The Leader News
BREAKING
Top Ad
Opinion

ඊශ්‍රායලය වෙනුවෙන් ලාංකිකයන් පෙනී සිටීම භයානක මෙන්ම අමන ක්‍රියාවකි ! - (නීතිඥ ශිරාල් ලක්තිලක)

T

The Leader Desk

October 24, 2024 • 4:59 PM

ඊශ්‍රායලය වෙනුවෙන් ලාංකිකයන් පෙනී සිටීම භයානක මෙන්ම අමන ක්‍රියාවකි ! - (නීතිඥ ශිරාල් ලක්තිලක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලාංකිකයන්ගේ වීඩියෝවක්ද සමාජ මාධ්‍ය තුල සංසරනය වෙමින් තිබේ.
  • ඊශ්‍රායලය හා එම රට තුල පවත්වන සියොන්වාදී පාලනය අද වන ලෝකයේ නිග්‍රහයට පාත්‍රවී තිබෙන පාලන ක්‍රමයක් බවට පත්ව තිබේ.
  • ගසා තීරය තුල ඊශ්‍රායලය ගෙනයන පලස්තීන ජනතා සංහාරය මනුෂ්‍යත්වයට එරෙව සිදු කරන ලද වරදක් බව ජාත්‍යන්තර අධිකරනය මගින් ද තීන්දු කොට තිබේ.
  • අමරිකාවේ ප්‍රගතිශීලී යුදෙව් ජනතාවද ඊශ්‍රායාලයේ ක්‍රියාත්මක සියෝන් වාදය වර්නබේදවාදයට සමාන බව පවසිමින් ඊශ්‍රායලයට එරෙහිව පෙලපාලි යමින් සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):
ලාංකිකයන්ගේ වීඩියෝවක්ද සමාජ මාධ්‍ය තුල සංසරනය වෙමින් තිබේ.

ලංකාවේ සංචාරයක යෙදෙන ඊශ්‍රායල ජාතිකයන් ආරක්ෂා කිරීම රජයේ පමනක් නොව පුරවැසියන්ගේද වගකීමක් වන්නේය.

සංචාරක ව්‍යාපාරය ලංකාවේ ජාතික ආර්ථිකයේ මර්මස්තානයකි. එසේම මැදපෙරදිග ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායමද අපට තීරනාත්මකය.
ආරුගම්බේ වෙරළ තීරය 
ඊශ්‍රායල සංචාරකයන්ට සිදුවන අනතුරක් නිසා අපගේ සංචාරක ව්‍යාපාරය බිදවැටීමේ අවධානමක් දැකිය හැකි වන්නාසේම ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් මැදපෙරදිග ශ්‍රමිකයන්ට තිබෙන රැකියා අවස්තා අහිමිවීමේ අවධානමක්ද පවතී.

එම නිසා ඊශ්‍රායල සංචාරකයන්ට පහර දෙන්නට කැස කවන ත්‍රස්තයන් වෙතොත් එය මුලිනුපුටා දැමිය යුතුව තිබේ.

දැන් මතුවී තිබෙන ප්‍රශ්නය වෙනකකි.

ඉහත පෙලපාලිය සංවිධානය කල අයවළුන්ට තම ක්‍රියාවේ ආදීනව තේරුම් නොයාම මතුවන ප්‍රශ්නයයි.

ඊට අමතරව ඔවුන් තමන්ගේ අමන කමද පෙන්වා තිබේ.

ඊශ්‍රායලය හා එම රට තුල පවත්වන සියොන්වාදී පාලනය අද වන ලෝකයේ නිග්‍රහයට පාත්‍රවී තිබෙන පාලන ක්‍රමයක් බවට පත්ව තිබේ.

ගසා තීරය තුල ඊශ්‍රායලය ගෙනයන පලස්තීන ජනතා සංහාරය මනුෂ්‍යත්වයට එරෙව සිදු කරන ලද වරදක් බව ජාත්‍යන්තර අධිකරනය මගින් ද තීන්දු කොට තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලයද වාර ගනනාවකදී යෝජනා සම්මත කරමින් ඊශ්‍රායලය විසින් ගෙන යන සංහාරය හෙලා දැක තිබේ.

ගෝලීය විශ්ව විද්‍යාල ප්‍රජාවද ඊශ්‍රායලයේ පලස්තීන සංහාරය හෙලාදකිමින් උද්ඝෝෂන කරමින් සිටී.

dry6t6fමෙම උද්ඝෝෂන වැඩි හරියක් කෙරුනේ අමරිකාව තුලය.
මෙම උද්ඝෝෂන වැඩි හරියක් කෙරුනේ අමරිකාව තුලය.

අමරිකාවේ ප්‍රගතිශීලී යුදෙව් ජනතාවද ඊශ්‍රායාලයේ ක්‍රියාත්මක සියෝන් වාදය වර්නබේදවාදයට සමාන බව පවසිමින් ඊශ්‍රායලයට එරෙහිව පෙලපාලි යමින් සිටී.

අමරිකානු සෙනෙට් සභික සහ යුදෙව් ජාතික බර්නි සැන්ඩර්ස් සියෝන්වාදයට එරෙහිව අමරිකානු සෙනෙට් මන්ඩලය තුලම මේ සියෝන්වාදයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කොට තිබේ.

හමාස් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාවක් හේතුවෙන් ඊශ්‍රායල වැසියන් ඝාතනය හා පැහැර හැරීමට එරෙහිව ( අප එම ක්‍රියාව හෙලා දකිනු ලබයි) එකට එක කිරීමක් ලෙස හමාස් සංවිධානයට පහරදිමට ඇරඹුන ඊශ්‍රායල යුධ ක්‍රියාමාර්ගය අද ලෝක මට්ටමේ යුද්ධයක් බවට පරිවර්තනය වෙමින් පවතින්නකි.

එම යුද්ධය නිසා පලස්තීන වැසියන් හා දරුවන් 42 000 මේවන විට ඝාතනය කොට තිබෙ. සමස්ත පලස්තීන ඝාසා තීරය බිමට සමතලා කොට ඇති ඊශ්‍රායලය එම ජනතාව හාමත් කරවීම යුධ මුලෝපායක් ලෙස භාවිතා කරමින් සිටිති.
 
dftretපලස්තීන වැසියන් හා දරුවන් 42 000 මේවන විට ඝාතනය කොට තිබේ
මෙලෙසට ලෝකය තුල ඇතිවී ඇති බරපතල තත්වය පිලිබද හාංකාවිසියක් නොදන්නා සංවිධායක කන්ඩායමක් පෙලපාලියක් යමින් ඊශ්‍රායලය අපි තනි නොකරන බව කියා සිටී.

ඊශ්‍රායලය වෙනුවෙන් පරිභාහිර රටක ජනතාවක් පෙලපාලි ගිය එකම අවස්තාව මෙය වන්නට පිලිවන.

එම නිසා එම ඉසව්ව ඊශ්‍රායල ලැදි ජාත්‍යන්තර මාධ්‍යට ඉමහත් වටිනාකමක් ලබා දෙනවා විය හැකිය.

එසේම එම ඉසව්ව සංවිධානය කලවුන්ටද එය මහානිසංස ගෙනදෙනවා විය හැකිය.

නමුත් දුරදක්නා නුවනකින් හෙබි අයකු ඒදෙස බලන කල පහතින් පෙනෙන ප්‍රශ්න හරහා ගොඩනගිය හැකි අභාග්‍යයන් රාශියකට මුල පිරෙන කටයුත්තක් බව නොකියාම බැරි වන්නේය. ඒ සදහා හේතු පාදක විය හැකි ප්‍රශ්න ගනනාවක් අප විසින්ම අපෙන් අසාගත යුතුව තිබේ.
 

*මෙම ඉසව්ව සංවිධානය වන්නේ නැගෙනහිර පලාතේ වන නිසා එම පලාතේ ජීවත්වන මුස්ලිම් වරුන්ට කුමන ආකාරවු වේදනාවක් මේතුල ජනිත කරනු ඇත්ද?

* මෙවැනි ක්‍රියාවක් නිසා මුස්ලිම් ජනතාව තුල ඇතිවන වේදනාව. කෝපය ආගමික අන්තවාදය පැතිරීමට පිටුවහලක් නොසපයන්නේද?

* මෙවැනි ක්‍රියා හේතුවෙන් මැදපෙරදිග මුස්ලිම් රටවල් අප සමග අමනාපවී ඔවුන් අපට මෙතෙක් ලබා දෙමින් සිටින රැකියා අවස්තා ලබා නොදුන හොත් රටේ ආර්ථිකයට කුමක් වන්නේද?

* රට තුල ඊශ්‍රායල සංචාරකයන්ගේ පැමිනීමට එපිටින් යන වෙනති අරමුනු සහිත මධ්‍යස්තාන පවත්වා ගෙන යන්නේ නම් ඒ පිලිබද ජාත්‍යන්තර මුස්ලිම් සටන්කාමී සංවිධාන වල අවධානය ලාංකාව වෙත යොමුනොවීමට හේතුවක් තිබේද?

අවසානයේදී වර්ථමාන රජයෙන් අපට ඇසිය යුතු ප්‍රශ්න ගනනාවක් තිබේ.

* ඉන් පලමු වැන්න නැගෙනහිර පලාතේ ක්‍රියාත්මක වන්නේ ඊශ්‍රායලයේ සංචාරක ක්‍රියාකාරකමක් පමනක්ද යන්නයි.

* අපගේ ඔත්තු සේවාවනි ඒ පිලිබදව පැහැදිලි චිත්‍රයක් ලබා අතිද යන්න දෙවැන්නයි. ( ඔත්තු සේවා සහ ආරක්ෂක අංශයේ සහාය නැතිව මෙවැනි පෙලපාලියක් නැගනහිර පලාතේ පුරවැසියන් සංවිධානය කල නොහැක)

* ඊශ්‍රායලයට ලංකාව තුල ක්‍රියාත්මක වන්නට අවශ්‍යව තිබෙන්නේ නැගෙනහිර පලාත තුල පමනක්ද යන්න ද රජයක් ලෙස අප විමසන තුන්වන ප්‍රශ්නයයි.

* හතර වැන්න මෙවැනි ක්‍රියා කලාපයක් රජයේ දැනුවත් බව තුල සිදු වන්නක් නම් එවැන්නක් තුල අමන බවක් නොපවතින්නේද යන්නයි.

කෙසේ නමුත් අප මෙම සමස්තය සමාන කරන්නේ මරන තුනක් ඇති රටක් පැනි කෑමකට තැත් කිරීමක් ලෙසටය.

Shiral lakthillaka(නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
slakthilaka@gmail.com

@ ශ්‍රිරාල් ලක්තිලක ගේ ෆේස්බුක් පිටුවෙන්...

 

 

 

Fact Check (කරුණු විමර්ශනය කිරීම):

 

ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ වීඩියෝවේ රූප රාමු අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී අපට දැකගත හැකි වූයේ මෙම වීඩියෝව 2015 වසරේ මැයි 2 වන දින ශ්‍රී ලංකාවේ මඩකලපුව ප්‍රදේශයේ “ Word of Power Messian” නම් ආගමික කණ්ඩායමක් විසින් ඊශ්‍රායලය වෙත සිය සහය පළ කරමින් පැවැත් වූ පෙළපාළියක අවස්ථාවක් බවයි.

එම අවදියේ ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර ජෙරුසලමේ පූජනීය ස්ථානයක් අරඹා ගැටුම් වර්ධනය වී තිබූ වකවාණුවකි.

එම වීඩියෝව පහතින්.

 

එමෙන් ම ඊයේ (23) සහ අද(24) යන දෙදින ඊශ්‍රායලට සහය පළ කරමින් මෙවැනි පෙළ පාලියක් පැවැත් වූයේ ද, යන්න අප මඩකලපුවේ වෙසෙන ප්‍රාදේශීය වාර්තා කරුවන්ගෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, ඉහත වීඩියෝව පැර‍ණි වීඩියෝවක් බව ත්, ඊශ්‍රායලයට සහය පළ කරමින් මෙවැනි පෙළපාලියක් මෑතකදී හෝ ඊයේ(23) සහ අද(24) යන දෙදින පවත්වා නැති බවයි.

(උපුටා ගැනීම - srilanka.factcrescendo.com)

 


 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඊශ්‍රායලය වෙනුවෙන් ලාංකිකයන් පෙනී සිටීම භයානක මෙන්ම අමන ක්‍රියාවකි ! - (නීතිඥ ශිරාල් ලක්තිලක) | The Leader