The Leader News
BREAKING
Top Ad
Opinion

දේශීය කෘෂිකර්මාන්තයේ ව්‍යුහාත්මක වෙනසක් : සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පෙරළියක් - (පිලිප් ශාන්ත)

T

The Leader Desk

October 21, 2024 • 12:02 PM

දේශීය කෘෂිකර්මාන්තයේ ව්‍යුහාත්මක වෙනසක් : සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පෙරළියක් - (පිලිප් ශාන්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමහර භෝග වර්ග වගා කිරීම ලාභදායක ය.
  • කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මෙවැනි යළි කියවීමකට යා යුත්තේ පෙර සදහන් කළ පරිදි කෘෂි කර්මාන්තයේ නිෂ්පාදන මාදිලිය මේ වනවිට වෙනස් වී ඇති නිසා ය.
  • ජාතික රාජ්‍ය කේන්ද්‍ර කර ගත් සරළ, නොදියුණු හා ප්‍රාථමික වෙළෙද පළ අභිබවා දැන් සංකීර්ණ, දියුණු හා උසස් වෙළෙද පළක් සදහා ලෝකය තුළ දැන් භාණ්ඩ නිෂ්පාදනය වේ.
  • ගම්මිරිස් වැනි නිෂ්පාදනයන් විදේශ වෙළෙද පළ ඉලක්ක කර ගනිමින් අපනයන අභිමුඛ කෘෂිකර්මාන්තයක් ලෙස සලකා ප්‍රවර්ධනය කළ යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

සමහර භෝග වර්ග වගා කිරීම ලාභදායක ය. සමහර භෝග වර්ග වගා කිරීම පාඩු වුවත් සංස්කෘතික අවශ්‍යතා හා ආහාර සුරක්ෂිතතාව තහවුරු කරගත යුතු නිසා දැඩි ප්‍රතිසංස්කරණ මධ්‍යයේ වගා කළ යුතුය.

 

පුවත් - Results from #1356

කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මෙවැනි යළි කියවීමකට යා යුත්තේ පෙර සදහන් කළ පරිදි කෘෂි කර්මාන්තයේ නිෂ්පාදන මාදිලිය මේ වනවිට වෙනස් වී ඇති නිසා ය. ජාතික රාජ්‍ය කේන්ද්‍ර කර ගත් සරළ, නොදියුණු හා ප්‍රාථමික වෙළෙද පළ අභිබවා දැන් සංකීර්ණ, දියුණු හා උසස් වෙළෙද පළක් සදහා ලෝකය තුළ දැන් භාණ්ඩ නිෂ්පාදනය වේ. ඒ නිසා රතු ලූණු හා ලොකු ලූණු ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය නොකර ඉන්දියාවෙන් ආනයනය කිරීම ලාභදායකය. සහල් නිෂ්පාදනය ප්‍රබල ප්‍රතිසංස්කරණයන් තුළම ශ්‍රී ලංකාවේ කළ යුතු ය. ගම්මිරිස් වැනි නිෂ්පාදනයන් විදේශ වෙළෙද පළ ඉලක්ක කර ගනිමින් අපනයන අභිමුඛ කෘෂිකර්මාන්තයක් ලෙස සලකා ප්‍රවර්ධනය කළ යුතුය.

විශාල වෙළෙද පළක් සදහා වගා කරන විටත් වෙනත් සාධක නිසාත් සමහර භෝග වර්ග වල නිෂ්පාදන වියදම අවම වේ. ඒ නිසා ඒවා සමග තරග කරන්නට යෑමත් කුඩා වෙළෙද පළක්වන ශ්‍රී ලංකාව සදහා වගා කිරීමත් පාඩු ය. කළ යුත්තේ සමස්ත කෘෂි ආර්ථිකයම යළි ආකෘතිගත කිරීමයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ වගා කිරීම අත්‍යන්තයෙන්ම පාඩු භෝග වර්ගයන් ආනයනය කළ යුතු ය. එසේම ශ්‍රී ලංකාවේ වගා කිරීමට වැදගත්කමක් ලැබෙන භෝග වර්ග අපනයනය ඉලක්ක කර ගනිමින් වගා කර විදෙස් වෙළෙද පළ පුළුල් කර ගත යුතුය.

 

ගමේ ආර්ථිකය පුබුදුවන්න 'උරුමය' විශාල ජවයක් - (ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග)

හෙක්ටාරයකට අඩුවෙන් වී වගා කරන කෘෂිකාර්මික ශ්‍රමිකයන් සමස්ත වී නිෂ්පාදනයට දරණ දායකත්වය 70%කි. එහෙත් මේ පිරිස නිෂ්පාදන මාදිලියේ පවතින කල් ඉකුත් වූ බව නිසා අතිශය පාඩු ලබයි. එක්කෝ පවුලේ ශ්‍රමය නිසා පාඩුව යම්තම් පිරිමසා ගනී. කෘෂිකාර්මික නිෂ්පාදනයන්ට වෙළෙද පළක් නොමැත්වීමේ ප්‍රශ්නයට ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ වල විසදුම වන්නේ රාජ්‍ය සහනාධාරයි. ඒ නිසා ඉහළ යන පාරිභෝගික භාණ්ඩ වලට ද නැවතත් රාජ්‍ය සහනාධාරයි. නිෂ්පාදකයා මෙන්ම පාරිභෝගිකයා ද ආරක්ෂා කිරීමට සහනාධාරදීම සමාන කළ හැක්කේ මේරටේ මජර පාලක පන්තිය ඉවක් බවක් නැතිව මහජන දේපළ කොල්ල කෑමට පමණි.

පැරකුම් යුගයක් නැවත ඇති කළ යුතුද ? - (විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ)

 

පෙර සදහන් කළ පරිදි ලාංකික කෘෂිකර්මාන්තය යළි ව්‍යුහගත කළ යුතු වන්නේ මේ නිසා ය. ඒ අනුව ලාභ ලැබිය හැකි නිෂ්පාදනයන්ට රාජ්‍ය සහාය ලබාදෙමින් වගා කළ යුතුය. ලාභ නොහැකි දේ පිටරටින් ආනයනය කළ යුතු ය. වී වගාව තෝරා ගත් දිස්ත්‍රික්කවල මහා පරිමාණයෙන් කළ යුතුය. බස්නාහිර කුඹුරු ඉඩම් මල් වගාවට හා සත්ව නිෂ්පාදනයට යොදා ගත යුතුය. මේ සදහා යැපුම් කෘෂිකර්මාන්තය අත්හළමින් වාණිජ්‍ය කෘෂිකර්මාන්තය කරා යා යුතුය.

වියට්නාමය පසුගිය දසවසර තුළ යෝධයකු සේ නැගී සිටියේ අපනයනය අභිමුඛ කරගත් ගම්මිරිස් වගා කරමිනි. ඒ නිසා ලෝකයේ ගම්මිරිස් මිල පාලනය කරන ප්‍රධාන සැපයුම්කරුවකු බවට වියට්නාමය පත් විය. ශ්‍රී ලංකාවේ ගම්මිරිස් වල පයිපරින් නම් රසායනිකය අඩංගු නිසා ඊට ලැබෙන ඉල්ලුම ඉහළ ය. විදෙස් රටවල දැනටමත් පවතින ඉල්ලුම පුළුල් කර ගනිමින් ගම්මිරිස් නිෂ්පාදනය කිරීමේ විශාල ව්‍යාපෘතියකට ශ්‍රී ලංකාව ප්‍රවේශ වුවහොත් එය රටට විශාල විදේශ විනිමය ලැබෙන මාර්ගයක් වනු ඇත. ඒ සදහා මහ පරිමාණයෙන් ගම්මිරිස් වගා කිරීමට සුදුසු ඉඩම් විශාල සමාගම් වලට නිදහස් කළ යුතුය.

 

අලුත් ඉඩම් සංවර්ධන පනත ගොවි ඉඩම් කොල්ලයට මග පාදන බවට බියක්
ගම්මිරිස් පමණක් නොව ඉලක්ක ගත විශාල නිෂ්පාදනයකට සැලසුම් කරන සියළු භවබෝග සදහා යැපුල් කෘෂිකර්මාන්තය අත්හල යුතුය. ඒ සදහා පහ පරිමාණ සමාගම් වලට රජයේ ඉඩම් පැවරිය යුතුය. ඊට අමතරව නිදහස් ඉඩම් වෙළෙද පළක් හරහා ඒ ඒ සමාගම් වලට විශාල ඉඩම් අයිතිය ලබාදිය යුතුය.

යැපුම් කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට දියුණු නිෂ්පාදන මාදිලිය තුළ ඉඩක් නැත. වාමාංශිකයන් කෘෂිකර්මාන්තය දියුණු කිරීමට කතා කිරීමේ දී හිර වෙන්නේ ද මේ බොට්ල් නෙක් එකෙහි ය. ඔවුන් අලුත් නිෂ්පාදන මාදිලියට එරෙහි වුවත් යැපුම් කෘෂිකර්මාන්තය ලාභ ලබන මට්ටමට දියුණු කරන උපක්‍රම නොදනී. ඒ නිසා ඔවුන් කරන්නේ පැරණි නිෂ්පාදන මාදිලිය ආරක්ෂා කර ගැනීමට වැඩවසම්වාදී, ගතානුගතික හා නොදියුණු සටන් දියත් කිරීම ය. පහළ ඌවේ දී පැල්වත්ත සීනී සමාගම පිහිටුවනවාට ඔවුන් විරුද්ධ වූයේ එබැවිනි. කණ්ඩලම හෝටලය පිහිටුවනවාට ඔවුන් විරුද්ධ වූයේ එබැවිනි. විශාල සමාගමකට රජයේ ඉඩම් බදුදෙන වහා දරිද්‍රතාවෙන් පෙළෙන කුඩා ගොවීන් උසිගන්වමින් පාරට බහින්නේ එබැවිනි. එහෙත් මේ නොදියුණු, ප්‍රාථමික හා නොගැඹුරු දේශපාලනය වහා අත්හල යුතුව ඇත.

වවන්නෝ දිනන්නෝ - නැවත වරදින්නේ නැත

 

නිෂ්පාදන මාදිලිය වෙනස් කරමින් කෘෂිකර්මාන්තය දියුණු කිරීමට ධනේශ්වරයට විවේචනාත්මක සහාය දිය යුතුය. ඒ අනුව විශාල සමාගම් මගින් වාණිජ්‍ය කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට ඉඩහළ යුතුය. ඒ විශාල සමාගම් වල දිළිදු ගොවීන් කම්කරුවන් සේ වැඩ කිරීමට ඉඩ දිය යුතුය. ඔවුන් ආර්ථික වශයෙන් වර්ධනය විය යුතුය.

කුඩා ඉඩම් සන්තකය අත්හැර විශාල ඉඩම් හිමිකරුවන් නිර්මාණයවීමේ ප්‍රවනතාවක් මාක්ස්වාදී චින්තකයකු වන ඩේවිඩ් හාර්වි විසින් හදුනාගෙන ඇත. යැපුම් කෘෂිකර්මාන්තයේ යෙදෙන සුළු ගොවීන් නිෂ්පාදන මාදිලියේ අසමත්කම නිසා මුහුණ දෙන දරිද්‍රතාව හමුවේ තම ඉඩම් විකුණා වෙනත් යැපීම් ක්‍රම සොයා ගැනීමත් එම ඉඩම් මිල දී ගන්නා ගැනුම්කරුවන් අනුව මහ පරිමාණ ඉඩම් හිමිකරුවන් නිර්මාණයවීමත් හාර්වි විසින් මනා ලෙස නිරීක්ෂණය කර ඇත. එය සන්තකය අත්හැරවා ගැනීම (Accumulation of Dispossession) ලෙස හැදින්වේ. විශාල පරිමාණ නිෂ්පාදන සමාගම් බිහිවන්නේ එවිටය.

ඉඩම්හිමි ධනපතියා ද ඉඩමේ වැඩ කරන කම්කරුවා ද යළි ප්‍රති නිර්මාණය වේ. එවිට ධනේශ්වර සංවිධානය  ද සිදුවේ. ධනපතියා හා කම්කරුවා අතර සදාතනික අරගලය ආරම්භ වේ. ප්‍රති ධනේශ්වර අරගලයක නිරතවන නව මාක්ස්වාදියා විප්ලවය ආරම්භ කරන්නේ එතැනෙනි.

pilip(පිලිප් ශාන්ත)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික 
shan.info1978@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දේශීය කෘෂිකර්මාන්තයේ ව්‍යුහාත්මක වෙනසක් : සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පෙරළියක් - (පිලිප් ශාන්ත) | The Leader