අප ප්‍රශ්න කළ යුත්තේ ඒ පෝලිම ඇති වීමට හේතු වන තාක්ෂණික හේතු නොවේ. පාස්පෝට් කන්තෝරු දහයක් දමා හෝ පෝලිම නැවැත්විය හැකිය. නමුත් ප්‍රශ්නය එය නොවේ.
ප්‍රශ්නය වන්නේ අනුර සහෝදරයා ජනාධිපති වූ පසුත් ලාංකිකයන් මේ තරම් ලංකාවෙන් පිටව යන්න හදන්නේ ඇයි? යන්නයි. හරි නම් දැන් වෙනකොට පාස්පෝට් කන්තෝරුව මැස්සෙක්වත් නැතුව වේලි වේලි තිබිය යුතුය. අනුර සහෝදරයා හිතුවේ ඔහු ලාංකිකයන්ගේ එකම ගැලවුම්කාරයා කියාය. ඉතින් ඔහු ජනාධිපති වූ පසුත් මිනිස්සු රට දාලා යන්නේ ඇයි?

පාස්පෝට් වැඩිපුර මුද්‍රණය කරන තරමට මිනිස්සු වැඩිපුර පාස්පෝට් ගනී. රටේ මිනිස්සු ඉන්නේ දරා ගත නොහැකි ජීවන පීඩනයකිනි. අනුර දැන් IMF වැඩපිළිවෙළ රනිල්ටත් වඩා හොඳට කර ගෙන යයි. කිසිම බදු අඩු කිරීමක් කර නොමැත. ඉන්ධන මිල එහෙමමය. සහල් මිල එහෙමමය. වැටුප් වැඩි වී නැත. හිටු කියා දිනපතා ණය ගැනීමේ සීමාවක් නැත. කිසිම වෙනසක් වී නොමැත.

පාස්පෝට් එක ඇතුළට ලංකාවේ පින්තූර දැමීමට හේතුව දැන් පැහැදිලිය. ඔය පොතේ පිටු පිටරට උන් දකින්නේ නැත. දැක්කත් දකින්නේ වීසා ගහන එකා පමණී. ඒ යකා ඒවා බලා ලංකාවට එන්නේ නැත. එයින් කිසිදු සංචාරක ප්‍රචාරණයක් ලංකාවට නොලැබේ. ඔය පින්තූර බලන්නේ පාස්පෝට් එක හිමි ඔබම පමණී. පිටරට රැකියාවට ගොස් තනියම කාමරේ දුකෙන් ඉන්නා විට, සුද්දන්ගෙන් කුණුහරුප සහිත බැනුම් අසා දුක හිතුණු විට, මාලිමාවට ගැසූ කතිරය මතක් වෙන විට, හෙමීට පාස්පෝට් එක දිග හැර ඔය පින්තූර ටික බල බලා ලංකාව මතක් කර ගැනීමට තමයි ඔය පින්තූර දාලා තියෙන්නේ. දැන්වත් තේරුම් ගනිල්ලා…
සිංහල සහ දෙමළ භාෂා පහතට දමා ඉංග්‍රීසි භාෂාව උඩට දමා ඇත්තේ වීසා ගහන උන්ගේ පහසුවටය. එනම් පුළුවන් තරම් වීසා ගසා වැසියන් රටින් පිට කිරීමටය. ඒ අනුව අනුර සහෝදරයාගේ අලුත් පාස්පෝට් එකෙන් කියන්නේ තොපි පුළුවන් තරම් රටින් පිටවෙයල්ලා කියාය. එවිට චතුරංග අබේසිංහට කැමරාව ඉස්සරහා ඒ ගැන බබා වගේ සංවේදී විය හැකිය. අනුර සහෝදරයා දින්න ගමන්ම පිටරට උන් ඩොලර් බිලියන 1.5 ක් එවනවා කියා නැවත ජනතාව ගොනාට ඇන්දවිය හැකිය.
ධර්මය ඔබට මග වේවා!
(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
2024 ඔක්තෝබර් 24



