The Leader News
BREAKING
Top Ad
Opinion

වාමවාදීන් හිරවෙන උගුල - (පිලිප් ශාන්ත)

T

The Leader Desk

October 15, 2024 • 10:43 AM

වාමවාදීන් හිරවෙන උගුල - (පිලිප් ශාන්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව ශ්‍රී ලංකාව අයි.එම්.
  • එක හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ස්ථාපිත කළේ නවසිය තිස් ගණන්වල ලෝකය පුරා ඇතිවූ ආර්ථික කඩා වැටීමෙන් දුර්වල රටවල් ආරක්ෂා කර ගැනීමටයි.
  • ඇත්තෙන්ම එය ධනේශ්වර දේශපාලන විසදුමක්.
  • රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සදහා ප්‍රථමවරට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත්තේ වර්ෂ 2002දී යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව ශ්‍රී ලංකාව අයි.එම්. එෆ් එක සමඟ පවත්වන ගනුදෙනුව නතර කළහොත් වාමාංශිකයන් බලාපොරොත්තු වෙන සතුට කුමක්දැයි පැහැදිලි නැහැ.

ඊට හේතුව එම ගනුදෙනුව නතර කළ සැනෙන් රට නැවතත් විශාල ගෙවුම් ශේෂ අර්බූදයකට ලක්වන නිසයි. එවිට කන්නට බොන්නට නැතිව අදින්නට පළදින්නට නැතිව විශාල අර්බූදයකට සමාජය තල්ලුවීම අනිවාර්‍යක්. එය වාම දේශපාලන ව්‍යාපාරයක පවා සතුටට හේතුවක් වෙන්න බැහැ. නමුත් මේ කඩා වැටීම ගැන දැන දැනම අයි.එම්.එෆ්. එක සමඟ පවත්වන ගනුදෙනුව නතර කරන්නැයි ඉල්ලා සිටීම ඛේදවාචකයක්.

අයි.එම්.එෆ්. එක හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ස්ථාපිත කළේ නවසිය තිස් ගණන්වල ලෝකය පුරා ඇතිවූ ආර්ථික කඩා වැටීමෙන් දුර්වල රටවල් ආරක්ෂා කර ගැනීමටයි. ඊට මුල්වූයේ බටහිර ධනේශ්වර රටවල් හා ජාත්‍යන්තර ආයතනයි. ඇත්තෙන්ම එය ධනේශ්වර දේශපාලන විසදුමක්. ඊට අප කැමැති වුවත් නැතත් ධනේශ්වරය තුළ ආර්ථික කඩා වැටීමක දී පවතින එකම විසදුම අයි.එම්.එෆ්. එකේ සහනාධාරයි.

IMF newඅයි.එම්.එෆ්. එක හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ස්ථාපිත කළේ නවසිය තිස් ගණන්වල ලෝකය පුරා ඇතිවූ ආර්ථික කඩා වැටීමෙන් දුර්වල රටවල් ආරක්ෂා කර ගැනීමටයි.

රටක් ගෙවුම් ශේෂ අර්බූදයකට මුහුණ දුන්විට අයි.එම්. එෆ් ආයතනයේ මැදිහත්වීමෙන් මූල්‍යමය ආධාර ලබාදීම මෙන්ම ඊට සමාන්තරව ආර්ථික ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරීමත් විසදුම් පොදියේ ලක්ෂණයි. අයි.එම්.එෆ් ආයතනය නිර්දේශ කරන ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනා බොහෝවිට අමිහිරියි. තිත්තයි. ඊට හේතුව ආර්ථිකයට දරන්න අපහසු වියදම් එම නිර්දේශ මගින් කපා හරින නිසයි. රාජ්‍ය මූල්‍ය කලමනාකරණය සදහා නීති සම්පාදනය කරමින් විශේෂ අවධානයක් ආර්ථිකය කෙරෙහි ආණ්ඩුවකට යොමු කරන්න මේ නිසා සිදුවෙනවා.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සදහා ප්‍රථමවරට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත්තේ වර්ෂ 2002දී යි. ඒ නිසා ආණ්ඩුවට අවශ්‍ය පරිදි මුදල් නාස්ති කිරීමට අපහසු වූවා. 


ආණ්ඩුවේ මූල්‍ය අපරාධයන් වළක්වා මූල්‍ය විනයක් ඇති කිරීමට අයි.එම්.එෆ්. ආයතනය කරන නිර්දේශ කොපමන වැදගත් වුවත් කොපමන ප්‍රායෝගික වුවත් සුබසාදනය සදහා වෙන් කෙරෙන රාජ්‍ය මුදල් ද කප්පාදු කිරීම අයි.එම්.එෆ්. යෝජනාවන්ගේ අදුරු පැත්තයි. ඒ නිසා රටක් ඇත්තටම අදුරු අගාධයකට වුවත් වැටෙන්නට ඇති ඉඩකඩ වැඩියි.

 

imagesලංකාව වැනි රටක් තුලනය වී ඇත්තේ සහනාධාර නිසයි

ශ්‍රී ලංකාව වැනි රටක් තුලනය වී ඇත්තේ සහනාධාර නිසයි. නො එසේනම් විශාල ඇති නැති පරතරයක සිටින ශ්‍රී ලංකා සමාජය ආර්ථික ප්‍රශ්න නිසා විශාල විනාශයකට වුවත් තල්ලු වෙන්න පුළුවන්. එනිසා සහනාධාර කප්පාදුව ඇති කරන පරිහානිය දුක්ඛදායකයි.

නමුත් අයි.එම්.එෆ්. යෝජනා මගින් සහනාධාර කප්පාදුවන නිසා මුළුමනින්ම එමගින් ඉවත්වුවහොත් රට ඇද වැටෙන්නේ මහත් පීඩාකාරී තත්ත්වයකටයි. ඒ පීඩාකාරී තත්ත්වයට ධනේශ්වරය තුළ පවතින එකම විසදුම අයි.එම්.එෆ්. යෝජනා ක්‍රියාත්මක කිරීම පමණක් නම් ඊට ඔබ්බෙන් කුමක් කළ යුතු ද යන්න වාමාංශිකයන් විසින් පැහැදිලි කළ යුත්තක්.

5ae8f30d21dad273824cකාල්මාක්ස්

මාක්ස්වාදය යනු ධනේශ්වරයට ඈතින් සිට කැට කැබැලිති ගහන හෝ ආසන්නයටම පැමිණ බිම දමාගෙන පහර දෙන සටන් විධික්‍රමයක් නොවේ. කාල්මාක්ස් ධනේශ්වරය හදුනාගෙන ඇත්තේ සමාජ සංවර්ධනයේ ඓතිහාසික අවස්ථාවක් ලෙස ය. ඒ අනුව ධනේශ්වරය පරාජය කර ඊලග සමාජ සංවර්ධන අවස්ථාව වන සමාජවාදයට යා යුතු වුවත් ධනේශ්වරය අහෝසි කළ නොහැක. අප කළ යුත්තේ ධනේශ්වරයට එහි උපරිම අවස්ථාව තෙක් ප්‍රසාරණයවීමට ඉඩ දීමත් ඒ නිසා ආන්තීකරණයට ලක්වන පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටීමත් ය.


නමුත් බොහෝ වාමවාදීන් කරන්නේ ධනේශ්වර ගතිකයට බාධා කිරීමයි. එසේ බාධා කර සමාජය පීඩාවට පත්වන විට නිහඬව සිටීමයි. මේ මොහොත තුළ ලාංකික ධනේශ්වරය පවතිනේ විශාල අර්බූදයක ය. ඒ අර්බූදය සමහන් කර ගන්නට ඔවුන්ට ඉඩ නොදී ඒ විසදුම්වලට බාධා කර සමාජය විනාශයට තල්ලු කිරීම නොකළ යුත්තකි. ඊට හේතුව ධනේශ්වර අවකාශය තුළ මාක්ස්වාදී විසදුම් නොමැති බැවිනි. මාක්ස්වාදයට විසදුම් ඇත්තේ ධනේශ්වරය අර්බූදයට ගොස් කඩා වැටෙන මොහොතෙන් ඔබ්බට ය.

 

frontline imfඅන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ධනේශ්වරය කරන ගනුදෙනු හා ගෝලීය ප්‍රාග්ධනය ශ්‍රී ලංකාවට ගලාඒම වැනි කරුණු කාරනාවලට එරෙහිවෙමින් අරගල කිරීමේ ජවය හා ශක්තිය නාස්ති කර ගැනිම වෙනුවට වාමාංශිකයන්ට කරන්නට ඕනෑ තරම් වැඩ තිබේ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ධනේශ්වරය කරන ගනුදෙනු හා ගෝලීය ප්‍රාග්ධනය ශ්‍රී ලංකාවට ගලාඒම වැනි කරුණු කාරනාවලට එරෙහිවෙමින් අරගල කිරීමේ ජවය හා ශක්තිය නාස්ති කර ගැනිම වෙනුවට වාමාංශිකයන්ට කරන්නට ඕනෑ තරම් වැඩ තිබේ. ඒ අතර ප්‍රධාන වන්නේ නව ලිබරල්වාදය නිසා ආන්තීකරණයට ලක්වන පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටීමයි. එසේම ධනේශ්වරයේ කඩා වැටීම ඉක්මන් කරවීමට දේශපාලනය කිරීමයි. එසේම කඩා වැටෙන ධනේශ්වරය වෙනුවට විමුක්තිවාදී නිෂ්පාදන මාදිලියක් නිර්මාණය කර ගැනීමයි.

මේ දේශපාලනය කරන්නට වාමාවාදීන්ට අපහසු ය. ඊට හේතුව ඔවුන් ධනේශ්වරයේ උප කුලකයක්වන ප්‍රතිසංස්කරණවාදීන් නිසා ය. විමුක්ති සමාජයක් නිර්මාණය කර ගත හැක්කේ විප්ලවකාරී මාක්ස්වාදීන්ට පමණි. සමාජය ඒ සදහා හෙමින් හෙමින් සූදානම් වෙමින් සිටී.

pilip
(පිලිප් ශාන්ත)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
shan.info1978@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...