The Leader News
BREAKING
Top Ad
Opinion

ගෲෂාගේ, රනිල්ගේ සහ අනුරගේ වැල් පාලම..! - (ගාමිණී ජයසූරිය)

T

The Leader Desk

October 20, 2024 • 10:34 AM

ගෲෂාගේ, රනිල්ගේ සහ අනුරගේ වැල් පාලම..! - (ගාමිණී ජයසූරිය)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෲෂාගේ වැල් පාලම වූ කලී අතිශයින් ම භයානක වූද දුෂ්කරතාවලින් ගහන වුද ගමනක්ය.
  • එවන් සේනාවක් පරාජයට පත් කළ විට ඇතිවන ප්‍රීතිය නම් වැල් පාලමෙන් එතෙර වූ ගෲෂාට නිසැකවම ඇතිවූ බවට කිසිම සැකයක් නොමැත්තේය.
  • පිටතින් එසේ වුවද ඇතුළතින් නම් දෙකම එක හා සමානය.
  • මරණ තුනක් ඇති මිනිසෙකු පැණි කෑමට නව අර්ථකථනයක් ලබා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගෲෂාගේ වැල් පාලම වූ කලී අතිශයින් ම භයානක වූද දුෂ්කරතාවලින් ගහන වුද ගමනක්ය. බෞද්ධ සාහිත්‍යයේ දසමාර සේනාවක් ගැන කියැවෙන්නේය. එය නම් එසේ මෙසේ එකක් නොවන්නේ බිමට බර වූ දසමාර සේනාවක්ම වූ බැවින්මය. බිම්බරක් වූ දසමාර සේනාවක් සමඟ සටනක් ගෲෂාට නම් කොහෙත්ම තිබුණේ නැතුවාමය. එවන් සේනාවක් පරාජයට පත් කළ විට ඇතිවන ප්‍රීතිය නම් වැල් පාලමෙන් එතෙර වූ ගෲෂාට නිසැකවම ඇතිවූ බවට කිසිම සැකයක් නොමැත්තේය. ගෲෂා වැල් පාලමෙන් එතෙර වූවාය. මයිකල් කුමාරයාවද  එතෙර කළාය. ඇය විසින් රැක ගත්තේ මයිකල් කුමාරයාය. වඩාත්ම අමිහිරි වචනයෙන් කිවහොත් එගොඩ කළේ රාජාණ්ඩු ක්‍රමයේ හිමිකමය.

 

ගෲෂාට පමණක්ම නොවේ රනිල්ටද වැල් පාලමක් තිබුණේය. පිටතින් බැලූ විට නම් එය ගෲෂාගේ වැල් පාලමට හාත්පසින්ම වෙනස් වන්නේය. පිටතින් එසේ වුවද ඇතුළතින් නම් දෙකම එක හා සමානය. දෙකම එකමය. ගෲෂා වැල් පාලමෙන් ඔටුන්නේ හිමිකම එතෙර කළාය. ඒ ගෲෂාගේ මයිකල් කුමාරයාය. රනිල් නව ලිබරල් ක්‍රමය රනිල්ගේ වැල් පාලමෙන් එතෙර කළේය. ඒ රනිල්ගේ මයිකල් කුමාරයාය. එදා ගෲෂාට මෙන්ම මෙදා රනිල්ටද මහා දුෂ්කරතාවයන් රාශියක් ම වීය. කරවටටම ගිලුනු ආර්ථික අර්බුදයත්, කරවටටම ගිලුනු දේශපාලන අර්බුදයත්, කරවටටම ගිලුනු ජනතා විරෝධයත් යනාදී වශයෙන් තුන් ආකාරයටම බාධක වැල් පාලමේ තිබුණේය.

රනිල් මයිකල් කුමාරයාත් සමඟ ඔහුගේ වැල් පාලමට ගොඩ වුණේය. කණ කැස්බෑවෙකු වියසිදුරෙන් අහස බැලීමට නව අර්ථකථනයක් ලබා දුන්නේය. මරණ තුනක් ඇති මිනිසෙකු පැණි කෑමට නව අර්ථකථනයක් ලබා දුන්නේය. රනිල් වැල් පාලමෙන් මයිකල් කුමාරයා එතෙර කළේය. නව ලිබරල් ක්‍රමය හෙළට වැටී සුනු විසුනු වීමෙන් බේරාගත්තේය.

 

ජනාධිපතිවරණය 2024 : අනුර කුමාරට ප්‍රශ්න 07ක් (වීඩියෝ)
ගෲෂාට රනිල්ට මෙන්ම අනුරට ද මයිකල් කුමාරයෙකු සිටින්නේය. ගෲෂාට රනිල්ට මෙන්ම අනුරටද වැල් පාලමක් ඇත්තේය. අනුරගේ මයිකල් කුමාරයා නම් ලබාගත් ජන වරම මිස වෙන කිසිම දෙයක් නොවන්නේය. ජනවරම් නම් ඕන තරම් අය ඉතිහාසය පුරාවට මාරුවෙන් මාරුවට ලබාගෙන ඇත්තේය. එහෙත් මෙවැනි ජනවරමක් නම් වෙනත් කිසිවෙකු ලබාගෙන නම් නැත්තේමය. වාමාංශික පක්ෂයක් විසින් දක්ෂිණාංශික පක්ෂ සියල්ලක්ම එකටම තබා පරාජයට පත් කිරීමක්, කෙටිම කාලයකින්, අඩුම වූ ඡන්ද ප්‍රතිශතයක්, වැඩිම වූ ඡන්ද ප්‍රතිශතයක් බවට පත් කිරීමක් කරනු ලබුවේ සදා නොමියෙන ජයග්‍රහණයක් ලබා ගනිමින්ය. 

වමේ ජයග්‍රහණයන් ගැන ලියන විට ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසයේ ද මෙය විශේෂ අවස්ථාවකි. මෙය නම් අනගි බවනීය ජනවරමක් වන්නේ ඒ නිසාමය. මෙය අනගි බවනීය වන්නේත්, මෙය අනුරගේ මයිකල් කුමාරයා බවට පත් වන්නේත්, ඒ නිසාමය.

 

අනුරගේ වැල් පාලම වන්නේ ඔහුගේම ප්‍රතිපත්ති ප්‍රකාශණයමය. එහි ඇත්තාවු ආර්ථික, දේශපාලනික හා සාමාජික වශයෙන් ලබාදුන් පොරොන්දු නම් සාමාන්‍යයය. ඒවාද වැල් පාලමේම කොටසක් වුවත්, ඉටුකිරීමට අති දුෂ්කර වූවත් සාමාන්‍යකරණය වූ පොරොන්දුමය. වැල් පාලම දෙදරුන් කන, වැල් පාලම ඉහළටත් පහළටත් දෝලනය වන, වැල් පාලම කඩා වැටෙන සුළුවන, අතිශයින්ම වැදගත්ම වූ පොරොන්දුවක් නම් ඇත්තේය. එයනම් වංචනිකයන්ට, දූෂිතයන්ට දඬුවම් පැමිණවීම සඳහා කටයුතු කිරීමට ලබාදුන් පොරොන්දු වීමය. කෙටියෙන්ම කියතොත් හොරු ඇල්ලීමය. සියලුම පොරොන්දු සිටින්නේ මෙයට යටින්ය. බිලියනේ ඒවා අනන්තයක් ගැන සැලකීමේදී දාහක් හෝ දෙදාහක් නොසලකා හැරිය හැකිය. එසේ ගත් කළ අනෙකුත් සියලුම පොරොන්දු නොසලකා හැරීම කෙසේ වෙතත් ඊට පහළින් සිටින්නේය. ඒ අනුව පැහැදිලිවම අනුරගේ වැල් පාලම වන්නේ හොරු ඇල්ලීම මිස වෙනකක් නොවේමය.

හොරකම නැමති නාම පදයට සියල්ලෝම විරුද්ධය. එහෙත් හොරකම් කිරීම නැමැති ක්‍රියා පදයට බහුතරයක් වූ ජනයා කැමතිය. හොරකම් කිරීම නැමැති ක්‍රියාවට අති බහුතරයක් ම සහභාගී වන්නේ සුදනන් ලෙසටමය. මෙන්න මේ අමුතුම ආකාරයේ නාම ක්‍රියා සම්බන්ධය නම් ප්‍රථමයෙන්ම විග්‍රහ කරගත යුතු වන්නේමය.


සෑම දෙයකටම කැමති අයද අකමැති අයද ලෙස කොටස් දෙකක් ඇත්තේමය, රංගනයට කැමති අයද අකමැති අයද ලෙස කොටස් දෙකක් ඇත්තේය, සංගීතයට කැමති අයද අකමැති අයද ලෙස කොටස් දෙකක් ඇත්තේය, පාන් කෑමට කැමති අයද අකමැති අයද ලෙස කොටස් දෙකක් ඇත්තේය. හොරකමට නම් එය එසේ නොවන්නේමය. සියයට සියයක්ම හොරකමට අකමැතිම වන්නේය. නමුත් බහුතරයක්ම එහි නිරතවන්නේ සුදනන් ලෙස මිස දුදනම් ලෙස නම් නොවේමය. මෙය හොරකම තුළ තිබෙන විශේෂ වූ ලක්ෂණයක් ය. එය වෙස්ගැන්වීමකි. නැතහොත් හොරකම් කිරීමේ වේශාන්තරණයයි.

 

ජවිපෙට දූෂණය නැතිකරන්න පුළුවන් ද? - (අජිත් පැරකුම් ජයසිංහ)

සමාජ සංවර්ධන ක්‍රියාවලියේ අතුරුඵලයක් ලෙසද හොරකම දෘශ්‍යමාන වන්නේමය. සෑම ක්‍රියාවලියකදීම ප්‍රධාන වූ ඵලයක් සේම අතුරුඵලයක්ද හටගන්නේය. කාර්මීකරණයේ අතුරුඵලයක් ලෙසම පරිසර දූෂණය ඇතිවන්නා සේම, කෘෂිකර්මාන්තයේ අතුරුඵලයක් ලෙසම පරිසර දූෂණය ඇතිවන්නා සේම, රථවාහන ගමනාගමනයේ අතුරුඵලයක් ලෙස පරිසර දූෂණය ඇතිවන්නා සේම, සෑම සමාජ සංවර්ධන ක්‍රියාවලියකදීම අතුරුඵලයක් ලෙස හොරකම ද හටගන්නේමය. ප්‍රධාන ක්‍රියාවලිය නම් අත්‍යාවශ්‍ය වූවක් බැවින් අතුරුඵලය නිපදවීම නම් වැළැක්විය නොහැකිම වන්නේය. එය අනිවාර්යයක් ලෙසම ඇතිවන්නේය. සංවර්ධන ක්‍රියාවලියේදී පරිසර දූෂණය අනිවාර්ය සාධකයකි. සමාජ සංවර්ධන ක්‍රියාවලියේදී හොරකම ද අනිවාර්ය සාධකයක් වන්නේමය.

සමාජයේ සෑම දෙයක්ම පාහේ කළ හැකි දේවල්මය. සමාජයේ කළ නොහැකි දේවල්ද ඇත්තේමය. කළ නොහැකි දේවල් කළ හැකි පුද්ගලයෝද ඇත්තේමය. ඔවුන් නම් සත්‍ය ලෙසම යුග පුරුෂයන්මය. අනුරගේ වැල් පාලමෙන් අනුරගේ මයිකල් කුමාරයාව එගොඩ කිරීමද එයටම සමානය. මෙහිදී සියල්ලෝම නැරඹීම පසෙකලා සහයෝගය දීමට පෙරමුණ කරා ගමන් කිරීම අද දවසේ ප්‍රථම කාර්යයක් බවට පත් වී ඇත්තේමය. අධිෂ්ඨානය පවතින විට මග සොයාගත හැක්කේමය. ජයග්‍රාහකයෝ අත් නොහරිති.


(ගාමිණී ජයසූරිය)
අධ්‍යයන කවය
"89-සහෝදරත්වය"

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...