The Leader News
BREAKING
Top Ad
Opinion

රාජපක්ෂවාදයේ අවසානය කොතැන ද? - (පිලිප් ශාන්ත)

T

The Leader Desk

October 24, 2024 • 5:32 AM

රාජපක්ෂවාදයේ අවසානය කොතැන ද? - (පිලිප් ශාන්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊට හේතුව ලෙස බොහෝ අයකු දුටුවේ රනිල් වික්‍රමසිංහව ය.
  • නමුත් ඇත්ත කතාව වන්නේ යූඑන්පියේ බිදවැටීමට හේතුව රනිල් වික්‍රමසිංහ නොවන බව ය.
  • නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට යූඑන්පිය දැරු කොන්සරේටිව්වාදී ප්‍රතිපත්තිය ඊට හේතුව වූ බව මගේ අදහසයි.
  • ඒ අර්ථයෙන් යූඑන්පිය ලැබූ උපරිම මැතිවරණ ජයග්‍රහණය වන්නේ 2005 ජනාධිපතිවරණයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊට හේතුව ලෙස බොහෝ අයකු දුටුවේ රනිල් වික්‍රමසිංහව ය. නමුත් ඇත්ත කතාව වන්නේ යූඑන්පියේ බිදවැටීමට හේතුව රනිල් වික්‍රමසිංහ නොවන බව ය. නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට යූඑන්පිය දැරු කොන්සරේටිව්වාදී ප්‍රතිපත්තිය ඊට හේතුව වූ බව මගේ අදහසයි. ඒ අර්ථයෙන් යූඑන්පිය ලැබූ උපරිම මැතිවරණ ජයග්‍රහණය වන්නේ 2005 ජනාධිපතිවරණයයි.

 


2005 දී මුළුවැර යොදා යූඑන්පිය පරාජය කිරීමට ශ්‍රී ලංකාවේ දකුණ මහන්සි වූයේ රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණයන් පරාජය කිරීමට ඔවුනට අවශ්‍ය වූ බැවිනි. අද බොහෝ කයි කතන්දර කියන රැඩිකල් පිරිස් 2005 දී ඡන්දය දුන්නේ මහින්ද රාජපක්ෂට ය. ඒ එල්ටීටීඊය පරාජය කිරීමේ සවිඥාණික ආශාවෙන් නොවේ. එහෙත් ඒ මැතිවරණ ක්‍රියාවලිය තුළ එල්ටීටීඊය උපක්‍රමශීලීව කළමනාකරණය කර ගැනීම ද සිදුවිය. එසේම එල්ටීටීඊය පරාජය කිරීමේ නව ලිබරල්වාදී අවශ්‍යතාව ද ඒ තුළ අඩංගු විය.  ශ්‍රී ලංකාවේ දකුණ ආර්ථික අරමුණකින් රනිල් වික්‍රමසිංහව පරාජය කරන විට ශ්‍රී ලංකාවේ උතුර ඔහුව පරාජය කළේ ජාතිකවාදී අරමුණකිනි. ඒ අභිලාශයන් දෙකම කළමනාකරණය කරමින් ඒ අතර මැදින් අභීතව හිට ගත්තේ මහින්ද රාජපක්ෂ ය.

 

මහ මැතිවරණය: රනිල් වික්‍රමසිංහ - හෙණ්ඩුව අත නොහරින ඇතරුවා

ඊට පසුව යූඑන්පිය පරාජයවීමේ මහජන අභිලාශය තුළ රට බේරා ගැනීම නම් ප්‍රෝඩාව ද අඩංගු විය. යූඑන්පිය බලයට ආවොත් ඊළාම් බෙදුම්වාදීන්ට වාසියක් අත්වේයැයි බියෙන් ගම් නගර සිසාරා යූඑන්පී විරෝධයක් විශේෂයෙන් රනිල් විරෝධයක් නිර්මාණය කරන ලදි. එහෙත් මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණයෙන් ද තහවුරු වූයේ නව ලිබරල්වාදයම මිස අනෙකක් නොවේ. ඔහු එල්ටීටීඊයට එරෙහිව යුද්දයක් දියත් කරමින් ක්‍රියාත්මක කළේ එක්සත් ජනපදය හා යුරෝපා සංගමය මූලික වෙමින් ක්‍රියාත්මක කළ නව ලිබරල්වාදී අභිලාශයයි. එසේම ආර්ථික ප්‍රතිසංස්කරණ සියල්ල ද නොකඩවා කරගෙන යමින් නව ලිබරල්වාදයේ අනෙක් අභිලාශය ද තෘප්ත කළේ ය. උපක්‍රමික වැදගත්කම වූයේ යූඑන්පියට මෙන් මහජන විරෝධයක් රාජපක්ෂවරුන්ට එල්ල නොවීමයි.

සන්ධානත් හදලා අන්තිමට හූල්ලන්නත් වෙලා -රටේ රාළ

 

ඒ අර්ථයෙන් රාජපක්ෂවරුන්ගේ දේශපාලනය පදනම් වී ඇත්තේ අති ධනේශ්වර පදනමක නව ලිබරල්වාදී ඉලක්කයන් සම්පූර්ණ කිරීමට ය. එහෙත් ලාංකික ජනමනස එය තේරුම්ගෙන ඇත්තේ මෘදු අර්ථයකිනි. එනම් රනිල් වික්‍රමසිංහගෙන් මෙන් රාජපක්ෂවරුන්ගෙන් රටට හානියක් නොවන්නේ යැයි යන අර්ථයෙනි. ජනමනසට කා වැදී ඇති ඒ අදහස අභියෝග කරන්නට තරම් නොහැකි ශක්තිමත් ස්ථාවර නිර්මිතියක්ම නොවන බව 2015 දී ඔප්පු විය.

අන්ත ධනේශ්වර රාජපක්ෂවාදයට එරෙහිව විකල්පයක් නිර්මාණය කළ යුත්තේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ඉලක්කයකින් යුතුව ය. ඒ තුළ ධනේශ්වර සංවර්ධනයට ඉඩක් තිබිය යුතු වුවද එය වාමවාදී විය යුතුය. එසේම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ද මූලික විය යුතුය. සමාජය ව්‍යුහාත්මකව වෙනස් කිරීමේ විමුක්ති අරගලය දීර්ඝකාලීන බැවින් එහි කෙටි කාලීන අරමුණ ලෙස සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් නිර්මාණය කර ගැනීම යොදා ගත යුතුය.

ජනපතිවරණය තුල 'වමේ' භූමිකාව..! - (රන්ජන සේනානායක)

 

සාමාන්‍යයෙන් ලංකාවේ කොයි වාමාංශික පක්ෂයත් වැඩ කරන්නේ ප්‍රතිසංස්කරණවාදී අරමුණෙනි. එය ගෝලීයව ද සත්‍ය බව මේ ළගදී කමෙන්ටුවක් තබමින් වාමාංශික ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයකු පවසා තිබුණි. ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ඉලක්ක සහගතව වැඩ කරන්නේ ප්‍රතිසංස්කරණවාදී අරමුණෙනි. ප්‍රතිසංස්කරණවාදය යනු පවත්නා ධනේශ්වර ආණ්ඩුව සුමට කර ගැනීම සදහා දරණ උත්සාහයන් තුළින් ජනප්‍රියවාදී සුබසාධන රාජ්‍යයක් ගොඩනගා ගැනීමයි. එබැවින් මේ පක්ෂ දෙකේම අරගලය සීමා වී ඇත්තේ ජනප්‍රියවාදී සුබසාධන රාජ්‍යයක් සදහා මිස පවතින රාජ්‍ය අහෝසි කර සමාජවාදී සමාජයක් නිර්මාණය කර ගැනීමට නොවේ.

ජනතා විමුක්ති පෙරමුණ විශේෂයෙන් 1994න් පසුව මේ ගමන් මගෙහි සාර්ථකව ගමන් කරමින් සිටී. ඔවුන් එහි කූටප්‍රාප්තියට පත්වූයේ 2004 දී ය. එහෙත් රාජපක්ෂ ආණ්ඩුවෙන් ඛණ්ඩනයවීම නිසා ඔවුන්ට යම් අගතියක් සිදු විය. ඒ ඛණ්ඩනයවීම යථාර්තයක් කර ගන්නට නම් ඔවුන් තම පක්ෂය තුළ අතිවිශාල ප්‍රතිසංස්කරණයකට යා යුතුය. එසේ නොවී රාජපක්ෂවාදයට සිද්ධිවාචකව විරුද්ධ වෙමින් හා එකග වෙමින් කරන දේශපාලනය ඔවුන්ගේ තාර්කික අවසානය නිර්මාණය කරමින් සිටී.

 

ගෝටාගෙන් පසු ජනතාවාදය කොතැනට ද? - (චින්තන ධර්මදාස)

ජනතා විමුක්ති පෙරමුණ විසින් රාජපක්ෂවාදය නිවැරැදිව හා විද්‍යාත්මක භෞතිකවාදී අර්ථයෙන් කියවා ගත යුතුව ඇත. එවිට එය අන්ත දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාරයක් බවත් එහි අදහස් පසුගාමී බවත් තේරුම් ගත හැකිය. එසේම තම සාමාජිකයන් වන අතරමැදි පන්තියේ බහුතරය රාජපක්ෂවාදය කියවා ගන්නේ වැඩවසම් අර්ථයෙන් බවත් තේරුම් ගත යුතුය. විශේෂයෙන්ම රාජපක්ෂවාදයේ නව ලිබරල්වාදී හරයට එරෙහිව පැරණි හා අහෝසි වූ කේන්සියානුවාදී විකල්පය කරා යළි යෑමේ ඔවුන්ගේ අදහස ව්‍යාජයක් බව ද තේරුම් ගත යුතුය.  මූලික වශයෙන් රාජපක්ෂවාදයෙන් ව්‍යුහාත්මකව ඛණ්ඩනයවීම අර්ථවත් වන්නේ 70-77 සමගි පෙරමුණු ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වැළද ගැනීමෙන් ද නොවන බව ද තේරුම් ගත යුතුය.

ජනතා බලයද ? කම්කරු බලයද...? - (රංජන සේනානායක)

 

සමාජය ධනේශ්වර අර්ථයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට විවේචනාත්මක සහාය දෙමින්ම ඒ නිසා විතැන්වන ජන තීරුවේ ආරක්ෂාව වෙනුවෙන් හඩ නගමින්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ඉලක්කයකින් දේශපාලන අරගලය පුළුල් කළ යුතුය. ඒ සදහා ජනතා විමුක්ති පෙරමුණට විශාල මහන්සියක් දැරීමට සිදුවන බව ඇත්ත ය. නමුත් මහන්සිය දැරිය යුත්තේ තම සාමාජිකයන්ගේ මෝඩ විඥාණය නිවැරැදි කර ගැනීමට පමණි. මෙතෙක් කල් ඔවුන් වැඩ කළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව විසින් සම්පූර්ණ කිරීමට ඇති සෙසු කාර්යභාරය සැහැල්ලු කර තිබේ.

ග්‍රාමීය දරිද්‍රතාව අහෝසි කිරීම සදහා වූ ආර්ථික පැකේජයක් සහිතව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වලින් යුතු දේශපාලන වැඩසටහනක් ඔවුන් නිර්මාණය කර ගත යුතු අතර ජාතික ප්‍රශ්නයට බලය බෙදා හරින පාලන ව්‍යුහයක් මගින් දෙමළ හා මුස්ලිම් ජන කොටස් රාජ්‍යයේ එකාග්‍රතාවට සම්බන්ධ කර ගන්නා ප්‍රතිපත්තියකින් එය ශක්තිමත් කර ගත යුතුය. එසේම ජනතා විමුක්ති පෙරමුණ මහන්සි විය යුත්තේ තමන්ගේ ඉලක්ක ජන කොටස ලෙස පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමවාදී ජනතීරුවට ආමන්ත්‍රණය කිරීමට ය.

ජාතික ජන බලවේගය හා අන්තරේ මේ සතියේ කොළඹට

 

එසේ වුවහොත් අන්ත දක්ෂිණාංශික රාජපක්ෂවාදය පෙරලා දමා ඇති මේ මොහොතේ ස්ථිරසාර වාම බලවේගයක් ලෙස ජාතික ජන බලවේගයට ක්‍රියාකාරී විය හැකිය.

pilip shantha(පිලිප් ශාන්ත)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික 
shan.info1978@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...