The Leader News
BREAKING
Top Ad
Opinion

ඇල්පිටිය ඡන්දය - නොපෙනෙන (සැඟවූ) සාධක හා මහා මැතිවරණයේ පූර්ව නිගමනය

T

The Leader Desk

October 27, 2024 • 10:58 AM

ඇල්පිටිය ඡන්දය - නොපෙනෙන (සැඟවූ) සාධක හා මහා මැතිවරණයේ පූර්ව නිගමනය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇල්පිටිය ඡන්දය ගැන මා ලියූ සටහන කියවූ අයට නම්, මේ ඡන්ද ප්‍රතිඑලය ගැන කිසිම පුදුමයක් තිබිය නොහැකිය.
  • ජවිපෙ කොට්ඨාශ 17 දිනාගැනීම කළ නොහැකි බව (අභියෝගයක් බව), පුටුව - අමිල කාරියවසම් සාධකය, කුල සාධකය, රූපවාහිනිය සලකුණ යටතේ ඉල්ලන කණ්ඩායම ආසන දිනන බව, මා ලියා ඇත.
  • සජබ ජයග්‍රහණයට මුස්ලිම් ඡන්ද බලපෑ බව කියන අදහස සත්‍යයක් නොවේ.
  • මේ ඡන්දය ගැන මැතිවරණ නිරීක්ෂකයින් ඔබට නොකියන දෙය නම්, මේ ඡන්දය දිනයේ එක් පක්ෂයක් (මාලිමාව නොවේ) වාහන යොදා ගනිමින් සංවිධානාත්මක ලෙස ඡන්දදාකයින් ඡන්ද පොළ වෙත ප්‍රවාහණය කළ බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇල්පිටිය ඡන්දය ගැන මා ලියූ සටහන කියවූ අයට නම්, මේ ඡන්ද ප්‍රතිඑලය ගැන කිසිම පුදුමයක් තිබිය නොහැකිය. ජවිපෙ කොට්ඨාශ 17 දිනාගැනීම කළ නොහැකි බව (අභියෝගයක් බව), පුටුව - අමිල කාරියවසම් සාධකය, කුල සාධකය, රූපවාහිනිය සලකුණ යටතේ ඉල්ලන කණ්ඩායම ආසන දිනන බව, මා ලියා ඇත. විදුලි බල්බයට අසුනක් ලැබීම හැර අනෙක් සියල්ල මම සති තුනකට පෙර ඇල්පිටිය ගොස් ඇවිත් ලියා තැබුවෙමි.


අවිත්තාව හා පිටුවල (තරුණයා) සජබ අපේක්ෂකයින් දෙදෙනා අති දක්ෂයින් ය. ගයන්ත හැර, පක්ෂයේ කිසිදු නායකයෙකු නැතිව ඔවුන් ජයගැනීම සුවිශේෂය. සජබ ජයග්‍රහණයට මුස්ලිම් ඡන්ද බලපෑ බව කියන අදහස සත්‍යයක් නොවේ.

මේ ඡන්දය ගැන මැතිවරණ නිරීක්ෂකයින් ඔබට නොකියන දෙය නම්, මේ ඡන්දය දිනයේ එක් පක්ෂයක් (මාලිමාව නොවේ) වාහන යොදා ගනිමින් සංවිධානාත්මක ලෙස ඡන්දදාකයින් ඡන්ද පොළ වෙත ප්‍රවාහණය කළ බවය. එය අවසන් ප්‍රතිඑලයට තීරණාත්මක බලපෑමක් කළේය.

සජබ ය ඔබට නොකියන දේ...

 


සජබ ය ඔබට නොකියන දේ නම්, පක්ෂ නායකයා, සහ සෙසු අවශේෂ නායකයින් (මහ ලේකම් රංජිත් සහ ඩලස් ගියා) යන්නේ නැතුව ලැබුණු ඡන්ද සංඛ්‍යාව ගැන ඔවුන් සතුටු විය යුතු බවය. නැතිනම්, පක්ෂ නායකයින් පැත්ත පලාතේ නොයා ගමේ කොට්ඨාශයේ අය ඡන්දය කිරීම (පාර්ලිමේන්තු ඡන්දයේ දී ත්) සජබට අතිශයින් වාසි සහගත බවය.

සජබ ඔබට නොකියන්නේ, ජනාධිපතිවරණයේ දී බෙන්තර ඇල්පිටියේ ඔවුන් ලැබූ 27.35% ක ප්‍රතිශයත, පලාත් පාලන ඡන්දයේ දී 21.83% දක්වා පහත වැටී ඇති බවය. එහි ව්‍යවහාරික අරුත අතිශයින් සංකීර්ණය. 2019 ජනාධිපතිවරණයේ ඡන්ද ලක්ෂ 55 ක් ලැබූ ඔවුන්, පාර්ලිමේන්තු ඡන්දයේ දී එය ලක්ෂ 27 දක්වා පහත වට්ටවා ගත්තේය. 2024 ජනාධිපතිවරණයේ දී, ඡන්ද ලක්ෂ 34 ක් ලැබූ ඔවුන්ට උතුරු නැගෙනහිර හිමි වූ ඡන්ද ලක්ෂ 11 මහා මැතිවරණයේ දී ලැබෙන්නේ නැත. එයින් ද, 15% ක් වත් සජබයෙන් අඩුවන්නේය. ඇල්පිටියේ ප්‍රතිඑලයට අනුව නම්, මහා මැතිවරණයේ දී (එනම් සිංහල, බෞද්ධ, ගොවිගම - කරාව - සලාගම සාධකය මත) ලබන ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 21 හෝ 22 කි.

සජබ ඔබට නොකියන දේ නම්, කොට්ඨාශ තුනක ඔවුන් තුන්වන ස්ථානයට ද, තවත් කොට්ඨාශයට ඔවුන් සිව්වන ස්ථානයට ද පත්ව ඇති බව ය. මේ කොට්ඨාශ මොනවා දැයි විග්‍රහ කර ගැනීම සජබයට ම බාරය. (පාර්ලිමේන්තු ඡන්දයේ දී මේ තත්වයට ඇතිවන කොට්ඨාශ ගණන සජබට කරන හානිය අති විශාලය. උපක්‍රම නැති පක්ෂ ඡන්ද දිනන්නේ නැත)

ජාතික ජනබලවේගයේ හිතවතුන් ඔබට නොකියන්න දේ ...

 

ජවිපෙ සමාජවාදයෙන් ඉවත් වන බවට ලාල් කාන්ත කළ කතාව 'මුට්ටිය දැමීමක් ද'?
ජාතික ජනබලවේගයේ හිතවතුන් ඔබට නොකියන්නේ, ඔවුන්ගේ 49.37% ක ඡන්ද ප්‍රමාණය 47.64% ට අඩු ව ඇති බව ය. එදා විපක්ෂයේ සිටි ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට දැක්වූ රුචිය, අද ආණ්ඩුවේ සිටින විට ජනතාවට නැතිවී ඇති බව ය. අවම වශයෙන් හරිනි අමරසූරිය දවස් දෙකක් ඇල්පිටියට ගියා නම්, මේ ප්‍රතිඑලය එම පක්ෂයට ධනාත්මකව වෙනස් වනු ඇත්තේය. (විපක්ෂයේ සියළු පක්ෂ එහි ගොස් මැතිවරණ උණුසුම ඇති කළ යුතු බව මම මෙයට පෙර ලියා තිබුණි)

මාලිමාව ඔබට කිසි ලෙසකින් හෝ නොකියන දේ නම්, කොට්ඨාශ, ආසන, ඡන්ද බල ප්‍රදේශ නොතකා අපේක්ෂකයින් ඉදිරිපත් කිරීම හේතුවෙන් ඇල්පිටියේ පසුබෑම තමන්ට ලැබුණු බවය. මහා මැතිවරණයේ දී, වෛද්‍යවරුන්, නීතිඥයින් හා ටියුෂන් ගුරුවරුන් ගෙන් පිරවූ දිස්ත්‍රික් ලැයිස්තු ද, මෙවැනිම පසුබෑමක් ඔවුනට ලබා දිය හැකි බවය.  

රූපවාහිනිය ලකුණින්, ස්වාධීන කණ්ඩායම ක්‍රියාකාරී දේශපාලනයේ ප්‍රධාන පක්ෂයකින් කැපී ගිය නිසා ඉදිරිපත් වූ ලැයිස්තුවකි. ඔවුන් අසුනක්වත් දිනන බව ද මම ලියා ඇත. ඔවුන් දෙකක්ම දිනා ඇත. දක්ෂයින් කපන්නට යන කුමන ලොක්කාටත් අවසානයේ දී එහි වන්දිය පමාවී හෝ ලැබෙනු ඇත.

කුල දේශපාලනය සහ ශාන්ගේ පිම්ම - (රජිත් කීර්ති තෙන්නකෝන්)
ලංකා දේශපාලනයේ කුල සාධකය ගැන ශාන් විජයලාල්, ජී.එල්. ඩිලාන් (චන්න ජයසුමන) ඇතුළු පිරිසගේ සජබ කරණම ඇසුරෙන් එදා මම විග්‍රයක් කළෙමි. මා කියූ දෙය එනම්, ඒ පැනිල්ලෙන් සජබට කිසිදු සෙතක් නොවන බවත්, සජබ ඡන්ද පදනම තවත් දුර්වල කරන බවත් ජනාධිපතිවරණයේ දී තහවුරු විය. කුල සාධකය පෙරදැරිව පක්ෂ මාරු කළ සියළු දෙනා එක්කෝ තරඟ වදින්නේ නැත. නැතිනම්, ජාතික ලැයිස්තුවේ ය.

කුල සාධකයේ දෙවැනි කථාව, කරාව කුලය බහුතරය වන කොට්ඨාශ දෙක හමාරකි. එහි ප්‍රතිඑලය සමස්ත ප්‍රතිඑලයේ අපගමනයක් ලෙස ඔබට දැකිය හැකිය. ලංකාවේ කුල සාධකය, තවමත් මැතිවරණයකට තීරණාත්මකය.

පොහොට්ටුව හෝ බැසිල් රාජපක්ෂ ඔබට නොකියන දේ..

 

නාමල් කරලා තිබුන මේ වීඩියෝව මාර ගති
පොහොට්ටුව හෝ බැසිල් රාජපක්ෂ ඔබට නොකියන දෙය නම්, නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයේ ගත්තේ ඡන්ද 2571 කි. ඊයේ පොහොට්ටුවේ ගමේ උදවිය ඡන්ද 3600 ක් ගත්තේ සභික ආසන 3 ක් සමගිනි. නාමල් ට වඩා, ගමේ ‘පොල් ලෙලි‘ (අපහාසයක් නොවේ) ජනප්‍රිය ය. 

මහා මැතිවරණයේ දී, මේ පොහොට්ටුවේ මේ තත්වය, තවත් පුළුල් වනු ඇත. (බූකි භාෂාවෙන්, දෙකයි පනහේ රාජපක්ෂලා, දැන් 9.9% පොල් ලෙලි වී ඇත) පොහොට්ටුවේ මේ වර්ධනයට මහ ලේකම් සාගර කාරියවසම් ට ගෞරවය හිමි විය යුතුය. තම පියා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඇල්පිටිය බර තැබූවේ සාගර ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබට නොකියන දේ..

 

පුවත් - Results from #1185
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබට නොකියන දේ නම්, මෛත්‍රී, දයාසිරි, නිමල් සිරිපාල, අමරවීර ආදී වශයෙන් පතුරු ගලවා නොගත්තා නම්, මහා මැතිවරණයේ තීරණාත්මක බලය ඔවුන්ට පාර්ලිමේන්තුවේ හිමි කර ගත හැකිව තිබුණි. බොහෝ විට ශ්‍රීලනිප හිටපු ඇමතිවරු මේ බව මහා මැතිවරණයේ දී හොඳටම අවබෝධ කර ගනු ඇත. පුටුවට ලැබුණු ඡන්ද බහුතරය අමිල කාරියවසම් හිටපු සභාපති, ඔහුගේ පියා සහ සහෝදරයා ගේ දක්ෂතාවයකි. (ඇල්පිටිය ඡන්දයට ශාන් පැත්ත පළාතේ ගියේ නැත)

අමිල කාරියවසම් මම හොදින් දන්නා දක්ෂයෙකි. පුද්ගල පෞර්ශය, සමාජ සම්බන්ධතා ඉහළය. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ කිසිවක් ඔහුගේ දක්ෂතා හදුණා නොගත්තා පමනක් නොව, ඔහුට බිය වූවේය.

ජනාධිපතිවරණයට පෙර එජාප - සජබ එකතුවිය යුතු යැයි ඒ පක්ෂ කියූ ලෙස ම, ඔහු, සජබ - පුටුව එකතු කර ගෙන කොට්ඨාශ අපේක්ෂකියන් දිනා ගන්නට උත්සහ කළේය. ඇල්පිටිය සජබ නායක ගයන්ත පවසා සිටියේ සජබ ට ද, අමිල ඉල්ලූ කොට්ඨාශවල ප්‍රබල අපේක්ෂකයින් සිටින බවකි. ජනාධිපතිවරණයේ දී, නායකියන්ට වැරදුණු තැන ඇල්පිටියේ දී දිස්ත්‍රික් නායකයින්ට වැරදුණි.

අමිල කාරියවසම් ඊලඟ පලාත් සභාවේ අමාත්‍යවරයෙකු විය යුතු තරුණයෙකි. ඔහුට ගැලපෙන පක්ෂය මාලිමාව යි. සුදුසුම තැන, අම්බලන්ගොඩ සංවිධායක ධූරයයි. සියල්ලටම වඩා අමිල, මැකෝ -- මහින්ද දේශප්‍රිය ගේ ඥාතියෙකි. අනුර කුමාර වැනිම, නූතන සමාජවාදියෙකි. අනුර තරමටම තිබුණු දේශපාලන සවිඥානිකත්වය ඇත්තෙකි. අමිල ගේ සහෝදරයා මාලිමාව සමඟ එක්ව ප්‍රාදේශීය සභාවේ බලය ලබාගත යුතු යැයි මම පුද්ගලිකව සිතමි. මන්ද, ජනතා කැමැත්ත පැහැදිලිවම ඇත්තේ එතැනය.

කුසලානය හා දැන් ගෑස් සිලින්ඩරයෙන් ඔබට නොකියන දේ..

 

The Leader | We Lead the Nation - Results from #9240

කුසලානය හා දැන් ගෑස් සිලින්ඩරයෙන් ඉදිරිපත් වන කණ්ඩායම ඔබට නොකියන දෙය නම්, ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ ට ලැබී ඇත්තේ, ආර්ථික අර්බුදයෙන් රට බේරාගත් රනිල්ට ලැබුණු පුද්ගල ඡන්දයක් මිස, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන/හිමිවන ඡන්දයක් නොවන බව ය. ජනාධිපතිවරණයේ රනිල් ගේ සිලින්ඩරයට ලැබුණු 16% ක ඡන්ද, කුසලානයට ලැබී නැති අතර 3.7%ට වැටී ඇත. පොහොට්ටුවේ ඡන්ද පදනම කුසලානයට ඇවිත් නැත. එය මාලිමාවට ගොස්, ඉතිරිය පොහොට්ටුවේම නැවතී ඇත. ඒ නිසාම, මහා මැතිවරණයේ දී, රනිල් ඇති සිලින්ඩරය සහ රනිල් නැති සිලින්ඩරය අතර වෙනස පැහැදිලිව ම පෙනෙනු ඇත.

විපක්ෂයේ කිසිවෙකුත් ඔබට නොකියන කරුණ නම්, දේශපාලන විචාරකයින් පලාත් පාලන ඡන්දයක සභික ධූර සංඛ්‍යාව තීරණය වන ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයට මහා මැතිවරණයේ දී දිස්ත්‍රික්කයේ ප්‍රතිඑලය සැකසෙන බවය. මහා මැතිවරණයක තීරණාත්මකම සාධකය එක ඡන්දයකින් හෝ දිස්ත්‍රික්කයේ අංක එක ස්ථානය ලබා ගැනීම පමණී. මේ ප්‍රතිඑලය අනුව නම්, මාලිමාවට පාර්ලිමේන්තුවේ සරළ බහුතරය ස්ථිර ය. තුනෙන් දෙකට (2/3) නම් දුරය.

සජබ නායකයින් හෙට ඔබට නොකියන දේ..

සජබ මන්ත්‍රීවරු 20ක් ආණ්ඩුවට යනවා ද?
සජබ නායකයින් හෙට ඔබට නොකියන දේ නම්, 2019 දී කොට්ඨාශ සියල්ල පරාජයට පත් වූ නමුත් එජාපය සභික ධූර 7 ක් ලැබූ බව සහ මෙවර එය 6 ට අඩු වී ඇති බවය. අමුතුවෙන් කිව යුතු නැතත්, 2019 සිටියාටත් වඩා දුර්වල තැනකට අද සජබ පත්ව ඇත.

2020 දී පොහොට්ටුව දකුණේ ලැබූ ප්‍රතිඑලයම, මන්ත්‍රී සංඛ්‍යාව අනුව 2024 දී, මාලිමාවට පාර්ලිමේන්තු ඡන්දයේ දී ලැබෙන්නේය. එක අසුනක් අඩු - වැඩි විය හැකි යැයි කියන්නේ මන්ත්‍රී ධූර ලබන පක්ෂ දෙක වෙනුවට මෙවර පක්ෂ 3 ක් ඇති නිසාය.

දැන් ඡන්දය අවසන් ය. මාලිමාවේ ලේකම්තුමාට සභාපති සහ උප සභාපති පත් කළ හැකිය. ඒ ස්වාධීන කණ්ඩායමේ දෙදෙනා ද, පුටුවේ දෙදෙනා ද, මාලිමාවට අවශ්‍ය පුද්ගලයා සභාපති කර ගන්නට ඉඩ සලසා දෙන නිසා පමණක් නොවේ. විපක්ෂයේ පක්ෂ හතර අතර පවතින එකාට එකා පෙනෙන්නට බැරි කම නිසාය.

ඇල්පිටිය පහසුවෙන්ම විපක්ෂයට දිනාගත හැකිව තිබු පළාත් පාලන ආයතනයකි. (ඔය සාම්ප්‍රදායික වමේ ආසන කතාව අද ට නොගැලපෙන මිත්‍යාවකි. පුටුව ඉල්ලුවේ කොට්ඨාශ හතරක තමන්ට සජබ සහාය දෙන ලෙසය. ඉතිරි, 13 හි සහාය පුටුව විසින් සජබට ලබා දිය හැකි බව ය. උපක්‍රමශීලි නොවන දේශපාලන පක්ෂයකට ඡන්ද දිනන්නට බැරිය. පරාජය බාර ගැනීම හැර කුමන්ත්‍රණ කර වැඩක් නැත.

ඇල්පිටියේ දී මාලිමාව පැරදී නැත. ජයග්‍රහණය කර ද නැත. ඡන්ද දිනන්නේ සංවිධානය ශක්තිය මත ය. මාලිමාව ඇල්පිටියේ නොකළේ, පලාත් පාලන ඡන්දය සංවිධානය කිරීම පමණී.

විපක්ෂයේ සජබ, ගෑස් සිලින්ඩරය, පොහොට්ටුවේ නායකයින්ට කියන්නට ඇත්තේ ඔබලා ගමට නොයා තමන්ගේ මනාප සටන කරගෙන ඉදීම මහා මැතිවරණයේ කළ හැකි හොඳම දේ බව ය.

අගමැති සටන තියෙන්නේ හරිනි සහ සජිත් අතර - (රජිත් කීර්ති තෙන්නකෝන්)(රජිත් කීර්ති තෙන්නකෝන්) 
හිටපු විධායක අධ්‍යක්ෂ 

කැෆේ (නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ) සහ 
ඌව - දකුණ හිටපු ආණ්ඩුකාර 
rajith_tennakoon@yahoo.com

සබැඳි ලිපි :
ඇල්පිටිය පුංචි ඡන්දයේ ප්‍රතිඵලය මහ මැතිවරණයට කෙසේ බලපායි ද?

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...