The Leader News
BREAKING
Top Ad
Opinion

ජනාධිපතිවරණ පරාජය රනිල් වික්‍රමසිංහගේ පරාජය ද? - (කෙෂාල් ජයසිංහ)

T

The Leader Desk

October 21, 2024 • 11:50 AM

ජනාධිපතිවරණ පරාජය රනිල් වික්‍රමසිංහගේ පරාජය ද? -  (කෙෂාල් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙය ඔහු හා ඔහුට සහයෝගය දැක් වු පිරිස අපේක්ෂා කළ දෙයක් නොවේ.
  • ඔහුට සහය පල කළ අයගේ අදහස වුයේ ජනාධිපති වික්‍රමසිංහ වසර දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත රටතුළ ඇති වු ආර්ථික අර්බුදය නිසා ඇති වු දේශපාලන අර්බුදය ස්ථාවර කිරිම නිසා ඔහුට මැතිවරණය ජයග්‍රහණය කිරිමට වැඩි ඉඩක් ඇති බවයි.
  • එය කිසිසේත් වසර දෙකකින් සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැකි බව කිසි කෙනෙක් විශ්වාස කළේ නැහැ.
  • ලංකාව වගේම අර්බුදයට ගිය පාකිස්ථානය, කෙන්යාව, ගානාව, ආජින්ටිනාව වැනි රටවලටද ලංකාව ආදර්ශයට ගන්නා ලෙස ජාත්‍යන්තර ආයතන උපදෙස් දී තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙය ඔහු හා ඔහුට සහයෝගය දැක් වු පිරිස අපේක්ෂා කළ දෙයක් නොවේ. ඔහුට සහය පල කළ අයගේ අදහස වුයේ ජනාධිපති වික්‍රමසිංහ වසර දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත රටතුළ ඇති වු ආර්ථික අර්බුදය නිසා ඇති වු දේශපාලන අර්බුදය ස්ථාවර කිරිම නිසා ඔහුට මැතිවරණය ජයග්‍රහණය කිරිමට වැඩි ඉඩක් ඇති බවයි.

 ලංකාවේ ආර්ථික ප්‍රගතිය ගැන IMF සතුට පළ කරයි

එය කිසිසේත් වසර දෙකකින් සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැකි බව කිසි කෙනෙක් විශ්වාස කළේ නැහැ. විපක්ෂයේ කිසිදු බලවේගයක් එම අභියෝගය භාර නොගත්තේ පැවති අවධානම නිසාය. ජාත්‍යන්තර ආයතන වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන ලංකාව තිබු තත්ත්වයේ සිට කෙටි කාලීනව ප්‍රශංසනිය තත්ත්වයට ගෙන ඒම අගය කර තිබුණා. ලංකාව වගේම අර්බුදයට ගිය පාකිස්ථානය, කෙන්යාව, ගානාව, ආජින්ටිනාව වැනි රටවලටද ලංකාව ආදර්ශයට ගන්නා ලෙස ජාත්‍යන්තර ආයතන උපදෙස් දී තිබුණා.

ආර්ථික අර්බුදයෙන් ඇති වු දේශපාලන අර්බුදය කළමනාකරණය කිරිම යන  කරුණ මත ජනාධිපති වික්‍රමසිංහ ගේ නම ජාත්‍යන්තර ආයතනවල ප්‍රශංසාවට ලක්වුණා. මෙය පසුගිය දශක තුන තුළම ලංකාවේ පාලකයෙකු ජාත්‍යන්තරයේ ඇගයිමට ලක් වු පලමු අවස්ථාවයි.
20140715PHT52435 clJean-Claude Juncker 
ඒහෙත් ගැටළුව වනුයේ ලෝකයම පිළිගත් පුද්ගලයෙකු ලංකාවේ බහුතර ජනතාවක් පිලිගන්නේ නැත්තේ මන්ද යන්නයි. මෙයට හොඳම උදාහරණ ලෙස අපිට පෙන්වා දිය හැක්කේ ලක්සම්බර්හි හිටපු අගමැති Jean-Claude Junckerගේ (ජෝන් ක්ලෝඩ් යුන්ක) ප්‍රකාශයයි. "We all know what to do but we don't know how to get reelected once we have done it."

හිටපු ජනාධිපතිවරයාට සිදු වුයේ Jean-Claude Juncker (ජෝන් ක්ලෝඩ් යුන්ක) කළ දෙයයි. ජනතාව අකමැති ඉතා අමිහිරි ඒහෙත් රට ස්ථාවර කිරීමට කළ යුතු බොහෝ වෙනස්කම් කළා. එම වෙනස්කම් ක්‍රියාත්මක කලේ මැතිවරණය අමතක කරමින්.

උපයන විට අය කරන බදු වැඩි කලා. අගය ඒකතු කිරීම මත බදු වැඩි කළා. අපනයන සීමා කළා. මේ සියල්ල කළේ රට ස්ථාවර කිරිම වෙනුවෙන්. මේ සියල්ලම කරේ රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවමින්, විශ්‍රාම වැටුප් ගෙවමින් හා සහනාදාර ගෙවිම් තිබුණු  ප්‍රමාණයට වඩා පස් ගුණයකින් වැඩි කරමින්.
 
අර්බුදයේ බර අඩු කර ගැනීම -(වික්ටර් අයිවන් )
රට ස්ථාවර කිරිම වෙනුවෙන් විපක්ෂයේ සියළුම පාර්ශ්වල සහය ඉල්ලා සිටියත් සමස්ථ විපක්ෂයම ඔහුට සහය නොදි රට ස්ථාවර කරන වැඩපිළිවෙල විවේඡනය කලා. ජාතික ජන බලවේගය මෙන්ම සමගි ජන බලවේගයද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අර්බුදය විසදන වසර දෙක තුළම පූර්ණ කාලීනව තම දේශපාලන කටයුතු ප්‍රවර්ධනය කලේ තම පක්ෂවලට අයත් වෘත්තිය සමිති යොදාගෙන පුළුවන් තරම් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නොදි ඒවා කඩාකප්පල් කිරීමටයි. සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරින් යොදා ගනිමින් පැවති රජයේ සමස්ත ක්‍රියාවලියම හාස්‍යට ලක් කලා. වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ පරාජය සමාන වනුයේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ වෙන්විමට පැවති මැතිවරණයටයි.
බ්‍රිතාන්‍ය: අද සිට ක්‍රියාත්මක වන 'බ්‍රෙක්සිට්' නිසා මොකද වෙන්නේ?
 
ඒහිදි ඒවකට කම්කරු පක්ෂය හා කොන්සර්වටිව් පක්ෂ යන ප්‍රධාන පක්ෂ 2ම යුරෝපා සංගමයේ රැදි සිටිය යුතු යන ස්ථාවරයක සිටියා. UKIP පක්ෂය, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්විය යුතුය යන ස්ථාවරයේ සිටියා. ඉතා කුඩා පක්ෂයක් වු UKIP පක්ෂයේ ස්ථාවරයට බහුතර කැමැත්ත ප්‍රකාශ කර තිබුණා. දැන් බ්‍රිතාන්‍ය ජනතාව තමන් ගත් තීරණය වැරදි බවට අදහස් පල කරමින් ඉන්නවා.
 
පසුගිය අවුරුදු 03 තුළ බ්‍රිතාන්‍යයේ ඇතිවු ආර්ථික අර්බුදයට හේතුවක් ලෙස යුරෝපා සංගමයෙන් වෙන්විමද ප්‍රබල ලෙස බලපැ බවද බොහෝ දෙනාගේ අදහසයි. 
 
ප්‍රංශය තුළදි සිදුවුයේ මේ හා සමාන තත්ත්වයකි. ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් රට ස්ථාවර කිරිම වෙනුවෙන් කළ යුතු ජනප්‍රිය නොවන බොහෝ වෙනස්කම් රාශියක් කලා. 2017 සිට අළුතින් රැකියා මිලියන 2ක් ඇති කලා. මිලියන 06ක් ව්‍යාපාර අවස්ථා ඇති කලා. ව්‍යාපාර බද්ද අඩු කර තිබුණා. ධන බද්ද අඩු කර තිබුණා. උසස් අධ්‍යාපනය සඳහා විශාල පිරිසකට ඇතුලත් විමට අවස්ථා සලසා තිබුණා. 2032 බිඳ වැටිමට පැවති රජයේ විශ්‍රාම වැටුප් ක්‍රමය ස්ථාවර කළා. නමුත් පසුගිය මැතිවරණයෙදි ඔහුගේ පාර්ලිමේන්තු කණ්ඩායම පරාජය වුණා.
 
ranil
ප්‍රංශයේ නව අගමැති ලෙස පත්වු මිෂෙල් බානියේටද අද සිදු වි ඇත්තේ මැක්රොන් ගෙන ගිය වැඩපිලිවෙල ඉදිරියට ගෙන යෑමයි. අද ලංකාවටත් සිදු වි ඇත්තේ පත් වු ජනාධිපතිවරයාට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ වැඩපිලිවෙල දිගටම ක්‍රියාත්මක කිරිමට පමණයි. අවසානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පරාජය වුවත් ඔහු ඉදිරිපත්  කළ වැඩසටහන ජයග්‍රහණය කර ඇත.
 

 Keshal Jayasinghe
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...