The Leader News
BREAKING
Top Ad
Opinion

අවසාන සමාජවාදියා - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

October 25, 2024 • 3:39 PM

අවසාන සමාජවාදියා - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනතා විමුක්ති පෙරමුණ දැන් මුළුමනින්ම ධනවාදයට රූපන්තරණය වී තිබේ.
  • ජාතික ජන බලවේගය ලංකාවේ ආන්තික ධනවාදී ලිබරල් අක්ෂය බවට පත් වීම දැන් කිසිසේත්ම වැළැක්විය නොහැකිය.
  • ලාංකිකයාගේ පස්සා පැත්ත මසා බඩ යන්න ධනවාදී කොත්තුව කවනු ඇත.
  • ඊළඟ වසර පහ ඔර්වීලියානු යුගයක් වීම නිශ්චිතය.
අකුරු ප්‍රමාණය (Font Size):

පමණී. ජනතා විමුක්ති පෙරමුණ දැන් මුළුමනින්ම ධනවාදයට රූපන්තරණය වී තිබේ. කොටින්ම අනුර සහෝදරයා දැන් රනිල් වික්‍රමසිංහටත් වඩා ධනවාදයේ සුරතලෙක් වී තිබේ. සහල් මෝල් ඒකාධිකාරය ඉදිරියේ පූස් පැටියෙකු මෙන් නැළවුණු නැළවිල්ල නින්දා සහගතය. එය ධනවාදය විසින් නැවත වතාවක් මේ මිහිපිට ලද ජයග්‍රහණයකි.


අඩුම තරමින් සමාජවාදී ප්‍රතිපත්ති මත සංගත දේශපාලනයක් කරන්නේ පුබුදු ජාගොඩ පමණී. එම පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ව්‍යාජ සමාජවාදියෙකි. ධනවාදයෙන් යැපෙමින් නන් දොඩවන ඔහු දැන්වත් පුබුදු ජාගොඩට නායකත්වය දී ඕස්ට්‍රේලියාවේම බින්න බැසිය යුතුය. ලංකාවේ සමාජවාදය වෙනුවෙන් ඔහුට කළ හැකි ලොකුම මෙහෙවර එයයි.

 

ජාතික ජන බලවේගය ලංකාවේ ආන්තික ධනවාදී ලිබරල් අක්ෂය බවට පත් වීම දැන් කිසිසේත්ම වැළැක්විය නොහැකිය. ලාංකිකයාගේ පස්සා පැත්ත මසා බඩ යන්න ධනවාදී කොත්තුව කවනු ඇත. ඊළඟ වසර පහ ඔර්වීලියානු යුගයක් වීම නිශ්චිතය. එවිට එහි අනෙක් අන්තයේ නීත්‍යනුකූල හිමිකාරීත්වය ලැබෙන්නේ පෙරටුගාමීන්ටය. පුබුදු ජාගොඩට එම වාමාංශික කඳවුරට නායකත්වය දිය හැකිද යන්න ප්‍රශ්නයක් වුවත් දැනට ලංකාවේ සිටින අවසාන සමාජවාදියා ඔහු පමණී. ධනවාදයේ මෝඩ ගොදුරු වන අරගලකරුවන් වැනි ගොබ්බයන් සමග සමාජවාදය කිරීම පහසු නැත.


නලින් ද සිල්වාගේ ඊනියා ජාතිකවාදය බොහෝ දුරට දිලිත් ජයවීර විසින් ඩැහැ ගනු ඇත. නමුත් එයත් ධනවාදයේම අනියමයක් පමණී. එබැවින් එය විකල්පය නොවේ. විකල්පය තවම හැදී නැත. එයට කල් ගත වනු ඇත. එතෙක් NPPයේ ධනවාදී විපරිණාමයට ඍජු හා සාධාරණ ප්‍රතිරෝධයක් එල්ල කළ හැක්කේ පුබුදු ජාගොඩට පමණී. වෙනත් විදිහකට කිවහොත් මෙතෙක් ජවිපෙ විසින් නාමිකව හෝ සිදු කළ ලංකාවේ දේශපාලන තුලනය දැන් කිරීමට ඉතුරුව ඉන්නේ පුබුදු ජාගොඩ පමණී. 


ධර්මය ඔබට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 ඔක්තෝබර් 24

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...