The Leader News
BREAKING
Top Ad
Opinion

සීයට පික්සු ද? - (පිලිප් ශාන්ත)

T

The Leader Desk

October 28, 2024 • 6:58 AM

සීයට පික්සු ද? - (පිලිප් ශාන්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් එම වැඩිවීම ක්‍රියාත්මක වූයේ 2024 ජනවාරි, පෙබරවාරී හා මාර්තු මාසය සදහා රුපියල් පන්දහසක් පමණක් ගෙවීමෙනි.
  • රජයේ සේවකයන්ට ගෙවිය යුතු ජීවන වියදම් දිමනාවේ හිගය, එනම් ජනවාරී, පෙබරවාරී හා මාර්තු මාස සදහා ගෙවිය යුතු මුදල ගෙවීමට නියමිත වූයේ 2025 ජනවාරී, පෙබරවාරී හා මාර්තු මාසයන් වල දී ය.
  • එහෙව් මිනිහා පසුගිය දවසක ජනාධිපතිවරයාගෙන් විමසා තිබුණේ 2025 ජනවාරී පටන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමන් තීරණයක් ගත් බවත් එම මුදල වැඩි නොකරන්නේ නම් වැටුප් වැඩි කිරීම සදහා වෙන් කළ මුදලට සිදුවූ දෙය පවසන ලෙසත් ය.
  • පසුගිය ඉරිදා මීගමුවේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රචාරක රැස්වීමක් අමතමින් ද රනිල් වික්‍රමසිංහ මේ බව යළි මතක් කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් එම වැඩිවීම ක්‍රියාත්මක වූයේ 2024 ජනවාරි, පෙබරවාරී හා මාර්තු මාසය සදහා රුපියල් පන්දහසක් පමණක් ගෙවීමෙනි.

රුපියල් දස දහසම ගෙව්වේ අප්‍රියෙල් මාසයේ සිටය. රජයේ සේවකයන්ට ගෙවිය යුතු ජීවන වියදම් දිමනාවේ හිගය, එනම් ජනවාරී, පෙබරවාරී හා මාර්තු මාස සදහා ගෙවිය යුතු මුදල ගෙවීමට නියමිත වූයේ 2025 ජනවාරී, පෙබරවාරී හා මාර්තු මාසයන් වල දී ය. ඊට හේතුව රාජ්‍ය මූල්‍ය හිඟකම යැයි කීවේ එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහමය.

එහෙව් මිනිහා පසුගිය දවසක ජනාධිපතිවරයාගෙන් විමසා තිබුණේ 2025 ජනවාරී පටන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමන් තීරණයක් ගත් බවත් එම මුදල වැඩි නොකරන්නේ නම් වැටුප් වැඩි කිරීම සදහා වෙන් කළ මුදලට සිදුවූ දෙය පවසන ලෙසත් ය. පසුගිය ඉරිදා මීගමුවේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රචාරක රැස්වීමක් අමතමින් ද රනිල් වික්‍රමසිංහ මේ බව යළි මතක් කර තිබුණි.

 



රාජ්‍ය සේවක වැටුප් වැඩි කළහොත් වැට් බදු මුදල 25% දක්වා වැඩි කරන්නට සිදුවන බව 2024 අගෝස්තු මාසයේ දී භාණ්ඩාගාර ලේකම් ලවා කියවා ගත් රනිල් වික්‍රමසිංහ සැප්තැම්බර් වල දී කීවේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත් බවයි. එය ක්‍රියාත්මක වන්නේ 2025 ජනවාරි මාසයේ දී බව ඔහුම කීය.

කැබිනට් තීරණ ගත්තාට (මැතිවරණ කොමිසම කීවේ එවැනි තීරණයක් ගෙන නැති බවයි) ඒ තීරණවලට මුදල් වෙන් කරන්නේ අය වැය මගිනි. රනිල් පවසන පරිදි වැටුප් වැඩි කිරීමට කැබිනට් තීරණයක් ගත්තත් ඊට මුදල් වෙන් කරන්නේ 2025 සදහා වූ අයවැයෙනි. එවැනි අයවැයක් ඉදිරිපත් කර නොමැති වටපිටාවක වැටුප් වැඩි කිරීමට වෙන් කළ මුදලට සිදුවූ දේ ගැන විමසීම රැවටිල්ලකි.

රනිල් කරන්නේම මෙවැනි ගොං කතා කියමින් ප්‍රතිවාදියා අර්බූදයට යැවීමට මහන්සිවීමකි.

 


2023 ජනවාරියේ දී වැඩිකර ගෙවීමට නොහැකිවූ රුපියල් 15,000 ගැන වගේ වගක් නැති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් ගැන කියමින් මැතිවරණ වාසි ලබා ගැනීමට මහන්සිවීම ලැජ්ජාවට කරුණකි.

මැතිවරණ රැස්වීම අමතන රනිල් වික්‍රමසිංහ ලැජ්ජාවක් නැතිවම ජීවන වියදම ඉහළ යෑම ගැන ද කතා කරයි. භාණ්ඩ මිල ඉහළ යන වටපිටාවක වැටුප් වැඩි කළ යුතු බව පවසයි. ගම්වල මිනිස්සු මෙවැනි කතා වලට කියන්නේ ඇට නැති දිව හතර අතටම කරකවනවා ලෙසයි. රාජ්‍ය ආදායම මදි නිසා මරාල බද්දක් පැනවීමට කතා කළ රනිල් වික්‍රමසිංහ නින්දාසහහත ලෙස මහජනතාවගෙන් ප්‍රතික්ශේප වූ පසුව හදවත උණුකරගෙන විලාපදීම හාස්‍යයට හේතුවකි.

 

ගුරු සටන ජාතික සටනක් කිරීමට නම් - රටේ රාළ
පසුගිය අගෝස්තුවේදී තමන්ගේ හිඟ වැටුප් වැඩිවීම දෙන්නැයි ගුරුවරුන් උද්ඝෝෂණය කරන විට භාණ්ඩාගාර ලේකම් ලවා කියවා ගත්තේ වැට් බද්ද 25% තෙක් වැඩි නොකර වැටුප් වැඩි කළ නොහැකි බවයි. නමුත් ඊට මසකට පසුව සියළුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්නට ඔහු අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත්තේ වගවීම ගැන අබමල් රේණුවක අවබෝධයක් නැතිවය. 

රාජ්‍ය නායකයකු වගවීම නොතකා හැරීම මෙන්ම එම රාජ්‍ය නායකයා පරාද වී ගෙදර ගිය පසුව මැතිවරණ සටකපට කතා කීම ද පිළිකුල් සහගත ය. එහෙත් වලව්මානයෙන් උද්දච්ඡ රනිල් වික්‍රමසිංහට මේ එකිනෙකට පරස්පර කතා කියන්නට කිසිම ලැජ්ජාවක් නැතිවීම හාස්‍යජනක ය.

ඔහු ඉරිදා පැවැති මීගමු රැස්වීමේ දී තවත් හතරබීරි කතාවක් උජාරුවෙන් කියයි. එනම් තමන්ට මෙන්ම අනුර කුමාරට ද දැන් බහුතරය නැති බව ය. රනිල් වික්‍රමසිංහට බහුතරය තියා සුළුතරයක්වත් නොමැති දේශපාලකයකු බව ලෝකයම දනී. ඔහු තරග කළ ජනාධිපතිවරණ තුනම පරාජය විය. සරළ බහුතරය හෝ ලබාගෙන පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ ජය නොගත්තේ ය. එහෙව් මිනිහා දැන් අනුර කුමාරගේ ජයග්‍රහණයට කැටකැබැලිති ගහන්නේ කටවාචාල කතා කියමිනි. අනුර කුමාරට බහුතරය නැත්නම් ඔහු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරණ ලෙස දිවුරුම් දී රාජකාරි භාර ගත්තේ කෙසේ ද?

 



මෙවැනි හරයක් නැති කතා පරපුර හදුන්වන්නේ පික්සු කතා ලෙස ය. බලය අහිමිව වියරුවෙන් සිටින රනිල් වික්‍රමසිංහ ද පික්සු කතා කියමින් කාලය කා දැමීම හාස්‍යජනක ය.

(පිලිප් ශාන්ත)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික 
shan.info1978@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...