ජාජබ ය හිතනවා “රට බංකොලොත් කලේ දූශිත දේශපාලකයන් කියලා” රටේ ජහමනයා ඉතාම සබුද්දිකව හිතනවා කියලා. ඒ අනුව රට බංකොලොත් කල දූශිත දේශපාලකයන් පන්නමු කියලා දෘෂ්ටිවාදයක් උඩට ගේනවා. නමුත් ලංකාවේ ජහමනයා දන්නවා උන් විතරක් නෙමෙයි තමනුත් දූශිතයි, අපි ඔක්කොම එකතුවෙලා තමයි රට මේ තත්ත්වයට බංකොලොත් වෙන්න වැඩ කරේ කියලා.
නමුත් එම කටුක ඇත්ත යටපත් කරලා තමන්ගේ වරදකාරීත්වය බාහිර අනෙකෙකුට එනම් දූශිත දේශපාලකයන්ට පැටවීමෙන් ජහමනයාට විශාල සහනයක් ලැබෙනවා. මේ යුගයේ ජීවත් වන ජහමනයා ඉන්නේ සබුද්ධික තර්කනයක නෙමෙයි, ආශාවේ මර උගුලක. දූශිත දේශපාලකයා බිල්ලට දීමෙන් ජහමනයා විනෝදය වෙනවා.(වේදනාවෙන් සතුටු වීම).

මේ මොහෙතේ ජහමනයා දෘෂ්ටිවාදීයේ ගොදුරක් වෙලා ඉන්න නිසා මතුපිටින් හොරු නොවන පිරිසකට ජන්දය දීමට පෙලඹෙනවා, නමුත් හොරුන් බිහිවීම නතර නොවන්නේ හොරුන් නැති කිරීමේ සැබෑ උවමනාවක් ජහමනයාට නැති නිසාත් හොරු නොවන බව කියමින් දේශපාලනයට එන කිසිවෙකුටත් හොරු නැති කිරීමේ සැබෑ උවමනාවක් නැති නිසාත් ය. ඔවුන්ද ජහමනයා මෙන් ආශාවේ තර්කනයට යටවූ හොරු වීමේ විභවතාවය හොදටම ඇති අයමය.
එබැවින් හොරු නොවන අය පාර්ලිමේන්තුවට ගෙන ඒම යනුම ජනප්‍රිය දෘෂ්ටිවාදයක් පමණක් මිස හොරු නැති සංස්කෘතියක් ඇති කිරීමේ සැබෑ අවශ්‍යතාවයකින් ඉදිරිපත් කරන ලද්දක් වන්නේ නැත.
දැන් අපි උගතුන් පාර්ලිමේන්තුවට යැවීම ගමු. ජාජබ කියනේ ලංකාවේ මීලග පාර්ලිමේන්තුව උගතුන් ගෙන් පිරවිය යුතු බවය, උපාධියක් නැති කිසිවෙකු හෝ පාර්ලිමේන්තුවේ නොසිටිය යුතු බවය. එසේ උගතුන්ගෙන් පාර්ලිමේන්තුව පිරවූ විට ලංකාව සුරපුරයක් කල හැකි බවය. ජාජබ සහ එය සෘජුව ම නියෝජනය කරන ග්‍රාමීය සහ ග්‍රාම්‍ය නාගරිකයන් වනාහී ‘උගතා’ යන්න සාරාත්මකව වටහා ගන්නා කණ්ඩායමක් නොවේ.
ලංකාවේ ජීවත් වන “උගතා” යනු පීඩිත අවවරප්‍රසාදිත කොටස් වලට සමාජ ඉනිමගේ හිනිපෙත්තට ගොස් ඉහල පැලැන්තියේ පරිබෝජනය තුල ගිලී යාමට ඇති අවස්තාව ලබා ගත් වාසනාවන්තයෙක් පමණි.
මේ කාලයේ ලංකාවේ ජීවත් වන “උගතා” යනු පීඩිත අවවරප්‍රසාදිත කොටස් වලට සමාජ ඉනිමගේ හිනිපෙත්තට ගොස් ඉහල පැලැන්තියේ පරිබෝජනය තුල ගිලී යාමට ඇති අවස්තාව ලබා ගත් වාසනාවන්තයෙක් පමණි. මෙම ආශාව තුල ගොඩ නැගෙන උගතා යනු හිස් පුද්ගලයෙක් මිස කිසිදු සැබෑ සමාජ සාරදර්ම කැටිකර ගත් දියුණු සමාජ පරමාර්ථ වෙනුවෙන් කැප වූ පැසුණු පුදගලයෙකු නොවේ. ඔහුට උගත් කම යනු උන්නතිකාමය වෙනුවෙන් සැකසුනු ප්‍රදර්ශනාත්මක ආභරණයක් පමණි.
මෙවැනි සන්දර්බයක ජාජබ විසින් “උගතුන්ගෙන් පාර්ලිමේන්තුව පිරවූ විට රට සුරපුරයක් කල හැකිය” යන දෘෂ්ටිවාදය සමාජගත කල විට, ඉහත කී ජහමනයා හුරේ දමන්නේ ඇයි? සබුද්ධික තලයක “උගතා “(EDUCATED PERSON ) යනුවෙන් හදුනා ගන්නා පුද්ගලයා සහ තමන් අවිංඥානකව ආශා කරන “අප සමාජයේ ජීවත් වන උගතා” ( GOING BEHIND PROSPERITY ) යනු කවරෙක්දැයි හොදටම දන්නා ජහමනයා, කලින් සදහන් කල රට යහපත් කල හැකිය යන දෘෂ්ටිවාදයට අනන්‍යවන්නේ සවිංඥානකව නොව අවිංඥානික ආශාව ඒ හරහා කුලු ගැන්වෙන නිසාය. එම ආශාව වන්නේ වෙනකක් නොව දූශිත දේශපාලකයා විදි විනෝදය නැති කිරීමය. එසේ නැතිව සැබෑ උගතුන් සහ බුද්දිමතුන් පාර්ලිමේන්තු යවා රට දියුණු කිරීම නොවේ.
ලංකාවේ ආර්ථික අර්බුදය, නව සමාජ දේශපාලන ගැටලු සහ මෙම කිසිවෙකුත් කිසිවිට නොදන්නා ජහමනයාගේ ආශාව වෙනුවෙන් යොදා ගන්නා සරල දෘෂ්ටිවාදයන් අතර කිසිදු සම්බන්ධයක් නැත.
එබැවින් එවැනි හිස් උගතුන් ගෙන් පාර්ලිමේන්තුව පිරෙව්වද රට දියුණු වන්නේ නැත, ඒ බව මාලිමා නායකයෝ මෙන්ම ජහමනයාද හොදටම දනී. බලය ලබා ගැනීම වෙනුවෙන් ජහමනයාගේ ආශාවට ආමන්ත්‍රණය කරන දෘෂ්ටිවාදයක් ලෙස පමනක් එය බාවිතා කරමින් සිටියි.
අදූශිත පිරිසිදු පිරිස් පාර්ලිමේන්තු යැවීම මෙන්ම උගතුන් පාර්ලිමේන්තුවට යැවීමද ලාභ දෘෂ්ටිවාදයක් මිස සමාජය වෙනස් කිරීම වෙනුවෙන් කිසිම ආකාරයකට දායක වීමට හේතුවක් නැත. ලංකාවේ ආර්ථික අර්බුදය, නව සමාජ දේශපාලන ගැටලු සහ මෙම කිසිවෙකුත් කිසිවිට නොදන්නා ජහමනයාගේ ආශාව වෙනුවෙන් යොදා ගන්නා සරල දෘෂ්ටිවාදයන් අතර කිසිදු සම්බන්ධයක් නැත. එබැවින් ලංකාවේ ජහමනයා මුහුන දෙන සැබෑ සමාජ ආර්ථික අර්බුදය මෙවැනි පටු දෘෂ්ටිවාදයන් මත පදනම් වූ දේශපාලන සටන්පාට හරහා කිසිසේත්ම විසදාගැනීමට නොහැකි වනු ඇත.
(චන්දන රණසිංහ)
(3mana.com)



