එය ඉතා හොඳ දෙයකි. මෙයට සියවස් 25 කට පමණ පෙර උත්තර භාරතයෙන් ඇරඹුණු ආර්ය අධිරාජ්‍ය දේශපාලන ව්‍යාපෘතියේ සුවිශේෂී පියවරක් ලෙස එය සැලකිය හැකිය. ලංකාද්වීපයේ ශිෂ්ටාචාරය ඇරඹෙන්නේ ඉපැරණි දඹදිව ආර්ය දේශපාලන අධිරාජ්‍ය ව්‍යාප්තියේ දිගුවක් ලෙසටය.

පළමුව එය සිදු වන්නේ බිම්බිසාර සහ අජාසත් රජවරුන්ගේ අනාගත මගධ අධිරාජ්‍ය ගොඩනැගීමේ දේශපාලන ව්‍යාපෘතියක් ලෙසටය. විජයාගමනය තුළ කියැවෙන්නේ එයයි. දෙවනුව එය සිදු වන්නේ මගධයේ දෙවන සහ විශාලතම නැගිටීම වන බින්දුසාර සහ අශෝක රජවරුන්ගේ මෞර්ය අධිරාජ්‍යයේ ව්‍යාප්තිය තුළය. මහින්දාගමනය තුළ කියැවෙන්නේ එයයි. විජය සහ මහේන්ද්‍ර කුමාරවරු ලංකාවේ ආර්ය ශිෂ්ටාචාරයේ පියවරුන්ය. ලංකාව යනු ඓතිහාසික ආර්ය සංක්‍රමණයේ අග්‍ර ඵලයකි.
ඉපැරණි මගධ ආධිපත්‍යයේ නූතන කුමාරයා වන නරේන්ද්‍ර මෝදි ලංකාවේ සිංහල බෞද්ධ නායක අනුර කුමාරයා සමග භෞතික පාලමකින් එම ඓතිහාසික අධිරාජ්‍යය පරිපූර්ණය කිරීම මාගේ ජීවිත කාලය තුළ සිදු වන්නේ නම් මා වාසනාවන්තයෙකි. එය නම් කළ යුත්තේ “විජයගේ පාලම” නමිනි.

මෙම පාලම හැදීමට විරුද්ධ වන්නේ දකුණු ඉන්දියානු ද්‍රවිඩයන්ය. එය ආර්ය සහ අනාර්ය ශිෂ්ටාචාර අතර පවතින ඓතිහාසික එදිරිවාදිකම පමණී. සිංහල සහ දෙමළ එදිරිවාදිකමත් එයමය. අනාදිමත් කාලයක සිට තිබෙන එම දැඩි පසමිතුරු බව සදාතනිකය. එය අතිශය දේශපාලනිකය. ඓතිහාසික ආර්ය රජදරුවන් කළාක් මෙන් එම විරෝධතාවය මැඩ පැවැත්වීමට නරේන්ද්‍ර සහ අනුර රජවරුන්ට දැන් හැකිය. ආර්ය නරේන්ද්‍ර හට ද්‍රවිඩයන් සහාය නොදෙයි. ආර්ය අනුර හටත් ද්‍රවිඩයන් සහාය නොදෙන බව ජනපතිවරණ ප්‍රතිඵලයෙන් සනාථ විය. එය අහම්බයක් නොවේ.
වාල්මිකිගේ රාම-රාවණා ප්‍රබන්ධය මත නිර්මාණය කළ ව්‍යාජ “හෙළ” නිජබිම සංකල්පය පට්ටපල් බොරුවකි. ඒ සඳහා කිසිදු ඓතිහාසික සාක්ෂියක් නොමැත. ඒ හරහා නිර්මාණය කළ ඉන්දියානු විරෝධය පදනම් විරහිතය. විරෝධය තිබිය යුත්තේ මහාවංශයේ එන දකුණු ඉන්දියානු අනාර්ය ද්‍රවිඩ ආක්‍රමණයටය. අද ඉන්දියාව ලෙස හැඳින්වූවත් බුද්ධ කාලයේ ඉන්දියාවක් තිබුණේ නැත. තිබුණේ සොළොස් මහා ජනපද සහ ඒවායේ කාලානුරූපී විකාශයන්ය. ඒවා පිළිගත් ඓතිහාසික කරුණුය.

විජේවීර වැන්නවුන්ගේ හිතළු ඉන්දියානු ව්‍යාප්තවාදය අද පුස්සකි. සිංහල බෞද්ධ අනුර කුමාරයා පවා එවැන්නක් තිබුණු බවක් හෝ පිළිගන්නේ නැත.
ඉපැරණි ආර්ය දඹදිව සහ ලංකාද්වීපය අතර ජානමය, භාෂාමය, සංස්කෘතික සහ දේශපාලනික සම්බන්ධය භාරත්-ලංකා පාලම හරහා අලුත් කළ හැකිය. එමගින් දුර අතීතයේ මගධයෙන් ඇරඹුණු ආර්ය අධිරාජ්‍යය 21 වන සියවසේ නැවත සාක්ෂාත් කළ හැකිය. ඒ අතීත කතාව කියවෙන මාගේ ඉංග්‍රීසි නවකතාව ඔබට Amazon Kindle හි කියවිය හැකිය.
ධර්මය ඔබට මග වේවා!
(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com



