The Leader News
BREAKING
Top Ad
Opinion

මැතිවරණ පොරොන්දු සහ රාජ්‍ය බලය - (කෙෂාල් ජයසිංහ)

T

The Leader Desk

October 19, 2024 • 11:54 AM

මැතිවරණ පොරොන්දු සහ රාජ්‍ය බලය - (කෙෂාල් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ මැතිවරණ පොරොන්දු ගැන සිංගප්පුරුවේ අග්‍රාමාත්‍යවරයෙක් මෙසේ ප්‍රකාශ කර සිටියා.
  • ඔහු ප්‍රකාශ කර සිටියේ Sri Lankan elections are an action of non existing resources.
  • එනම් ශ්‍රි ලංකාවේ මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් ලෙසයි.
  • අනෙක් පාර්ශ්ව දෙකට ඒනම් සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක 2020-2022 කාලය තුළ ඇති වූ ආර්ථික අර්බුදය හරහා ඇති වු මහත් අප්‍රසාදය, වෛරය හා බලාපොරොත්තු බිද වැටිමේ මහජන මනෝභාවය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත පවරමින් 2022-2024 යන අවුරුදු 02 තුළම කටයුතු කළා.
අකුරු ප්‍රමාණය (Font Size):
ඉදිරිපත් කර තිබුණා. ලංකාවේ මැතිවරණ පොරොන්දු ගැන සිංගප්පුරුවේ අග්‍රාමාත්‍යවරයෙක් මෙසේ ප්‍රකාශ කර සිටියා. ඔහු ප්‍රකාශ කර සිටියේ
Sri Lankan elections are an action of non existing resources. එනම් ශ්‍රි ලංකාවේ මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් ලෙසයි.

රනිල් වික්‍රමසිංහට තිබුණේ ඔහු දැනටමත් ක්‍රියාත්මක කරගෙන යන වැඩසටහන සඳහා ජනතාවගේ කැමැත්ත ලබා ගැනිමටයි. ඒ අනුව, ප්‍රායෝගික වෑඩපිළිවෙලක් වෙනුවෙන් පෙනී සිටියේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා පමණයි. නමුත් ඔහුව බහුතර ජනතාව ප්‍රතික්ෂේප කර තිබුණා. අනෙක් පාර්ශ්ව දෙකට ඒනම් සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක 2020-2022 කාලය තුළ ඇති වූ ආර්ථික අර්බුදය හරහා ඇති වු මහත් අප්‍රසාදය, වෛරය හා බලාපොරොත්තු බිද වැටිමේ මහජන මනෝභාවය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත පවරමින් 2022-2024 යන අවුරුදු 02 තුළම කටයුතු කළා.
 
ranil ආර්ථික අර්බුදය හරහා ඇති වු මහත් අප්‍රසාදය, වෛරය හා බලාපොරොත්තු බිද වැටිමේ මහජන මනෝභාවය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත පවරමින් 2022-2024 යන අවුරුදු 02 තුළම කටයුතු කළා.
මේ නිසා ඇති වු වෛරී මනෝභාවයේ වාසිය ලබා ගත් ජ.වි.පෙ. ප්‍රමුඛ මාලිමා පාර්ශ්වය ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. දැනට ජයග්‍රහණය ලැබු පාර්ශ්වයට ඇති අභියෝගය වනුයේ රාජ්‍ය පාලනය කරන්නේ කෙසේද යන්නයි. ජ.වි.පෙ. දේශපාලනයේ ප්‍රධාන ප්‍රවනතාවය වූ විරෝධතාවය තුළින් ආණ්ඩු පෙරළිය කළ හැකි වුවත් රාජ්‍ය පාලනයේදී සියළු පර්ශ්ව සමඟ සම්මුතියකට යෑම අනිවාර්යය වෙනවා. ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගය ඡන්දය ප්‍රකාශ කළ අයගෙන් 90% සමන්විත වනුයේ 2019 වසරේ ගෝඨාභය මහතාට ඡන්දය ප්‍රකාශ කළ අයවලුන්ය. එනම් සමස්ථ පොහොට්ටුවේ ඡන්ද පදනමයි.
 
මෙම ඡන්ද දායකයන්ගේ ප්‍රධානම අවධානය යොමු වී ඇත්තේ පසුගිය ආණ්ඩුව කරනු ලැබු රාජ්‍යයේ ව්‍යුහාත්මක වෙනස්කම් ආපසු හැරවීමයි. ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජනබලවේගයට මෙය ආපසු හැරවීම කළ හැකිද යන්න දැන් මතු වි ඇති ප්‍රධාන ගැටලුවයි. ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති ආර්ථික සහන ලබා දීමට කුඩා හෝ හැකියාවක් නැ. ඒසේ නම් ඔවුන්ට අද සිදු වි ඇත්තේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට යොමු විමටයි. 2022 අරගලයෙන් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කලේත් ඒවකට පැවති ආර්ථික ක්‍රියාවලිය නවත්වා ඒ වන විට වැඩිම ආර්ථික අවදානමට ලක්ව ඇති පිරිස ඉලක්ක කරගෙන නව ප්‍රායෝගික වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරිමයි. එය වසර 02 වැනි කාලයක් ඇතුළත සාර්ථක වුණා. අවසානයේ රට සම්පූර්ණයෙන් ස්ථාවර කොට කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇති නොවන ලෙස සාමකාමි බල හුවමාරුවක්ද සිදු වුණා.
 
 
sri lanka f imf poverty 500 x 375රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කලේත් ඒවකට පැවති ආර්ථික ක්‍රියාවලිය නවත්වා ඒ වන විට වැඩිම ආර්ථික අවදානමට ලක්ව ඇති පිරිස ඉලක්ක කරගෙන නව ප්‍රායෝගික වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරිමයි.

අළුතින් පත් වු ආණ්ඩුවට දැන් කළ යුතුව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා දැනටමත් ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙල ඉදිරියට ගෙන යෑම පමණයි. කොපමණ මැතිවරණ පොරොන්දු දී තිබුණත්, පවතින බදු ක්‍රමය සංශෝධනය කළ නොහැක. ඒ් වගේම රාජ්‍ය ආදායම්, ඉලක්ක හා වියදම් සමඟ ජනප්‍රිය තීරණ ගත නොහැක.
 
IMF newජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ආණ්ඩුවට ලබා දුන් මඟපෙන්විම අනුව රජය කළ යුතු ව්‍යවස්ථාපිත වෙනස්කම් කළ යුතු බව ආණ්ඩුවට දැන් අවබෝධ වි තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අපේම කොන්දේසි මත කටයුතු කළ නොහැකි බව දැන් අවබෝධ වෙලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ආණ්ඩුවට ලබා දුන් මඟපෙන්විම අනුව රජය කළ යුතු ව්‍යවස්ථාපිත වෙනස්කම් කළ යුතු බව ආණ්ඩුවට දැන් අවබෝධ වි තිබෙනවා. පසුගිය අවුරුදු 02 තුළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් සිදුකළ ව්‍යවස්ථාපිත වෙනස්කම්වල වැදගත්කම ජ.වි.පෙ. ප්‍රමුඛ මාලිමාව අද තේරුම් ගනිමින් ඉන්නවා. රාජ්‍ය පාලනය හා විරෝධයේ වෙනස ඔවුන් දැන් අපට තේරුම් කරමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වුවත් ඔහුට සතුටු විය හැකි වන්නේ තමන්ගේ වැඩපිලිවෙල වැඩියෙන්ම විවේචනය කර බලය ලබා ගත් පිරිස විසින් රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙලේ ඇති නිරවද්‍යතාවය තහවුරු  කිරීම නිසා.  
 
 
 
Keshal Jayasinghe
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...