ. වීප්ලවයට පස්සේ දවසෙත් අපේ ජීවිතේ පරණ විදියමයි. කේන්තිය ඒ විදියමයි.
විප්ලවයට පස්සේ දවසේ ඉදල වෙනසක් කරන්න නම් විප්ලවයට පෙර ඉඳල ලොකු සූදානමක් තියෙන්න ඕනි. දැන් පේන විදියට එහෙම එකක් තිබිල නැහැ. තිබිල තියෙන්න රනිල්ගේ විදිය විතරයි. 

ඒත් දැන් රනිල් නැහැ. දැන් බනින්න කෙනෙකුත් නැහැ. පිරිසිදු අයට බැනල වැඩකුත් නැහැ. දුෂ්ටයෙක් නැහැ.
 
අපේ මීළඟ ජනපති එළාර මාදිලියේ කෙනෙක් වුණොත් කොහොමද?
දේශපාලනයේ දුෂ්ටයෙක් නැති නිසා ආවේගය අපි ඇතුලෙම කැකෑරෙමින් තිබිල අපි රෝගීවෙනවා. නිරෝගී වෙන්න නම් අපිට අලුත් මාස්ටර් කෙනෙක් ඕනි වෙයිද?
බලාගෙන හැදෙන්න මෙච්චර දේවල් තියන රටක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...